Wednesday , December 2 2020
Breaking News

Humans [S02 : E02] with Sinhala Subtitles | සම අයිතිවාසිකම් සොයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

Humans S2

ගිය සතියෙ කොටස ගැන කිව්වොත්, නිස්කා ජීවත් වෙන්න වෙනම ප්‍රදේශයකට යනවා. එහෙදි එයා ළඟ තිබ්බ විඥානය ලබා දෙන කෝඩ් එක එයා ලෝකය පුරා හැම සින්ත් එක්නෙක්ට මුදා හරිනවා. නමුත් හැම සින්ත් කෙනෙක්ටම විඥානය ලැබෙන්නෙ නෑ. අතරින් පතර කිහිප දෙනෙක්ට විටින් විට මේ විඥානය ලැබෙනවා. ටෙන් සහ හෙස්ටර් කියන්නෙ විඥානය ලැබුන දෙන්නෙක්. මේ දෙන්න හිතන්නෙ මේක දෝෂයක් කියල. ඒ නිසා මෙයාලව හදන්න පුළුවන් කෙනෙක් හොයාගෙන යද්දි මෙයාලට හම්බෙනවා ලියෝ සහ මැක්ස්ව. හැබැයි හෙස්ටර් පස්සෙන් එයාව අල්ලන්න මිනිස්සු එනවා එයා වැඩ කරපු තැන අය. එයාල හිතන්නෙ මේක සින්ත්ගෙ දෝෂයක් කියල. මෙතනදී ටෙන් මැරෙනවා. හැබැයි ලියෝ සහ මැක්ස් දෙන්න හෙස්ටර් එක්ක වාහනේක පැනගන්නවා. මේ වාහනේ ඇතුලේ මිනිහෙක් ඉන්නවා. කොහොමහරි මේ මිනිහව අරගෙන ගිහින් ලියෝ ඉන්න තැන හිර කරලා තියාගන්නවා. හැබැයි මේක මියා දන්නෙ නෑ. මියාට මේ ගැන කියන්නෙත් නෑ. මොකද මියා මේ වගේ වැඩ වලට අකමැති නිසා. හෙස්ටර් මේ මනුස්සයට වද දීල අනිත් සින්ත්ල හිර කරලා ඉන්න තැන ගැන විස්තර වගයක් අහගන්නවා. ඒ තැනට කියන්නෙ සයිලෝ කියල.

ඒ වගේම මේ අතරේ ඇනීට(මියා), මැක්ස්, ලියෝ ජීවත් වෙන්නෙ වෙනම ප්‍රදේශයක සැඟවිලා. එහෙදි මියා සින්ත් කෙනෙක් විදිහට කඩේක වැඩ කරනවා. මොකද මියාට ඕන කරන්නෙ මිනිස්සුත් එක්ක හොඳින් එකට ජීවත් වෙන්න.

මේ අතරේ අලුත් කෙනෙක් කතාවට සම්බන්ධ වෙනවා. ඒ තමා ඩොක්ට මෝරෝ. එයත් සින්ත්ල ගැන ගොඩක් පරීක්ෂණ කරන කෙනෙක්. මෙයා දැනට වැඩ කරන තැනින් එයාව කොලියා කියල ආයතනයක වැඩට ගන්නවා. හැබැයි මේ ඒකෙ අයිතිකාරයට වැඩිය කැමති නැහැ. ඩොක්ටර් මෝරෝට බාර දෙන වැඩේ තමයි මේ අලුතෙන් විඥානය ලැබෙන සින්ත්ලට එහෙම ලැබුණේ කොහොමද කියල හොයාගන්න එක.

ඒ වගේම හෝකින්ස් පවුල ගැන කිව්වොත් ජෝට තමන්ගේ රස්සාව නැති වෙනවා. දැන් පවුල නඩත්තු කරන වැඩේ සම්පූර්ණයෙන්ම පැටවෙන්නේ ලෝරාගේ කරට. ඒවගේම මෙහෙම ඉද්දි නිස්කා ආපහු මේ හෝකින්ස්ලව හොයාගෙන එනවා. ඒ වෙන මොකටවත් නෙවෙයි සින්ත්ලට මිනිස්සුන්ට තියන අයිතිවාසිකම් ගන්න උදවු කරන්න කියල ලෝරාට කියන්න. එහෙනම් අද කොටසින් බලමු මොකද වෙන්නෙ කියල. උදවු ලැබෙයිද කියල. ඊළඟ එපියෙන් හම්බෙමු. වැඩත් එක්ක පොඩ්ඩක් පරක්කු වුණා. සමාවෙන්න ඕන ඒකට. ජය වේවා!!!

Humans (2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

humans.s02e02.hdtv.x264-tla[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Season                All Episodes              Next Episode>>              

 

Check Also

Gremlins (1984) Sinhala Subtitles | ග්‍රෙම්ලිනයෝ [සිංහල උපසිරසි සමඟ]

ඔයා ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න හුරු වුන කෙනෙක් නම් Joe Dante, Chris Columbus, Steven Spielberg කියන …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් 🙂
    ජය වේවා.!

  2. Nirosha Dilshan

    saba hodata denawata thanks

  3. තෑන්ක්ස් සබට අචින්ත
    #ජය

  4. ස්තූතියි සහෝ
    03 වෙනි කොටසෙන් හමු වෙමු

  5. මැක්සා බ්‍රෝ
    3 ත් ආපු ගමන් සබ් දාමු

  6. නියමයි කොලෝ
    තෑන්ක්ස්

  7. සබ් එකට තුති අචින්ත සහෝ

  8. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ෴෴ජය වේවා෴෴

  9. Thank you sahoo sub 1ta.. tikak parakkui thamayi.. eelaga 1 ikmaninma denna labewa.jaya…!!

  10. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  12. D H S S Anuradha

    Ela ela enakam thamai balagena unne
    Onna ehenam bagaththa

  13. ස්තූතියි අචින්ත සබට ඔන්න ගත්තා ජයවේවා

error: Alert: Content is protected !!