Tuesday , September 21 2021
Breaking News

Indian (2001) Sinhala Subtitles | මව්බිම වෙනුවෙන් පොලිස් නිලධාරියෙකුගේ වගකීම [සිංහල උපසිරසි]

Rating: 9.1/10. From 9 votes.
Please wait...

සුභ දවසක් යාළුවො හැමෝටම!! එහෙනම් ආයි ලස්සන චිත්‍රපටියක උපසිරසිත් අරන් ඔයාලව හම්බ වෙන්න ආව. හැමෝම සුවෙන් සනීපෙන් ඉන්නව ඇති කියල හිතනවා. ඉතින් මේ පාර ආවෙත් තවත් පරන හින්දි චිත්‍රපටියක උපසිරසිත් එක්ක. මේ ගැන මම බයිස්කෝප් මුහුනු පොතෙත් පලකිරීමක් කලා. 2001 වසරේ නිකුත් උන ලස්සන චිත්‍රපටියක්.

2001 වසරේ ඔක්තොම්බර් 26 දින නිකුත් උන Action/Crime ගනයට අයත් ෆිල්ම් එකක්. ඒ කියන්නෙ ඉන්දියාව නිදහස් උන දවසෙ ඉදන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයට කිහිප වතාවක් ගොදුරු උනා. එහෙම දෙයක් තමයි මේ ෆිල්ම් එකේ කිය වෙන්නෙ. සුපිරි බොලිවුඩ් නළු සනීඩියෝල් සහ ශිල්පා ශෙට්ටි රංගනයෙන් දායක වෙනවා. කතාව නම් සුපිරි වගේම සනීඩියෝල්ගෙ රංගනය තවත් සුපිරි. මොකද කිවුවොත් සනීඩියෝල් ගැලපෙන්නේ මේ වගේ චරිත වලටම විතරයි. ඒ ගැම්ම, ඒ පෞරුෂය කියල වැඩක් නැහැ. මමත් පුද්ගලිකව කැමති සුපිරි තරුවක් තමයි.

ඉතින් පැය 02යි විනාඩි 58ක් පුරාවට ත්‍රස්තවාදයට එරෙහිව තම රට සහ ජනතාව බේර ගන්න දාන උපක්‍රම,හිතේ කුතුහලයෙන් බලන්න පුළුවන් හොද චිත්‍රපටියක්. තම රටට ත්‍රස්තවාදය පතුරවන්නේ රටේම ජීවත් වෙන දේශද්‍රෝහීන්. IMDb අගය 5.4ක් සහ ගූගල් පරිශීලන කැමැත්ත 70%ක් අරන් හියෙනවා.

හැමෝම මේ චිත්‍රපටිය බලන්න ඕන නිසා සියළුම දෙනා වෙනුවෙන් ටයිම් ලයින් වෙනස් කරල, ටයිම් ලයින් ඇඩ් කරල HD සහ WEB පිටපත් වෙනුවෙන් උපසිරසිය නිර්මාණය කරා. මේ වගේ ෆිල්ම් වලට කැමති අයට නම් ලස්සන ෆිල්ම් එකක් වෙයි. තවත් අය අකමැති වෙයි මොකද පරන ඒවට කැමති නැහැනෙ ඒකයි. කැමති අකමැති හැමෝටම ආරාධනා කරනවා නරබන්න කියල.

කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. වසීම් ඛාන් කියන්නෙ රටවල් 48ක් අත්අඩංගුවට ගන්න බලන් ඉන්න ත්‍රස්තවාදි නායකයෙක්. ඔහු ඉන්දියාවෙ මහරාශ්ටවල ඉන්නව කියල පොලිස් බුද්ධි අංශයට තොරතුරක් ලැබෙනවා. ඔහුව අත්අඩංගුවට ගන්න DCP ආසාද් පිටත් වෙනවා. අත්අඩංගුවට පත් උනාට පස්සෙ වසීම් ඛාන්ව විශේෂ බන්දනාගාරයක විශේෂ කුටියක හිර කරනවා. හිරේ හිටියත් මුළු ලෝකෙම හොල්ලන කෙනෙක් තමයි වසීම් ඛාන් කියන්නෙ. පොලිසියේ ඉහල නිලධාරීන්,ඇමතිවරුන් ඔහුත් එක්ක තමයි ඉන්නෙ. වසීම් ඛාන් හිරේ හිටියත් වසීම් ඛාන්ගේ දකුනු අත රටේ ඉහල නමක් තියන්,හොද මුහුන සමාජෙට පෙන්න ගෙන මුළු රටම විනාශ කරනවා. DCP ආසාද්ට හිතා ගන්න බැරි ප්‍රශ්න ගොඩක් එනවා. එකෙක් ඇතුලෙ ඉදන් රට විනාශ කරන්න හදනවා. තව කෙනෙක් එලියෙ ඉදන් රට විනාශ කරනවා,ඒ වගේම ඉහල නිලධාරීන්ගෙන් කැපිලි කෙටිලිත් එනවා,ඒ හැම ප්‍රශ්නයක්ම DCP ආසාද් මෙහෙය වන්නේ කොහොමද? ත්‍රස්තවාදීන් විනාශ කරන්නේ කොහොමද? ඔහුට ජනතාව බේර ගන්න පුළුවන් වෙයිද?

එහෙනම් චිත්‍රපටිය බලන්න කියල හැමෝටම කියනවා. එහෙනම් උපසිරසි බා ගන්න ගමන් පහලින් ඔයාලගෙ අදහස් දගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ල එන්නම්. තවත් ලස්සන හින්දි චිත්‍රපටියක උපසිරසිත් එක්ක ඔයාලව හම්බ වෙන්න එන්නම්.

හැමෝටම බුදුසරනයි, දෙවිපිහිටයි!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD / WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සම්පත් විජේසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Sex Education (2019-) [S03 : E07] Sinhala Subtitles | ජරමර අස්සේ බරකරත්ත [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය හත්වෙනි කොටසත් අරගෙනයි මම ආවේ. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු …

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. Deegayu Abeysekera

    very tnx

    digatama me wage 1988 – 2002 wage masala film walata sub denna api nobala inne na

  2. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  3. Thanks….jayawewa…!

  4. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  5. Niyama film ekak saho…thanks sub ekata..puluwannam Jaal the trap film ekatath sub demuko…ekath sunny deol ge film ekak

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. උපසිරසියට ස්තුතියි
    Tuck Jagadish(2021) ෆිලුමටත් සබ් දෙමු ඉක්මනින්

  8. Tuck Jagdish Sub Plzzz

    • ස්තුතිය සහෝ පැරනි සරලු වලට උපසිරස දෙනවට…..
      කුෂි 2003 චිත්‍රපටයට සිංහල උපසිරස ලබා දෙන්නකො සහෝ

  9. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    දිගටම මෙවැනි හින්දි චිත්‍රපට සබ් කරන්න. 90 දශකයේ හින්දි චිත්‍රපටත් දෙන්න.

  10. Thanks saho
    Sunil shetty geth parana action film tikak denna

error: Alert: Content is protected !!