Wednesday , January 20 2021
Breaking News

John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala subtitles | යුද්ධයට සූදානම් වෙන්න!! [සිංහල උපසිරසි සමඟ] *400

Rating: 9.2/10. From 158 votes.
Please wait...

කොහොමද බයිස්කෝප් රසික රසිකාවියන්ට? ඔන්න එහෙමනම් මේ ආවේ ඔයාලා කවුරුත් එනකම් ඇගිලි ගැන ගැන මග බලාන හිටිය චිත්‍රපටියක් අරගෙන. ඔව්, ඒ තමයි ජෝන් වික් චිත්‍රපටමාලාවේ තුන්වැන්න. ඉතින් මේක මටත් විශේෂ උපසිරසියක්. මොකද මේක තමා මගේ උපසිරසි ජිවිතයේ 400වැනි උපසිරැසිය සනිටුහන් කරන්න ලැබුණු අවස්ථාව. දැන්නම් ටිකක් 400 පහුවෙලා උනත් නිල වශයෙන් සමරන්නේ අද තමා ඔන්න.

මෙහෙමවත් ෆිල්ම් එකක් දුන්නේ නැත්නම් කට්ටිය දන්නෙවත් නෑනෙ මෙහෙම එකෙක් ඉන්නවද කියලවත්. හොදයි එහෙමනම් වෙනදා වගේම මගේ කඩයිම් ටික මතක් කරලම හෑල්ල පටන් ගන්නම්කො.

  • 01වන උපසිරැසිය 2015.04.19
  • 50වන උපසිරැසිය 2015.10.23
  • 100වන උපසිරැසිය 2016.03.10
  • 150වන උපසිරැසිය 2016.09.13
  • 200වන උපසිරැසිය 2017.02.23
  • 250වන උපසිරැසිය 2017.09.11
  • 300වන උපසිරැසිය 2018.04.23
  • 350වන උපසිරැසිය 2018.11.11

ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මගේ උපසිරසිකරණ ජීවිතය ගෙවුනේ. ඉතින් මේ ආව ගමන ගැන කියනවනම් මේක ලේසි ගමනක් උනේ නෑ. මොකද හැමවෙලාවේම අපිව දිරිමත් කරන්න ඉන්න පිරිසට වඩා අධෛර්යමත් කරන්න, වහසිබස් කියන්න හිටිය පිරිස නිසා. ඒ ගැන හොද අත්දැකීමක් එහෙමත් මට ලැබුනා එක්තරා ටීවී කතාමාලාවක් නිසා. එහෙම වෙලත් අදටත් අපි මේ වැඩේ කරගෙන යන්නෙ එකම එක කොමෙන්ට් එහෙකින් හරි අදහසක් දක්වලා යන 1%ක්වත් නොවෙන සුළුතරය නිසා කිව්වොත් නිවැරදියි. සමහරු ඉන්නවා දෛනිකව අදහස් දක්වලා යනවා, තව සමහරෙක්ට අපිව මතක් වෙන්නෙ කතාව පරක්කු උනොත් විතරයි. ඉතින් කියන්න තියෙන්නෙ ඔබට මේ උපසිරැසියක් ලබා දෙන්න උපසිරැසිය කරන කෙනා පැය ගානක් තමන්ගෙ කාලය, ශ්‍රමය නාස්ති කරගෙන පරිගණකයක් ඉස්සරහා ඔට්ටු වෙනවා. ඉතින් එහෙම කරන අපට ලැබෙන්නෙ ඔබේ අදහසක් දැකලා ලැබෙන මානසික තෘප්තිය විතරමයි. ඒ නිසා කාගෙන් උනත් ඉල්ලන්න තියෙන්නෙ උපසිරසියක් බාගත කරගෙන යද්දි විනාඩියක් අරගෙන ඔබේ අදහස දක්වලා යන්න කියලා.

ඒ වගේම බයිස්කෝප් අඩවියත් එක්ක එකතු වෙලා මේ ආව ගමනෙදි බයිස්කෝප් පවුල ඇතුළේ බොහෝ දෙනෙක්ව දැන කියා ගන්න ලැබුනා. හුග දෙනෙක්ව මූණට මුණ ගැහිලා කතාබහ කරන්න ලැබුනා. ඉතින් ඒ අය හැමෝවම මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඉස්සරනම් නම් වශයෙන් සදහන් කළත් දැන් එහෙම කරන්න බැරි තරම් පිරිසක් ඉන්න නිසයි නම් දාන්නේ ඇත්තේ ඈ. ඒ වගේම තව මතක් කරන්න ඕන තිරය පිටිපස්සේ ඉදගෙන බරපැන අදින අපේ ඇඩ්මින් මණ්ඩලය. උන්දලානම් බොහොම සුළු පිරිසක් උනත් ඉන්නේ ඒ අයවත් නම් වශයෙන් මතක් කරන්නෙ නෑ ඔන්න. විශේෂ ස්තුතිය හසන්ත වික්‍රමරත්න අයියට හිමි වෙනවා මේ කඩයිම වෙනුවෙන් මට මේ චිත්‍රපටිය ලබාදීම ගැන. මොකද මේක ගන්න බොහෝ දෙනෙක් පොර කෑවා නෙව.

හැබැයි දැන්නම් මේ ආව ගමනේ කෙළවරකට ළගා වෙනවා වගේ දැනෙනවා. ඔබට උනත් පේනවා ඇතිනේ ඉස්සර වගේ නෙවේ දැන් කඩයිමක් පහු කරන්න ගත කරන කාලය එන්න එන්නම වැඩි වේගෙන යනවා කියලා. ඉතින් පෞද්ගලික ජිවිතයේ කාර්‍යබහුල වීමත් එක්ක දැන් ටික ටික උපසිරසිකරණයෙන් ඈත් වෙන්න සිද්ද වෙනවා. ඒ උනත් අර මොකද්දෝ මන්දා ඇබ්බැහියක් නිසා මේකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න හිත දෙන්නෙ නෑ. බොහෝවිට ඔබට ඉස්සරහට මාව දැකගන්න වෙන්නෙ ඉදහිට එන චිත්‍රපටයකින් වගේ තමා. දැන් වගේනම් නිතර දෙවේලේ ටීවී කතාමාලා සමගින් ඉන්නනම් බැරි වෙයි.

දැන් එහෙමනම් බලමු චිත්‍රපටිය ගැන. ඔබට මතකද 2014 වර්ෂයේ ආව ජෝන් වික් පළමු චිත්‍රපටය. සිය බිරියගේ අභාවයෙන් පසුව ඇයගෙන් තෑග්ගක් විදිහට ලැබෙන බලු පැටියාව පිරිසක් විසින් ඝාතනය කිරීම නිසා හැමෝවම පිස්සුවෙන් වගේ මරාගෙන මරාගෙන ගිය ජෝන් වික්ව, එහෙමත් නැත්නම් හැමෝම බියෙන් කතා කරන බාබා යාගාව? ඉතින් 2014 වර්ෂයේ සිය බලු පැටියා වෙනුවෙන් පළිගත් ඝාතකයාගේ චිත්‍රපටිය ලබපු අතිශය සාර්ථකත්වය නිසාම 2017 වසරේ මෙහි දෙවැන්නක් තිරගත කෙරුනා. එයත් මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ ආදායම් වාර්තා තබමින් තිරගත වීම හේතු කොට ගෙන එහි තුන්වැන්න 2019 වර්ෂයේ JOHN WICK CHAPTER 3 – PARABELLUM නමින් සිනමාහල්වලට පැමිණෙනවා. එසේම මේ වන විටත් තීන්දු කොට හමාරයි ජෝන් වික් සිනමාපටමාලාවේ 4වැන්නක් 2021 වර්ෂයේදී තිරගත වෙන බවට. ඉතින් Keanu Reevesගෙ අද්විතීය රංගනයෙන් හැඩ උන ජෝන් වික් තුන්වැන්න මේ වන විට IMDB දර්ශකයේ 8.0ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 89%ක් තරම් වූ ඉහළ අගයක් ලබාගෙන තිබෙනවා.එසේම මේ වන විට ලොව වටා මිලියන 300 ඉක්මවූ ආදායමක් ඉපයිමටද සමත්ව තිබෙනවා.

ඉතින් මතක ඇතිනේ ප්‍රථම සිනමාපටයේ සිය ආදරණිය බල්ලා උදෙසා සටන් වැදුණු ජෝන් වික් දෙවැනි සිනමාපටයේ සිය නිවස විනාශ කොට ගිය පුද්ගලයෙකුගෙන් පලිගැනීම උදෙසා මහත් විනාශයක් සිදු කළා. එය කොතෙක්ද යත් ඔහු හයි ටේබල් නමින් හදුන්වන ඔවුන්ගේ පාලනාධිකාරියේ නීතිරීති පවා බිදලමින් කොන්ටිනෙන්ටල් නම්වන හෝටලය තුළදී පුද්ගලයෙක්ව ඝාතනය කරනවා. ඉතින් මේ සිදු වීමෙන් පස්සේ නීතිරීති කඩ කළ ජෝන් වික්ව හයි ටේබල් විසින් නෙරපා දැමූවෙක් ලෙස නම් කරලා ඔහුගෙ හිසට ඩොලර් මිලියන 14ක ත්‍යාග මුදලක් නියම කරනවා. ඒ හා සමගම සෑම ඝාතකයෙක්ම පාහේ ජෝන් වික් පසුපස හඹා එන්නෙ ඔහුව මරා දමා අදාල ත්‍යාග මුදල ලබාගැනීමේ අපේක්‍ෂාවෙන්. ඉතින් මෙවර ජෝන් වික්ට සටන් වදින්නට සිදු වන්නේ ඔහුගේ ජීවිතය වෙනුවෙන්. වෙනදාට වැඩිය අමාරු සටනකට තමයි ඔහුට මුහුණ දෙන්නට වෙන්නෙ. මොකද හයි ටේබල් එක ජෝන්ව නෙරපා දාලා තියෙන නිසා හැම කෙනෙක්ම වගේ ජෝන්ව මරන්න තමයි උත්සාහය

එසේනම් ඔබ ලෑස්තිද බාබා යාගාගෙ බිහිසුණු සටන් අත්දකිමින් විනාඩියකට හෝ ඔබේ ඇස ඉවතට නොගෙන ජෝන් වික් තුන්වැන්න නරඹන්න. එසේනම් ඔබට සිනමාපටය නරඹන්න ආරාධනා කරමින් මා සමුගන්නවා!

IF YOU WANT PEACE,
PARABELLUM.

 

 

Bridge of Spies (2015)

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD | Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E14] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

13 වැනි එපියෙන්, ඔයාගෙ මනසත් කැරකිලා ගියාද? මොකක්ද ඒ වුණේ!!!! අනේ දෝ-හයුන්-සූ කොහොමද එයාගේ ආදරණීය …

Leave a Reply

Your email address will not be published.

363 comments

  1. උපසිරස ලබා දුන්නට බොහොම ස්තුතියි.

  2. Thz bro

  3. Thushan Thilanka Agampodi

    Thank you bro . wish u all best

  4. Thanks brother….for your gift (sub)

  5. Supiri. Jaya Wewa

  6. Niyamai Aiye Onema Wela Thibba Sub Ekk.Thank you very much

  7. චාරුණි

    Thank

  8. Thanks Bro

  9. Samiru Nayantha

    Thanks brother. Your doing a great job. Good luck

  10. THanks broo

  11. Thank you…

  12. Thank you

  13. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි සහෝ….
    ✌400 sub එක වෙනුවෙන් සුබ පැතුම් ජයවේවා! ✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  14. thankz bn ubala nisa thama film balane

  15. thankz saho sub ekata

  16. ස්තූතියි සහෝ sub එකට ❤️
    400 වෙනි කඩයිමටත් ජයවේවා!

  17. විශ්ව ජයසංඛ

    400 වැනි උපසිරැසියට සුභ පැතුම්. උපසිරැසියට බොහොම ස්තූතියි.

  18. thanks bro

  19. Sub 400k lesi pasi na saho..meke br enakam hitiye balanna ithin saho oyage mahansiya wenuwen mata comment ekak dena eka witaria karanna puluwan.
    Jaya wewa

  20. Nimnakakavindu

    Tnx bro

  21. 400ට සුභ පතනවා නිලුපුලා..දැන්නම් ඊලග කඩයිමටත් ලගද දන්නෙත් නෑ..කෝමෙන් කෝමහරි දිගටම මේ වැඩේ කරගෙන පලයන් කියල තමයි කියන්න තියෙන්නෙ..මොකද සයිට් එකට නැතුව බැරි මිනිහෙක්..පුද්ගලික ජීවිතෙත් හැම වැඩක්ම සාර්ථක වේවායි ප්‍රාර්තනා කරනවා..ජයවේවා!!!!!

  22. thank you ayiya
    carey on your works

  23. ස්තුතියි… ජයෙන් ජයම…!

  24. ane me magul natan natuwa sub dipalla yako barinam wahala dapiyau umbalata api trastawadiyo wageda penne sub wala wadi wada ona na bn dana sub eke wachcna ati tipe karapu ekage nama filme ekata wada lokuwata dala tiyanna epa kiyapalla patangaddi dammanam ati eka filme eka iwarawenakam dapuwama filme eke balanna ba ekage nama witarai.

  25. Rahal Athukorala

    මේකෙ subtitle ගන්න ඉස්සරනං හරි ලේසි. දැන් හැට පැයක් රෙන්න එපැයි.

  26. Thanks for the sub machan.

  27. nalin.kumara0510

    Thanks bro good luck.

  28. thanks bro
    .
    .
    (•̪●)==ε/̵͇̿​̿/’̿’̿ ̿ ̿̿ `(•.°)~

  29. Nuwan_Sandeepa

    Thanks Bro.

  30. Kasunmadawa342

    Thanks

  31. thank you.

  32. 400ට සුභ පැතුම් සබ් එකට තෑන්ක්ස්

  33. Gangstar chakrawarthi

    Thanks for sub title keep it up bro

  34. Thanks ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  35. 400kkk
    jaya weewaaaa

  36. niyamai

  37. baiscopelkishu

    400 කඩ ඉමට සුභ පැතුම් මිත්‍රය. 500 ත් ඉක්මනින්ම ඕන හොදේ..

  38. Nishanpradeep95

    Niyamai well done mcho

  39. thanks bro

  40. Kasunabayasekara

    Thanks bro keep it up

  41. Rashmika dumidu

    Thanx bro

  42. priyanthapremarathna

    උණුසුම් සුබ පැතුම් 400 උපසිරසට ඒවගේම ස්තුතියි මේ උපසිරසටත්

  43. McMillanStyles

    ස්තුතිය sub එකට.

  44. තෑන්ක්ස් සහෝ.❤️

  45. සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

  46. Vidarsha_Prathibha

    Sub එකට ගොඩක් ස්තූතියි…

  47. thank you. br ekata sub eka avulne.ithin macho ikmanata e avula lihanavada.

  48. shamod sandaruwan perera

    raa nidimaragena,wadth ekka,mahansiwela SUB karana ubala okkotama pin machan

  49. hiran rathnayake01

    bohoma sthuthi

  50. 1080p BR sub eka sync wenna. awlak na eth sub eka patta

  51. yts 1080p BR akata sub aka aulne aka updeta karannakoo ikamanata plz machan

  52. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

  53. thanks broo oyage sub pattama patta

  54. thankzzzz broooo goooooodd luuuuuuckkkkkk

  55. thisumdeemantha

    Thanz for subtitles bro!!!

  56. Thank you so much for your efforts! Congrats on completing your 400th sub. Wish you all the best on your future!!!

  57. yts රිප් එකට සබ් එක අප්ඩේට් කරන්න පුලුවන්ද!ප්ලීස්!

  58. 400 වෙනි උපසිරසියට සුබ පැතුම්!!

    ජය වේවා!!

  59. thanx brother

  60. SURANGALAKSHAN

    Thanks bro

  61. Gayan_madushanka_

    Thanks bro

  62. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  63. Thank u so much

  64. bohoma sthuthi saho jaya ..

  65. tz sub ekata….

  66. Good job…Thanks….

  67. lakshant20010226

    Thank bro

  68. Thilesh De Silva

    Congratulations for the 400th Sub..

  69. ප්‍රශාත් මදුෂංක

    Good luck bro

  70. thanks bro. good luck

  71. Tnx Brother..

  72. thanks bro..keep it up

  73. Thanks bro sub ekata. Balanna kalinma comment ek dmme. ❤

  74. congrats saho

  75. Patta bro mama asama film 3na keanu reevesge.thnks bro sub ekata.mama film eka balanna lasthi une

  76. Thank u bro,

  77. Thank you machan !!!

  78. ela ela ohommama 450th gahamu>

  79. Thanks bro… Congratzzzz !!!

    • ගොඩක් ස්තූතියි. කාලයක් බලාගෙන හිටිය ෆිලුමක්.
      ……………………………………………………………………………

  80. patta filmuwaaaa ptta kollek oya

  81. Thanks

  82. asela ekanayake

    Thanks a lot bro..congratulations

  83. ThanksMate

  84. 400 වන උපසිරැසි කඩයිමට සුබ පැතුම් මධුකප්‍රිය සහෝ!
    ඔබ කරනු ලබන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
    ඉදිරියටත් මෙවැනි නිවැරදි, ගුණාත්මක උපසිරැසි නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නා වූ සියලු හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව සහ කාලය ද නිබඳව නොඅඩුව ලැබේවා!
    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, ජය වේවා!

  85. thanx bro
    congratulations

  86. prasanga sanjeewa

    thanks

  87. Madushan_Dilnuwan

    ස්තුතියි අයියේ.ඉදිරියට කරගෙන යන්න.all the best.

  88. Saranga J. Liyanagama

    Thanks…

  89. 400 වෙනි සබ් එකට සුබපැතුම් මචන්

  90. thanks bro..

  91. Good work..keep it up

  92. suba pathanawa saho thawath idiriyatama yanna …jayawewa..

  93. uditha de silva

    good work brother

  94. thanks mco digatama karanna ශක්තිය ධෛරයය ලැ‌බේවා……

  95. 400 sub ekata thanks machan ………………..

  96. ගොඩක් ස්තූතියි sub එකට

  97. jaya wewa!!! subata thanks

  98. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  99. Thanks for Sub!

  100. Patta bn..
    Pin umbta..

  101. Damru Ravihara

    thanks for sub

  102. thanks a lot saho

  103. THANK YOU

  104. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  105. Thanks for sub
    congratulation 400 subs
    Good luck

  106. බොහොම ස්තූතියි

  107. Thank you ..

  108. thanks bn

  109. 400ට සුබ පැතුම් සහෝ ….උබලා නිසා තමයි අපි මෙහෙම හරි ෆිලුමක් බලන්නේ. thanq baiscope

  110. ane pls kawuruhari mata meka bluray gann site ekk kiyannko.yts eke thama dala naa.ane pls ……help me……

  111. Thanks for Subtitle…………..
    Jayawewa……………!!!!!!!!!!!
    Congratulation mchn 400weni sub1t….!!!!!

  112. Asnjana_Lahiru

    tnqqqq sahoo jaya wewa!!!!

  113. Mahesh Lakshan

    Thanks

  114. Thanks bro..

  115. Thanks saho sub ekata

  116. thanks sub

  117. තද කොර

  118. උපසිරැසියට බොහෝම ස්තුතියි

  119. Thnxxxxxxxxxxxx

  120. Ela ela

  121. achala hettiarachchi

    Thank you

  122. නියමයි සහෝ.ස්තූතියි සබ් එකට

  123. බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY extended update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .

  124. Thanks for the sub

  125. Hashan M. Priyadarshana

    Thank you bro

  126. Thanks… 400 වන උපසිරැසියට උනුසුම් සුබපතුම්…

  127. Thanks mcn

  128. Thanx saho

  129. thanks for sub

  130. Congratulations broo 400th sub ekata….

  131. thanks bro

  132. Patta..

  133. Rajitha rodrigo

    Thnks bro

  134. Sub ekata thanks bro

  135. thank you sub1 bro

  136. Thank you

  137. kawishka lakshan

    sub ekta thanks bro

  138. Ravindu Rukshan

    400 වෙනුවෙන් සුබ පතනවා නිලූ අයියෙ දැන් 450 ටත් ළඟයිනෙ. එහෙනම් ඒකත් ඉක්මනින්ම ගහන්න ලැබේවා කියා පාර්ථනා කරනවා

  139. 400 වෙනි කඩඉමට උණුසුම් සුභ පැතුම් සහෝදරයා.. ඒ වගේම සබට බොහොම ස්තුතියි සහෝ…

  140. Thanks for sub

  141. thanks sub 1ta

  142. බොහෝම ස්තූතිය සහෝ
    සුභ පැතුම් ඔබට

  143. Thanks bro

  144. Thanks sahodaraya

  145. තෑන්ක්ස් bro..මාස ගාණකින් ෆිලුමක් බලන්නෙ.ජය වේවා.

  146. Thanks broooo

  147. thanks

  148. Please update Sub for Webrip

  149. thanks man

  150. ඔබගේ කඩඉමට සුභ පතනවා වගේම මේ සුපිරි චිත්‍රපටියට උපසිරැසි ගෙනාවාටද ස්තුති කරමි…..

  151. ela sahooo

  152. In to the ashes movie eke sub ekath danna puluwanda ikmanata

  153. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ඒ වගේම 400 වෙනි උපසිරැසියට සුභපැතුම්.දිගටම සබ් දෙමු.ජයවේවා………..!

  154. ruchiragayashan

    thank youu

  155. Thanks bro..
    Unusum subs pathum 400*
    Jayen jaya a wewa!

  156. 400 වෙනුවෙන් සුබ පැතුම් නිලුපුල් මල්ලි! ඉක්මනටම අලුත් කඩඉමකින් මුණ ගැහෙමු! ජය!!

  157. Niyamai. Thawa sub karanna. Wade atharinna epaaa

  158. 400 වැනි උපසිරසියට සුභ පැතුම්
    උපසිරැසියට බොහෝම ස්තුතියි

  159. ela sub eka enakan balan hitiye

  160. thanks bro

  161. 400ට සුභ පැතුම්…සබට බොහොම ස්තූතියි

  162. Thanks and good luck browww

  163. Thanks…………

  164. ආසිරි ප්‍රියන්ත

    අප්පා, එළකිරි ආ….
    කාලෙකින් සයිට්එක පැත්තේ ආවේ, මෙන්න සුපිරි බඩ්ඩක් දීලා…
    400 යි නෙහැ, අවුලක් නෑ, හෙට අනිද්දා වෙද්දී මාත් ඒ ගානට වගේ ලංවෙනවා, ඊටපස්සේ මාත් උපසිරසි වලින් සමුගන්න ඉන්නේ..
    එහෙනම් උණුසුම් සුභ පැතුම් නිකපුල් මලේ..
    සබැ ගන්නවා, ජයවේවා!!

  165. Thilankadissanayake

    thankss.

  166. Thanxx bro congratzzz & keep it up……

  167. vishwanathmadhushanka

    Thanks

  168. Aruna priyashantha

    Thanks.
    400 ට සුභ පැතුම්.ජය වේවා

  169. thanx for the sub

  170. congratulation and thank you for the subtitle

  171. ishanmaxmaxmax

    Thanq

  172. 400 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා.තවත් දීර්ඝ කාලයක් උපසිරැසි නිර්මාණය කරන්න හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

  173. දමිත් රත්නායක

    එනකල් බලන් හිටි චිත්‍රපටයක්.
    බොහොම ස්තුතියි
    ජයෙන් ජය සහෝ.

  174. කෞශල්‍ය දුෂ්‍යාන්

    කමෙන්ට් එක අස්සක වැටිලා කියහංකෝ. *දමිත් රත්නායක* සොරි වේවා සහෝදරයා.

  175. 400 sub akata suba pathanawa saho….
    bohoma pin me karana sewayata…
    තෙරැවන්සරණයි

  176. sub ekat thanks saho asawen hitapu film ekak, 400 subtitles congratulations bro

  177. Rasitha Pradeep

    400 වැනි කඩඉමට හදවතින්ම සුබ පැතුම් සහෝ….
    ඉදිරියටත් වැඩි වැඩියෙන් උපසිරැසි ගෙන ඒමට ශක්තිය, ධෛර්යය කාලය ලැබේවා….
    ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ…

  178. Congratulations …

  179. RavindraRishantha

    අපි වෙනුවෙන් කළ ලොකු ව්‍යායාමයක් – ස්තුතියි

  180. Sandeepmadushan

    Superb..

  181. supirima supiri wedak bro…..thanks

  182. තෑන්ක්ස් සහෝදරයා!!!

  183. tnx bn sub ekata

  184. thkz brother…. fatta film eka… digatama sub denna

  185. දමිත් රත්නායක

    400 වෙනි කඩඉමට උණුසුම් සුබ පැතුම් මධුක සහෝ.
    ඉදිරියටත් හොඳ උපසිරැසි ගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
    ජයෙන් ජය

    • කෞශල්‍ය දුෂ්‍යාන්

      හම්මට ටියුබ් කොලුවා.මේක දෙන්නේ කවද්ද කියලා බල බලාහිටියෙ.පට්ටයි බං.හොල් එකෙන් බැලුවා.සුපිරියක්.අායෙ හෝදන්න දෙයක් නෑ.BR අාපුවාම අප්ඩේට් එක ඕනි එහෙනං.දැනට මේක බලන්නං.හෝල් එකෙන් බැල්‍රවට අැදට වෙලා ලැප් එක බඩ උඩින් තියං බලනවා වගේ තවත් සැපක් කොහෙද.එහෙනං.මෙන්න බෑවා. 400ට උණුසුම් සුභ පැතුම්.ඉක්මනට 500 600ත් ගහමු.සදා ජය නිලුපුල් මචං.

  186. Dinuka..lakshitha

    Fatta thanks bro

  187. Thank you bro…

  188. thnx bro sub ekta.400 upasirasiyata subapathum..

  189. thanks bro

  190. ️️️

  191. Congratulations dear.. keep up all your good work.. thanks sub dunnata. balaaaaagena hitiye..

  192. gimhan sadruwan

    thanks bokka thnakn uuuuuuu

  193. බොහොම ස්තූතියි සහෝ……

  194. කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුනාට සමාව ඉල්ලන ගමන්ම් උණුසුම් සුබ පැතුම් එක් කරනවා 400+ උපසිරැසි වලට. අර කිව්වත් වගේ එහෙම ලේසියෙන් අත ඇරල යන්න හිතක් දෙන්නෙ නෑ මේ කෙරුවාව ඔලුවට ගැහුවහම. ඉතින් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ඊලඟ කඩ ඉමෙන් හමුවෙමු එහෙනම්. ජය෴෴ 😛 😛

  195. ela supiri bo
    jaya weewaa

  196. Thank u bro

  197. supiri masho mama balagena hitiye me sab aka anaka t.x

  198. Thanks kollo sub ekata

  199. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  200. pathum wikramaarachchi

    congrats.. br sub ekata thanks.

  201. 400 weni sub ekata suba pathum……!!!!!

  202. sanjaya kumara

    thanks broo

  203. සනිඳු ලක්ඛිත

    මුලින්ම 400 වෙනි උපසිරසට හදවතින්ම සුබපැතුම් සහෝ…සෑහෙන්න දිග ගමනක්..වෙලාවට කලාවට උපසිරස ලබා දෙන්න අති දක්ශයෙක්..ඒම වෙලවත් ඉදල හිටලා දවසක් පරක්කු උනාම නොසෑහෙන්න බැනුම් අහලත් තියේ.. උපසිරසකරණයෙන් ඈත් වෙන්න එපා කියන එකයි අපේ ඉල්ලීම. ඉදල හිටලා හරි ෆිලුමක් අරන් මේ පැත්තට ඇවිත් අපිව හම්බවෙලා යන්න..මේකත් ඉතිං මග බලන් හිටපු ෆිලුමක්. හැබැයි BR එකක් එනකම් ඉවසන් ඉන්නවා. 500 කඩඉමටත් ලගා වෙන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! බුදුසරණයි..!

  204. Udara Damith Dissanayaka

    e;a

  205. Udara Damith Dissanayaka

    400 yata suba pathanawa

  206. Nandana_kumara

    400,congratulations, tu, good luck

  207. Thanks for sub bro

  208. 400 ට හදවතිම සුභ පැතුම්..
    මම කැමතිම ෆිල්ම් එකක්..
    සබ් එකට බොහොම ස්තූතියි මචන්…

  209. Thank you very much Maduka for the sab.

  210. 400 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  211. Rukshan wijewardhana

    Thanks

  212. Thiwanka anuradha

    Ela ela

  213. ඔෂද ධනංජය

    thanx sahoo…congradzzz…..

  214. congratz….. sub eka dunnata tnz…

  215. Jaime Lannister

    Congrats bro……..a wagema thanx sub ekata……..

  216. tnx bro

  217. Mahesh Rajapaksha

    Thanks saho…

  218. Obta unusum Suva pathum

  219. thanks bro……..

  220. 400 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම් නිලෝ !!!
    අවුරුද්දකට කඩයිම් දෙක ගානේ ගිහින් නොවැ,
    එහෙනම් 2020 දී 450, 500 ට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😀
    ජයෙන් ජය!

  221. bohoma sthuthi saho, awagema suba pethum 400ta…

  222. Anujaya chathuranga

    sub 1000k gahamu ne

  223. tnx bro

  224. Thank u brother .

    400 වෙනි උපසිරැසියට සුභපැතුම්.

  225. Sachithra 73337

    400 weni upasirasata suba pathum…
    thanks for the subtitle….

  226. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    400 වෙනි උපසිරසියට සුබ පැතුම්!!!
    දිගටම සබ් දෙමු නවත්තන්නතිව…
    බයිස්කෝප් එකේ ඉන්න සුපිරිම සබ් කරන කෙනෙක්….
    ෆිල්ම් එක Blu ray ආවහමම බලනව….

  227. api wenuwen sub 400k………
    thanks broooo

  228. Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.

  229. congratz..

  230. thanks buddy

  231. carry on ,good luck

  232. jaya wewa digatama sub denna …

  233. 400 කඩයිමට හදවතින්ම සුබ පතනව. උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….

  234. Thank You

  235. Subha Pathum Thank You B-Ray Ekakma Balano

  236. Rohanvanderlan

    Thank you bro මේක එනකල් balagana හිටියෙ

  237. 400t congrat saho digatama sub demu jaya wewa

  238. 400 t suba pathum saho
    hammo meka denakam hitiye thanks digatama sub demu jaya wewa

  239. 400 ta ape subapathum sahoo..idiriyatama yanna hakiyawa labewa..jaya wewa..

  240. Ravindu rukshantha

    400 kdaimata subapathum.
    Upasirasata sthuthi.

  241. 400ත් ගහලා….සුභපැතුම් අයියේ…
    කොච්චර නැහැ කිව්වත් අපි දන්නවා ආයෙ 450ත් ගහනවා කියලා..ඒක නිසා ඉදිරි ගමනට සුභපතනවා…
    ස්තූතියි උපසිරැසියට..

  242. ajith fernando

    CONGRATULATION!!!!!!!!!!!!!!!!!!!!!
    Thank you very much for sub

  243. Congratulations thanks for sub

  244. Nadeesha rox alahakoon

    Tnx bro subt.400 weni subt subapathum.tnx bro dunna tv series walatath. Uba nathi num samahara ewwa bagayak witharai blnna wenne.

  245. Rumesh dhanushka

    Thanks madhukapriya ✨

  246. Thnks mchn

  247. ඔයාගේ උපසිරැසි ජීවිතයේ 400 වන කඩයිමට ලගාවීම පිළිබදව මම සුභ පැතුම් එක් කරනවා…..

    ඒ වාගේම තවදුරටත් අපවෙත උපසිරැසි ගෙන ඒම සදහා ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා….

    ජය වේවා !!!!!!!!!

  248. Thanks pal

  249. All the very best

  250. Thanks machan

  251. Thanks bro…………………
    400 ට සුබ පැතුම්

  252. 400වන උපසිරසියට සුභ පැතුම් ජයවේවා මචං එල

  253. magen suba pathum saho

  254. thanx saho sub ekata

  255. සෙල්ලම් නෑ ⁣සහෝ 400ක්. හදවතින්ම සුබපතනව. බොහොම ස්තූතියි ⁣අපි වෙනුවෙන් මේ කරන දේට

  256. AravindaJayaweera

    Thank you bro

  257. සුභ පැතුම් මධුක 400ක් කියන්නේ ලොකු ප්‍රමානයක් ඒ වෙනුවෙන් ගතකළ කාලය හිතාගන්න පුලුවන්. ඔබ ලබා දුන්න කතාමාලා නම් ඔක්කොම වගේ බලලා තියනවා. ඉතින් පුලුවන් විදිහට ඉඩ ලැබෙන ආකාරයට අපි අතර රැඳෙන්න බලන්න. ඔබට ජයම වේවා

  258. magen suba pathum saho

  259. හදවතින්ම සුබ පතනවා අයියේ…..❤️
    බොහෝම ස්තූතියි උපසිරැසියට..මොනව උනත් සබ් දෙන එක නම් නතරකරන්න එපා.450න් හමු වෙමූ..

  260. නියමයි සහෝ වෙච්ච මහන්සියට……උණුසුම් සුභ පැතුම් කඩයිමට……දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි……ජය වෙිවා…..

  261. cngrtz for 400 subtitle

  262. Thanks bro

  263. 400 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  264. Thanks mcho

  265. pradeep priyadarshana

    Thank you machooo

  266. උදයංග සම්පත් හතරසිංහ

    ඉස්සෙල්ල්ම 400* සබට සුබපැතුම් මචං. දවසට සබ් තුනක් ගහපු උඹට දැන් දවසට එකක් කරන්න වෙලාව නෑ කියන එක නම් පිළිගන්න බෑ හොඳේ. බොරු නොකර ඉස්සරහට සබ් කරමු සෙට් එකත් එක්කම එකතු වෙලා. බයිස්කෝප් පවුලට එකතුවෙලා අඳුර ගත්ත නියම කොල්ලෙක් උඹ. හැම වැඩකදිම ඉන්න, ඕනම වෙලාවක වැඩක් දුන්නම කරල දෙන උඹ වගේ එකෙක් නතර වෙනවනම් ඒක ලොකු පාඩුවක්. ඒ නිසා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 500 පන්නමු. ඉගෙනීම් වැඩක් කරගෙන පලයං හොඳට. එහෙනම් ජය වේවා..!

  267. Thnx……

  268. Congratulation…
    Thanks for the sub…

  269. ස්තූතියි සහෝදරයා

  270. Congratulations bro

  271. Madura Lakshan

    Thanks saho sub ekata congratulations

  272. thank u very much broh!!!!!

  273. thanks bro & all the best!!!!!!

  274. ලහිරු ප්‍රසාද්

    hහදවතින්ම උබ පැතුම් නිලෝ 400 වෙනි උපසිරැසිය වෙනුවෙන්.
    උබ කිව්වත් වගේ දැං එන්න එන්නම කාර්යබහුලත්වය එක්ක මේ වැඩේ ටික ටික අතහැරෙන තත්ත්වයක් තමා තියෙන්නෙ.
    ඒ වුනාට පුළුවන් විදිහට නතර නොකර උපසිරැසි කෙරුවාව කරන් යමං ඉතිං.
    උපසිරැසිකරණයට වගේම උබේ අධ්‍යාපන සහා අනෙකුත් සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    ජය!

  275. congratulation machan..
    thanx

  276. congratulations bro… thank you…

  277. Praneeth priyadarshana

    Congrtz broooo

  278. Congz Mchan!!

  279. arawindasunimal

    thanks madukapriya………….400 weni sub ekata suba pathum = thanks baiscope.lk……………..

  280. Nuwan Wanigasuriya

    Thank you brother…

  281. nalakasandamal

    Thanks bro

  282. pasinduhasalankakm

    Thankz bro

  283. thanks bro

  284. lakmal chathuranga

    tank you jayawewa

  285. Thankyou

  286. Sub 400ta Sahenna Thanks. Budu Saranai.

  287. thanks bro and congrats for the achievement good luck and keep it up

  288. all the very best.and thank u 4 the sub

  289. බොහොම ස්තුති සහෝ 400ට සුභපතනව

  290. බොහොම ස්තුතිය් සහෝ සබට.

  291. supiri macho

  292. ELAMA BN

  293. Supiri….. Machan

  294. සුපිරි thanks for u…♥️♥️♥️♥️

  295. 400ta suba patum macho…br akata update denna

  296. Thanks brother for your sub best wishes for your 400 sub

  297. patta machan. thanx. wewi wediyen sub denna lebewaaaaaaaaaaaaaa

  298. <3 Thanks Machan for your Subtitles

  299. චානක ඉඳුනිල්

    400 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම් සහෝ,
    උපසිරැසියටත් බොහොම ස්තූතියි,
    අනිවා බැලිල්ලක් තමා,
    Good Luck For Your Future

  300. සුභ පැතුම් බොක්ක…
    ආයෙ ඉතින් වැඩ්ඩෙක් තමා…
    ඒ වගෙම සෙට් වුනු තවත් එලම චරිතයක්…
    බයිස්කෝප් එක වෙනුවෙන් එදා මෙදා තුර උඹ කරපු කැපකිරිම් නිසාම ආව දවසෙ ඉදන්ම පොර කවුද කියල දන්නවා..
    ඉදිරියටත් ඔය ගමනේම යෙදෙමු.
    හදවතින්ම සතුටුයි සහ ආඩම්බරයි මචං…
    ජයෙන් ජය..!!!

  301. 400’වැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් නිලුපුල්.
    අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඉහින්. මාත් වෙබ්අඩවියට එකතු වෙච්ච කාලෙ ඉදලම හිටිය එල ෆිට් එකක් තමයි ඉතින්. කොච්චර වෙලාවක් නැති වුනත්, සබ් කරන්න බැහැයි කියලා හිතුනත් ඉදලා හිටලා හරි මේ දේටත් වෙලාවක් වෙන් කරගනීවි කියලා හිතනවා. මොකද උඹලා වගෙ අය මේ සයිට් එකේ පැවැත්මට හුගක් වටිනවා.
    අනික දැන් 450 ට ලගයි නෙවැ. නොවැම්බර්-දෙසැම්බර් කාලෙ කිට්ටු කරලා ඊලග කඩයිමෙන් මුණගැහේවි කියලා හිතනවා.
    මේ වැඩ කරන අතරතුරේම උඹෙ ඉගෙන ගන්න වැඩ ටිකත් හොදින් කරගන්න හැකියාව ලැබෙන්න ඕන.
    මේකෙ බ්ලුරේ කොපියක් ආවම අනිවා බලනවා.
    මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි. ජය!!!

  302. Thenks for sub

  303. බොහොම ස්තූතියි අයියේ
    හාරසිය පනහත් ඉක්මනටම කරන්න අවස්ථාව ලැබේවා!
    අනිවාර්යයෙන්ම බලනවා
    ආයෙත් පාරක් බොහොම ස්තුතියි

  304. සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    400 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  305. 400 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්…!
    අැත්තටම මෙහෙම ෆිල්ම් තියේද වත් දන්නෙ බයිස්⁣කෝප් නිසා.
    ඒවා බලන්නෙ, රස විඳින්නෙ අනුන්ගෙ සතුට වෙනුවෙන් උපසිරැසි හදන ඔබ වැනි අය නිසා.
    නිදුක් නිරෝගී වේවා…!
    තෙරුවන් සරණයි…!

  306. suba pathum sahodaraya

  307. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    ඒ වගේම 400 වෙනි කඩඉමටත් සුබ පැතුම්….!

  308. මුලින්ම 400 කඩඉමට සුභ පැතුම්..! ඉක්මණින්ම 450 ටත් යන්න ලැ‍බේවායි ප්‍රාර්ථනා කරන ගමන්ම සිංහල උපසිරැසියටත් බොහොම ස්තුතියි..!

  309. කවිශල් රසින්ත (කවී)

    හාරසීය වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා අයියේ….!! වැඩිම උපසිරැසි ගණනක් කරලා ඉන්න බයිස්කෝප් උපසිරැසිකරුවන් අතරින් දෙවැනි ස්ථානය රදවගෙන ඉන්න එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. උපසිරැසි 400ක්, අවුරුදු කීයක මහන්සියක්ද කියලා හිතන්නවත් පුළුවන්ද, සබ් 50ක් වගේ කරලා ඉන්න අපි වගේ අය එක්ක බැලුවම අයියා කියන්නේ පතාක යෝධයෙක්. කිසිම අව්ස්ථාවක උදව්වක් ඉල්ලුවම කරලා දෙන්න පැකිලෙන්නේ නැති සහෝදරයෙක් වගේම බයිස්කොප් පවුලෙන් සෙට් වුන නියම නිහතමානි සහෝදරයෙක් කියලා බය නැතුව කියන්න පුළුවන්. එහෙනම් ඉතින් 450වෙනි සබ් එකත් ඉක්මනට ගහන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. කෝමත් 100 එකයි, ඇරෝ එකයි ගහනකොට ඕක ලේසියෙන්ම පාස් කරලා තියෙයි. එහෙනම් ඉදිරි සියළු කටයුතු සර්වප්‍රාකාරෙන්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරන ගමන් උපසිරැසියටත් බෝම ස්තූතියි, අනිවා බැලිල්ලක් තමා. ජය වේවා…!!!

  310. සබ් එකට ස්තුතියි බොක්ක,
    ඒ වගෙම 400 බොක්ක

  311. Mohomed_Ismath

    සුබ පැතුම් සහෝදරයා..!! 400 ට දීල තියෙන්නෙත් එසේ මෙසේ එකක් නෙවෙයි..අප වෙනුවෙන් කරන කැපවීමට ගොඩක් ස්තූතියි..ජය..!!

  312. 350th upasirasata unusum suba pathum sahooo….!
    Niyama wedak…

  313. my congratulations bro…thanks sub ekata…god bless…

error: Alert: Content is protected !!