You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , March 31 2020
Breaking News
Home / All / Lean On Me (1989) Sinhala Subtitles | හරි අපූරු විදුහල්පති… [සිංහල උපසිරැසි සමග]

Lean On Me (1989) Sinhala Subtitles | හරි අපූරු විදුහල්පති… [සිංහල උපසිරැසි සමග]

Rating: 9.3/10. From 14 votes.
Please wait...

Lean on Me කියන්නෙ 1989 වර්ෂයේ නිකුත් වෙච්ච, The karate Kid 1, 2, 3, Rocky V වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ ජෝන් ජී. ඇවිල්ඩ්සන් නම් අධ්‍යක්ෂකවරයා අතින් අධ්‍යක්ෂණය වුණු සත්‍ය කතාවක් පාදක කරගත් සිනමාපටයක්.කතාවට පාදක වෙන්නෙ ජෝ ක්ලාක්, එහෙමත් නැත්නම් “පිස්සු ජෝ” නම් විදුහල්පතිවරයෙක්, පිරිහීමට පත් වී තිබූ පාසලක් ගොඩ ගැනීමට දරන උත්සාහයයි. IMDb දර්ශකයේ 7.4ක අගයක් අර ගැනීමට මේ සිනමාපටය සමත් වෙලා තියෙනවා. කතාව පොඩ්ඩක් බලමු එහෙනම්..

ඊස්ට් හයි ස්කූල් කියන්නෙ නිව් ජර්සි ප්‍රදේශයේ තියෙන උසස් පාසලක්. නමුත් මේ පාසල මත්ද්‍රව්‍ය සහ අපරාධ නිසා පිරිහීමට පත් වෙලයි තියෙන්නෙ. කොච්චරටම පිරිහිලාද කියනවා නම් ළමයින්ට අධ්‍යාපනයට කිසිම උනන්දුවක් නෑ. කොටින්ම ගුරුවරුන්ට පවා මේ අපරාධ නිසා හිරිහැර සිද්ධ වෙනවා. ඉතින් නගරාධිපති බොට්මන්ට ආරංචි වෙනවා මේ පාසල තවත් මේ විදිහට තිබුනොතින් ප්‍රාන්ත පරිපාලනය යටතට පාසල ගන්නවා කියලා. ඉතින් මේක වළක්වගන්න නගරාධිපති පාසල් අධ්‍යක්ෂකවරයෙක් වෙන ෆ්‍රෑන්ක් නැපියර් එක්ක විසඳුමක් සාකච්චා කරනවා. එතනදි තමා එයා මේ පාසල ගොඩ ගන්න නම් ඒ පාසලේම කළින් ගුරුවරයෙක් විදිහට සේවය කරපු ජෝ ක්ලාක් කියන ගුරුවරයාව මේ විදුහලේ අළුත් විදුහල්පතිවරයා විදිහට පත් කරන්න ඕනා කියලා යෝජනා කරන්නෙ. මුලදි නගරාධිපති මේ වැඩේට අකමැති වුණත් වෙන කරන්නම දෙයක් නෑ කියලා ෆ්‍රෑන්ක් පැහැදිළි කරලා දෙන නිසා නගරාධිපතිට ඒ තීරණයට එකඟ වෙන්න වෙනවා. ඉතින් කොහොම නමුත් ජෝට මේ අදහස ෆ්‍රෑන්ක් ගිහිං කිවුවම ජෝ මේ වැඩේට කැමති වෙන්නෙ නෑ. නමුත් අන්තිමේ කැමති වෙනවා. ඉතින් එහෙම මේ කැමති වෙන ජෝට මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? මේ ඉතාමත් පිරිහීමට පත්වෙලා තියෙන පාසල මේ විදුහල්පතිවරයාට ගොඩගන්න පුළුවන් වෙයිද?

කෙනෙක්ට හිතෙයි මේක බලලා වැඩක් නෑ, හරිම පරණ සිනමාපටයක්නේ කියලා. ඒ්ත් මම අාරාධනා කරනවා හැම කෙනක්ටම මේක බලන්න කියලා. ඒ් තරම් ලස්සන කතාවක් මේකෙ. කියන්න බැරි උනා මේකෙ ජෝ විදිහට රංගනයෙන් දායක වෙන්නෙ අපි හැමෝම දන්න මෝගන් ෆ්‍රීමන්.ඉතින් හිතාගන්නකො මේ සිනමාපටය බලන්න වටිනා එකක්ද නැද්ද කියලා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා පමණක් වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. Thanks for the sub

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. පරණ වුනත් හොඳ කතාවක් ගෙනත් තියෙන්නේ. උපසිරැසියට තුති.

  4. බොහොම ස්තූතියි සබ් එකට…..!

  5. Lean On Me (1989) Sinhala Subtitles link aka
    baiscopedownloads wala hoya ganna baane

    pl link aka ganna udaw karanna

  6. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නිර්මාණි.
    ජයෙන් ජය.

  7. channamayanthi

    sub eka hariyata enawada

  8. බොහොම ස්තුතියි සබ් එකට… ෆිල්ම් එක ගනිපු කෙනෙක් ඉන්නවා නම් ගනිපු තැනක් කියන්න plz

  9. thanks saho sub ekata

  10. patta

  11. Ela.k-pax 2001. Karanne.nedda?

  12. උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  13. subata thanks sis….keep it up….

  14. channamayanthi

    sub error ekak enawa hadanne komada

  15. AsithaDilruwan

    Ela saho thanks

  16. sub ekata thuthi. parana unata mewa balanna asai. hoda arthyak thiyena ewa.

  17. ඔබට බෙහෙවින්ම ස්තුත්යි .

  18. සබ් 1 ට ස්තූතියි…..

  19. බාගෙන තිබුනා කලින්ම…. සබ ගැලපෙනවා ඒකට හරියටම….
    බොහෝම ස්තුතියි නිර්මාණි නංගි උපසිරැසියට…
    ජය…!!!

  20. Nishantha jayalath

    Supiri naluwekne inne. Film ekath supiri athi. Thanks bro.

error: Alert: Content is protected !!