Monday , June 25 2018
Breaking News
Home / All / Kurangu Bommai (2017) Sinhala Subtitles | පිය සෙනෙහස අහිමිකල ප්‍රතිමාව. [සිංහල උපසිරැසි සමඟ]

Kurangu Bommai (2017) Sinhala Subtitles | පිය සෙනෙහස අහිමිකල ප්‍රතිමාව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 13 votes.
Please wait...

මේ පාරත් අරගෙන ආවෙ සුපිරිම දෙමළ ෆිලුමක්, නිකුත් වෙලා තියෙන්නෙ 2017 සැප්තැම්බර් මාසෙ. මේ ෆිලුමත් IMDB මීටරේ සෑහෙන ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙනවා, අගය 8.1 ක්.චිත්‍රපටියේ අධ්‍යක්ෂණය, තිර රචනය Nithilan Swaminathan ගෙන් දෙබස් කරල තියෙන්නෙ Madonne Ashwin. සංගීත අධ්‍යක්ෂණය Ajaneesh Loknath ගෙන්. ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ Vidharth (කදීර්), Bharathiraja (සුන්දරම්) සහ Delna Davis යන අයයි. මෙයාලගෙ රගපෑම ගැනනං කියන්න වචන නෑ, ඒ තරං ලස්සනයි. ඔයා සංවේදී කෙනෙක්නම් සුන්දරම්ගෙ රංගනයට සමහරවිට ඔයාගෙ ඇහෙන් කදුලක් වැටෙන්නත් පුළුවන්. චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න ඉන්දියානු රු. මිලියන 25ක වියදමක් දරල තියෙනවා. ඒ වගේම මිනිත්තු 105ක කාලයක් චිත්‍රපටිය ඔයාලට රසවිදින්න පුළුවන්.

ඒකාම්බරම් කියල දැව ව්‍යාපාරයක් කරගෙන යන මැරයෙක් ලග අවංකව වැඩ කරගෙන ඉන්න කෙනෙක් තමයි සුන්දරම්. දවසක් එක ජාවාරම් වැඩකට මැඩ්‍රාස් වලට මිලියන 50ක් වටින බඩු අරගෙන යන්න ඒකාම්බරම්, සුන්දරම්ට පවරනවා. කදීර් කියන්නෙ සුන්දරම්ගෙ පුතා, එයා මැඩ්‍රාස් වල වැඩ කරන රියදුරෙක්. සුන්දරම් මේ ගමන යන විත්තියක් කදීර් දන්නෙ නෑ. කදීර් වැඩට යන ගමන් බස් නැවතුමේ ඉන්නකොට වයසක කෙනෙක් බෑග් එකක් අරගෙන එතනට එනවා. එයා කියනව දුවගෙ කසාදෙ දෑවැද්ද ගැන තිරණය වෙන්නේ මේ බෑග් එක මතයි කියලා. කොහොම හරි ඕක අහගෙන හිටපු එතන හිටපු හොරෙක් බෑග් එක උදුරගෙන දුවනවා. හොරා තමයි ෆිල්ම් එකේ හොදම ආතල් දෙන්නෙ, මිනිහට නින්ද යන්නැති ප්‍රශ්නයක් එහෙමත් තියෙනවා.

කොහොමහරි කදීර් හොරා පස්සෙන් පන්නල බෑග් එක අරගන්නවා. ඊට පස්සෙ අයිතාකාරයට දෙන්න හොයනකොට මිනිහ අතුරුදහන්. බෑග් එක ලොක් කරල තියෙන නිසා ඇතුලෙ මොනවද තියෙන්නෙ කියලත් බලන්නෙ නෑ. ඉතින් කදිර් බෑග් එක අයිතිකාරයට දෙන්න හොයාගෙන නොසෑහෙන්න රස්තියාදු වෙනවා. ඔය අතරෙදි තාත්තා දවස් 2ක් තිස්සෙ නෑ කියල, කදීර් තාත්තවත් හොයාගෙන ඉන්නවා. අර හොරත් බෑග් එක පස්සෙම පන්නනවා. අවසානෙදි බෑග් එකේ තියෙන්නෙ මොනවද කියල දැනගත්තහම තමයි කදීර්ට උන්හිටි තැන් අමතක වෙන්නෙ….ඕක තමයි ෆිලුමෙ ප්‍රධාන සිද්ධිය…..බෑග් එකේ තියෙන දේ දැනගන්නනං ඉතිං ෆිලුම බලන්නම වෙනවා හොදද.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

21 comments

  1. බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
    දිගටම අලුත් ටැමිල් ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ

  2. සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Aruvi tamil movis එකට සිංහල උපසිරැසි දෙනවාද …

  4. නියමයි….

  5. ස්තුතියි ධනුෂ්ක සහෝ.ජයවේවා!

  6. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. bohoma sthuthi sahooo

  9. උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ………..

  10. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Thank you…………

  12. උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. උපසිරැසියට ගොඩක් ස්තුතියි. Pakka (2018) HD මේ ෆිල්ම් එකටත් සබ් කරන්න බලන්න.

  14. Thank you SAHO………….

  15. Thank you…………

  16. godaaak sthuthui saho

  17. Thank You

  18. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!