Wednesday , May 12 2021
Breaking News

Kavalthurai Ungal Nanban (2020) Sinhala Subtitles | පොලීසියත් විටෙක ඔබේ මිතුරා වැනිය. [සිංහල උපසිරසි]

Rating: 9.1/10. From 19 votes.
Please wait...

සුභ දවසක්,සුභ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් කාර්ය මන්ඩලයටත් යහළු යෙහෙලියන්ටත්,ලක්වාසී සැමටත්,ලොකු නිහඩියාවකින් පස්සෙ තමයි මම උපසිරසියක් අරන් එන්නෙ. හරියටම කිවුවොත් අන්තිමටම පෙබරවාරි 13 තමයි උපසිරසියක් අරන් ආවෙ.මාස තුනක්ම කිට්ටු වෙන්න ආව නේද උපසිරසියක් නැතුව.ගොඩක් අය හිතන්න ඇති සම්පත්ට මොකද උනේ කියල,මොකද කිවුවොත් පරන අළුත් කියල නැහැ එක ලග එක පිට උපසිරසි ඔයාල වෙනුවෙන් ගෙනාව. දුකසේ උනත් කියන්න ඕනි මගෙ යාළුවන්ට මගේ ආදරනීය මෑනියන් මාව දාල සදහටම මෙලොවින් යන්න ගියා,ඒ නිසා ටික කාලයක් මම හැම දේකින්ම ඈත් වෙලා හිටිය,අම්ම නෑ කියන්නෙ මුකුත්ම නැහැ යාළුවනේ,හරියට කිවුවොත් අම්ම නැතුව අවුරුදුත් නැහැ.සමාවෙන්න ඕනි යාලුවො හැමෝම ඒ ගැන දැනුම් දෙන්න බැරි උන එක ගැන.

ඔන්න එහෙනම් ඔයාලව හම්බ වෙන්න මම ආයි ආව.ඒ ආවෙ 2020 නොවැම්බර් 27වන දින තිර ගත උන ලස්සන දමිල චිත්‍රපටියක් අර ගෙන Kavalthurai Ungal Nanban (2020) {පොලීසිය ඔබේ මිතුරාය.} පැය 2යි විනාඩි 2ක් පුරාවට ඇස් අහකට ගන්න බැරි වෙන්න ඊලගට වෙන්නෙ මොකද්ද කියල හිතේ කුතුහලය පුරෝ ගෙන ලස්සනට පවුලේ සැමට එකට ඉද ගෙන බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි මේක. imdb අගය 7.1 අරන් තියෙනව වගේම ගූගල් පරිශීලන කැමැත්ත 89% අරන් හියෙනවා,ඒ වගේම book my show 72% සහ cinema express wala 3/5 අරන් තියෙනවා.

මුලින්ම සිසිල සහෝදරයාට ස්තුති වෙන්න ඕනි මට මේ ෆිල්ම් එක තෝර දුන්නට.ඇත්තම කිවුවොත් මේ වගේ ෆිල්ම් වලට තමයි උපසිරසි දෙන්න ඕනි,ෆිල්ම් එකක් තෝර ගන්නෙ කොහොමද?ඒකෙ ගුනාත්මක බව තෝර ගන්නෙ කොහොමද කියල සිසිල සහෝ මට ගොඩක් උපදෙස් දුන්න,බොහොම ස්තුතියි සිසිල සහෝ ඒ හැම දේකටම.

ඇත්තම කිවුවොත් උපසිරසි දෙන සයිට් නම ඕන තරම් තියෙනවා,අද ෆිල්ම් එක නිකුත් වෙලා පැය දෙකෙකින් මෙන්න ඒකෙ උපසිරසිත් දාල,මට නම් හිතා ගන්න බැහැ කොහොමද එහෙම කරන්නෙ කියල.හරියට මැජික් එකක් වගේ,මැජික් ශිල්පියෙක්ට නම් එහෙම කරන්න පුළුවන්.හැබැයි බලන ඔයාල තීරනය කරන්න එම උපසිරසියේ ගුනාත්මක බව. නියම විදිහට උපසිරසියක් ගන්න නම් බයිස්කෝප් එකට එන්නම වෙනවා.හරියට ටයිම් ලයින් හදල හරියට දෙබසට ගැල පෙන විදිහට උපසිරසි දෙන්නෙ බයිස්කෝප් විතරමයි.

එහෙනම් ෆිල්ම් එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. සල්ලි කාරයෙක් වැරැද්දක් කරත් නැතත් වැරැද්දක් නැහැ,ඒත් දුප්පත් අහිංසක මනුස්සයෙක් වැරැද්දක් කලොත් ඒක ලොකුවට පෙන්වනවා,වැරදි නොකලත් වැරද්දක් කලා කියනවා,ඒ විදිහට අහිංසකව තම බිරිද එක්ක සතුටින් ජීවත් වෙන කෙනෙක් තමයි ප්‍රභූ කියන්නෙ.එයාගෙ රැකියාව තමයි කෑම ඩිලිවරි කරන එක,බිරිදත් පොඩි රැකියාවක් කරනවා,ප්‍රභූගෙ හීනෙ තමයි රට රස්සාවකට යන එක,දවසක් ප්‍රභූගෙ බිරිද රෑ වැඩ ඇරිල එන අතර මගදි හොරු කිහිප දෙනෙක් ඇගේ රත්තරන් බඩු මංකොල්ල කනවා,ඒත් එක හොරෙක් ඇයව බදා ගන්න හදනවා,ප්‍රභූට මේක ආරංචි උන ගමන් එවෙලෙම බිරිද එක්ක ඒ හොරු ටික හොයා ගෙන යනවා,යන අතර මගදී රාත්‍රී මුරසංචාරයේ ඉන්න පොලිස් නිලධාරීන් ප්‍රභූව අල්ල ගන්නවා බීල බයික් එක පැදෙව්ව කියල එතනින් එහාට තමයි ප්‍රභූගෙ ලස්සන ජීවිතේ අවලස්සන වෙන්නෙ,මොනතරම් අවලස්සන වෙනවද කියනව නම් බිරිදට ලැබෙන්න ඉන්න දරුවත් නැති වෙනවා,ඉතින් හිතා ගන්න පුළුවන් නේද ප්‍රභූට මොනව වෙන්න ඇත්ද කියල.

එක දෙයක් කියන්න ඕනි පොලීසිය නිසා දරුනු වද හිංසාවලට ලක් වෙලා,දරුනු අපහාස වලට ලක් උන තරුනයෙක් පිලිබදවයි මේ කතාව,ඉන්දියන් පොලීසිය මොනතරම් දරුනුද කියල කියනව නම් කතාව බලද්දි ඔයාලට තේරුම් ගන්න පුළුවන්,ඒ අතින් ලංකාවෙ පොලීසිය 500%ක් හොදයි. කිහිපදෙනෙක් වැරදි ඇති,සමස්තයක් විදිහට අපේ රටේ පොලීසිය හොදයි. මොකද මම එහෙම කිව්වෙ මේ චිත්‍රපටිය ඉන්දියාවෙ වෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කර ගෙන තමයි නිර්මාණය කරල තියෙන්නෙ.

එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය නරබන්න කියල.තවත් අළුත් චිත්‍රපටියක උපසිරසියක් එක්ක ඔයාලව හම්බ වෙන්න එන්නම්.එහෙනම් සතුටින් අවුරුදු සමරන්න යාළුවො හැමෝම.ජය වේවා හැමෝටම,එහෙනම් ආයි මතක් කරන්නම් හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!!!
බුදුසරනයි,දෙවිපිහිටයි.

{මෙම චිත්‍රපටිය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.}

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සම්පත් විජේසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Kurosaki-kun no iinari ni nante naranai (2016) AKA The Black Devil and the White Prince Sinhala Subtitles | මම කුරොසකි-කුන් කියන දේවල් කරන්නේ නෑ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. …

Leave a Reply

Your email address will not be published.

20 comments

  1. Malith Samarawickrama

    Thanks bro sub ekata

  2. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  3. Kavindu Darshana

    Obe mawata Niwan Suwa Labewa!

    Thnks saho sub 1t.

  4. Obe mawata Niwan Suwa Labewa!

    Thnks saho sub 1t.

  5. Obe mawata Niwan Suwa Labewa!

    Thnks saho sub 1t.

  6. Fucking police dogs

  7. Sithum Dilhara

    Sorry for your lost kollo. Obata jayen jaya.

  8. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

  9. Aluth tamil tikakata sub demu mchn
    Me filma baluwa

  10. මයිකි

    Thanks සහො සබ් එකට.

  11. thanks machi. digatama karamu

  12. Rest in piece mother !!!!!!!
    Meka nm bluwa anyway thanks brother

  13. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. Supun Kaushalya

    අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා සහෝ
    තෑන්ක්ස් සබ් එකට සහෝ

  16. Rest in piece mother..Thank you very much for the sub

  17. ඔයාගේ මවට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම වෙනුවෙන් සාතිශය සංවේගය පල කරනවා සහෝ…!
    උපසිරසට ස්තුතියි. ඒ වගේම ලිපි රසවත්ව තොරතුරු හොයලා ලියන එක ගොඩක් අගය කරනවා!
    ජය! ✌

  18. ස්තුතියි සහෝ උපසිරසියට
    ඔයාගෙ අම්මට නිවන් සුව පතනවා!!!

  19. අම්මට නිවන් සුව පතනවා සහෝ.
    උපසිරසියට බොහොම ස්තූතියි.
    දිගටම ගේමු. ජයවේවා!

    • බොහොම ස්තූතී උපසිරසට
      *Rounders 1998*
      movie එකෙ උපසිරස ගේන්න පුලුවන් ද?
      මන් හිතනව ඒක මෙතන තියෙන්න ඕන movie එකක් කියල. ස්තූතී

error: Alert: Content is protected !!