Saturday , September 25 2021
Breaking News

Kunthi (2021) AKA Rakshasi (2017) Sinhala Subtitles | භූත ගැහැනු දරුවා [සිංහල උපසිරසි]

Rating: 8.3/10. From 42 votes.
Please wait...

සුභ දවසක් යාළුවො හැමෝටම, එහෙනම් තවත් චිත්‍රපටියක උපසිරසියකින් ඔයාලව හම්බ වෙන්න ආව. ඒ ආවෙ 2017 ජූලි 7ත් වෙනිද නිකුත් උන බය උපදවන හොල්මන් ෆිල්ම් එකක් අර ගෙන. නම තමයි Rakshasi(භූත දරුවා) හැබැයි මේක තෙලිඟු ෆිල්ම් එකක්, ඒත් ඒකෙ වීඩියෝ පිටපතක් හොයා ගන්න බැරි උනා. ඒ වගේම ඉන්ග්‍රීසි උපසිරසිත් අන්තර්ජාලයේ නැහැ. ඒ නිසා මේකෙම තමිල් එක මෑතකදි නිකුත් උනා. ඒ 2021 ජනවාරි 19 වෙනිදා. ඒ නිසා ඒකට උපසිරසිය කලා. ශාන් විමුක්ති සහෝට ස්තුතියි මේක කරන්න වෙන් කරල දුන්නට. මම දන්නව මේ ෆිල්ම් එක බයිස්කෝප් රසික රසිකාවියො ආදරෙන් වැලද ගනියි කියල. හොල්මන් ෆිල්ම් බලන අය නම් ගොඩක් කැමති වෙයි. අද්‍යක්ශක වරයා කුතුහලය, බය, ත්‍රාසය ඔක්කොම එකට අරන් ඇවිත් තියෙනවා,

ඉතින් ෆිල්ම් එකට නම් රේටින් හොදට ලැබිල තියෙනවා. imdb අගය 7.7 ක් අරන් තියෙනවා. ඒ වගේම ගූගල් පරිශීලන කැමැත්ත 75%ක් අර ගන්න සමත් වෙලා තියෙනවා. Drama/Thriller ගනයට තමයි මේක අයිති වෙන්නෙ. ඉතින් ලස්සන ෆිල්ම් එකක් කියල තමයි කියන්න වෙන්නෙ.

එහෙනම් ෆිල්ම් එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. මහා බයානක ශක්තියක් තියෙන ආත්මයක්, කිසිම බලවේගයකට යටත් කර ගන්න බැරි ආත්මයක්, ඉතින් මේ නපුරු බලවේගය මිනිසුන්ට අනාගතේදි ගොඩක් කරදර කරයි කියල මිනිසුන්ගෙ සුබ සිද්දිය වෙනුවෙන් එක පූජකයෙක් තම ශක්තිය යොදාගෙන තම ජීවිතය පූජ කරල ඒ නපුරු ආත්මය විනාශ කරනව. ඒත් හැමෝම හිතුවෙ ඒ ආත්මය විනාශ උනා කියල. ඉතින් ඒ නපුරු ආත්මය එයාගෙ සම්පූර්ණ ශක්තිය යොදල කොහේදෝ දරුවෙක්ව ජාතක කරනවා. ඉතින් ඒ දරුව අනාත නිවාසයක ඉන්න කොට එක පවුලක් එයාව හදාගන්න අරන් යනවා. එතනින් එහාට ලොකු විනාශයක් වෙන්නෙ. ඉතින් මේ භූත දරුව කොහොමද පලි ගන්නේ කියල බලන්න. ඒ නපුරු ආත්මය විනාශ කරන්නේ කොහොමද කියල බලන්න ෆිල්ම් එක ඔයාලට බලන්නම වෙනවා.

රෑට බලනවා නම් ඇත්තටම ගොඩක් හොදයි. හැබැයි බය අය නම් රෑට බලන්න එපා. එහෙනම් හැමෝම පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න ගමන් ෆිල්ම් එක බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.

එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියක උපසිරසි සමග ඔයාලව හම්බ වෙන්න එන්නම්. උපසිරසි ගන්න ගමන් ඔයාලගෙ අදහස් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

හැමෝටම බුදුසරනයි. දෙවිපිහිටයි. ජය වේවා!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරස TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සම්පත් විජේසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E08] Sinhala Subtitles | අවසානය සහ අරුනෝදය… [සිංහල උපසිරැසි]

මේ අරන් ආවෙ කතා මාලාවෙ අවසන් කොටස. පහුගිය කොටසෙ කට්ටියම එකතු වෙලා ආච්චිව බේර ගත්තනෙ. …

Leave a Reply

Your email address will not be published.

20 comments

  1. ලිපියෙ තියෙන්නෙ තනිකර අතිශෝක්තියක්.අපේ භාශාවෙන්ම කීවොත් ෆිලුම මල ජරාවක්.එව්නාට සබ් එකට තෑන්ක්ස්.මහන්සි වෙලා කරපු සබ් එකක්නෙ.

  2. Shane de Silva

    Thanks for the subtitle.Keep it up the good work.

  3. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  4. Mala Jarawak balapu time eka aparade Sub ekata thankz bro

  5. Thanks For Sub but mala jarawak film eka balapu time eka aparade

  6. Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

  7. තඩි ජරවක්. රෑට බලන්න කියපු නිසා මම හිතුවා හොද ඇති කියලා

    • Thank u for sub bro. Ane e unta film eka nam melo rahak ne. Me wage film wenuwata iwara karapu nathi series walata sub dennako.blindspot, sabrina, i zombie, blacklist wage supiri series iwara karala ne

    • ලිපියෙ තියෙන්නෙ තනිකර අතිශෝක්තියක්.අපේ භාශාවෙන්ම කීවොත් ෆිලුම මල ජරාවක්.

  8. Ela film ekak

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  10. තැන්කු තැන්කු

  11. Thank you for your sub

  12. Kawruwath sub nodeepu thai,indonesian horror tikakta sub dennkow
    Thai horror supiri

    • තායි හොරර් ඒව නම් සුපිරි තමා… ඒවට එන ඉංග්ලිෂ් සබ් එක එච්චර අමාරුත් නැති නිසා මං නම් බලන්නෙ ඉංග්ලිෂ් සබ් එකෙන්මයි අතාරින්නෙ නෑ සිංහල සබ් නෑ කියල

  13. kavinda gamage

    බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  14. තිසර නියෝ

    උපසිරසියට තුති

  15. සිංහල උපසිරැසියට ස්තූතියි

  16. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

error: Alert: Content is protected !!