Friday , June 18 2021
Breaking News

Kho-Kho (2021) Sinhala Subtitles | සිහින සැබෑ කරදුන් ගුරුවරියගේ ඛෝ,ඛෝ ක්‍රීඩාව [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 13 votes.
Please wait...

සුභ දවසක් යාළුවො හැමෝටම, නිවසට වෙලා රැකියාව කරන ගමන් ලැබෙන පොඩි වෙලාව ඔයාල වෙනුවෙන් වෙන් කර ගෙන ලස්සන ෆිල්ම් එකක උපසිරසි අරන් ඔයාලව හම්බ වෙන්න ආව. ඒ ආවෙ 2021 අප්‍රේල් 14 වන දින නිකුත් උන KHO KHO මලයාලම් චිත්‍රපටියත් අරගෙන, මුලින්ම කියන්න ඕනි මගේ පලවෙනි මලයාලම් චිත්‍රපටිය කියලා, ඒ නිසා පොඩි වැරදි එහෙම තියෙන්න පුලුවන්, තව ඉදිරියට මලයාලම් ඒව කරල ඒ වැරදි හදා ගන්නම්.

මුලින්ම ස්තුතියි වන්ත වෙන්න ඕනි සිසිල සහෝට,මම මේක කරන්නද කියල මේල් එක දාද්දි සිසිල සහෝ කිවුව මේක වෙන කෙනෙක් කරනව කියල,ඒ නිසා මම වෙන එකක් බාර ගත්ත,දැනට දවස් 4කට විතර කලින් ඔහු මගෙන් ඇහුව මේ ෆිල්ම් එක බාර ගත්ත කෙනාට කරන්න විදිහක් නැහැ කැමති නම් කරන්න කියල, මම ඉතින් හා කියල අළුත් ෆිල්ම් එකක් නිසා ඉක්මනට ඔයාලට අරන් ආව,නැවත වරක් ස්තූතිය පුද කරනව සහෝ ඔයාට.

චිත්‍රපටිය ගැන පොඩි හැදින්වීමක් කරන්නම් ඔයාලට KHO KHO කියන්නෙ ඉන්දියාවෙ මළල ක්‍රීඩාවලින් එකක්. ඒ නිසා Drama-Sport කියන ගනයට තමයි මේක අයිති වෙන්නෙ, imdb අගය 6.4 අරන් තියෙනවා, ඒවගේම google පරිශීලන කැමැත්ත 88% ක් අරන් තියෙනවා, ලැබිල තියෙන ප්‍රතිචාර එක්ක ෆිල්ම් එක හොද තැනක තියෙනවා. ඉතින් මැයි 27 වෙනිද තමයි අන්තර්ජාලයට හොද කොපි එකක් නිකුත් උනේ. හැබැයි මේක ශාරුක් කාන් රගපාපු චක්දේ ඉන්දියා වගේ වත් විජේ රගපාපු බිගිල් වගේත් නෙමෙයි,වෙනස්ම එකක්,කාන්තාවන් විතරක් යොදා ගෙන කරපු චිත්‍රපටියක්.කාන්තාවක් තමන්ට එන දුග් ගැහැට විද දරාගෙන ක්‍රීඩාවේ ඉහලටම යන විදිහ නිරූපනය කරන චිත්‍රපටියක් කිවුවොත් නිවැරදියි.

වැඩි විස්තර නැතුව කතාව ටිකක් පැහැදිලි කරන්නම්,මරියා ගුරුවරිය කියන්නේ කෝ,කෝ ක්‍රීඩාවෙන් ඉදිරියට ගිහින් ගුරු පත්වීමක් ලැබුන කෙනෙක්, ඒ කියන්නෙ PT ටීචර් කෙනෙක්,ඇයට දුක්ශර ගමක පොඩි ඉස්කෝලයකට පත්වීම හම්බ වෙනවා,ඇය එහෙට එනකොට පාසලේ ලමයි විනෝදෙට කෝ,කෝ ක්‍රිඩාව කර කර ඉන්නෙ,මේක දකින ඇය විදුහල්පතිතුමාට යෝජනාවක් දානවා අපේ පාසලෙනුත් කෝ,කෝ කන්ඩායමක් හදමු කියලා, මේ ක්‍රීඩාව මේ ලමයින්ගේ ලේ වලම තියෙන නිසා ඇයට මේක පහසු වෙනවා, නමුත් කන්ඩායම හදන් යද්දී ගොඩක් ප්‍රශ්න එනවා,ගමේ අයගෙන්,එකට වැඩ කරන අයගෙන් නොයෙකුත් ප්‍රශ්න එනවා,ඒ හැම ප්‍රශ්නයක්ම ජය අරගෙන ළමයින්ව මේ ක්‍රීඩාවේ රාජ්‍ය තරග දක්වාම අරන් යනවා, ඉතින් කොයි වගේ බාදකද එන්නෙ,ඒවට මුහුන දෙන්නෙ කොහොමද කියල දැන ගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

මේක අද රෑම බාර දෙන්න ඕන නිසයි මෙච්චර රෑ වෙනකම් ඇහැර ගෙන හිටියෙ.එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියක උපසිරසියක් අරන් ඉක්මනට එන්නම්.හැමෝම පරිස්සමින් ඉන්න.උපසිරසි ඩවුන්ලෝඩ් කර ගන්න ගමන් පහලින් ඔයාලගෙ අදහස් දාගෙන යන්නත් අමතක කරන්න එපා.
බුදුසරනයි,ජය වේවා හැමෝටම.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරස WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සම්පත් විජේසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

පන්චායත් (2020-) [S01 : E03] Sinhala Subtitles | පුටුවක් කළ හදියක් [සිංහල උපසිරසි]

පංචායත් පළමු කතා සමයේ තුන්වන කොටස අරගෙනයි ආවේ. මෙතෙක් කතාව : ඉංජිනේරු උපාධිධාරියෙක් වුන අභිෂේක්ට …

Leave a Reply

Your email address will not be published.

6 comments

  1. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

  2. film eka nane downloads wala

  3. බොහොමත්ම තුති මචෝ

  4. Sub akta thanks

  5. chamindu deshan wijesiriwardhana

    bro meke fillm eka thwma dla ndd

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

error: Alert: Content is protected !!