Tuesday , March 2 2021
Breaking News

Ittefaq (2017) Sinhala Subtitles | ආදරණීය මිනී මරුවෙක් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 42 votes.
Please wait...

මෙන්න දැන් ලැබුනු පුවතක්.ජනප්‍රිය නවකතා රචක වික්‍රම් සේතිගේ බිරිඳ ඝාතනයට ලක්ව තිබෙනවා. ඒ වගේම එහි ප්‍රධාන සැකකරු ලෙස වික්‍රම් සේති නම් කර තිබෙනවා,

පොලීසිය –
ඒයි මැරිච්චි මහත්තයෝ, කවුද ඔහේව මරල දැම්මෙ?
සර් මේක ප්‍රසිද්ද කෙනෙක් ගැන කේස් එකක්.
මේ ඉන්නෙ වික්‍රම් සේති.
එංගලන්තෙ ඉන්න ප්‍රසිද්ද නවකතා රචකයෙක්.
මෙයා ඉන්දියාවට ඇවිල්ල තියෙන්නෙ
එයාගෙ අලුත්ම පොත එලි දක්වන්න.
එයාට විරුද්දව මිනී මැරුම් චෝදනා දෙකක් තියෙනවා.
පලවෙනි එක එයාගෙ බිරිඳ.
දෙවෙනි එක, මේ නීතීඥයා.

වික්‍රම් ඇයි ඔයා ඔයාගෙ බිරිඳව ගෙදරදි මැරුවෙ?
ඔයාට තිබුනෙ එයාව ලස්සන කන්දකට එක්කන් ගිහින්
පල්ලෙහාට තල්ලු කරල දාන්න.
එතකොට එයා ලතෝනි දීගෙන පෙරලි පෙරලි වැටෙයි.
ඔයාට සතුටින් ගෙදර එන්න තිබුනා.
කවුරුවත් ඔයාව සැක කරන එකක් නෑ.

——————————————————-

වික්‍රම්-
ඊයෙ රෑ මගෙ පොත එලි දැක්වීමේ උත්සවය තිබුනා.
කැතරින් ගෙදරට වෙලා විවේක ගත්තා.
කැතරින්ට පොඩි කාලෙ ඉඳන්ම හාට් එකේ ප්‍රශ්නයක් තියෙනවා.
එයා මහන්සි වෙලා හිටියෙ.
ඒ නිසා එයා ඒකට ආවෙ නෑ.
මම කිව්ව එයාට ටිකක් විවේක ගන්න කියල.
ඒ නිසාම තමයි මම වේලාසනින් ආවෙත්.
ඒත් මම එනකොට….
මමයි පොලීසියට කෝල් කලේ.
පොලීසියෙන් මාව ප්‍රශ්න කිරීම් වලට අරන් යන්න හැදුවා.
මම පැනල ගියා.

හරි පැනල ගියේ බය වුන නිසා.
ඒත් ඇයි ශේකර්ව මැරුවෙ?

මම ශේකර්ව මැරුවෙ නෑ.
මම එයාව දන්නෙවත් නෑ.
මගෙ වාහනේ හැප්පුනා.
මම ඇතුල් වෙලා තියෙන්නෙ මායගෙ ගෙදරට.
ඒත් මම ඒ ගෙට ඇතුල් වුනු වෙලාවෙ ඉඳලම
මට මහ අමුත්තක් දැනුනා.
හරියට මොකක් හරි වැරැද්දක් තියෙනව වගේ.
එයා අනිවාර්යෙන් මොනා හරි හංගගෙන හිටියෙ.
සමහරවිට එයා ශේකර්ව මරල
මිනිය කාමරේ හංගන්න ඇති.

මායා-
වික්‍රම් තමයි ශේකර්ව මැරුවෙ.
තමන්ගෙ ගෑනිව මරන්න පුලුවන් මිනිහෙකුට
පිට කෙනෙක් මරන එක මහ ලොකු දෙයක් නෙවෙයි.
ශේකර් මාව බේර ගන්න හැදුවෙ.

පොලීසිය –
මේ කතාව ඇතුලෙ කතා තුනක් තියෙනව.
එක කතාවක් මායගෙ.
දෙවෙනි කතාව මායාගෙ.
තුන් වෙනි කතාව තමයි ඇත්ත.
අපිට තියෙන්නෙ අන්න ඒ ඇත්ත හොයා ගන්න.

කවුද ඇත්තම මිනීමරුවා? වික්‍රමද? මායාද? එහෙමත් නැත්නම් ???

2017 නොවැම්බර් මාසෙ 03 වෙනිද තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අද්‍යක්ශනය කරන්නේ Abhay Chopra විසින්. නිශ්පාදනය කරල තියෙන්නෙ Red Chillies Entertainment, BR Studios සහ Dharma Productions එකතු වෙලා. 1969 අවුරුද්දෙ තිරගත වුනු යශ් චොප්රාගේ Ittefaq චිත්‍රපටිය ඇසුරින් තමයි මේ චිත්‍රපටියත් හදල තියෙන්නෙ. රංගනයෙන් දායක වෙන්නෙ Sidharth Malhotra, Akshaye Khanna සහ Sonakshi Sinha.

මේ චිත්‍රපටියෙ IMDb අගය 7.4 ක් වෙනවා. ඒ වගේම මේ අවුරුද්දට ආපු හොඳම Thriller චිත්‍රපටියක් විදිහට හඳුවන්න පුලුවන්. හැබැයි මේකෙ ආසාවකටවත් අහන්න සිංදු නම් නෑ.

ඉන්දියාවේ සිනමා ශාලා 1100ක තිරගත කලත් මුල් දින ආදායම වුනේ මිලියන 40යි. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ආයෙ හම්බ වෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The Girl on the Train (2021) Sinhala Subtitles | එදා රෑ මොකද වුණේ..? [සිංහල උපසිරසි]

යුවතියකි ඈ.. බීමතින් දිනපතා දුම්රියෙන් යනෙනා.. කවුළුවෙන් පෙනෙනා රූමතියකට ලොබ කම් කරනා අහිමි අතීතය සිහිකරමින් …

Leave a Reply

Your email address will not be published.

60 comments

  1. Thank you very much

  2. indikabaiscope

    Ittefaq 2001 sadahada sub laba denna

  3. කුතුහලය සෑහෙන මට්ටමකින් තියන ෆිල්ම් එකක්..අන්තිම ටික නම් පට්ට.තෑන්ක්ස් සහෝදරී සබ් එකට!!

  4. thanks a lot

  5. Thank you

  6. Thanks for the sub..

  7. ස්තුතියි දහරා!

  8. tnz sub ekata

  9. බොහොම ස්තුතිය

  10. sanjaya delipa

    ela

  11. Thanks sis,,

  12. good job bro…weldone

  13. i watched this movie yeah… its good. and thanks for everything…

  14. thanks bro, patta film eka…. jayawewa

  15. Supiriiiiiiiiiiiiiiiiiiiii

  16. thanks….

  17. kushan ranathunga

    niyamai machan

  18. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි…….
    ජයවේවා..!

  19. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය.

  20. amith.wijewardhana

    Ela supiri

  21. jayawewa!

  22. prasanthakumara

    Thanka.sub walata..

  23. dasun pramuditha

    thanks…

  24. බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  25. බොහොම ස්තූතියි උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

  26. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
    දිගටම උපසිරැසි දාන්න මිත්රයා..
    ජයවේවා..!

  27. Elah

  28. Thanx bro

  29. godak godakma thanks sub eka dunnata..
    me wage digatama aluth hindi film wala sub dennako..
    happy new year 2018..

  30. Thanx for subtitle

  31. සනිඳු ලක්ඛිත

    බොහෝම ස්තුතියි උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  32. Thanks

  33. thanx bro

  34. බොහෝම ස්තුතියි නංගියෝ උපසිරැසියට……

  35. Thanks bro sub ekata.

  36. Thank you for the Subtitle N Wish you a Happy New Year….!!!!!!!!

  37. Thanks Sis…

  38. MudithaDissanayaka

    Thanks Muthu…. happy new year….

  39. Thanks for the Subtitles …..!

  40. Thank you….

  41. බොහොම ස්තුතියි ඔයාලා මේ කරන සේව්‍ය ගැන කියන්න වචන නැහැ .

  42. Thnks Bro

  43. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  44. thanks bro sub ekata

  45. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  46. sumithedirisingha

    thanks nangi..

  47. බොහොම ස්තූති සහෝලා කරන සේවයට… මන් කලින් ගොඩක් සබ් ඩවුන්ලොඩ් කරන් තිබ්බට කවදාවත් කමෙන්ට් කරල නෑ … ඒත් පහුගිය කාලේ උන සිදුවීම් වලදි දැක්ක අපිට නිකම් හම්බවෙනදේ වටිනාකමක්නෑ කියන එක.. අපේ මිනිස්සු ඒවගේත් අඩුපාඩු තමා හොයන්නේ.. කවුරු කොහොම කීවත් ඔයාලට බොහොම ස්තූතී…

  48. බොහොම ස්තුති “දහරා මුතු අමා” නංගියෝ උපරැසියට
    එහෙනම් ඔන්න බාගත්තා
    තව එකක් කරමු නේද

  49. Chamil Karunarathna

    Thanks sis..!!

  50. thank you

  51. maru maru

  52. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 -2017 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

error: Alert: Content is protected !!