Monday , September 20 2021
Breaking News

Jaanwar (1999) Sinhala Subtitles | කැලෑ සත්වයා [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 10 votes.
Please wait...

සුභ දවසක් බයිස්කෝප් රසික රසිකාවියනි,ඔබ සියළු දෙනා පරිස්සමින් නීරෝගීව ගෙදරට වෙලා ඇති කියල හිතනවා,මොකද කොරෝනා වෛරසයේ ඉහලම තැනක අපේ ලංකාව පත්වී තිබෙන නිසා,ඒ ගැන මම ඔබට විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැනෙ,ඇත්තටම රටට මොකද්ද උනේ කියල දැන් හැමෝටම තේරෙනවා,ඉතින් ඔයාලගෙ නීරෝගීකම තමයි බයිස්කෝප් අපේ පැතුම.

ඔන්න ඉතින් මාස දෙකකට ත් වඩා වැඩි කාලයක් උපසිරසි නිර්මාණයෙන් අයින් උනා,මොකද කිව්වොත් හොද ෆිල්ම් ආවෙත් නැහැ,ගෙදර දොරේ වැඩ,රැකියාවෙ වැඩ.ඒ නිසා ටිකක් නිදහසේ හිටිය උපසිරසියෙන් අයින් වෙලා,ඒත් ඉන්න දෙන්නෙ නැහැ කට්ටිය,ෆේස් බුක් එකෙන් මැසේජ් දානව අයියෙ මේක කරල දෙන්න,අපි මේක කරමු,ඉතින් ඉන්න දෙන්නෙම නැහැ, ඒ නිසා කලින් බාර ගත්ත වගයක් තිබ්බ ඉතින් ඒ ටික කරනවා, ඉතින් අද ඔයාල ලගට ආවෙත් ඒ බාර ගත්තු එකක් අරන් තමයි, ඔන්න මම අද ඔයාලට ගෙනාවෙ 1999 වසරේ තිරගත උන ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරසියක් අරගෙන.

1999 වසරේ දෙසැම්බර් 24වනදා ඉන්දියාවේ පලවෙනි වරට තිරගත උනා,චිත්‍රපටියේ නම තමයි jaanwar (කැලෑ සත්වයා).හොද ප්‍රතිචාර ෆිල්ම් එකට ලැබිල තියෙනවා,imdb අගය 6.0සහ ගූගල් පරිශීලන කැමැත්ත 70%ක් ලැබිල තියෙනවා,පැය 3නයි මිනිත්තු 7ක් පුරාවට ලස්සන ෆිල්ම් එකක් බලන්න පුළුවන්, ගොඩක් අය නම් අකමැති ඇති පරන ෆිල්ම් බලන්න,අළුත් පරම්පරාව නම් කොහෙත්ම කැමති නැති වෙයි,ඒත් මේ ෆිල්ම් එක බලන්න කියල හැමෝටම කියනවා.මොකද කිවුවොත් ඇස් වලට කදුලු උනන කතාවක්,ඒ නිසා මේ වගේ ෆිල්ම් එකක් නොබලන ඇස් කුමකටද කියල හිතෙනවා,සැකයක් තියෙනව නම් ටේලර් එක බලන්න, මම කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

කතාව පටන් ගන්නේ අසනීප උන අම්ම කෙනෙක්ගෙන්,ඇය බඩකින්නෙ ඉන්න කොට ඇයට කන්න ගේන්න ඇගේ පුතා එලියට යනවා,වටේ පිටේ ඉන්න හැමෝගෙන්ම අම්මට කන්න දෙයක් දෙන්න කියල ඉල්ලනවා, ඒත් කවුරුවත් දෙන්නෙ නැහැ, අන්තිමට ගෙදරක දඩයමට ඇති කරන බල්ලන්ට කන්න දෙන්න අයිතිකාර මනුස්සයා රොටි දානවා, මේක දැක්ක ඒ දරුව බල්ලන්ට දාපු රොටියක් අරන් පැනල යනවා, ඒ එක්කම බල්ලොත් ඔහුව හපා කන්න පස්සෙන් පන්නනවා, අන්තිමට රොටිය අරන් අම්ම ගාවට ගියාට පස්සෙ අම්ම මැරිල හිටිය.ඉතින් ඔය අතර අර බල්ලන්ගෙ අයිතිකාරය ඒ දරුවව අරන් යනව,යන්නෙ එයාගෙ වැඩ පලට,ඒ වැඩ පලේ තව අනාත ලමයි ගොඩක් ඉන්නවා,ඉතින් ඔහු මේ ලමයට නමක් දෙනවා බාට්ශා කියල. බාට්ශාගෙ හොදම යාළුව තමයි අබ්දුල්,මේ දෙන්න ලොකු වෙල හොරකම් ගොඩක් කරනවා, ඒ හැම දේම ගෙනත් දෙන්නෙ අර මනුස්සයට, ඔහු නමින් සුල්තාන්, ගොඩක් මත්ද්‍රව්‍ය ජාවාරම්,ආයුධ ජාවාරම් හැම දෙයක්ම කරනවා, ඔහුට ඕනි පාතාල ලෝකයේ රජු වෙන්න, බාට්ශා නැතුව රජ වෙන්න බැහැ කියල ඔහු හිතනවා.

ඒ නිසා ඔහු බාට්ශාව තමන්ගෙ විශ්වාසවන්තම කෙනා කරනවා,ඔහොම දවසක බාට්ශාට සප්නව හම්බ වෙනවා,ඇය පාරවල් ගානෙ සින්දු කියන කෙනෙක්.ඔහොම දවසක හොරකමක් කරල පැනල යන අතර තුරේ පොලීසියෙන්ට කොටු වෙනවා,එහිදී වෙන වෙඩි හුවමාරුවෙන් බාට්ශාගේ වාහනය ඇක්සිඩන් වෙනවා.පට්ට ගොඩක් තියෙනව කෙටියෙන් කියනව නම් තව පොඩ්ඩක් කියන්නම් බාට්ශා බාබු ලෝහාර් උන හැටි,ඔහොම ජීවිතේ ගෙවිල යද්දී බාට්ශාගෙ ජීවිතේට ලස්සන දරුවෙක් හම්බ වෙනවා ගගේ පා වෙද්දී, බාශා ඒ දරුවව කොච්චර අයින් කරන්න හැදුවත් උඩ ඉන්න දෙවියන් ඒ කට ඉඩ දෙන්නෙ නැහැ.ඔන්න ඔතනින් එහාට බාට්ශාගේ ජීවිතය සම්පූර්ණ වෙනස් වෙනවා. බාට්ශා බාබු ලෝහාර් වෙනවා. ඇත්තට කවුද මේ දරුව,ඇයි බාට්ශාගේ ජීවිතේට ආවෙ,සුල්තාන් සහ ඔහුගේ හොදම යාළුව බාට්ශාව ඉතුරු කරයිද? සප්නාට විවාහ වෙන්න පුළුවන් වෙයිද?

ඇස්වලට කදුළු උනන මේ ෆිල්ම් එක බලන්න කියල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා,ඒ වගේම ලස්සන සින්දු ටිකකුත් තියෙනවා, එහෙනම් උපසිරසි බා ගන්න ගමන් පහලින් ඔයාලට හිතෙන ඕනම දෙයක් දා ගෙන යන්නත් අමතක කරන්න එපා,එහෙනම් තවත් ලස්සන හින්දි ෆිල්ම් එකකින් ඉක්මනටම ඔයාලව හම්බ වෙන්න එන්නම්, හැමෝටම බුදු සරනයි, දෙවි පිහිටයි, ජේසු පිහිටයි, ජය වේවා හැමෝටම පරිස්සමින් ඉන්න යාළුවො හැමෝම.

                                                                🙏🙏🙏🙏

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරස බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් වෙබ් අඩවියේ ලබා දී ඇති

DVD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සම්පත් විජේසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Sex Education (2019-) [S03 : E07] Sinhala Subtitles | ජරමර අස්සේ බරකරත්ත [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය හත්වෙනි කොටසත් අරගෙනයි මම ආවේ. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. Chaminda Lakruwan

    සබ් එක අවුල්නේ
    මං ගොඩක් ආසා ෆිල්ම් එකක් මේක
    සබ් එක මැච් වෙන්නේ නෑ

  2. මයිකි

    පට්ට මෙකත් ඔයාමයි සබ් ගහලා තියෙන්නේ. පට්ට හිංදි ෆිල්ම් නම් පරන එවා , පරන හිංදි ෆිල්ම් නම් ඔයා තමා යාලුවා. බොහොම ස්තුතියි සබ් වලට. කව පරන එවා තොගයක් තියෙනවා. හිමින් එකින් එක සබ් ගහන් මචො , එලම

    • සබ් එකට බොහොම ස්තූතියි !!! මම හොය හොය හිටපු ෆිල්ම් එකක් තමයි..
      Kyon ki….. – 2005 මේ හින්දි ෆිල්ම් එකටත් සබ් එක දෙන්න කෝ….

  3. Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

  4. thanks..

  5. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  6. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. 80, 90 දශකවල හින්දි සිනමාවට මෙහි ලොකු ඉල්ලුමක් තිබෙනවා, එහෙත් සැපයුමක් නම් නැහැ. ඒ නිසා මේ උපසිරසිය ගොඩක් වටිනවා. ස්තුතියි!

    • මේ ෆිල්ම් එකට පල්ලෙහා තියෙන ටැමිල් ෆිල්ම් එක ඩව්න්ලෝඩ් 875යි.මේක ඩව්න්ලෝඩ් 75යි.කියන තරම් ලොකු ඉල්ලුමක්නං නෑ.කොහොම උනත් අර පොඩි කොල්ලගෙ මූනෙ තියෙන ලේ දැක්කහම හිනා යනවා.නල්ල මලේ ඉන්දියාවෙ ෆිල්ම්නෙ.කොහොම උනත් සබ් එකත් තෑන්ක්ස් සහෝ.පොඩි පිරිසකට උනත් කරන මේ වැඩේනං ගොඩක් වටිනවා.දිගටම සබ් දෙන්න..ජය!!!!

  9. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  10. tada tada .old hindi valta sub dipan asai api

  11. සිංහල උපසිරසියට ස්තුතියි

  12. Manul hettiarachchi

    thankkyouuuuuuu

  13. Thanks Bro

  14. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    දිගටම 90 දශකයේ හින්දි චිත්‍රපට දෙන්න.

error: Alert: Content is protected !!