Saturday , July 31 2021
Breaking News

Highlander (1986) with Sinhala Subtitles | කඳුකර වැසියා 1 [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.5/10. From 2 votes.
Please wait...

Highlander-(1986)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් හත් වන උපසිරැසිය අරන් ආවා. අමුතුම ආකාරයේ චිත්‍රපට මාලාවක පලවෙනි එක. ඇත්තටම මම මේ චිත්‍රපට මාලාව ගැන දැනගෙන හිටියේ නැ. මගේ උපසිරසි සඳහා නිතරම කමෙන්ට් කරන අසිත කියල යාලුවෙක් තමා මේ චිත්‍රපටය සඳහා උපසිරසි කරන්න කියල මාව දැනුවත් කලේ. ඉතින් හොයල බලනකොට සුපිරි චිත්‍රපටයක්. ඉතින් ඔන්න ඔයාලට මම ඒක අරගෙන ආවා. ඒ වගේම අසිත සහෝ, බොහොම ස්තුතියි මේ චිත්‍රපට ගැන මාව දැනුවත් කලාට. ඇත්තටම මේකේ කොටස් පහක් තියනවා. මම දැනගත්තේ මේ ලිපිය සොයන්න තොරතුරු හොයන කොට. ඉතින් ඉදිරි කාලයේ පුළුවන් උනොත් අනිත් කොටස් ටිකත් අරන් එන්න බලන්නම්. ඒත් පොඩි කාලයක් යාවි. මොකද බාර ගත්ත කිහිපයක් තියනවා ඉස්සෙල්ලා ඉවර කරන්න. කොහොම උනත් IMDb 7.2 වෙච්ච මේ සුපිරි චිත්‍රපටය Action, Adventure, Fantasy ගණයට අයිති වෙනවා.

කතාව ගැන කියනවා නම් ලෝකේ ඉන්නවා අමරණිය මිනිස් කොට්ටාශයක්. එයාල මරන්න පුළුවන් බෙල්ල වෙන් වෙන්න කපා දැමීමෙන් පමණයි. ඒ වගේම එයාලගේ සම්ප්‍රදායක් තියනවා එකිනෙකා මරා ගන්න එක ලෝකේ එක්කෙනෙක් ඉතිරි වෙනකම්. අන්තිමට ඉතිරිවෙන කෙනා තමා හයිලන්ඩර් නොහොත් කඳුකර වැසියා වෙන්නේ. ඉතින් මේ වැඩේ වර්ෂ ගණනාවක් තිස්සේ වෙනවා. එත් එක්කෙනෙක් මේ අතරේ විශේෂයි. ඒ කොහොමද, එයා මේ සම්ප්‍රදාය ඉදිරියට අරන් යාවිද නැතිනම් වෙනස් කරාවිද දැනගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

මම ඊළඟට අරන් එන්නේ සුපිරි වීරයෙක් ගේ කතාවක්. ඇත්තටම ඔයාල හොඳටම දන්නා සුපිරි වීරයෙක්. ඒත් මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනෙක් දන්නේ නැ කියල කියන්න පුළුවන්. ඉතින් මම ඒකත් අරන් එන්න බලන්නම්. සුපුරුදු විදියට කියන්න තියෙන්නේ අදහස්, යෝජනා සහ මේ වගේ චිත්‍රපට ගැන මාව දැනුවත් කරන්න. හැකි උපරිමෙන් මම ඒවා ඔයාලට අරන් එන්නම්. එත් අලුත් චිත්‍රපට සහ ටි වී සිරියල් මගෙන් ඉල්ලන එක තේරුමක් වෙන එකක් නැ. මොකද අලුත් චිත්‍රපට කරන්න ඕන තරම් සහෝදරයන් ඉන්න නිසා සහ පෞද්ගලිකව මම ටි වී සිරියල් අකමැති නිසා මම ඒවා කිරීමෙන් වැළකිලා ඉන්නේ. ඒත් මේ වගේ සැඟවී ගිය චිත්‍රපටයක් දැක්කොත් අනිවාර්යයෙන් මගේ ලිස්ට් එකට ඇතුලත් කර ගන්නවා. එහෙනම් මම ගිහින් එන්නම්.

බුදු සරණයි …..!

 Highlander (1986) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Highlander.1986.720p.BluRay.x264.YIFY

Highlander.1986.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම (BR) පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

මලික් (2021) Sinhala Subtitles | අපරාදය සහ දඬුවම… [සිංහල උපසිරසි]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුන එක ගැන. Take Off සහ …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. Ruwan199chamara

    Itiri kotas tikatath sub denna

  2. thanks bro

  3. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. පුළුවන්නම් රූපවාහිනියේ විකාශයවු හයිලෑන්ඩර් කතාමාලාවටම සබ් දෙන්න

  5. සහෝ සබ දැම්මම මෙහෙම වැටෙනවනේ..

    unable to Phrase the subtitle file.syntax error at line 2670: ” ”

    විසදුමක් ????

    • බොහෝවිට මෙය ඇතිවෙන්නේ ඔබ බාවිතා කාරනා ප්ලේයර් එකට මෙම සබ් එක්ටෙන්ෂන් එක නොගැලපීම හෝ ඔබගේ වීඩියෝ පිටපත හෝ සබ් ෆයිලය හරියට බාගත නොවීම. පළමුව වෙනත් ප්ලයෙර් එකකින් උත්සහ ගන්න KM PLAYER තමා දැනට තියන හොඳම ප්ලයෙර් එක. ඇන්ද්‍රෝයිඩ් නම් MX Player. එම උත්සාහයත් සාර්ථක නොවේනම් සබ් ෆයිලය හෝ වීඩියෝ පිටපත නැවත බාගත කර උත්සාහ කරන්න.

  6. සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

  7. මචන් 627 වෙනි Line එකේ Time Phrase එක වැදිලා නෑ..පොඩ්ඩක් බලහන්….

  8. oya sub dena wege nam supiriy. matanam eka sub ekak hadaganna sathiyakata eha yanawa. digatama wede karagana yanna. good luck !

  9. මේක අර ආසාවෙන් බලපු හයිලෑන්ඩර් cartoon එකෙ ෆිලුම නේද
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා…!!

  10. hodai kiyala hithnawa……. patta…….

  11. මේක අර සුපිරි කඩුවක් පාවිච්චි කරන හයිලෑන්ඩර් ද?
    ක්‍රෝටෑන් එහෙමත් ඉන්න එකක්ද මේක?
    නැත්නම් වෙන කවුරු හරි හයිලෑන්ඩර් කෙනෙක්ද?

  12. Thanks for sub.
    Puluwanam 1968 bandolero sub denna.

  13. Praveen Mahesh

    මෙම චිත්‍රපටිය මම රූපවාහිනියෙන් බැලුවා. එතකොට මම ගොඩක් පුංචියි. කොච්චර පුංචියි ද කියනවා නම් මට කතාව මතකත් නෑ.

  14. Withanage Priyantha Dayakeerthi

    අසංක සොයුර, අපි කවුරුත් බලන්නට කැමැත්තෙන් සිටි චිත්‍රපටයකට ඔබ මේ උපසිරසි නිර්මාණයකර තිබෙන්නේ, එයට ගොඩක් ස්තුතියි!
    ලොව මහා සිනමාකරු, ඇල්ෆඩ් හිච්කොක්ගේ 1963 වර්ෂයේ තිරගත කළ, අතිශය ජනප්‍රිය වූ සම්මානලාභී “The Birds” සිනමාපටයට උපසිරසි ලබා දෙන ලෙස මා යෝජනා කරනවා. දැනටත් එතුමාගේ “Psycho” “Rear Window” ආදී සිනමාපට සිංහල උපසිරසි සහිතව මෙම වෙබ් එක තුළ තිබෙනවා. ඔබගේ අනාගත නිර්මාණ ගොනුවට එය ඇතුළත් කරාවියයි මා සිතනවා. ස්තුතියි!

  15. niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. අඩේ මමත් මේ ෆිල්ම් එක ගැන දැක්කේ අහම්බෙන් සහෝ.
    බලන්න ආස හිතුනා පොඩි කාලේ පිස්සු වැටිලා බලපු කාටුන් එක නිසා.ඒවා මේ දැන් තියෙන දියාරු කාටුන් වගේ නෙමේ.
    ඒත් හිතුවේ නෑ මම ඉල්ලුව පලියට ඔයා සබ දෙවි කියලා.
    අදහස් දක්වන අයගේ ඉල්ලීම් වලට ගරු කරලා සබ් දෙන්නත් නිහතමානි කමක් තියෙන්න ඕන නේ.
    බොහොම පින් සහෝ
    මමත් සබ් දෙකක් ඔබට දායාද කල නිසා සබ් නිර්මාණයේ දුෂ්කරතාවය හොදින් දනිමි.
    ඔබේ වටිනා කාලය අප වෙනුවෙන්වේ කැප කොට ඔබ යන වේගවත් ගමනට තව තවත් ශක්තිය ලැබේවා!!!
    ජය වේවා!!!!

  17. Udara Damith B\K

    සිංහල උපසිරැසියට ගොඩාක්ගොඩාක්ගොඩා ක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගො ඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක්ගොඩාක් ස්තූතියි

  18. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! පුළුවන්නම් හැකි වෙලාවක imdb දර්ශකයේ 7.6 අගයක් ලබාගත් The Time Machine (1960) සිනමාපටයටත් සබ් ලබාදෙන්න.
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  19. මේ ඉස්සර රූපවාහිනියෙ ගිය highlander animation කතාවේ film එකද? Thanks for sub.

  20. ඔයා කරන වැඩේි ඇත්තටම නියමයි සහෝ..‍දිගටම යමු

  21. Chalana Rukshan

    thnx aiye. puluwan nan bageta nawaththala thiyena The Adventures of Sherlock Holmes tv series eke ithuru tika denna balanna. wena kenek hari danuwath karanna. site eke danata Scooby-Doo films thiyenawa but parana kattiyata amathaka wechcha Scooby-Doo films godak thiyenawa puluwan nan eawatath denna..

  22. ස්තුතියි සහෝ උපසිරැසියට.පුළුවන් වෙලාවක මේ ටිකටත් උපසිරැසි දෙන්න
    Poltergeist(1982),Paranormal Activity(2007),Paranormal Activity 3(2011)
    13 Assassins(2010),Departures(2008),Paprika(2006),Akira(1988)
    The Golden compass (2007),Flyboys (2006),Congo(1995)

  23. rakitha ranathunga

    ස්තූතියි මචෝ සබ් එකට….
    සුපිරි ෆිලුමක් වගේ…

  24. nishadi wickrama

    tnx

  25. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි…….

  26. නියමයි සහෝ. පට්ට මූවි එකක් වගෙයි. දිගටම සබ් දෙන්න
    ශක්තිය ධෛර්යය ලැබේවා…

  27. සබ් එකට තුති සහෝ
    නැවත සිංහල උපසිරැසියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴
    සුපිරි වීරයෙක් නම් හොදායි
    Hancock ද දන්නේ නෑ ඊලගට දෙන්න ඉන්නේ….

error: Alert: Content is protected !!