Friday , October 23 2020
Breaking News

Kavalai Vendam (2016) with Sinhala Subtitles | කරදර නොවන්න [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 37 votes.
Please wait...

හායි කොහොමද යාලුවනේ, මම අද අරන් ආවේ 2016 නොවැම්බර් 24 තිරගත්වුන, දමිල හාස්‍යජනක ආදර චිත්‍රපටයක්, බඩ අල්ලගෙන හින වෙන්න පුලුවන්, ආතල් ෆිල්ම් එකක් කිව්වොත් මම වැරදි නෑ. මුලින්ම සමාවෙන්න ඕන සබ් එක පරක්කු උන එකට. ඒ වගේම මේක මගෙ දෙවනි සබ් එක. පොඩි පොඩි වැරදි ඇති එවා ගනන් ගන්න එපා. ඒ වගේම කියන්න ඕන මේ ෆිල්ම් එකට 5.1 IMDb අගයක් ලැබිල තියනවා. හැබැයි ෆිල්ම් එක බලලා ඉවර උනාම හිතෙයි මේ අගය වැරදි කියලත්,ඒ තරමටම සුපිරි, ෆට්ට ෆිලුමක්. කොමඩි දමිල චිත්රපට අධ්යක්ශ Deekay තමයි මේ චිත්‍රපටය කරල තියෙන්නේ. ඒ වගේම සුපිරි නලු Jiiva (Arawind), Kajal Aggarwal (Divya) , Bobby Simha (Arjun), මෙහි සුපිරිම රංගනයෙන් දායක වෙනවා. සංගීතය Leon James විසිනි.

අපි දැන් චිත්‍රපටය පැත්තට ගියොත්, ප්‍රධාන චරිතය තමයි අරවින්ද්, අරවින්ද් කියන්නේ පොඩි කාලේ ඉදනම කපටි, මෝඩ වැඩම කරන පිස්සු බුවෙක්. එයාගේ පෙම්වතිය වෙන්නේ දිව්‍යා, එයත් පොඩි කාලේ ඉදන්ම අරවින්ද් එක්ක එකම පන්තියේ හිටපු යාලුවෙක්. මේ පිස්සු වැඩ සේරම දිව්‍යා හොදටම දන්නවා. අහම්බෙන් වගේ තමයි මේ අරවින්ද් එයාගේ කෙල්ලට (දිව්‍යා) යෝජනා කරන්නේ. කොහොම උනත් දිව්‍යා මේකට කැමති වෙනවා. මේ දෙන්නා පස්සේ විවාහ වෙන්න තිරනය කරනවා. අරවින්ද් විවාහයට එන්නෙත් පරක්කු වෙලා. ඒ තරමටම මූ ජීවිතේ වෙන කිසිම දෙයක් ගනන් ගන්නේ නෑ. යන විදිහට යන්න දීලා පාඩුවේ,ආතල් එකේ ඉන්න පොරක්. මුටම සෙට් වෙන යාලුවො දෙන්නෙකුත් ඉන්නවා. උන් ඔක්කොටොම එහා, විනාඩි 138 යනවා තේරේන්නේ නෑ. ඒ තරමට සුපිරි ෆිල්ම් එකක්, ආදරය එක්කම කොමඩි මුලු ෆිල්ම් එක පුරාම තියනවා. කතා ඇති. තව කියවන්න ගියොත් ෆිල්ම් එකේ රස නැති වෙනවා.

එහෙනෙම තවත් ලස්සන සබ් එකකින් හමුවෙමු, ජය වේවා.

 

Kavalai Vendam (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRiP පිටපත සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලන් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. kasuntharaka95

    thanks bro

  2. Yasanthi_kaluarachchi

    Thanks

  3. Thanks for the Subtitles ….

  4. elama macho.
    spyder (2017) tamil movie ekatath sub eka denna puluwanda

  5. Udaya Fernando

    Thanks Malan

  6. tharuka priyadarshana

    Thanks saho sub ekata….

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. sub ekata thank’s saho. jayawewaa!

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  10. Kaushan_P_Herath

    සබට තෑන්ක්ස් සහෝ

  11. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජය …!!

  12. සබ් එකට බෝහෝම ස්තුතියි

  13. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 -2017 වසරවල දමිළ චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  14. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!