Wednesday , October 28 2020
Breaking News

Hitman : Agent 47 (2015) With Sinhala Subtitles (50)|ඔහු මනුෂ්‍යයෙක්ද, රෝබෝවෙක්ද, නැතිනම් මේ දෙකමද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 16 votes.
Please wait...

Hitman Agent 47 2015-1

හොදයි බයිස්කෝප් රසික රසිකාවියනි, ඇඩ්මින්වරුනි සහ සහෝදර උපසිරසිකරුවනි. මම මේ සුදානම් වෙන්නේ ඉතින් 50 වෙනි කඩඉම පනින්න. මම ගොඩකාලයක් තිස්සේ බයිස්කෝප් අඩවිය එක්ක රැදිලා හිටියා. ඉතින් එහෙම ඉන්න අතරේ මටත් හිතුනා නිකමට ජොලියට වගේ උපසිරසියක් කරන්න කියලා. කොහොම හරි ඒ ආසාව මල්පල දරමින් මම 2015 අප්‍රියෙල් මාසේ 19 වෙනිදා බයිස්කෝප් අඩවියට එකතුවුනා මගේ පළමු උපසිරැසිය වන the girl is in trouble කියන සිනමාපටයත් සමග. මම 50වෙනි උපසිරසියට ලංවෙද්දි වැඩිපුරම උපසිරසි යොදලා තියෙන්නේ කතාමාලාවලට චිත්‍රපටනම් 10කටත් වැඩිය අඩුයි. එම කතාමාලා සහ චිත්‍රපටනම්

1.the girl is in trouble(2015)

2.the frame(2014)

3.warsaw 44(2014)

4.agent cody banks (2003)

5.shongkui snow girl and the dark crystal(2015)

6.scooby doo and kiss rock and roll mystery(2015)

7.The lovers(2015)

8.Eden(2014)

9.Ashby(2015)

10.Olympus කතාමාලාව

11.Dark matter කතාමාලාව

12.Killjoys කතාමාලාව

13.The Player පළමු කොටස් 4 

මම හිතුවේ නැහැ පළමු උපසිරැසිය කරද්දී 50ක් දක්වා එන්න. ඇත්තම කිව්වොත් පළමු උපසිරැසිය පරිවර්තනය කරද්දී මට එපාම වුනා. ඒත් ඒක අඩවියේ පලවුනාට පස්සේ දකින්න ලැබුණු අදහස් නිසා මම ආයේ උපසිරසි කරන්න තීරණය කළා. දැන්නම් ඉතින් ඒක පුරුද්දට ගිහින්. සතියකට පාරක්වත් උපසිරසියක් නොදී ඉන්න බැහැ බැහැ වගේ. ඇත්තම කිව්වොත් මෙම කර්තව්‍යට දායක වීමෙන් පසුව විශාල දැනුමක් සහ අත්දැකීම් සමුදායක් එකතු කරගන්නත් පුළුවන් වුනා. හා ඒවගේම කියන්න ඕන සමීර සහෝ, හසන්ත සහෝ, රොයිලි සහෝ සහ යශෝධ ඇතුළු සියලුම ඇඩ්මින්වරුන්ට ස්තුතියි කියලා. අනිත් ඇඩ්මින්ලා කවුද කියන්න දන්නේ නැහැ හොදේ එකයි නම්ගම් කිව්වේ නැත්තේ. ඒවගේම වැදගත්ම උදවිය ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ හැමදාම බාගෙන යනකොට මොකක්හරි කොමෙන්ටුවක් දාගෙන යන්න පුරුදුවෙලා හිටපු පිරිසක් ඉන්නවා. ඔවුන්ට බොහොමත්ම ස්තුතියි මාව දිරිමත් කලාට. බාගෙන ගියපු අයටත් ස්තුතියි මගේ උපසිරසි බාගත්තට. කියන්න දේවල්නම් බොහොමයි ඒත් ඉතින් මේ ටික ඇති කියලා මම හිතනවා.

Maduka 50 Wish

හොදයි එහෙනම් දැන් මගේ වල්පල් ටික කිව්වා ඇති.දැන් චිත්‍රපටිය දිහාවට හැරෙමු.මුලින්ම මේ චිත්‍රපටය මට ගන්න කියපු සමීර සහෝටත් ඒක කලින් බාර අරගෙන ඉදලා බැහැයි නොකියා මට ඒක ලබාදීපු යශෝධ සහෝටත් ස්තුතියි.

Hitman: Agent 47 තිරගතවීම ආරම්භවන්නේ 2015 අගෝස්තු 17. මේවන විට මෙම සුපිරි ක්‍රියාදාම සිනමාපටයට IMDB දර්ශකයේ 5.9ක් හිමිව තිබෙනවා.මේවනවිට ඉපයීමට සමත්ව තිබෙන මුළු ආදයම ඩොලර් මිලියන 81.9ක් ලෙස සදහන් වෙනවා.රංගනයෙන් දායක වන්නේ agent 47 ලෙස Rupert Friend, කටියා ලෙස Hannah Ware ප්‍රධාන චරිත ලෙසත් සෙසු චරිත සදහා Zachary Quinto, Thomas Kretschma, rolf kanies, ciran hinds  යන අය රංගනයෙන් දායක වෙනවා.

මිනිසා විසින් වේදනාව, බිය සහ අනුකම්පාව වැනි හැගීම් කිසිවක් නැති ඝාතකයින් නිර්මාණය කරනවා. මෙහි නිර්මාතෘ වන්නේ ලිට්වින්කෝ. එසේ නිර්මාණය කල මිනිසුන් හදුන්වන්නේ නියෝජිතයින් යන නමින්. ඔවුන්ට නමක් ලෙස ලැබෙන්නේ අංකයක්. පසුව ලිට්වින්කෝ එක්වරම අතුරුදහන් වීමත් සමගම නියෝජිතයින් නිර්මාණය කිරීමේ වැඩසටහන අක්‍රිය වෙනවා. නමුත් පසුව ඩෙලරිගෝ වසර ගණනක සෙවීමකින් පසුව ලිට්වින්කෝ සොයාගැනීමට මගක් පාදා ගන්නවා. ඔහුට ලැබෙන එක් ජයාරූපයක් අනුව ඔහු තරුණියක් සෙවීමට පටන්ගන්නවා.

ඒ තරුණියගේ නම කටියා වැන් ඩිස්. ඇයව ඇල්ලීමට සින්ඩිකේට් ආයතනයෙන් යවන නියෝජිතයින්ගෙන් ඇයව ආරක්ෂා කිරීමට AGENT 47 පැමිණෙනවා. කෙසේ වෙතත් ඔහු පවසන පරිදි කටියා කියන්නෙත් ලිට්වින්කෝ විසින් නිර්මාණය කල පුද්ගලයෙක්. ඒ ගැන ඉතින් බලලම දැනගන්න. Mr.47 කටියා එක්ක එකතුවෙලා ඇයගේ පියාවන ලිට්වින්කෝ සෙවීම අරඹනවා.ඉතින් මේ ගමනේදී සින්ඩිකේට් ආයතනයේ නියෝජිතයින් එහෙම පස්සෙන් එනවා.ඉතින් අවසානයේ කටියා තම පියාව හොයාගන්නවා.එනමුත් ඔහුව සින්ඩිකේට් එකට හසුවෙනවා. 47 කටියාගේ පියා බේරාගැනීමට මෙහෙයුමක් දියත් කරනවා. නමුත් සැබවින්ම ඔහුගේ පරමාර්ථය වන්නේ එයම නෙවෙයි. ඒ මොකක්ද කියලා බලලම දැනගන්න. අවසානයේදී පුදුම හිතෙන දෙයක් ඔයාලට දකින්නත් ලැබෙයි.

එහෙනම් මම මේකියපුව හොදටම ඇති වගේ. එකදිගට ටයිප් කරලා වෙහෙස නිසා ලිපිය පොඩ්ඩක් විතර අවුල් වගේ. ලිපිය ගැන හිතන්නේ නැතුව ෆිලුම බාගන්න. සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්. කතා කරන ප්‍රමාණයට වඩා ක්‍රියාදාම තමයි වැඩි. එහෙනම් හැමෝටම  බාගන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. යමින් ගමන් අදහස් එහෙම දක්වාගෙන යන්නකෝ. ඔබට ජය…!!!

Hitman : Agent 47 (2015)

Hitman: Agent 47 (2015) on IMDb

Hitman_:_Agent_47_(Wikipedia)

 

 

722 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

5CECD477D0B687AE59F0EE52761C1055414371F1

1.84 GB (1080 BR ) කොපිය මෙතනින් බාගන්න

BA71505BE3AB1ED298161B7973A375CB5DF86421

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The X-Files [S09 : E03] Sinhala Subtitle | කවුරුන්ද සැබෑ යක්ෂයා? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතමාලාවෙ නවවෙනි කථා සමයේ තෙවන කතාංගයයි මේ. කලින් කතාංග දෙකට සම්බන්ධයක් නම් නෑ. …

Leave a Reply

Your email address will not be published.

112 comments

  1. vishwanathmadhushanka

    Thanks

  2. Gayan_madushanka_

    Thanks bro

  3. Thanks bro….

  4. thanks bro…

  5. thanks bro

  6. Thanks….

  7. sub akata tnx jaya wewa…!

  8. sabata thuthi madhukapriya saho.jaya!

  9. nimal dissanayake

    මධූකප්‍රිය
    ඔය තෝරාගෙන තියෙන්නේ අතිප්‍රබල
    කතාවක් සහිත ෆිල්ම් එකක්.
    ඒකෙ දර්ශන, පසුතල, කැමරාකරණය, රඟපෑම්
    අපේ හද ඇද-බැඳ ගන්නවා!
    ඉතින් සබ්ස්?
    ජාඩියට මූඩිය වගේ!
    සයිට් ඒකට මෙහෙම ෆිල්ම් එකක් දුන්නට
    රසිකයන් වෙනුවෙන්
    මෙන්න මගේ ප්‍රණාමය!

  10. Thanks Bro !!!!

  11. Hitman in london එකේ සබ් එක් තාම නෑනේ

  12. pattai subapatum 50 upasirasata (::)

  13. බොහොම ස්තූතියි….. මධුකප්‍රිය පෙරේරා

  14. සහෝ YTS.AG වෙබ් සයිට් එකේ Hitman Agent 47 (2015) BluRay එක තියෙනවා… පුලුවන්නම් එකට උපසිරස හඳලා දෙනවනම් ලොකු දෙයක්…. ජය වේවා…!!!

  15. සුපිරි ෆිල්ම් එක .. සබ් එකට තෑන්ක්ස්…

  16. jaya wewa kiwwa ehenum.. ada thma meka blnne mn thank you

  17. සමාවෙන්න සහෝ මෙච්චර කාලෙකට කමෙන්ට් එකක් දාන්න බැරිවෙච්ච එක ගැන…
    එහෙනම් 50 ට මුළු හදවතින්ම සුභ පතනවා…
    ජය වේවා…!!!
    100 ත් ඉක්මනටම ගෙන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…

  18. උපසිරැසියට තුති..!

  19. dan me film eke bluray ekath awilla tiyenne. sub eka update karoth narakada?

  20. ප්‍රදීප්

    බොහොම ස්තූතියි
    බුදූ සරණයි

  21. Thanks bro!!!

  22. ade patta site ekakne meka man films baluwe na welawa nothibuna nisa. sub ekata thx jaya wewa. me wage film ekak daddi meke palaweni film mona hari thiyanawa nam dapan machan name eka. api wage aluth nodanna unta maru.
    patta wada ela maru

  23. Thank yalu…

  24. සුභපැතුම් මධුකප්‍රිය සහෝ…

  25. මම ආසම film එකක් thanks මචන්

  26. Udeesha Bandara

    ela mchn digatama ohoma yamu good luck

  27. එල එල..

  28. thankz sub ekata br ekak enakamma idala onna ada balanna gaththa..thankz bro..

  29. ruwan nadeesha

    wish u all d best bro..

  30. දිගටම කරන්න සහෝ. සුබ පැතුම් මගෙනුත්

  31. Thanks & wish you all the best. Keep up the good work 🙂

  32. උනුසුම් සුබපැතුම් 50වෙනි උපසිරැසියට ඉක්මනටම 100ටත් යමු
    ඒ වගේම බොහෝම ස්තූතියි උපසිරැසියට Bluray ආවම බලන්න කියල ඉන්නෙ

  33. 50වන නිර්මාණයට සුභපැතුම් ජය වෙවා සහෝදරයා!!!!

  34. 50වන නිර්මාණයට සුභපැතුම් මධුකප්‍රිය සහෝ…
    ජය…

  35. thnx bro……..

  36. Blu ray ekata update karapan

  37. තිලංක

    පට්ට කොල්ලෝ හොදේ… එනකං බලං හිටියේ

  38. ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  39. thanx macho

  40. හදවතින්ම සුභ පතනවා 50 වෙනි උපසිරසියට !
    ඒ වගේම ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය කාලය නොඅඩුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
    ඒ වගේම බොහොම ස්තුතියි උපසිරසියට !

  41. films 1 downloads wenne ne bn mokda kes like 1 ewanna ko plz plz

  42. “චූටී මල්ලි”

    නියමයි
    50ට සුභ පැතුම් 100ත් දෙමු
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය…………..

  43. මම මෙ බනිනව නෙමෙ. මම මෙ Sub එක දාපු කෙනට ගරු කරනව. නමුත මෙතන පොඩි වැරද්දක් තියෙනව. ඉස්සරලම Sub එක දෙන්න තියෙන හදිස්සියට මෙවගෙ කිසි Quality එකක් නැති Camera Copy වලට Sub දාන්න එපා .මොකද ලංකවෙ Internet හරිම ගනන්. Download කරල බලනකොට අපරදෙ සල්ලි කියල හිෙතනව.

    Anyway Thanks for the Sub

  44. mekanam enakanmai inne.. sub ekata thnkx. eth bluray ekak enakan innawa.. eketh update eka danna

  45. How was the HDTS Quality ??

  46. මහන්සි වෙලා සබ් එක කරලා දුන්නාට
    බොහෝමත්ම ස්තූතියි!..

  47. සංඛ සඳනුවන් (සනා)

    ජය වෙවා සහෝදරයා! ඉදිරියටම යන්න සුභ පතනවා,තෙරුවන් සරණයි.!!!

  48. wish your for great futre

  49. kollo ETRG hodha copy awillaa thiyanawa updete paarak dhaamudha mee hard sub ekka balanna ba epaawenawa

  50. thnx……………………

  51. Sandun Isuru Niraj

    my favourite pc game

  52. නියමයි නියමයි සහෝ
    සුපිරි කතාවක්
    50 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
    ඉක්මනින්ම 100 වෙනි උපසිරැසි නිර්මාණය කරන්න සුබ පතනවා…
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!

  53. තිසර නියෝ

    50 වෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම් සහෝ…..
    ඉක්මනමට 100 වෙනි කඩයිමටත් ලං වෙන්නට සුබ පතනවා…
    br ආවම එකටත් සබැ අප්ඩේට් කරලා ඕනා..
    ජයවේවා…

  54. thanks bro fatta movie ekak

  55. ඔන්න එහෙනම් බෑවා.සබට තැන්ක්ස්…:D

  56. Jaya wewa. Sub ekata godak sthuthi. all the best bro !

  57. thanks boss ela ……

  58. Sanindu Lakkitha

    අපෙනුත් සුභ පැතුමිි සහෝ… ඉදිරියටම යන්න ජය වෙිිවා..
    Biscopelk අඩවියත් ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් කරන සේවයට..
    Good Luck…

  59. නියමයි මචෝ..
    ඉස්සෙල්ලම ඔයාගේ 50 වෙනි කඩයිමට සුබ පැතුම්..
    ඉක්මනින්ම 100 . 150 වෙනි කඩයිමටත් යමුනේ…
    ෆිලුම ගැනනම් කියන්න දෙයක් නෑ… අනිවා බලනවා.
    බොහෝම ස්තුහියි සබ් එකට.
    ජයෙන් ජය…

  60. වස්සානය

    මේකත් දෙනකල් ඉදියෙ තැනක් ‍……. ජය….

  61. Gd luck bro

  62. නලින්

    නියමයි මධුක සහෝ! එනකල් බලන් හිටිය ෆිලුමක් මේක. අපිට ලැබුන අනගිභවනීය සම්පතක් තමයි සහෝ ඔයා. ඔයාලා වගේ හැඩවැඩකාරයෝ නිසා තමයි අඩවිය මෙච්චර හැඩ වෙන්නේ. ඉතින් 50 කියන්නේ දිගු ගමනක් ආරම්භයක් විතරයි. මෙතනින් එහාට ඊලග කඩයිම් ටිකත් ඉක්මනින් පහු කරන්න වාසනාව, ශක්තිය ලැබෙන්න ඕනේ, එකෙන්ම.

    ජය වේවා!!!

  63. Congratzzzzzz Bro.keep it up.

  64. godak kal idan balagena hitiye enakn… Thanks Bro

  65. The_Necromancer

    thanks machan…all the best!!!

  66. 50 වෙනි උපසිරසියට සුභ පැතුම්

  67. thanks and my congratulations 50 sub welldon

  68. Supiri ela. Mcn puluwannanm normal(2007) film ekath dipan

  69. thankz machow.. BR ekak enakanma innawa.
    pana dagena gahapu game ekak..
    meka enakan machan kalayak bala bala unne..

  70. Thank you!

  71. Fattama Patak thama kolla dila thiyenne, apen suba pethum,, hemadama wage download karata moko comment 1k nam danawa adui thama.. ath bro hadawathinma api ubala akka…

  72. Nimesh Sasanka

    මේ අවිල්ලා තියෙන්නේ..දෙනකල් බලන් හිටියේ..තෑන්ක්ස් සහෝ…

  73. S.K.Ruchiranga

    thz machoo sub ekata

  74. Obata jayen jayama Labewa..Baiscop sada dinewa..!

  75. ගොඩක් ස්තූති සහෝ උපසිරැසියට…
    මේ ෆිල්ම් එකත් දෙනකං බලං හිටියෙ…
    ඒවගේම පනස් වෙනි කඩයිම පහු කිරීම ගැන සුබ පතනව!!!
    තවත් ඉදිරියට උපසිරැසිකරණයේ රැඳිල වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව…
    එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු…
    ජය වේවා!!!

  76. ela ahhhhhhh….ape MADUKA sahoth ehenm 50 gahuwa ne……welldone….bro….ikmanatama 100th gahanna haki wewa kyla…Great work & Lot of thanks bro.sahoge personal & professional life 1th sarthakama wenna prarthana krnawa……obata jayen jaya…..

  77. 50 වෙනි උපසිරසියට සුභ පැතුම්
    ස්තුතියි සහ ඉදිරි කටයුතු සාර්ථක වේවා.

  78. සජීවි

    50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්…….

  79. උඹ මැක්සා පොරක් බන්. එලම හොදේ, N2O ගහගෙනද බන් සබ් දැම්මේ . සුපිරි සුපිරි සුපිරි බ්‍රෝ

  80. ප්‍රසාද් කන්දමුල්ල

    සබ් එකට ගොඩාක් ස්තුතියි…..සහෝ……………….

  81. උණුසුම් සුබපැතුම් 50..!!
    ජයවේවා…!

  82. Thanks.. mw film eka enakan hitiye..

  83. Amila Kaushalya

    උණුසුම් සුබපැතුම් 50 ට මධුකප්‍රිය සහෝ

  84. ඉසුරු දිල්ශාන්

    50කඩයිමට සුභ පැතුම් මචෝ!
    දිගටම සබ් දෙමු! මේකත් එනකම් බලං හිටපු ෆිලුමක් තමා!
    එහෙනම් ජයවේවා කිව්වා!!!!!!!!!!

  85. ai ban may torrent downlord karanna giyama jeewithema epa wannay.. lord wan naa godak site.. epa wanwa

  86. Thank you bro

  87. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  88. හම්මේ ඉතින් නියමයි අහ්හ්ග්. පලවෙනි කඩයිමටත් ආවා එහෙනම්. මුලින්ම උනුසුම් සුභපැතුම් එක් කරනවා 50 වෙනි උපසිරැසි ගැන්වීමට.
    මෙතනින් නවතින්නේ නැතුව තවත් දිෆින් දිගටම උපසිරැසි කරනයේ යෙදෙන්න. එහෙම ඉතින්.100,150,200……..
    ඔහොම යං….
    කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…
    කොගොමත් අපි BRRIP බලන අය නිසා බ්ලුරේ කොපිය එනකන්ම ඉන්නවා.. . ආවහම අප්ඩේට් ඕනි…⚡⚡
    එහෙනම් ඉතින් 100 වෙනි කඩයිමේදි හමුවෙමු….
    ජය…
    *_^

  89. congratz broo…thnkss for the sub…

  90. Patta…cngrtz

  91. මෙන්න අත් දෙකෙන්ම සුභපැතුව 50 ට. තව යමු නේ… 100, 200 වගේ…

    සබ් එකත් බාගන්නව හොඳ එකක් ආවම. කොරියන් සබ තියෙද්දි එපාවෙනව. 😀
    හොඳ එකක් ආවම Update කරමු. එල.

  92. ela enkam hitiye

  93. niyamai ….
    bohoma sthuthi saho…..
    enakan balan hitiye………..

  94. සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  95. උණුසුම්ම උණුසුම් සුබපැතුම් සහෝ මධුකප්‍රිය සහෝ. ඔයා කරපු සබ් වලින් සෑහෙන කොටසක් මමත් බලල තියෙනවා. ඉතින් ඔතනින් නොනැවතී ඉක්මනින්ම 100 දක්වා යන්න සුබ ප්‍රාර්ථනා කරනවා. ඔන්න එහෙනම් අදම බාගෙන බලනවා. ඉතින් වෙනදා වගේම බොහොම ස්තූතියි කියනවා සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

  96. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ. එනකං මග බලාගෙන හිටපු ෆිල්ම් එකක්. මේ විදියටම දිගටම 100, 150 කඩයිම් පහු කරන්නත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙂 🙂 🙂

  97. Thanks machan…

  98. thanx a lot bro

error: Alert: Content is protected !!