Wednesday , September 30 2020
Breaking News

Jhootha Hi Sahi (2010) | ආදරේට මේ තරම් බොරු කියනවද? [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Jhootha Hi Sahi

ඔන්න යාළුවනේ හා හා පුරා කියල මගේ පළවෙනි උපසිරසිය ඔයාලට අරගෙන ආවා.මේක ගොඩක් ලස්සන ආදර කතාවක්. පට්ටම පට්ට ෆිල්ම් එකක් කිවුවොත් තමයි හරියටම හරි. මම ගොඩ කාලෙක ඉදලම කළේ ඉතින් ෆිල්ම් එකයි සබ් එකයි දෙකම බාගෙන බලපු එක විතරයි. ඉතින් මටත් හිතුණා මගේ යාළුවො වෙනුවෙන් සබ් එකක් දාන්න ඕනේ කියල. යාළුවො හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා මට ගොඩක් දවස් ගියා මේ සබ් ඒක හදලා ඉවර කරන්න. පළවෙනි එක නිසා පොඩි ගේමක් දෙන්න උණා. මගේ පළවෙනි සබ් එක නිසා ගොඩක් අඩු පාඩු ඇති. ඉතින් ඒ හැම දෙකටම මගේ යාළුවෝ හැමෝගෙන්ම ගොඩක් සමාව ඉල්ලනවා.

වැඩි කතා නැතුව ෆිල්ම් ඒක ගැන කියන්නම්කො. මේ ෆිල්ම් ඒක 2010 ඔක්තෝම්බර් 22 තමයි නිකුත් වුණේ. චුට්ටක් විතර පරණයි එත් පට්ට. මේ ෆිල්ම් එක IMDb rating වල 6.1 වගේ අගයක් අරගෙන තියනවා. පැය දෙකයි විනාඩි තිහක් පුරා දිව යන මේ කතාන්දරය Romance ගණයට අයත් වෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියන්නේ Abbas Tyrewala කියන සුපිරි අධ්‍යක්ෂක වරයෙක්. මේ කතාන්දරයේ ප්‍රධාන චරිත ටික ගන්නේ John Abraham (සිද්ධාර්ත්), Pakhi Tyrewala (මිශ්කා), Raghu Ram (ඕමාර්). අනික් චරිත ටික තමයි Manasi Scott (කෘතිකා), Anaitha Nair (සුශී), Alishka Varde (ආලියා), Prahsant Chawla (උදය), Omar Khan (අමිත්), George Young (නික්) යන අය.

කතාව ගැන කියනවනම් යාළුවනේ මේ කතාව පටන් ගන්නේ සියදිවි නසාගන්න හදන අය වැරදී දුරකථනයකට කතාකරනවත් එක්ක. මිනිස්සුන්ට උදවු කරන්න හදන සිද්ධාර්ත්ට වෙන්න අමතක කරන්න බැරි ආදරයක් හිතේ ඇති වීමත් එක්ක. මේ දේවල් හැමදෙයක්ම වෙන්න කොහොමද කියල බලන්න ෆිල්ම් ඒක බාගෙනම බලන්නකෝ. තවත් කිවුවොත් අගේ නැති වෙනවනේ.

බලන්නකෝ එහෙනම් මගේ පළවෙනි සබ් එක හොදයිද කියල. ආයෙම තවත් සබ් එකකින් හමුවෙමු යාළුවනේ. හැමෝටම ජය !

Jhootha Hi Sahi (2010) on IMDb

 

 

697 MB කොපිය මෙතනින් බාගන්න

a77b2aea644f7cace05742b926f32e7e92f7b2c2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිතුම් සංජීව සුදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

God of War (2017) aka Dang kou feng yun Sinhala Subtitles | යුද්ධයේ දෙවියන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම? ඔන්න ආයෙමත් ටික දොහකට පස්සෙ ආවා සිනමා පටයකට උපසිරසියක් අරගෙන. එහෙමනම් බලමු මේ …

Leave a Reply

Your email address will not be published.

56 comments

  1. Congrads for your 1st sub….Thanx…

  2. Kasun sudaraka

    පලවෙනි සබ් එකට සුභපැතුම් සහෝ එත් කණගාටුවෙන් උනත් කියන්න ඕනේ ගොඩක් වැරදි තියෙනව.. කමක් නැහැ සැලෙන්නේ නැතුව වැරදි හදාගෙන දිගටම සබ් කරන්න ,,,ජය වේවා

  3. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

  4. Gayan Video & Music Center

    Humshakals (2014) [1CD] DVDSCR-Rip Xvid Mp3 TeamTNT
    Yaalu Mekata Sub Denna.Aluthma Ekak.

  5. බොහොම ස්තූතියි සිතුම් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  6. නියමයි මම ෆිල්ම් එක බැලුවා, තැන්කු මල්ලියෝ

  7. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි…..සහෝ

  8. බොහෝම ස්තූතියි සබ් දැම්මට..

  9. පලමු සබ් එකට සුභ පැතුම්!! දිගටම සබ් දෙන්න, මේ ෆිල්ම් එක මා ලග තියනව,ඒත් බැලුවේ නෑ, දැන් සබ් එක්කම බලන්න පුලුවන් ,thnk u.. thnk u..

  10. අකලංක

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  11. වරුණ රංගජිත් (වරූ)

    බොහෝම ස්තූතියි උපසිරැසියට…
    පළවෙනි එකට මගෙන් සුබපැතුම්…
    තවත් ලස්සන ෆිල්ම් එකකට සබ් දෙමු…
    ජයම වේවා…!

  12. ප්‍රදිප්

    නියමයි, බොහොම ස්තුතියි යාලුවා. දිගටම පුළුවන් විදියට වැඩේ කරමු, නවත්තන්න එපා.

  13. Thank youuuuuuuuuuuu 🙂

  14. Mage Suba Pathum..!

  15. thquuuuuuuuuuuu

  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  17. නලින්

    ස්තුතියි සිතුම් සහෝ!

    පළමු සභට මගෙන් සුභ පැතුම් සහෝ! දෙවෙනි එකෙන් හමුවේමු!

    ජය වේවා!

  18. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි, නියමයි..
    ෆිල්ම් එකනම් බලල නැහැ,,
    බලන්න ඕනේ..
    මුල්ම එකට සුභ පැතුම්, තව ගේමු නේ..
    ජය වේවා..

  19. jaya wewawa……
    tnx tnx

  20. “චූටී මල්ලි”

    මේඑකෙ ලස්සන සින්දුවක් තියෙ
    “කයි කයි ඉතනා කයි”
    කියලා නෙහ්
    ෆිල්ම් එක බලලනම් නෑ
    සබට තුති
    ඔබට ජය…………….

  21. supiri machan wade digatama karagena yamu..
    ape suba pathum……..
    thank you………………..!

  22. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂
    පලවෙනි සබට උණුසුම් සුබ පැතුම්
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරසි කණ්ඩායමට ..!

  23. Loku Deyak Mea Film Ekata Sub Dunna Eka.. Godaak Sthuthie.. Godak Kal Idan Film Eka Mage Gaawa Thibunata Sub Nethi Nisaa Nobala Hitiya.. Den Balanna Puluwan..

  24. ආ ආ බලලා තියේ ටීවී එකේ ආයේ බලන්න ඕනේ
    ඔන්න ගත්තා පලවෙනි සබට උණුසුම් සුබ පැතුම්
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරසි කණ්ඩායමට ..!

  25. Thank you !! සහ තවත් sub දාන්න wish කරනවා..

  26. 1st sub1ka kiwwa neda saho….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks SITHUM saho…good work.onna ehenm mmth gatta.jaya wewa…….

  27. mama thama eka sudu puthe… thank u wewa

error: Alert: Content is protected !!