Sunday , September 20 2020
Breaking News

Kingdom of Heaven (2005) | දිව්‍යලෝක රාජධානිය.! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 14 votes.
Please wait...

Kingdom of Heaven (2005)

කොහොමද යාළුවනේ…ඔන්න මං මගේ දෙවැනි උපසිරසි නිර්මාණයත් අරගෙනම ආවා. මගේ මුල්ම උපසිරසි නිර්මාණය වුණු ජෝධා අක්බර් (2008) ට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණ… පළවෙනි එකෙන්ම මාව මෙහෙම දිරිමත් කල ඒ හැමෝටම ස්තුති කරන ගමන් මං මේ කියන්න හදන්නේ මගේ දෙවැනි නිර්මාණය ගැනයි. හැබැයි මං හිතනවා ඒක ගැන මං වැඩි විස්තර කියන්න ඕනි නැහැ කියලා. මොකද අපේ සුභාෂ් ගුණවර්ධන සොයුරා ඒ ගැන හොඳ හැඳින්වීමක් කරලා තිබෙනවා. ඒ නිසා වැඩි අනම් මනං කෑලි ඕනි නැනේ… හැබැයි මෙන්න මේක කියන්න නම් ඔනිමයි. Imdb මීටරේ මේකට 7.2/10න් ලැබිල තියෙනවා…

ඔන්න එහෙනම් පහළින් තියෙනව ටොරෙන්ට් ලින්ක් එකයි උපසිරසියයි දෙකම. බාගෙන බලන්න. යන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්නකෝ… තවත් උපසිරසියකින් හමු වෙනකම් සියලු එනටම බුදු සරණයි….!!!ජයෙන් ජය…!!!

කලින් පළ කල ලිපිය.

සාමය සහ සම්යක්දෘෂ්ටිය ඇතිකිරීම වෙනුවෙන් මේ දක්වා කොතෙක් දිවි පුදා ඇත්දැයි ඔබට සිතා ගත හැකිද???

12වෙනි ශතවර්ශයේ පැවති කුරුස යුද්ධය අල්ලා නිමැවුනු විශිෂ්ට නිර්මාණයක් ගැනයි අද මම කියන්න හිතුවේ. . . !

ප්‍රංශයේ  ඈත ගම්මානයක වෙසෙන කම්මල්කරුවෙකුවූ “බැලියන්” නම් තරුණයෙක් මළදරැ උපතක් නිසා සිත් තැවුලට පත්ව සියදිවි නසාගත් තම බිරිද හා මියගිය බිලිදා ගැන ශෝකයෙන් කම්පිතවී සිටිනා මොහොතක කුරුස යුධභට කන්ඩායමක් ගමට පැමින එහි නායකයා වූ ඉබ්ලින්හි සාමිවරයා හෙවත් ගොඩ්ෆ්‍රි යැයි තමාව හදුන්වාදෙන පුද්ගලයා තමා බැලියන්ගේ නියම පියා බවත් තමා ඔහුගේ මව සමග ආදරයෙන් බැදී සිටිනා කාලයේදී ඔහුගේ මව අතහැර යන්න සිදු වූ බවත් පවසා ඔහුත් සමග ජෙරුසලමට පැමින ඔහුගේ දේපල වල උරුමකරු වන ලෙස බැලියන්ගෙන් ඉල්ල සිටිනවා. නමුත් බැලියන් එම ඉල්ලීම ප්‍රතික්ශෙප කරනවා එම නිසා කුරුස යුධභට කන්ඩායම ඔවුන්ගේ ජෙරුසලමට යන ගමනට පිටත් වෙනවා.

මේ අතර ගමේ වෙසෙන නපුරු පූජකයා බැලියන්ට දැනුම් දෙනවා ඔහුගේ බිරිදගේ මළසිරුරේ හිස කදින් වෙන්කල බව (සියදිවි නසාගත් අයට ස්වර්ගයට ඇතුලු වීමට ඉඩ නොදීම සදහා එම කාලයේ යොදාගත් සම්ප්‍රධායකි මෙය ) සහ ඈ මිය යන විට පැලද සිටි කුඩා කුරුසිය පූජකයාගේ අතේ ඇතිබව දැක කෝපය පාලනය කරගත නොහැකිව බැලියන් විසින් පූජකයාව මරා දමනවා. ඉන්පසු ඔහු තමාගේත් බිරිදගේත් පාපය සමාකරවාගෙන අත්ම විමුක්තිය ලබාගැනීමේ අරමුනින් ඔහුගේ පියාගේ කන්ඩායමට එකතුවීමට පිටත් වෙනවා . . ගොඩ්ෆ්‍රිගේ නෑදෑවූ රජයේ නිලධරියෙකු බැලියන්ව අත්-අඩOගුවට ගැන්මට යැයි පවසා ගොඩ්ෆ්‍රිව සහ බැලියන්ව මරාදැමීමට ( ගොඩ්ෆ්‍රිගේ ඉඩකඩම් ලබා ගැනීමේ අරමුනින්) පැමිනියත් එහිදී ඇතිවන සටනින් ගොඩ්ෆ්‍රි මරනීය තුවාල ලැබුවත් ඔවුන් ජය ලබනවා. . .

මෙසිනාහිදී ගොඩ්ෆ්‍රි විසින් බැලියන්ව නයිට් පදවියට පත්කර ඔහුට අණකරනවා ජෙරුසලමේ රජුවූ ලාදුරු රෝගී ධාර්මිශ්ට සයවැනි බැල්ඩ්වින් රජතුමාට සේවය කරන ලෙස. තවදුරටත් ඔහුගේ ප්‍රාර්ත්නය වූ හර්ද ශාක්ශියට එකග, ධාර්මික, සදාචාරාත්මක, මුස්ලිමුන්ට සහ ක්‍රිස්තියානුවන්ට සමාදානයෙන් ජීවත් වියහැකි ශුද්ධවූ දේශය හෙවත් ජෙරුසලම ගැන ඔහුගේ අදහස බැලියන්ට පවසනවා. . .

පියාගේ සිහිනය සැබෑ කිරීමට බැලියන්ට හැකිවෙයිද?? ඔහුගේ ආත්මයට බලාපොරොත්තුවූ විමුක්තිය ලැබේවිද??? මේවාට පිලිතුරු ඕනනම් මෙම චිත්‍රපටය බලන්නම වෙනවා. . . .

ට්‍රොයි, ඇලෙක්සැන්ඩර්, ස්පාටකස්, කිංග් ආතර්, ග්ලැඩියේටර් වැනි ඉතිහාස කතා වලටත් කිතුදහන්මේ ශුද්ධවූ නගරය ගැන දැනගැනීමට උනන්දුවක් දක්වන අයටත් සමස්තයක් ලෙස මෙගා ප්‍රොඩක්ෂන් ෆිල්ම්ස් හෙවත් මහාපරිමාන ෆිල්ම්ස් වලට කැමති අපි හැමෝටම මේක බොහෝම අපූරු චිත්‍රපටයක්. දැනට මම පස්පාරක් විතර මේ ෆිල්ම් එක බලල තියෙනවා අයෙත් පාරක් බැලුවත් අලුත්ම ෆිල්ම් එකක් බැලුව වගේ හැගීමක් ලැබෙන උසස් රසවින්දනයක් ඇති ෆිල්ම් එකක් කියන එකනම් නොකියාම බැහැ. . . ..
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සුභාෂ් ගුණවර්ධන සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Kingdom of Heaven (2005) on IMDb

 

 

848 MB කොපිය මෙතනින් බාගන්න

c6410f10477e940ddc0df71e4e2e4e87c22c049a

1.1 GB කොපිය මෙතනින් බාගන්න

A4606E5675AB5880C21B70961F897F01258B0465
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු චාමික ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

63 comments

  1. Thanks for Sub!

  2. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  3. Thanx bro

  4. Thanx bro

  5. thanks bro

  6. sherlick galle

    ElA

  7. දමිත්

    සුපිරි ෆිල්ම් එකක් සහෝ.
    ස්තුතියි උපසිරැසියට

  8. සබ් එකට බොහොමත්ම ස්තූතියි

  9. mewwane yako film.
    Thank You…!
    Thank You…!!
    Thank You…!!!

  10. Wasantha galpoththawala

    ි…

  11. වරුණ නිරෝෂණ

    සබ් නැතුව කලින් බැලුවා… දැන් ආයි බලන්න ඕනි… ස්තුතියි සහෝ

  12. mewage films wala digatama sub danna……………

  13. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි බයිස්කෝප් එකෙක් නොවෑ ගෙනත් තියෙන්නේ, එල එල, ජයවේවා.

  14. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​….මේ වගේ මග හැරුණු ඒවා ලබා දෙන එක ගොඩක් හොදයි.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

  15. බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. Thanks, නියමයි නියමයි.

  17. ස්තුතියි සහෝ

  18. niyamai machan…….eththatama supiri ekak aaaaaaaaaaaaaaaaaaaa thawa thawath nirmana karanda ekenma jayawewa kiyala pathanawa………………

  19. නලින්

    ස්තුතියි ඉසුරු සහෝ!

    ජය වේවා!

  20. thank you very much sahoo

  21. thank you very much

  22. බොහොම ස්තුතියි

  23. සබට ස්තුතියි සහෝ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා එකත් මෙතනම කියන්නම්. torcache.net සයිට් එක ඩවුන්ද කොහෙද. ඒකෙන් දුන්න ෆයිල් ගන්න විදිහක් නැහැ. පොඩ්ඩක් එක බලන්න කියන්න.

  24. ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  25. වරුණ නිරෝෂණ

    මමත් කලින් වතාවක් මේ කතාව බැලුවා….. ඒත් වැඩිය තේරුනේ නැහැ… දැන් උපසිරැසියත් එක්ක ආයි බලන්න ඕනි… බෙහෝම ස්තුතියි සහෝ…

  26. dinidu madushanka

    ela ela saho jaya wewa

  27. This is the best film which I have ever seen in my whole life. This is the 5th time I am watching this film. Amazing story and a script based on the Crusades.

  28. බොහොම ස්තුතියි

  29. Saman Prasad ( Black Panther )

    සබ් එකට බොහොමත්ම ස්තූතියි ඉසුරු සහෝ.

  30. Thankzz Isuru Sahoo Subata……
    3rd Sub Ekath Ikmanin Gemu.
    Digatama Sub Demu Sahoo..
    Jaya Wewa !!! 🙂 🙂

  31. Thankzzzzzzz Saho………. niyama film aka.

  32. නිරෝෂ්

    ela…thanx.jayawewa!

  33. “චූටී මල්ලි”

    බලලා නැ බන්
    එලස්
    සබට තුති
    ඔබට ජය…………

  34. thanxx bro

  35. ස්තුතියි සහෝ….

  36. Maxxa film eka.. kochchara baluwath epa wenne naha.. Thanks machan

  37. මේ වගේ historical theme එකක් තියෙන ෆිල්ම්ස් බලන්න ගොඩක් අය කැමතියි. ඉිදිරියටත් තවත් ෆිල්ම්ස්වලට සබ් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහෝ. ජයෙන් ජය

  38. Givantha Arshakularathne

    Super.Thank you.

  39. හසිතා

    ස්තුතියි….. තෙවන උපසිරැසියත් ඉක්මනට කරන්න පුළුවන් වෙන්න කියල පතනවා…

  40. Lahiru සී. Jayathilaka

    එල එල… මාත් මේ බාන ගමන්….

  41. Elazz machann…..
    thavath magaharichcha ekakk…
    danma banava bn mekaa…
    thanks machann supiri parana film valata
    sub denavataa…

  42. මෙන්න ෆිල්ම් !!


  43. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  44. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  45. elazzzzzz.subata thanks ISURU saho.digatama sub demu.jayen jaya…………

  46. Kingdom of Heaven (2005)link එක වැඩ නෑනේ
    උපසිරැසියත් නෑ

  47. Kingdom of Heaven film eke sub file eka wenama ganna berida sahoo?

  48. elama film ekak macho mama kalin balala tiyanawa ayeth balanna one

  49. ela
    eet hari yanne naa

  50. Ela movie Eka machan.
    Thank u…

  51. පොතේ ගුරා

    @CHinthaka ! ඔව් ඔව් මචෝ,මම අපේ ගෙද‍ර ක‍්රන්ට් බිල ගෙවනව.. 😛
    @Dewage55! අෆොයි..උබේ කමෙන්ට් එක Uraj ගොයියා දැක්කොත් එහෙම මට විරුද්දව උද්ඝෝෂනය ක‍රයි..මමත් මචන් මොඩම් එකට පොඩි ෆෑන් එකක් සෙට් ක‍රල තියෙන්නෙ..
    @ගාල්ලේ බඩා !එළ කිරි මචෝ..බලල කියපන්කො කොහොමද කියල..

  52. ගාල්ලේ බඩා

    ඔන්න බගන්න දැම්මා……. ස්තුතියි

  53. Guro… mage zim ekatanam kela una [over heat] wela, router eka nam beruna, mage thiyenne HSPA connection ekak. aluth ekak gattha, dennam AC eka issarahinma thiyala thiyenne cool wenda, lankawe nemei nisa hondai nethnam apita koinda AC, hik…hik.. anyway it is a nice movie thanks

  54. හොදයි!බාලම බලමුකො..
    පොතේ ගුරා කරන්ට් බිල ගෙවන හිනද නෝ ප්‍රොබ්ලම්…!

  55. පොතේ ගුරා

    @udana! යූ ටියුබ් එකේ බැලුවද මචන්?මම නම් දන්නෙ නෑ සිංදු බාගන්න තැන්..බලමු කස්ටියගෙන් අහල..

  56. pothe guro.. fired up eke සින්දු ටික ලස්සනයි බාගන්ඩ තැනක් කියන්ඩ

error: Alert: Content is protected !!