You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , December 4 2019
Breaking News
Home / All / Kung Fu League (2018) AKA Gong fu lian meng Sinhala Subtitles | කුන්ග්-ෆු වීරයන්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

Kung Fu League (2018) AKA Gong fu lian meng Sinhala Subtitles | කුන්ග්-ෆු වීරයන්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 23 votes.
Please wait...

ඔන්න ඉතින් යාලුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ ටිකක් වෙනස් විදිහේ ෆිල්ම් එකක්. මොකද ගොඩක් අය මාෂල් ආර්ට් ගැන තියෙන ෆිල්ම් බලන්න කැමතියිනේ. ඉතින් මම මේ ෆිල්ම් එක ගෙනාවෙත් ඒ නිසාම තමයි. හැබැයි ඉතින් මේ ෆිල්ම් එක තියෙන්නේ චින භාෂාවෙන්. ඒ නිසා සමහර අය කැමති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් යාලුවනේ නිවාඩුවක් ලැබුන හැම වෙලේම උපසිරසියක් කරන්න තමයි මම උත්සහ කරන්නේ. හැබැයි ඉතින් ඒ විවේකයත් නිකන්ම ගෙවිලා යනවා හොඳ ෆිල්ම් එකක් හොයාගන්න ගියාම. සමහර වෙලාවට මම 1GB වගේ වෙච්ච ෆිල්ම් Download කරලා, ඒ ෆිල්ම් එක වැඩක් නැත්නම් දෙපාරක් නොහිතා ඩිලීට් කරපු අවස්ථා පවා තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට උත්සහ කරන්නේ සිත් ගන්නා සුළු චිත්‍රපටියක් ඔයාලට අරන් එන්න. ඉතින් මම දැන් ගෙනාපු කතාව සිත් ගන්නා සුළු කතාවක් කියලා මට කියන්න බෑ. මම මේකට රේටින් කරනවා නම් අනිවා මම දෙන්නේ තරු 3ක් වගේ. මොකද මේ ෆිල්ම් එකේ කතාවේ තාත්විකභාවය පොඩ්ඩක් අඩුයි. මම අද්දැකීමෙන් කියන්නේ, ගොඩක් චින කතා මේ වගෙයි. මුලින්ම හොඳට කතාව කරගෙන ගිහින් පස්සේ වැඩේ කනවා. ජැකී චෑන් ඉන්න සමහර ෆිල්ම්ස් පවා එහෙම වෙලා තියෙනවා. ඉතින් මෙච්චර කල් Spanish Films කර කර ඉඳලා චයිනිස් ෆිල්ම් එකකට බැස්සේ වෙනස් අද්දැකීමක් ඔයාලට දෙන්න ඕන නිසාම තමයි. හරි එහෙනම්, අපි දැන් බලමු කතාව කොයි වගේද කියලා…

ඉතින් යාලුවනේ ඔයාලට කිව්වා වගේ මේක චින ෆිල්ම් එකක්. ගොඩක් මාෂල් ආට්ස් පටන් අරන් තියෙන්නේ චිනේ. ඉතින් එහෙම සටන් කලා ආරම්භ වෙලා තියෙන්නේ විවිධ පන්තිවල දාමරිකන් පරාද කරන්න. මම කෙටියෙන් කියන්නකෝ. මේක දිග කතාවක්. චින අධිරාජයාගේ සෙබළුන්ට කරාතේ පුහුණුව ලබා ගැනීම අතාවශ්‍යයි. මොකද එයාලගෙන් සාමාන්‍ය මිනිස්සු බදු මුදල් වගේ දේවල් ආයේ ගන්න බලන නිසා. සෙබළු ලවා තමයි මේ කාලේ බදු මුදල් පවා එකතු කලේ. ඉතින් මේ කරාටේ එක්ක හැප්පෙන්න පුළුවන් කෙනෙක් ඒ කාලේ හිටියේ නෑ. ඉතින් ඔය අතරේදී තමයි මේ නින්ජා කියන සටන් කලාව බිහිවුනේ. මේ සටන් කලාව හරිම භයානකයි. මේ සටන් කලාවෙන් කරන්නේ මාරු නිල වලට පහර දීම. ඉතින් මේ හේතුව නිසා සාමාන්‍ය මිනිස්සු මාරු නිල සටන් කලාව නොහොන් නින්ජා සටන් කාලාව වැළඳගන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ නින්ජා මාස්ටර්ලාට තේරුම් ගියා මේක සාමාන්‍ය ජනතාව වැඩියෙන් දැනගන්න ඕන නැති දෙයක් කියලා. ඒ නිසා එයාලා විවිධ මට්ටම් වලට මේ සටන් කලාව බෙදුවා. එයාලා කරාටේ සටන් කාලාවත් මේකට එකතු කරගත්තා. කුන්ග්-ෆු කියන්නේ ඒ අතරින් එකක්. විශේෂත්වය කියන්නේ මේ කුන්ග්-ෆු සටන් කලාවේ ආයුධ පාවිච්චි කරන්න පුළුවන්. තව වුෂූ කියන සටන් කලාවේ පහර දීම කරන්න බෑ. ඒ වෙනුවට ගහන පහර පෙන්වීම විතරයි කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් පස්සේ දියුණු වෙලා දියුණු වෙලා දැන් හොඳ ආත්මාරක්ෂක සටන් කාලාවක් විදිහට කුන්ග්-ෆු සටන් කලාව නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ලංකාවෙත් කරාතේ, කුන්ග්-ෆු වගේ දේවල් තියෙනවා. හැබැයි මට හිතෙන්නේ ලංකාවේ අපිට ඉස්කෝලවල කුන්ග්-ෆු, කරාතේ කියලා දෙනවට වඩා අංගම්පොර කියලා දෙනවා නම් හොඳයි. මොකද ලංකාවේ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන්නේ අංගම්පොර.හැබැයි ඉතින් මේක මගේ මතයක් විතරයි. හරි..!! දැන් ඉතින් ඔය කාලේදී හිටපු සුපිරිම මාස්ටර්ලා 4දෙනෙක්, එක ළමයෙකුගේ ඉල්ලීමකට කාලය හරහා 20 වෙනි ශතවර්ෂයට එනවා. එයාලවත් දන්නේ නෑ එයාලා කොහොමද ආවේ කියලා. ඉතින් මේ ලමයි, මේ කුන්ග්-ෆු මාස්ටර්ලයි එකතු වෙලා ගොඩක් විනෝදාත්මක වැඩ කරනවා. ඉතින් ඒ මොනවද කියලා නම් මම ඔයාට කියන්නේ නෑ. හැබැයි මට ඔයා ලව්වා මේ ෆිල්ම් එක බලෙන් බලවන්න ඕනේ නෑ. ඉතින් ඒ නිසා මම පැහැදිලිවම කියනවා, මේ ෆිල්ම් එක ඔයා කැමති නම් විතරක් බලන්න, මොකද මේ ෆිල්ම් එකේ අවසානය එච්චර සාර්ථක නැති නිසා. හරි එහෙනම් ගොඩක් වෙලා කතා කලානේ ෆිල්ම් එකට වඩා කුන්ග්-ෆු ගැන. දැන් අපි බලමු කොහොමද මේ ෆිල්ම් එකේ ඇගයිම කියලා.

ඇත්තම කිව්වොත් මේ ෆිල්ම් එකට IMDb Rattings 4.8ක් ලැබිලා තියෙනවා. ඇත්තම කිව්වොත් මම නම් දන්නේ නෑ චිනේ වගේ ලොකු රටක ඒ IMDb අගය හොඳ එකක්ද නරක එකක් ද කියලා. මොකද චිනේ ඉන්න ගොඩක් මිනිස්සු හරිම කාර්යබහුලයි. ඉතින් එයාලට චිත්‍රපටි තියා ඔළුවක් උස්සනවත් වෙලාවක් නෑ. හැබැයි ඉතින් චිනේ ඉන්න විධායක මට්ටමේ රස්සා කරන කට්ටිය නම් අනිවාරෙන් ෆිල්ම් බලනවා ඇති. ඒ කියන්නේ රටෙන් 3% ප්‍රමාණයක් අනිවරෙන්ම චිත්‍රපටි ප්‍රේක්ෂකයෝ. ඒ අතින් බලකොට නම් මේක ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඉතින් මමත් මේවා හොයා ගත්තේ අන්තර්ජාලයෙන්. ඉතින් හදිස්සියේ අන්තර්ජාලේ තියෙන්නේ බොරු නම්, මෙයාලගේ IMDb ඇගයිම ඉතාමත් අඩුයි. ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි මේ මාෂල් ආර්ට්ස් කියන්නේ ආගමක් කියලා. ඇත්තටම ඒ වගේ එකක් කරන්න ලොකු පුහුණුවක් ඕන කරනවා. හැබැයි මේ ෆිල්ම් එකේ කියන විදිහට එහෙම ලොකු පුහුණුවක් නැතුව ක්ෂණිකව කුන්ග්-ෆු මාස්ටර් කෙනෙක්ගේ මට්ටමටම එන්න පුළුවන් ක්‍රමයක් විග්‍රහ කරනවා. ඉතින් ගොඩක් චිත්‍රපටි විචාරකයන්ගේ අදහස වෙලා තියෙන්නේ මේක කරන්න පුලුවන්ද? බැරිද? කියන එක. මොකද, හොවැන්හෝ ශිෂ්ඨාචාර අවධියෙදී හොයාගෙන තියෙනවා මේ ක්‍රමයට තමන්ගේ හැංගිච්ච හැකියා ක්ෂණිකව එලියට අරගෙන තියෙනවා කියලා. හැබැයි ඉතින් ඒ කොහෙවත් එලියට ගත්තේ කුන්ග්-ෆු කියලා නම් සඳහන් කරලා නෑ. හරි හරි දැන් ඉතින් ගොඩක් දේවල් කතා කලානේ. එහෙනම් මම දැනට ඔයාලගෙන් සමු ගන්න තමා හදන්නේ.

ඔබ සැමට ජය වේවා..!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ පවන් විකසිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-04-30
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

17 comments

  1. Nadeesha rox alahakoon

    Anthimanum aul thama. Athal eke blnna puluwn

  2. Nadeesha rox alahakoon

    Mekanum baluwa bn. Ft film eka a

  3. Thanks for Sub!

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. yanakathambawita

    උපසිරැසියට බොහොම ස්තූතියි…හැබැයි සහෝ ඔයා කරලා තියෙන විස්තරය නම් ටිකක් වැරදියි…චීන්නු kung fu ආරම්භ කරේ නෑ…ඒක ඉන්දියාවෙන් ⁣එහෙට ගියේ…karate,ningitsu කියන්නෙ ජපන් ශෛලීන් දෙකක්..ඒක නිසා kung fu කියන්නෙ karate වල කොටසක් නෙවෙයි..මම දන්න විදිහට නම් එහෙමයි විස්තරේ…මම comment කරේ film එක බලන්න කලින්ම.

  6. yanakathambawita

    උපසිරැසියට බොහොම සතූතියි…හැබැයි සහෝ ඔයා කරලා තියෙන විස්තරය නම් ටිකක් වැරදියි…චීන්නු kung fu ආරම්භ කරේ නෑ…ඒක ඉන්දියාවෙන් ⁣එහෙට ගියේ…karate,ningitsu කියන්නෙ ජපන් ශෛලීන් දෙකක්..මම දන්න විදිහට නම් එහෙමයි.

  7. RuwanLakshan93

    ස්තූතියි සහෝ.

  8. kelumchathuranga

    thanks

  9. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  10. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Parasite (2019)

  11. Bandarajbandara

    ස්තුතියි

  12. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති. මේකටත් sub දෙන්නකො
    The ballad of buster scruggs (2018)

  13. Thenks for sub

  14. Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata… 🙂
    Jaya wewa.!

error: Alert: Content is protected !!