Friday , December 4 2020
Breaking News

Kaho Naa Pyaar Hai (2000) | කියන්න ආදරෙයි කියා.[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 8 votes.
Please wait...

kaho naa pyaar hai 2000

මගේ තුන්වෙනි උපසිරැසිය විදිහට මම ගෙනාවේ 2000 වර්ෂයේදී තිරගත වුන “Kaho Naa..Pyaar Hai” චිත්‍රපටියයි. ෆිල්ම් එක නම් ටිකක් පරණයි. ඒ වුනාට ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. ගොඩක් දෙනෙක් බලලත් ඇති. ඒ වුනත් නොබලපු අයටයි ආයෙත් බලන්න කැමති අයටයි මම උපසිරැසි අරගෙන ආවා. මෙහි ප්‍රදාන චරිත රඟපාන්නේ, Hrithik Roshan හා Ameesha Patel. මේක තමයි Hrithik Roshanගේ පළමු චිත්‍රපටිය. ඒවගේම Ameesha Patelගේත් පළමු චිත්‍රපටිය මෙයයි. මේ නළු නිළි දෙපල එක රැයකින් සුපිරි තරු බවට පත් කරන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබුනා. 2000 වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල ඇතුළුව සම්මාන උළෙලවල් ගණනාවකින්ම හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටිය,හොඳම සංගීත අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන රාශියක් මේ චිත්‍රපටියට ලැබුනා. වසරේ වැඩිම අදායම් වාර්තා ලබපු චිත්‍රපටි අතරටත් මෙය එකතු වුනා. මේ චිත්‍රපටිය සඳහා imdb දර්ශකයෙන් 6.8ක අගයක් ලැබිල තියෙනවා. ඒවගේම ලස්සන සින්දු ටිකකුත් මේ ෆිල්ම් එකේ තියෙනවා.

මේ චිත්‍රපටය අයත් වෙන්නේ Romantic,Action ගණයට. කතාව ගැන කිව්වොත්, සෝනියා කියන්නේ පොහොසත් පව්ලක ගැහැණු ළමයෙක්. ඒත් එයා ආදරය කරන්නේ රෝහිත් කියන දුප්පත් පිරිමි ළමයට. එයාට ඒක ප්‍රශ්නයක් නොව්නට සෝනියගේ පොහොසත් තාත්තට නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඒ ආදරයට බාධා වලින් නම් අඩුවක් නෑ. ඒ බාධක මැදින් ඒ දෙන්න ආදරය ජයගන්න ගොඩක් උත්සහ දරනවා. ඒ ආදරය ජයගන්න ඔව්න්ට හැකි වෙයිද කියල දැන ගන්න,ඔයාලට චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. 

Kaho Naa... Pyaar Hai (2000) on IMDb

 

 

C53457141044BAC0DA44C6D1E0CC24C18D8EC903
71A6E75A6B508A9E1D2EFA9EF3A64C77A8939CB1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Banshee [S04 : E01] Sinhala Subtitles | හැමදේම වෙනස් වෙලා [සිංහල උපසිරසි සමඟ] (18+)

කොහොම හරි බැන්ෂී අන්තිම සීසන් එකටත් අපි ආවා. කලින් සීසන් තුන එක දිගට දුන්නා වගේම …

Leave a Reply

Your email address will not be published.

48 comments

  1. Haan Maine Bhi Pyaar Kiya – (2002) – me film 1ta puluwannam Direct link ekak dala sub ekak dennako.. pls

    youtube link –

    https://www.youtube.com/watch?v=ItiAATghfM0

  2. kohomada meke torrnt file eka ganneh?

  3. බ්ලැක් පැන්තර්

    සබට බොහොම තුති වේවා නංගියෝ…
    ඉස්සරහටත් මේ වගේම ෆිල්ම් තෝරලා සබ් දෙමු…
    ඔන්න එහෙනම් බාන්න දැම්මා…
    (y)

  4. All the best !!!!!

  5. marvelous sub sis . wish u all the best

  6. Kaaleka Indan Balanna HitiyeThanxX.

    Govindudu Andarivadele Film 1Ke Sub Dennako……..Ramge Film 1k Nisa Sub Onemai………

  7. danushka sampath

    thanka thanka..

  8. meka mama oya wenuwen aye balanam……thanx wewaaa

  9. තාරක නුවන් දිල්හාර

    මම මේක බැලුවේ පොඩි කාලේදී එත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
    sub එකට thanks

  10. බොහොම ස්තූතියි ෆිල්ම් එක බැලුවා ඔයා සුපිරියට සබ් එක කරලා තියෙනවා
    සබ් එකේ එක තැනක වත් අකුරු වල අවුලක් නෑ
    ඔයා මේකට ගොඩාක් මහන්සිවෙලා තියෙනවා
    ජයවේවා
    බුදුසරනයි

  11. sub akata thanks.
    Puluwannam “raja natwarlal” movie ake sub aka daannako

  12. Machan sub akata thanks.
    Puluwannam “raja natwarlal” movie ake sub aka daannako

  13. aap mujhe achche lagne lage MEKATH DAPAN

  14. Thanks for the sub Sis… Well done……

  15. සෝනියා

    තැන්ක් යූ ගයේෂා.
    හරිම ලස්සන ෆිල්ම් එකක්.
    හරිම ආසාවෙන් බැලුවේ.
    මේ වගේ පරන ලස්සන ෆිල්ම්ස් තව දෙන්න.
    හ්‍රිතික්ගෙ ෆිල්ම්ස් තව දෙන්න……*********,
    උපසිරසියට තැන්ක් යූ.,

  16. Thank you soooo much dr….

  17. “චූටී මල්ලි”

    එල
    පරන නිසා හිතුනොත් තමා බලන්නේ
    කතාවනම් හොද ඇති ඒත් අලුත් ඒවා ගොඩගැහිලා
    සබට තුති
    ඔබට ජය………..

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි ගයේෂා 😛 ජය

  19. චන්දිම අමරසිංහ

    නියමයි සහෝදරි දිගටම කරගෙන යමු..
    සුභපැතුම්.. ජයවේවා…!$

  20. sub valata stuti.. HIRTHIKE “AAP MUJE ACHCH LAGNE LAGE ” film eket sub ekka denna puluvan ,, ela, puluwan nm tryekak denna,

  21. අදිත ප්‍රවීන්

    නියමයි !
    මේක මම බැලුවේ තුන වසරෙදී .
    ආයේ ආයේ බලන්න තරම් ලස්සන කතාවක් .
    දිගටම උපසිරැසි කරමු .
    😀

  22. jayani chathupraba

    Thank youuuuuuuuuuuuuuu

  23. Gayesha Sathsarani

    ඔයාලගේ අදහස් වලට ගොඩාක් ස්තූතියි..

  24. elaaaaaaaa Beautiful………….

  25. Mama hoya hoya hitiya film ekak thama aththama godak sthuthi.. thawa denna Suba pathum.. parana hindi tikak denna patta………

  26. Thanks………

  27. නියමයි සහෝ.ඔය සිංදුව නං අහල තියේ.බලමු කතාවත් එ් වගේ ලස්සනද කියලා.සබ් එකට බොහොම ස්තූතියි…

  28. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  29. නියමයි ගයේෂා සහෝදරී ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  30. supiri saho…. me wage parana ewa thama one… bana ewun adu unata ganan ganna epa

  31. bohoma sthuthiyi oyaata

  32. බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛


  33. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  34. Thank you sub walata, sub dena ayagen illimak tiynawa karanna, Puluwan kenek HUM TUMfilm eke sub dennako,

  35. niyamai….prana unata lassana filumak.subata thanks GAYESHA Sis.digatama sub denn.jaya wewa……….

  36. බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස…..

  37. වරුණ රංගජිත් (වරූ)

    නියමයි ගයේෂා නියමයි..
    මම මේක බාගෙන තියෙන්නේ…
    මම මේකට සබ් එක දෙන්න හිතන් හිටිය එකක්…
    මෙන්න දීලා…
    නියමයි…
    දැන් ඉතින් දෙයියින් කියලා මට නැවුම්ව මේ ෆිල්ම් එක බලන්න පුළුවන්..
    තෑන්ක්ස්…තෑන්ක්ස්…තෑන්ක්ස්….
    ඉදිරියටම යමු..
    ජයම වෙවා..

  38. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ හොඳා…
    අපේ අක්කගේත් ආසම ෆිල්ම් එක…
    ඒ නිසා ගන්නම වෙනවා…
    ජය වේවා!!!

  39. එලම තමා මම මේකට සබ් කොරන්න හිතාගෙන හිටියේ හුගක් කල් ඉදන්
    එත් ඉතින් මේකට තියන ආසාව නිසාම සබ් එක කොරලා රසයට හානියක් කරගන්න බැරි කමට
    ඔහේ හිටියා දැන් නම් බලනවම තමා සබට තුති සහෝදරි ජයම වේවා.!!! 🙂 🙂

  40. උපසිරැසියට ස්තූතියි. පුළුවන් නම් සාජන් ෆිල්ම් එකට උපසිරැසි දෙන්න.

  41. Thanks.

  42. lassana film ekak akki godak issara mama meka baluve pattama lassanai sindu tikath supiri coppy eka dakkama thamai adenne kamaka ne onna ehenam bagannava me vage parana lassana hidi films thava denna.budusaranai.

  43. මේක කලින් බලලා තියෙනවා. රාකේෂ් රෝෂන් මේක හැදුවේ රිතික්ව සිනමාවට හඳුන්වා දෙන්න. උපසිරැසියට තුති

  44. නලින් පෙරේරා

    ස්තුතියි ගයේෂා.. මෙක කලින් බලපු ලස්සන කථාවක්..

    ස්තුතියි නැවතත් මෙක සිංහලෙන් ‍සබ් කරලා ගෙනාවට..

    ජය වේවා!

error: Alert: Content is protected !!