You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / All / Inch’Allah (2012) | වෛරය [සිංහල උපසිරැසි සමඟ]

Inch’Allah (2012) | වෛරය [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...


Inch’Allah (2012)

ඊශ්‍රායලය සහ පලස්තීනය ගත් විට අපහට නිතැතින්ම සිහිවන්නේ “ගාසා තීරයයි”. ඒ සමගින්ම සිහියට නැගෙන්නේ කුමක්ද..? වසර ගනනාවක සිට දෙකොන ඇවිලෙන යුද්ධයයි. ගාසාතීරයේ ළමා හා මාතෘ සායනයක සේවය කරනු ලබන කැනේඩියානු ජාතික වෛදයවරියකගේ සහ ඊශ්‍රායල්-පලස්තීන දේශ සීමාවේ ඇතුලත්වීමේ දොර‍ටුවේ ආරක්ශක සෙබලියක ලෙස සේවය කරනු ලබන ඇගේ ඊශ්‍රායල් ජාතික, යුදෙව් යෙහෙලියක පාදක කරගනිමින් මිනිත්තු 102ක් පුරා දිවයමින් “නාට්‍යමය” (Drama) කොටසට අයත්වන කැනේඩියානු සහ ප්‍රංශ සලරුවක් වන මෙය 2013 අප්‍රියල් මස 3 වන දින ප්‍රංශයේදී නිකුත්වී ඇත. මෙහි අධ්‍යක්ෂනය සහ තිර රචනය Anaïs Barbeau-Lavalette නම් කැනේඩියානු ජාතික අධ්‍යක්ෂකවරයාගේ වන අතර ප්‍රධාන නිලියගේ භූමිකාවට ජීවය දෙනු ලබන්නේ කැනේඩියානු ජාතික රංගන ශිල්පී Evelyne Brochu විසිනි. ඔබ The King’s Speech (2010) නැරඹූ සිනමා ලෝලියෙකු නම් එහි එන Stéphanie ගේ චරිතයට පන පොවන්නේද මැයම බැව් ඉක්මනින්ම හදුනාගනු ඇත. අන්තර්ජාතික සිනමාපට දර්ශකයේ “6.7” ක් සටහන් කොට ඇති මෙම සිනමා සිත්තම උදෙසා දැනට Berlin International Film Festival 2013 හිදී සම්මානයක් හිමිවී ඇති අතර තවත් සම්මාන කිහිපයකටම නාමයෝජනා ලබාගැනීමටද සමත්වී තිබේ.

“ගොඩක් ලොකූ ගහක්…

තව පොඩි එකක්……

ඒක ඒ සදහා ඊලගට වැඩෙන”

බලන් මිනිසුනේ වෛරය ඇතිවන්නේ කෙසේද කියා, මෙලොව නූපන් ළදරුවා වෛරය යන්න නොහදුනතත් ඔහුගේ ජාන තුලම නිලීන ලෙස අපූරුවට එය තැම්පත් වී ඇති ආකාරය, සමාජය විසින් වෙන්නාවූ නොකටයුතුකම් ඔස්සේ එය ඉස්මතුවී එන්නේ කෙලෙසින්ද යන්න පශ්චාත් යුධවාදී සමාජයක වෙසෙන ඔබත් මමත් හොදින්ම හදුනයි, වේලුපිල්ලේ පිරබාහරන් හට අහිංසක දමිල වැසියන් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් බවට හරවා අහිංසක සිවිල් ජනයා අතරට එවීමට තරම් මෙය කෙතරම් ප්‍රබල වීද යන්න අප හොදාකාරවම අත්විද ඇත්තෙමු. ත්‍රස්තවාද යන්න ත්‍රස්තවාදයම පමනකි එයට වෙනත් කිසිදු මුහුනුවරක් නොමැත යන්න මා හොදින් හදුනන්නෙමි. කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා අදට හරියටම වසර හතරකුත් දින දෙකක් ගතවී හමාරවන අද දවසේ ඔබවෙතට ‍රැගෙන ආ මෙම සිනමා සිත්තමේ අවසානම මිනිත්තු පහලොව තුලින් ඔබේ මනසට කියාපෑමට අර අදින්නාවූ යම් දෙයක් ඇත්ද එය ඔබගේ මනසට දැනුනු ආකාරය පහලින් සටහන්කර යන්න, මානුෂීය හැගීමෙන් යුත් ඔබට කෙරෙන ආරාධනයයි මේ….!

ඒ වගේම කියන්න ඔන අද මම මේ උපසිරසිය කලේ අසනීප තත්වයන් හේතුවෙන් ලද විවේකය පාවිච්චි කරලයි, ලිපියත් වෙනද වගේ නෙමේ බොහොම කෙටියි වගේම අඩු-ලුහුඩුකම් එහෙම ඇති, ඒ කාරනාවලට තරහ අවසර, සියල්ලෝම මාහට කමා කරත්වා! කොහොම උනත් ඔයාල දක්වන ප්‍රතිචාර දිහා බැලුවම මට වෙලාවක් හම්බවුනාම ඔහේ ඇදට වෙලා නිකම් ඉන්න හිතෙන්නෙම නෑ… අහ්! විශේෂයෙන්ම කියන්න ඕන මට මේකෙ තේරුම කියල දීපු අපේ හසන්ත මාමට (ඕං තරහ ගන්ට කාරි නෑ හොදේ මාම කිවුව කියල වැඩිහිටියන්ට ගරු කරන්ට ඕන නිසයි මාම කිව්වෙ 😛 Heh hee..) ඇත්තටම මම දැනන් හිටියෙ නෑ “Inch’Allah” කියන එකේ තේරුම, අන්තර්ජාලයේ හෙවුවට හම්බවුනෙත් නෑ, මගේ මොකක්හරි දෝෂයක්ද දන්නෙත් නෑ, කොහොම උනත් ස්තුතියි හසන්ත අයියා, ඔබ සැමට ජයෙන් ජය වේවා!

Inch'Allah (2012) on IMDb

 

 

We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

53 comments

  1. තෑංක්ස් ම්චං….බල්මු ෆිල්ම් එක අතාරින්න ගියේ කට්ටියම කියල තියෙනවා සුපිරි කියල…ජය

  2. අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි 🙂

  3. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. patta film aka bn sub akata thanx vima….

  5. රාම් රාජ්

    ෂා නියම කථාවක් වගේ.බාලා ම බලන්න ඕන.ස්තූතියි.

  6. එල එල…. බලමු 🙂

  7. INCH ALLAH කියලා මමත් අහලා නැහැ. හැබැයි Insha’Allah කියලනම් අහලා තියෙනවා. මේකත් ඔන්න බාගන්න ඕන ගොඩට දා ගත්තා. බොහොම ස්තූතියි විමා කොල්ලෝ අසනීපෙන් ඉන්න වෙලා‍වෙත් අපිට සබ් එකක් ලබා දුන්නට.

  8. විමා කොල්ලට හනීගෙනුත් කොමෙන්ටුවක් තියෙන්නේ. හෙහ් හෙහ්
    පොඩි එකා කිව්වා නේ….
    කුක්කු බිබී කිව්වා කොමෙන්ට් දාන්නේ නේ…
    හිටු මම තාත්තට කියන්න කෝල් එකක් දීලම.
    හනියා කිව්වනම් ඔන්න් සබ් 50ක් වත් කරන්න ගටක් එන්න ඇතිනේ. 😛
    ෆිල්ම් එකනම් නියමයි හොඳේ 😀

    • අනේ අම්මේ ඒ මගේ පැණි කෑල්ල නෙමේ බන්
      උබ මට පද නොහද ඉදින් මෙතන 😛
      මගෙ කෙනා තාම එකකටවත් කොමෙන්ට් දාල නෑ බන්
      දාපු ගමන් කියන්නම්කො උබට
      උබ තාත්තට කියහන් හොදේ :v

  9. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

  10. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    විමා, මචෝ, ඔන්න දැන් තමයි ෆිල්ම් එක බලල ඉවර උනේ….ෆිල්ම් එකනම් පට්ටයි…
    එක දෙයක් දන ගන්න ඕනේ…ෆිල්ම් එකේ අන්තිමේදී, අර පොඩි එකෙක් හිලෙන් බලල කියන්නේ, “ලොකු ගහක්..තව පොඩි එකක්.. ඒක ඒ සදහා ඊළගට වැඩෙනවා…” මේකේ තේරුම මචෝ වෛරය දිගටම පවතින බවද…මම අදහස කරේ පොඩි ගහත් ඒ සදහා (වෛරය සදහා) දිගටම වැඩෙනවා කියන එකද>>>??

  11. dimuthu තරංග ඉලුක්කුඹුර

    වටින කතාවක් වගේ බලන්නම්කෝ,ජයවේවා.

  12. niyamai… ela, ela.“

  13. කැලුම් රණවක

    එල ෆිල්ම් එකක් වගේ..අනිවා ගන්න ඕනි..සබ් එකට ස්තුතියි සහෝ..

  14. Rajitha Abeysinghe

    බොහොම ස්තූතියි.හැමදාම බයිස්කෝප් එකේ යන ඒවට වඩා වෙනස්ම විදිහේ කතාවක්.

  15. බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. වෙනස්ම එකක් වගේ. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

  16. gud job honey!! come up wit more n more <3 <3 😀

  17. “චූටී මල්ලි”

    ela

  18. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

  19. ස්තුතිය ,මගේ පලස්තීන යාලුවගෙන් ඒ පැත්තෙන් විස්තර දැනගත්තා ,බලමු මේකෙන් ඊස්රයෙල් පැත්තෙන් විස්තර වෙන්නේ කොහොමද කියල

  20. Inch Allah , Insha Allaha meaning “Thanks for God(Allah)”
    anyway Thank for you

  21. ගයාන්

    “Inch’Allah”
    කියන්නෙ අල්ලහ් මට ඉඩ දුන්නොත් /මට අල්ලාහ් අවස්තාවක් දුන්නොත් කරන්නම්/
    මම පුලුවන් උනොත් කරන්නම් අල්ලහගෙ පිහිටෙන් ඔන්න ඔහොම අදහසක් එන්නෙ
    තැන්ක්ස් සබ් එකට

  22. දිනුක මධුශාන්

    එළකිරි ෆිල්ම් එකක් සහෝ.. බොහොම ස්තුතියි! ජය වේවා!

  23. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අහ්හ් මේ දීල තියෙන්නේ…. ෆිල්ම් එකනම් අමාරුවෙන් බා ගත්තා…දැන් ඉතින් බලන්නම තමයි තියෙන්නේ.. බලල කොමන්ට් එකක් දාන්නම්..එතකම් හිටු!!!!….

  24. මම බලාපොරොත්තු වෙන් හිටිය,විශිෂ්ඨ ගණයේ චිත්‍රපටියක් ලැබුනා.,මෙවැනි විශිෂ්ඨ නිර්මාණවලට ස්තූතියා.

  25. niyamai machan mama hithana widiyata ‘inch”allah’ kiyana eke theruma deviyange kamaththa kiyana eka. thanks machan

  26. ආම්ස් පෙරොස්
    සිටි ඔප් ගෝඩ්ස්
    ඕල්ඞ් මැන් ඇන්ඞ් ද සී

    වාගෙ හොද එකක් මේකත්. ඇත්තටම ස්තූතියි මේ වාගෙ වැදගත් යමක් අපට හිතන්න පුළුවන් ආකාරයේ චිත‍්‍රපට දෙනවාට. මම ඔබට එවැනි චිත‍්‍රපට ලයිස්තුවක් එවන්නම් මට එයාගේ ඊ මේල් එක දෙන්න

    චානක

  27. jaya wewa digatama hoda awata subs denna

  28. විමා කාලෙකින් නොබලන එකක් අරගෙන ඇවිල්ල වගේ…
    මේක නම් වෙනසකට එකක බලන්නම ඕනෙ…
    බොහොම ස්තුතියි මචෝ….

  29. නලින්

    ස්තුතියි විමා සහෝ

    ජය වේවා

  30. එලස් බාමි… තුති

  31. පට්ට මචං

    අනිවා බලනවා

  32. digatama subs denna machan jaya

  33. එළකිරි මචං නියමම ෆිල්ම් එකක් වගේ

  34. ela machan thanks sub 1ata

  35. නියමම ෆිල්ම් එකක් වගේ බලන්න ඕනේ.තුති

  36. තෑන්ක්ස් වේවා!

  37. සිංහලයා

    පට්ට පට්ට මචං

error: Alert: Content is protected !!