Saturday , October 31 2020
Breaking News

It (2017) with Sinhala Subtitles | ළමයින් බිලිගන්නා බිහිසුණු කවටයා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 147 votes.
Please wait...

මොර සූරන මුරුගසම් වර්ෂාව…
ඩෙරී නගරයේ පාළුවට ගිය වීදියක්…
මේ වර්ෂාව අස්සේ පුංචි ජෝර්ජි එළියට බැස්සා…
අයියා හදලා දීපු හරි ලස්සන බෝට්ටුව,
වතුරෙන් පිරී ගියපු මාර්ගයේ පාකරන්න!
බෝට්ටුව වේගයෙන් වතුරේ පාවෙලා ගියා…
පුංචි ජෝර්ජිට බෝට්ටුව තරම් හයියෙන් දුවගන්න හයියක් තිබ්බේ නැහැ…
අපොයි! වතුර බහින්න තියෙන කාණුවක් අස්සට බෝට්ටුව වැටුණා!
දැන් ඉතිං බෝට්ටුව අරගන්නේ කොහොමද?
බෝට්ටුව අරගන්න බැරි වුනොත් අයියගෙන් බැණුම් අහන්න තමයි වෙන්නේ!
පුංචි ජෝර්ජිගේ පුංචි හිතට කල්පනා වුනේ එහෙමයි…
ඒත්, පොඩ්ඩක් ඔහොම ඉන්න!
කාණුව අස්සේ කවුද ඉන්නවා!
සැණකෙළි වල ඉන්න විදියේ විකටයෙක්!
හරි ආදරෙන් ජෝර්ජිට කතා කරලා බෝට්ටුව දෙන්න හැදුවා…
නමුත්, අන්තිමේදී සිද්ධවුණේ…
මුරුගසම් වර්ෂාවේ, කිසිවෙකුටත් නොපෙනී…
අහිංසක පුංචි ජෝර්ජිට සිය ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධවුණා!
කාලය ගෙවිලා ගියා…
ඩෙරී නගරයේ ළමයි එකා බැගින් එකා අතුරුදහන් වුණා…
කිසිඳු සලකුණක් හො නොමැතිව!
මොකක්ද මේ වෙන්නේ?
කවුරුවත්ම ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ!

නම දැක්ක ගමන් ගොඩක් දෙනෙක් අඳුරගන්න ඇති මොකක්ද චිත්‍රපටිය කියලා. ඔව්, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තවත් දැවැන්තම සිනමා නිර්මාණයක් තමයි මේ අරගෙන ආවේ. නිකන්ම නිකන් දැවැන්ත චිත්‍රපටයක් නෙමෙයි. චිත්‍රපට ඉතිහාසයම වෙනස් කරපු චිත්‍රපටයක්. මේ සිනමා නිර්මාණය තිරගතවීම ආරම්භ කරන්නේ, 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 8 වෙනිදා. චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 35ක් වගේ මුදලකින්. අද කාලේ චිත්‍රපටි වලට වියදම් කරන මුදලත් එක්ක බැලුවාම ඩොලර් මිලියන 35ක් කියන්නේ සොච්චම් මුදලක් වගේ තමයි. ඒ නිසාමද මන්දා, නිෂ්පාදකයින් මේ චිත්‍රපටියෙන් බලාපොරොත්තු වුනේ ඩොලර් මිලියන 85ක බොක්ස් ඔෆිස් ආදායමක් විතරයි. නමුත්, සමහර වෙලාවට අපි කිසිසේත්ම නොසිතන දේවල් වෙනවා. මෙතැනදී වෙන්නෙත් නිෂ්පාදකයින් කිසිම විදියකින් නොසිතපු විදියේ දෙයක්. මෙම චිත්‍රපටය පළමු සති අන්තය නිමා කලේ (සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින තුන) ඇමරිකානු ඩොලර් මිලියන 123 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තබමින්. මේ තමයි එදා මෙදා තුර සිනමා ඉතිහාසය තුල R කාණ්ඩයේ චිත්‍රපටයක් පළමු සති අන්තය තුල ලබාගත් දෙවැනි වැඩිම ආදායම් වාර්තාව. පළමු සති අන්තයේදී ඩොලර් මිලියන 132 ක් ලබාගත් Deadpool චිත්‍රපටයට පමණයි මෙය දෙවැනි වෙන්නෙ. මේ ආකාරයෙන් ආරම්භ වෙච්ච මේ සිනමා නිර්මාණයේ ගමන, බොක්ස් ඔෆිස් වාර්තා එකින් එක බිඳ දමමින්, සමස්ත සිනමා ඉතිහාසයම උඩි යටිකුරු කරනු ලැබුවා. ලබාගත් බොක්ස් ඔෆිස් වාර්තා පිළිබඳව කෙටියෙන් පවසනවා නම්,

  • පළමු සති අන්තය තුල R කාණ්ඩයේ චිත්‍රපටයක් ලබාගත් දෙවැනි වැඩිම ආදායම් වාර්තාව.
  • එදා මෙදා තුර චිත්‍රපට ඉතිහාසය තුල R කාණ්ඩයට අයත් Horror චිත්‍රපටයක් ලබාගත් වැඩිම ආදායම් වාර්තාව.
  • එදා මෙදා තුර චිත්‍රපට ඉතිහාසය තුල Horror – Supernatural කාණ්ඩයට අයත් චිත්‍රපටයක් ලබාගත් දෙවැනි වැඩිම ආදායම් වාර්තාව. (පළමු ස්ථානය – The Sixth Sense – ඩොලර් මිලියන 673)
  • එදා මෙදා තුර චිත්‍රපට ඉතිහාසය තුල ඕනෑම Horror කාණ්ඩයේ චිත්‍රපටයක් ලබාගත් දෙවැනි වැඩිම ආදායම් වාර්තාව. [The Sixth Sense චිත්‍රපටයේ මෙම වාර්තාව, මෙම චිත්‍රපටය මගින් නුදුරු අනාගතයේදීම බිඳ වැටෙනු ඇතැයි අපේක්ෂා කල හැකිය]
  • Stephen King විසින් රචනා කරන ලද කෘතියක් අනුසාරයෙන් නිපදවන ලද චිත්‍රපටයක් ලබාගත් වැඩිම ආදායම.
  • සිනමා ඉතිහාසය තුල සැප්තැම්බර් මස තිරගතවීම ආරම්භ කරන ලද චිත්‍රපට අතුරින් පළමු සති අන්තයේ වැඩිම ආදායම් වාර්තාවක් ලබාගත් චිත්‍රපටය.
  • ඕනෑම R කාණ්ඩයේ චිත්‍රපටයක් ලබාගත් තෙවන වැඩිම ආදායම් වාර්තාව.
  • 2017 වර්ෂයේ නිකුත් වූ සියළුම චිත්‍රපට අතුරින් දසවෙනි වැඩිම ආදායම් වාර්තාව.

මේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් වාර්තා කීපයක් විතරයි. මේ කරුණු ටික ඇති චිත්‍රපටිය මොන වගේ එකක්ද කියලා හොඳ අදහසක් ලබාගන්න. Horror, Thriller කාණ්ඩ යටතේ මේ සටහන ලියවෙන මොහොත වන විට එක්ලක්ෂ හැටදහස ඉක්මවූ මනාප සංඛාවක් තුලින් IMDB දර්ශකයේ 7.8 ක් වැනි ඉහළම අගයක් කරා පැමිණීමට මෙම චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. ඒ වගේම, මේ මොහොත වන විට ඇමරිකානු ඩොලර් මිලියන 654 696.4 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටුවන්න සමත්වෙලා තියෙනවා. ඇත්තම කියනවා නම්, තිරගතවීම ආරම්භ වෙලා මාසයක් ගතවෙන්නත් කලින් අරාබි වෙබ් අඩවියක් මගින් HD පිටපතක් අන්තර්ජාලයට නිකුත් නොකරන්න, මීට වඩා බොහොම දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් නිසැකවම මෙම චිත්‍රපටය තියනවා. ඒ වගේම, චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ, Stephen King මහත්මයාගේ සුප්‍රසිද්ධ IT නම් නව කතාව.

Horror චිත්‍රපට කිව්වාම සමහරු කියනවා, “අපෝ, අපි නම් ඔය ජරාව බලන්නේ නැහැ” කියලා. මේකට සාධාරණ හේතුවක් තියෙනවා. ගොඩක්ම Horror චිත්‍රපට ඒකාකාරී ස්වරූපයක් ගැනීම තමයි මේකට ප්‍රධානම හේතුව. මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සුන්ට හොල්මනක් වැහෙනවා. නැත්නම්, ගෙදරට යක්ෂයෙක් එනවා. කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. අන්තිමට බොහොම බලගතු පූජකයෙක් එක්කගෙන ඇවිල්ලා යක්ෂයා හරි හොල්මන හරි එළවලා දානවා. මේ තමයි වර්තමාන සිනමාව තුල අපිට ගොඩක්ම දකින්න පුළුවන් කතා තේමාව. තවත් සමහර ලොකු ලොකු Horror චිත්‍රපට තියෙනවා. බොහොම ලොකුවට කයිය ගහගෙන එනවා. හැබැයි, සාම්ප්‍රදායික යල් පැනගිය කතාවම තමයි ඇතුලේ තියෙන්නේ. අන්තිමට ලැජ්ජාව වහගන්න කියනවා, අපේ චිත්‍රපටිය බලලා බය වෙලා මිනිස්සු අච්චර ගාණක් මැරුණා, මෙච්චර ගාණක් මැරුණා කියලා. අනේ, මිනිස්සුත් ඉතිං ඕවට රැවටිලා ගිහිල්ලා බලනවා. චිත්‍රපටිය ඉවර වුනාම අන්තිමට බනින්නේ, “අපෝ, හොල්මන් චිත්‍රපටි නම් මෙලෝ වැඩක් නැහැ. ආයෙමත් බලන්නේ නැහැ” කියලා. මෙන්න මේ වගේ සාම්ප්‍රදායික යල් පැනගියපු හොල්මන් චිත්‍රපට නිසා තමයි සමස්ත Horror චිත්‍රපට ක්ෂේත්‍රයම බාල්දුවට ලක්වෙලා තියෙන්නේ.

ඉතිං, මේ වගේ කාල සමයක තමයි මේ IT චිත්‍රපටිය නිකුත් වෙන්නෙ. මං කියපු කාරණා හොඳට තේරුණා නම්, මේ චිත්‍රපට මිනිස්සු මෙච්චර සාදරයෙන් වැළඳගන්න හේතුව මොකක්ද කියලා දැනටම තේරුම් ගිහිල්ලා ඇති. ඔව්, සාම්ප්‍රදායික Horror චිත්‍රපට කලාවේ සීමා බැමි සුනු විසුනු කරමින්, මෙතෙක් කාලයක් පුරාවට ඒකාකාරී රටාවකට යමින් තිබුණු Horror චිත්‍රපට ක්ෂේත්‍රය, නැවුම් වූ මාවතක් කරා යොමුවීමක් මෙම චිත්‍රපටය තුලින් සිදුවෙලා තියෙනවා. කොටින්ම කියනවා නම්, සමස්ත Horror චිත්‍රපට ක්ෂේත්‍රයම උඩි යටිකුරු වීමක් සිද්ධවෙනවා. ඒ නිසා වගකීමෙන් කියනවා, මේ තියෙන්නේ ඔයාලා කලින් දැකලා පුරුදු සාම්ප්‍රදායික හොල්මන් චිත්‍රපටයක් නෙමෙයි. මෙච්චර කාලයක් තිස්සේ පුටුව උඩ අලසව වාඩිවෙලා නරඹපු හොල්මන් චිත්‍රපට වෙනුවට, බොහොම කුතුහලයෙන් පුටුව උඩ නැගලා බලන්න පුළුවන් විදියේ සුවිශේෂී නිර්මාණයක් කියලා සහතික කරලා කියනවා.

ඒ වගේම, මේ චිත්‍රපටයේ දෙවැනි කොටසක් 2019 වර්ෂයේදී නිකුත් කරනවා කියලා නිළ වශයෙන්ම දැනුම් දීලා තියෙන්නේ. ඒ වගේම, විශේෂම කාරණාව තමයි, මේක R කාණ්ඩයේ චිත්‍රපටයක්. ඒ නිසා, පොඩි අය චිත්‍රපටයේ හිටියා කියලා, මේක පොඩි අයට සුදුසු මට්ටමේ චිත්‍රපටයක් නම් නෙමෙයි. භාවිතා වෙන වචන නිසා 15+ වගේ බැලුවට ප්‍රශ්නයක් නැහැ.

එහෙනම්, ගිහිල්ලා එන්නම්. අනිවාර්‍යයෙන්ම අරගෙන බලන්න. මේක බලන්නම වටින චිත්‍රපටයක්. නොබලා ඉන්නවා කියන්නේ ලොකු පාඩුවක් කරගන්නෙ. ගිහිල්ලා එන්නම්. හැමෝටම ජයවේවා!

ප. ලි. – මේ උපසිරැසි දීලා තියෙන්නේ HC-HDRip එකකට. මීට කලින් ඇරබියන් හාඩ් සබ් එකක් එක්ක HD පිටපතක් ආවා. ඒක අරගන්න එපා. ඒකට උපසිරසි දුන්නේ නැත්තේ චිත්‍රපටය පුරාවටම ඇරබියන් වෙබ් අඩවියක ලෝගෝ සලකුණු තිබුණා වගේම, බලන්න අපහසු නිසා. නමුත්, මේ දීලා තියෙන කොරියන් හාඩ් සබ් තියෙන පිටපත බලන්න කිසි අවුලක් නැහැ. අද උදේ (ඔක්තෝම්බර් 28) තමයි මේ කොපිය නිකුත් වුණේ. මේ පිටපත බලන්න අපහසු නම් කීයටවත් දෙන්නෙ නැහැ. මෙච්චර කාලයක් ඉවසුවෙත් ඒකයි. ඒ නිසා බලන අයට මේක බලන්න කිසිම අපහසුවක් නැතුව හොඳටම බලන්න පුළුවන්. රූප රාමු වල තත්වය ගැන සාම්පල් එකක් මෙතනින් බලාගන්න පුළුවන්. ඒ වගේම, WEB සහ BR පිටපත් ආපු ගමන්ම අනිවාර්‍යයෙන්ම යාවත්කාලීන කිරීමක් කරනවා.

 

It (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR  පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E13] Sinhala Subtitles | අපි සටන් කරන්නෙ මේ වෙනුවෙන් ❤ [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ශීල්ඩ් 7 වෙනි කතා සමය මෙන්ම අවසන් කතා සමයෙ අවසාන කතාංගයත් අරගෙන ආවා. …

Leave a Reply

Your email address will not be published.

137 comments

  1. සංජන චමෝද්

    සබ් එකට ස්තූතියි සහෝ….

  2. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  3. Lahiru Lakshan

    thanks….

  4. Thank you very much brother.

  5. Saranga J. Liyanagama

    Thanks

  6. ස්තුතියි… ජය..!!!

  7. sahanibagyaabeykoon

    Film ekata godak baya hithennenam na. Eth lassana kathawak. Kohoma unath sub ekanam supiriyata thibuna. Harima daksha widiyata karala thibuna. Thawath me wage supiri wada karanna shakthiya labewa

  8. ada thamai balanne.. thankyou sub ekata

  9. Niwantha Madhusanka

    two ektath denn

  10. උපසිරැසියට බොහොම ස්ස්තූතියි සහෝදරයා ..

  11. thanks a lot

  12. Thanks…..

  13. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  14. Sub ekata thankx bro

  15. saman wijesinghe 63

    Thank a lot

  16. thanks..

  17. Sasindu Tennakoon

    thanks bro

  18. Dushan Laksitha

    සුපිරියක් බ්‍රෝ

  19. Thankzzzzzzzz

  20. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…!!!
    ජය

  21. thanks

  22. Lakshan waiydarathna

    Thanx

  23. Thanks Brooo….

  24. thank you

  25. dhanushka sampath17

    thank you ayya sub ekata.

  26. උපසිරසියට බොහොම ස්තූතියි. ජය වේවා!…..ඔන්න අද තමයි බලන්නේ

  27. thanks bro

  28. shehan weerasinghe

    ස්තූතියි සහෝ !
    ජය වෙිවා !

  29. තැන්කු වේවා සබට

  30. tharaka madushanka herath

    උපසිරසියට බොහොම ස්තූතියි. ජය වේවා!…..

  31. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  32. sabata thuthi saho.jaya!

  33. SashikaMalawana

    බොහොම ස්තූතියි.

  34. madusanka sanjaya

    Suppa saho sub enakam balan hitiye

  35. Thank you….

  36. thanks,,,jayen jaya obata

  37. ජයෙන් ජය සහෝ

  38. thanks very much

  39. Thanks..

  40. දිගටම සබ් ලබා දීමට ශක්තිය ලැබේවා

  41. Subs elaa great work

  42. Lushan Tharinda

    Subata thanks bro…
    Br eka enakanma hitiya…

  43. එලා

  44. උපසිරසියට ගොඩාක්ම ස්තුත්යි සහෝදරයා…

  45. register wela hitiyata download wenne na

  46. Thanks …

  47. Chamara S Thennakoon

    thnx bro

  48. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  49. ජනිත් මාතුල

    බොහොම ස්තූතියි. ජයවේවා

  50. විදුෂාන් සජිත්

    🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂

  51. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  52. උපසිරැසියට බොහෝම ස්තුතියි

  53. Kalpa Pabasara

    ස්තුතියි සබ් එකට
    ජය ජය

  54. KAVINDA GAMAGE

    BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!

    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  55. tnx bn update ekata

  56. web rip awoo Update parak dandoo

  57. Webrip update krmu saho…

  58. Indoxxi.com ඔය සයිට් එක මරු ෆිල්ම් බාන්ඩ

  59. Thanls Bro……………

  60. Subs walata deela thyena time eka madi wage danuna. Kiyawanna issella sub eka gihilla iwarai… poddak me gana balanna… thanks sub ekata….

  61. Link eka danne plz aiye hoyagnne baruwa inne

  62. සබ් එකට ස්තුතියි

  63. Br enakan copy nm blanne naaa. Sub ekata godaaaak thnkz.br apu gamanma update karanna ayyee

  64. GERALD’S GAME 2017
    me movie 1ta sub eka dennko plz

  65. බොහොම ස්තුතියි සහෝ… සුපිරි ෆිල්ම් එකකට සුපිරියටම සබ් එක දුන්නට… 🙂

  66. බොහොම ස්තුතිය සබ් එක දල ගොඩක් දවස් නේද google search කරා එත් අවේ නැ site ekata avith search කරා එත් අවේ නැ අද තමා සෙට් උනේ සබ් එක

  67. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  68. machan Stephen king’s it kiyala meke parana movie eka thiyanawa. ekatath sub denna.

  69. ashan lankanath

    Thanks ……………………good luck …………………………..

  70. 720p link dennko

  71. බොහොම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං.

  72. පෙනිවයිසගෙ දත් ටික ආයේ ආයේ බැලුවේ මම විතරද?

  73. bluray awama balamu
    elama saho thanks

  74. සදෙව් බණ්ඩාර

    ලිපියට හා සිංහල උපසිරසි ලබා දුන්න්නාට බොහොම ස්තුතියි.

  75. thank you

  76. thilina madushanka

    thanks brother…..

  77. Thada bro.. blue ray eka enakam innawa

  78. thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  79. thanks brother,,,,,jaya wewa

  80. Thanks bro sub ekta…
    elaz…

  81. Ty bro…Gdk Pin…..

  82. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරැසට…BR එකක් එනකම් මේකට අත තියන්නෙවත් නෑ.ඒ තරම් වටින ෆිලුමක්.කොහොම උනත හොද පිටපතක් ආව ගමන් සබ් එක ගෙනපු එක ගොඩක් අගය කරනවා අයියේ..!

  83. cool bro,cool(සිසිල අයියේ සිසිල,ඔන්න මාත් සිංහල උපසිරසක් කරා ඉහත වචනය පරිවර්තනයකරල)ලගදි ජන්දයක් දින්න නේද(දැං ඇමතිද,මන්ත්‍රිද)අපිත් ඔයාට තමා vote කරෙ(එක ඇත්තටම තරගයක් පදනම් කර ගත්ත ජන්දයක් නෙමෙ උනත්)එවුනාට මම නම් එ movie එකට කැමති නැ(ඔන්න බයිස්කොප් එකෙ ඔක්කොම උපසිරස කරැවන් එක්වෙලා එක දවසට the wire(මෙක ඉතාපැරනි සිසන් 7-8ක්තියන නිසා කවදාවත් සබ්නම් ම්හ්ම්)වල සිසන් හත අටටම සබ් දෙනව කැමතිද අහල vote එකක් තිබ්බනම් මම අත්දෙකම උත්සනව.එවායෙන් කමක් නැ දැං පුලුවන්නම් ඉලග පාර එවගෙ එහෙකට vote එකක් තියන්න..

    I asked where is it,google said baiscope has it
    I gofor it,you had gave it.i see it.now downoading it

  84. උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!

  85. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    ———“සිසිල ප්‍රසාද්”————–
    (Owner of the subtitle Factory)

  86. Gathsara Umesh Kumara

    Bohiom sthuthiy ayyee…..
    Dmm banawa…..
    Ikmnann thwath upasuresiyakin hmuwemmo…

  87. sub ekata thanks saho.. jaya wewa!!

  88. ස්තුතියි සිසිල සහෝ.ජයවේවා! waiting fr br,

  89. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  90. තැන්ක්ස් මචන් සබ් එකට

  91. Download link ekak nadda bn

  92. දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  93. කට්ටියට ඇතිඋනාවගෙ ⁣අරවගෙ එව බලල බලල ඇතිවෙන දවසක් එනව අරවගෙ එවනම් බයිස්කොප් එකෙ ඔනතරම් තියනව මේගෙ⁣ාඩට හැමදාම පවුල් ප්‍රශ්න වලින් පිරිච්ච flash දාන්න හිතුවත් අහන්න වෙන බැනුම් ප්‍රමානය ගැන සලකා බලා නොදා ඉන්නව හිංදි කතාවලවත් එතරම් family poblems මම නම් දැකලනැ.(මෙහෙම කියන මම මාවල් රසිකයෙක් නොවෙමි.මමත් ඇරොට ආසයි)ඇත්තටම උඩ මම දැම්මෙ මෙදවස්වල බයිස්කො එකෙ දෙන කතානිසා සැහෙන්න බැනුම් නම් අහන්න වෙයි මෙවකියල එවට කැමති අයගෙන්(එත්කොහෙද මට කට තියං ඉන්න බැනෙ criminal mind,hgawm,soue,bll,bett call s,fargo මතක්වෙන කොට)

  94. බයිස්කොප් එකෙ අය අපේ අදහස් අහල කියල කමෙන්ටුවක් දාාන්න කිවුවට මම නම් හිතන්නෙ අපි අනම්මනම් ඉල්ලනවට නම් කැමති නැ මං හිතන්නෙ ගොඩක්වෙලාවට අපි ඉල්ලන දෙකට සබ් වැටෙන්නෙනම් නැ එගොල්ලො හිතල හරි ඇඩ්මින්ල කියන එකකට සබ් දෙනව මිසක් අපෙ ඉල්ලිම් වලට ප්‍රතිචාර හම්බ වෙන්නෙම නැ.එක අතකට බැලුවහම එක එහෙම වෙන්න සාදාරන හෙතු කන්දක්ම ඇති(හරියට හැමොම ආස සුපිරිවිර හරි හැමදාම villan කෙනෙක්ව අල්ලන හරි blacklist,scropian  වගෙ අපරාදයක් නවත්තන්න හදන එක (lucif වල වගෙ අපායෙන් ඇහිල්ල හරි කමන්නැ),supernature වල වගෙ හැමදාම භුතයෙක් අල්ලන කතාවලට නෙගොඩක් අය ආස දෙනකොට වැඩිකට්ටියක් බලන එකක් දෙන එක සාදාරනයි අනික මම උඩකිව්ව එවා ලස්සන නැතුව නෙමෙයි එවාහොදයි එත් හැමද⁣ම කට්ටියක් අලුත් ගෙදරකට යනව එහෙහොල්මනක් ඉන්නව(අලුත්ගෙදර හොල්මන)එව බලල මං කොමෙන්ට් දාන්න දිලාතියන ඉඩෙ පිස්සු කියොල ඉවරයි බනින කට්ටිය මටත් බැනගෙනම යන්න

  95. සහොදරයා කියලා තියන කතාව හරියටම හරි, මෙ චිත්‍රපටය එදා මෙදා තුර කාලයේදී නිෂ්පාදනය කරපු හොඳම චිත්‍රපට අතරින් කියනවට වඩා හොඳම චිත්‍රපටය කීවොත් හරි, මම බැලුවේත් අරාබි සබ් තිබුන එකක් එකත් මම හතර පාරක් දැනට බැලුවා, ඔයා මේ කියන කොපිය හොඳයි නම් තව පාරක් Download කරලා බැලුවත් පාඩු නෑ, අනිත් දෙ තමයි ඔයා කීවත් වගෙම කථාව පටන් ගන්න තැන ඉදන් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. බලපු නැති හැමොටම මමත් කියන්නේ වෙනස්ම ආකාරයේ Horror Film එකක් බලන්න ඕන මේක තමයි හොඳම චිත්‍රපටය කියලා සබ් එකට බොහොම ස්තූතියි සහොදරයා.

  96. Udara Damith B/K

    පොඩ්ඩක් ඔය R කාණ්ඩය කියලා තියෙන ඒවා GENA ෆිල්ම් බෙදන KANDA ගැ නැ දැනුවත් කරනවද

  97. Sulakshana Thilakarathna

    බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට! චිත්‍රපටියෙ සාම්පල් එකක් දාපු එක ගොඩක් වටිනවා, ලිපියත් සුපිරියටම තියෙනවා. ජයෙන් ජයම වේවා!!

  98. Dulanjana manoj

    uda thiyana wisthara tika kiyauwama comment ekak dannama hithuna, atthatma math kaalayak horror beluwa, ara kiuwa hethu nisama nawatthuwa, movies walata wada tv series thami dan godakma balanne. walking dead aluth epi walata sub dala thiyna dakke nehe, mona unath meka nam balanwamai, danma download karnwa.. reqst ekak karannam. riverdale tv series ekata sinhala sub denna puluwan nam godak watinwa. kaalekta passe dekapu wenasma kathwak nisa, kaalayak thisse balan inne ekata sub dei kiyala. ma dawas wala season 2 yanwa, episode 3k wage awillath ewarai. puluwan nam ekatath sub denna, ma sub ekata tnx…
    😀 😀 😀 😀

    • Sulakshana Thilakarathna

      ‍‍‍ ඔව් riverdale සීරියස් එකට සබ් දෙනවා නම් ගොඩක් අගය කරනවා, බයිස්කෝප් එකෙන් අනිවාර්යෙන් දෙයි කියලා හිතුවා,

  99. thanks bro jaya wewa!!!

  100. නිරෝෂ්

    ස්තුතියි සිසිල සහෝ.ජයවේවා!

  101. බොහොම ස්තූතියි සිසිල අයියේ සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

  102. උපසිරැසියට බොහෝම ස්තුතිසි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!
    දිගටම මෙවැනි උපාසිරස ලබා දීමට හැකියාව ලැබේවායි පතන්නව්

  103. උපසිරැසියට බොහෝම ස්තුතිසි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  104. අම්මෝ සිසිල ඒක!
    හොල්මන් චිත්‍රපටි බලන්නේ නැති මටත් බලන්න හිතුනා. 😛
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  105. උපසිරසියට ගොඩාක් ස්තුතියි..

  106. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතිසි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  107. thank you.toilet ek prem katha ekatath denawada

  108. Sub ekata bohoma sthuthi.R KANDAYA KIYANNA MOKAKDA SAHO?

    • R කාණ්ඩයේ චිත්‍රපටි වල දරුණු වචන පාවිච්චිය, ලේ වැගිරීම් දර්ශන, නිරුවත් දර්ශන ඇතුලත් වෙන්න පුළුවන්. මේ චිත්‍රපටියේදී නිරුවත් දර්ශන නම් නැහැ. ලේ සහිත දර්ශන කීපයක් තියෙනවා. ලොකුවට නම් නැහැ. වචන පාවිච්චිය නම් ටිකක් දරුණු විදියට තියෙනවා.

  109. Horror චිත්‍රපට කිව්වාම සමහරු කියනවා, “අපෝ, අපි නම් ඔය ජරාව බලන්නේ නැහැ” කියලා.මේ හේතුව නිසා තමා මාත් හොරර් නොබලනේ..බලමු මේකෙන් ඒක වෙනස් වෙයිද කියල..බ්ලූරේ වලින්ම බලනව
    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  110. patta wage film sub eka enakanmi balan hitiye thanx sub ekata

  111. විදුෂාන් සජිත්

    🙂 මඟ බලාගෙන හිටපු එකක් නේ මෙදාපාර අරන් ඇවිත් තියෙන්නේ.. සිසිල සහෝ වැඩක් කලා කියන්නේ ආයේ ඉතින් කියන්න දෙයක් නෑ සුපිරිම තමයි,.. ගොඩාක් ස්තුතියි උපසිරැසියට. ජය වේවා!….. 🙂

  112. Sub ekata bohoma sthuthi. “Bandslam” movie eke sub eka dowload krnna bane

  113. දමිත්

    බොහොම ස්තුතියි සිසිල සහෝ උපසිරැසියට.
    නියම විස්තරයකුත් දීලා තියෙන්නේ මේ ගැන.
    ජයෙන් ජය..

  114. Thanks for subtitle.

error: Alert: Content is protected !!