Wednesday , October 28 2020
Breaking News

Inside Edge (2017 – ) [S01 : E04] Sinhala Subtitles | වායූ රාගවන්… [සිංහල උපසිරැසි සමග]

Rating: 9.9/10. From 10 votes.
Please wait...

කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. කෝකටත් පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු එහෙනම්. කලින් කොටස බොහොම කාලයක් වෙන් කලේ කණ්ඩායමේ ක්‍රීඩකයන් හඳුන්වා දෙන්න. නමුත් ඒ හඳුන්වා දීම කලේ ඔවුන් කොහොමද තරග පාවා දීම වෙනුවෙන් යොදාගන්න පුළුවන්, එහෙම යොදාගන්න බැරි උදවිය කවුද කියන දේත් පැහැදිලි කරමින්මයි. සමහරුන් මුදල් නිසාවෙන් ඒ සඳහා හවුල් චිමට සුදානම් වුනා වගේම තවත් සමහරෙක් වෙනත් මාර්ග යොදාගෙන සම්බන්ධ කරගන්න කල උත්සාහයන් දකින්න ඇති නෙව.

ඒ වගේම ධවාන් සතු බලය බොහොම හොඳින් පෙන්නුවා කොටසක් වුනා පහුගිය කොටස, ඔහු ක්‍රීඩාව පැත්තෙන් විතරක් නෙමෙයි තමුන්ගේ දැන හැදුනුම්කම් යොදාගෙන සරීනාගේ සිනමා ජීවිතයේත් විවිධ ප්‍රශ්න ඇති කල හරි මතක ඇති කියලා හිතනවා. ඒ එකක්ම සරීනා හා අරවින්ද් අතරත් යමක් දළුලාගෙන එන හැටි දකින්න ඇති නෙව කණ්ඩායමේ කාලගෝට්ටියක් ඔවුන් දෙන්නට අකුල් හෙලන්න කලියෙන්… ඒ එකක්ම හන්දා මහත්මයා දැක්වූ සහය වගේම චෙන්නයි කණ්ඩායමේ හා ඔවුන්ගේ ආදාරකරුවන්ගේ ක්‍රියාපටිපාටිය අමතක නැතුව ඇති කියල හිතනවා.

එහෙනම් ඔන්න අද කොටස, මේ කොටස බොහොම ලොකු කාලයක් වැය කරන්නේ මුම්බායි මැව්රික්ස් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු වායූ රාගවන් වෙනුවෙන්. ඔහුගේ ක්‍රීඩා ජීවිතය වගේම පුද්ගලික ජීවිතයේත් හොඳ හා නරක කියන අන්ත දෙක පුරාම මේ කතාව දිව යනවා, වායූ සම්බන්ධ වෙනවා කියන්නේ ඉතින් කොහොමත් මීරා දකින්න ලැබෙනවා කියන එක නෙව. ඒ එකක්ම මුදල් එකක් ක්‍රීඩකයන් තමුන් ගැන හිතාගෙන ඉන්නා හැටි නිසාවෙන් කරනා වැඩ ගැනත් පොඩි දර්ශනයක් තියනවා බලාගන්න පුලුවයි. ඒ එකක්ම ප්‍රශාන්ත් තමුන්ගේ පන්දු යැවීම පුහුණු වෙන්න අලුත් මිතුරෙක් හොයා ගන්නවා වගේම, ශානා සීමාව ඉක්මවා යාමේ පළමු පියවර තියන හැටිත් එහෙනම් අද ඔබට බලාගන්න පුළුවනි. ඊලග කොටසින් හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Agneepath (2012) Sinhala Subtitle | පිය සෙනෙහස වෙනුවෙන් අග්ණි මාවත ඔස්සේ… [සිංහල උපසිරසි]

එහෙනම් ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මාත් මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය අරන් අවා. පලවෙනි වැඩේ උනේ …

Leave a Reply

Your email address will not be published.

10 comments

  1. thank you

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. sub ekata thanks saho.. jaya wewa!!

  4. නියමයි…සබ් එකට තැන්ක්ස්….

  5. Thanks bro………

  6. Thanks bro……..jayawewa…….!

  7. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරසට..!

  9. ස්තුතියි සමීර සහෝ.ජයවේවා!

  10. tnx sub ekata..

error: Alert: Content is protected !!