Saturday , September 19 2020
Breaking News

Kranti (2002) Sinhala Subtitles | විප්ලවය [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

ආයුබෝවන්. කොහොමද යාලුවනේ සැප දුක්. ඉතින් ඔන්න මම ඔයාල ලගට ඉක්මනින්ම ආව තවත් අලුත් උපසිරැසියක් එක්ක.මතකයිනේ මීට කලින් මම ඔයාලට ගෙනාවා 1996 තිර ගත උන diljalee ෆිල්ම් එක. ඒක බලපු නැති අය ඉන්නවා නම් අරන් බලන්න.ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්. මේ පාර මම ඔයාලට ගේන්න හැදුවේ තමිල් ෆිල්ම් එකක්. නමුත් ඒක පොඩ්ඩක් පස්සට දාලා 2002 තිර ගත උන පට්ට ෆිල්ම් එකක් ගෙනාවා. ඉතින් මම ඔයාලට මේ පාර අරන් ආවේ (Kranti 2002) කියන ෆිල්ම් එක.

මේ ෆිල්ම් එක තිර ගත උනේ 2002 මාර්තු 8 වෙනිදා. Action, Drama කියන ගනයට තමයි මේක අයිති වෙන්නේ. හැබැයි imdb අගය නම් ලැබිල තියෙන්නේ බොහොම අඩුවෙන්.(3.7) ඇයිද මන්දා මෙවැනි චිත්‍රපටි සදහා අඩු අගයක් ලැබෙන්නේ.මට නම් ෆිල්ම් එකේ නරකක් පෙනෙන්නේ නැහැ. ඇත්තටම ලස්සනයි ෆිල්ම් එකක්. ලස්සන නැත්නම් මම උපසිරැසි කරන්නෙත් නැහැ.

ෆිල්ම් එකේ ප්‍රදාන චරිතය රගපාන්නේ අපි කව්රුත් දන්න හින්දි සිනමාවේ සුපිරි නලුවෙක් වෙන සනී ඩියෝල්ගේ සහෝදරයා වන බොබී ඩියෝල්. ඒ වගේම සුපිරි ඉන්දීය නිලිය අමීශා පටෙල් ප්‍රදාන නිලිය ලෙස රගපානවා. ලස්සන සින්දු කිහිපයක් තියෙනවා අපි කව්රුත් අහල තියෙන ඒවත් මම උපසිරැසි කලා. අසා ලිවීමක් තමයි කලේ. අන්තර් ජාලයේ ඉන්ග්‍රීසි උපසිරැසියක් තිබුනට ඒක උපසිරැසියක් නෙමෙයි. විකාරයක් මට එපා උනා ඒ විකාරේ දැකලා. ෆිල්ම් එක අතහරින්න හැදුවේ නමුත් මම පොරොන්දු උනා ඇඩ්මින් මඩුල්ලට ඒක හදනවා කියලා.අත හැරියෙ නැහැ. මමම ටයිම් ලයින් හදා ගෙන පුලුවන් උපරිම සාදාරනයක් කලා ෆිල්ම් එකට. ගොඩක් අය කැමතියි 2000 වර්ෂයෙන් එහාට තිර ගත උන ෆිල්ම් බලන්න. ඒවායේ තාක්ශනයත් ඉතාම ඉහලින් තියෙනවනේ. එහෙනම් මම ෆිල්ම් එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. මේක අධ්‍යක්ශනය කරල තියෙන්නේ නරේශ් මල්හෝත්‍රා. නිශ්පාධනය කරල තියෙන්නේ විවේක් කුමාර්. එහෙනම් කතාව මෙහෙමයි.

ඒ.සී.පී අභය ප්‍රතාප් සිo (බොබී ඩියෝල්) ඔහුට ඔත්තුවක් එනවා ත්‍රස්තවාදීන් පිරිසක් හැන්ගිල ඉන්නවා කියල පරන නැව් තටාoගනයක. ඒ පිරිස අල්ලන්න ඒ.සී.පී අභය යනවා . ඒකට සoජනා (අමීශා පටෙල්) එයත් බලෙන්ම එකතු වෙනවා. එහිදී සoජනාට වෙඩි වදිනවා. ඒ වැදුනු උන්ඩය බාවිතා කරන්නේ ලෝකයේ ඉන්න භයානකම ත්‍රස්තවාදීන්. ඊට පස්සේ තමයි කතාව වෙනස්ම පැත්තකට හැරෙන්නේ. ඒ ගැන විමර්ශනය කරන්න යන කොට ඒ.සී.පී අභයට රැකියාවත් අහිමි වෙනවා. මීට වඩා කියන්නේ නැහැ. ඔයාල අරගෙනම බලන්න. ඇත්තටම පට්ට ෆිල්ම් එකක්. ඩව්න්ලෝඩ් කලාට ඒ ඩේට වලට සාදාරනයක් වෙයි මේ ෆිල්ම් එක.

එහෙනම් උපසිරැසි බාගත කර ගන්න ගමන් පහලින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ ශක්තියේ ප්‍රතිපල තමයි අද මේ අරන් ඇවිත් තියෙන්නේ.

එහෙනම් තවත් ලස්සන දමිල උපසිරැසියකින් හමුවෙමු. එතෙක් හැමෝම පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න. රටේ තත්වයත් එක්ක උවමනාවකට විතරක් එලියට යන්න. නිතරම සව්ඛය ආරක්ශක ක්‍රම බාවිතා කරන්න….

එහෙනම් හැමෝටම ජය වේවා.! පරිස්සමින් ඉන්න….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සම්පත් විජේසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Deliver Us from Evil (2020) Sinhala Subtitles | දියණිය සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2020 කොරියානු සිනමාලෝලීන් එනකම් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා…කොවිඩ්-19 වසංගතය මැද්දෙ Box Office …

Leave a Reply to indika75 Cancel reply

Your email address will not be published.

10 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Machan,ubath mage type ekema thama.2000-2005 athara aapu godak film supiri. Mekath patta film eka. Thanks sub ekata.

    Request
    Mela – 2000
    Elaan – 2005
    Chocolate – 2005
    Rishtey – 2002
    Jeena sirf mere liye – 2002

  3. Arawinda Sunimal

    thanks brother sub ekata…………..

  4. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  5. thanks..

  6. සබට තුති වේවා!
    ගොඩක් මහන්සි වෙලා වගේ…
    දිගටම සබ් දෙමු ආ…
    ජය!

  7. Thanks broo puluwannam Deewangee 2002 hindi film eka denna

  8. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. උපසිරැසියට බොහොම ස්තූතියි.

    Request…

    Raja – 1995
    Maharaja – 1998
    Mann – 1999
    Mela – 2000

  10. බොහොම ස්තුතියි නියම වැඩක්

error: Alert: Content is protected !!