අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Home Alone 4 (2002) | පැහැර ගැනීමේ කුමන්ත්‍රණය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

Home Alone 4

Elementary කතා මාලාවත් එක්ක කාර්‍යබහුල වුණු හින්දා චිත්‍රපටයකට සබ් දාන්න ලැබුණෙ සෑහෙන කාලයකින්. නත්තල් සමයත් එළඹිලා. නත්තල ඉලක්ක කරගනිමින් හොලිවුඩයේ නිපදවෙන අතිවිශාල චිත්‍රපට ප්‍රමාණය අතරින් ලොකු කුඩා කා අතරත් අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණු චිත්‍රපට මාලාවක් තමයි Home Alone කියන්නෙ. මෙහි පළමු චිත්‍රපට ත්‍රිත්වය ලංකාවෙ රූපවාහිනී නාලිකාවලත් විකාශය වුණු හින්දා ලංකාවෙ ප්‍රේක්ෂකයන් අතරත් මේ චිත්‍රපට මාලාව ගොඩක් ජනප්‍රියයි. මේ වෙනකොට මෙහි චිත්‍රපට 5ක් නිකුත්වෙලා තියෙනවා. ඒත් අවසන් චිත්‍රපට 2 සිනමා ශාලාවල ප්‍රදර්ශනය කළේ නෑ. ඒවා නිර්මාණය කළේ රූපවාහිනී ප්‍රදර්ශනය සහ වීඩියෝ පට ලෙස බෙදාහැරීමට පමණයි. අද මම අරගෙන ආවෙ මෙහි 4වෙනි චිත්‍රපටය. මේක තවම ලංකාවෙ රූපවාහිනී නාලිකාවල විකාශය වෙලා නෑ.

2002 නොවැම්බර් 3 වෙනිදා ABC නාලිකාවෙ විකාශය වූ මෙම චිත්‍රපටය මිනිත්තු 89ක ධාවන කාලයකින් යුක්තයි. මෙහි බෙදාහැරීමේ කටයුතු සඳහා උරදීලා තියෙන්නෙ ලොව සුප්‍රකට 20th Century fox සහ Disney සමාගම්. හැබැයි මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ ලැබිලා තියෙන්නෙ 2.3 වගේ අඩු අගයක්. මේ චිත්‍රපට මාලාව කිසිම කම්මැලිකමක් නැතිව ආයෙආයෙත් නරඹන්න පුළුවන්. පළමු චිත්‍රපටි ද්විත්වයේ හිටපු චරිතම තමයි නැවතත් මේ චිත්‍රපටයෙත් ඉන්නෙ. ඒත් ඒවා රඟපාන නළුනිළියන් පිරිස සම්පූර්ණයෙන්ම වෙනස්.

මේ කතාවට අනුව කෙවින්ගෙ තාත්තා එයාගෙ අම්මගෙන් වෙන්වෙලා, නැටලි කියලා කාන්තාවක් එක්ක වෙනම ජීවත් වෙනවා. කෙවින්ට ආරාධනාවක් ලැබෙනවා නත්තල නැටලිගෙ ගෙදර ගත කරන්න. මේ නිවසේ නත්තල ගත කරන්න රාජකීය පවුලක් එන්න නියමිතයි. ඒ පවුලෙ ඉන්න කුමාරයාව පැහැර ගන්න මර්ව් ඇතුළු හොරු කණ්ඩායමක් සූදානම් වෙනවා. මේකට ගෙදර වැඩ කරන කෙනෙකුත් සහය දෙනවා. කොහොමහරි කෙවින් හින්දා මේ අය මුහුණ දෙන ඇබැද්දි වලින් තමයි මේ කතාව පිරිලා තියෙන්නෙ. හැබැයි පෞද්ගලිකව මගේ මතය මුල් චිත්‍රපට දෙක තරම්ම ඉතුරු ඒවා සාර්ථක නෑ කියලා. ඒත් මේකත් මේ නිවාඩු දවස්වල රසවිඳින්න පුළුවන් නියම චිත්‍රපටයක්. උපසිරසි ගන්නකොට පොඩි කමෙන්ටුවක් දාගෙනම යන්න කියලා ඉල්ලනවා. හැමෝටම ප්‍රීතිමත් සාමකාමී සුබ නත්තලක් වේවා!!!

Home Alone 4 (2002) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

300 MB කොපිය මෙතනින් බාගන්න

58304b44c8d52461fa47f462d91e4fc1d15264ea
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

23 thoughts on “Home Alone 4 (2002) | පැහැර ගැනීමේ කුමන්ත්‍රණය. [සිංහල උපසිරසි සමඟ]

  • palaweni ewa tharan,passe ena ewa hari naaa

    Reply
  • උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
    ජයෙන් ජයම වේවා…..

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

    Reply
  • සෙට් උනොත් බලන්නම් මචෝ
    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • සුභ පැතුම්….. 🙂

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි 🙂

    Reply
  • ස්තුතියි ඉසුරු සහෝ!.. 5ත් ඔය ගමන්ම අරන් එන්න…

    ජය වේවා!

    Reply
  • බොහොම ස්තුතියි
    උපසිරැසිය ලබාදීම ගැන
    දිගටම උපසිරැසි ලබා දෙන්න
    ජය………….

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Ela Ela…
    Supiri Filumak Wage…..
    Thanks For Subs….
    Good Luck…!!!
    🙂 🙂 🙂 🙂 🙂

    Reply

Leave a Reply to චන්දිම අමරසිංහ Cancel reply

Your email address will not be published. Required fields are marked *