Monday , September 21 2020
Breaking News

Les Misérables (2012) Sinhala Subtitles | මනුතාපය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ අළුත්ම අළුත් සුපිරිම සුපිරි චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙන මම ආයෙත් ආවා.. මේකෙ නම දැකපු ගමන් ඔයාලට මේ කතාව ගැන මතක් වේවි. ප්‍රංශ සාහිත්‍යයේ අති විශිෂ්ඨ නිර්මාණයක් වන මේ “මනුතාපය“ වික්ටර් හියුගෝ නම් ශ්‍රේෂ්ඨ නවකතා කරු විසින් රචිත සම්භාව්‍ය කෘතියක්. මුල් කතාව කිසිම වෙනසක් නැතිව උපරිම රසාස්වාදය ලැබෙන අයුරින් නිපදවපු මේ චිත්‍රපටිය IMDb රේටින් වල 8.0/10ක් තරම් ඉහල අගයක් ලබා ගැනීම පුදුමයක් නෙවෙයි. ඔස්කාර් සම්මාන 8ක් සහ තවත් සම්මාන 79ක් සඳහා නාම යෝජනා වී ඇති මේ චිත්‍රපටිය සම්මාන 31ක් සඳහා හිමිකම් කියන සුපිරි ගණයේ නිර්මාණයක් කියලා මුළු ලෝකෙම පිළිගන්නවා. ඒ වගේම මෙවන් සුපිරි ශ්‍රේෂ්ඨ නිර්මාණයකට ඔයාලට සිංහල උපසිරැසි ගෙන එන්න ලැබීම මගෙත් වාසනාවක්… මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර තෙවෙනි ස්ථානයේ තියෙන්නෙත් මේ චිත්‍රපටිය බව IMDb වෙබ් අඩවිය පවසනවා. 2012 වසරේ දෙසැම්බර් 28 වෙනිදා තිරගත වීම පටන් ගත්ත මේ චිත්‍රපටිය මුල් සතියේ විතරක් ඩොලර් මිලියන 28ක් හෙවත් රුපියල් මිලියන 3500ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකුත් තියලා තියෙනවා. මේ චිත්‍රපටිය යුනිවර්සල් සමාගමේ දැවැන්ත නිර්මාණයක් වන අතර මෙහි විශේෂත්වය වෙන්නේ චිත්‍රපටියේ සෑම දෙබසක්ම පැවසෙන්නේ ගීතමය අයුරකින් වීමයි.

මේ කතාව ගැන අපේ යාළුවන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. තම සහෝදරියගේ පුතාගෙ ජීවිතේ බේරගන්න ඕන කමට පාන් ගෙඩියක් හොරකම් කරපු නිසා ජෝන් වැල්ජෝන් කියන පුද්ගලයව හිරේට නියම වෙනවා. පාන් ගෙඩිය හොරකම් කරාට අවුරුදු 5ක් සහ පැන යන්න උත්සාහ කලාට අවුරුදු 15ක් වශයෙන් jir 20 කින් තමයි ඔහුව සිරගෙට නියම වන්නේ. එහිදි ඔහුට ජාවෙට් නමින් පොලිස් නිලධාරියෙක් මුණ ගැහෙනවා. ඔහු තමයි වැල්ජෝන්ගෙ පරම හතුරා වෙන්නේ.. වසර 20ක සිර දඬුවම යහපත් කල්ක්‍රියාව නිසා වසර 19 කින් අවසන් වෙලා වැල්ජෝන්ට කොන්දේසි සහිත සමාවක් ලැබෙනවා. ඒ කොන්දේසිය වන්නේ හැම මාසෙකම පොලිසියේ පෙනී සිටින හැටියටයි. හිරෙන් නිදහස් වෙලා එන වැල්ජෝන්ට රැකියාවක් ලබා දෙන්න කවුරුත්ම කැමති වෙන්නෙ නැහැ. ඒ වගේම හැම මිනිහෙක්ම මේ වැල්ජෝන්ට හරියට හිරිහැර කරනවා. එදා රෑ සීතලේ ගැහි ගැහී පල්ලියක සොහොනක් ලඟට වෙලා ඉන්න වැල්ජෝන්ට ඒ පල්ලියේ පූජකතුමා කරුණාව දක්වලා ඇතුලට කැඳවගෙන ගිහින් හොඳට කන්න බොන්න දීලා නිදාගන්නත් හොඳ තැනක් ලබා දෙනවා. ඒත් වැල්ජෝන් ඉන්නේ මිනිසුන් ගැන වෛරයෙන් නිසා සහ ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඒ පල්ලියේ තිබුන රිදී භාණ්ඩ සොරාගෙන රාත්‍රියේදිම එතනින් පැනලා යනවා. ඒ උනාට ඔහුට වැඩි දුර යන්න ලැබෙන්නෙ නැහැ. පොලිසියෙන් ඔහුව බඩුත් එක්කම අල්ලගන්නවා. එහෙම අල්ලගෙන බඩුත් එක්ක නැවත පල්ලියට අරගෙන එනවා. වැල්ජෝන් පොලිසියට කියන්නේ ඒ රිදී භාණ්ඩ තමන්ට පල්ලියේ පූජකතුමා දුන් බවයි. පොලිසියෙන් ඇවිත් මේ ගැන පූජකතුමාගෙන් ඇහුවම ඔහු කියන්නේ…????

ඉතින් මේ කතාව කියවපු හෝ බලපු අය දන්නවා ඇති ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා.. මේ කතාව ගැන නොදන්න කෙනෙක්නම් ඉතින් ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා බලලම තමයි දැනගන්න වෙන්නේ..කොහොම උනත් සාමාන්‍ය කතාව වෙනස් ආකාරයකින්.. එනම් ගීතමය ආකාරයකින් තියෙන මේ චිත්‍රපටිය ඔයාලට වෙනස්ම අත්දැකීමක් වේවි කියලා හිතනවා.. ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

68 comments

  1. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  2. Lakshansilva18

    බොහොම ස්තුති උපසිරසියට අනිවා බලනවා

  3. thank you

  4. සුපිරි <3

  5. දිනිඳු අයියගේ සබක් නොවැ…
    එහෙනම් අහන්න දෙයක් නෑ සුප්පෙට ඇති…
    ඔන්න බානවා…
    සබට තුති වේවා අයියේ…
    ජය වේවා…!!!

  6. It’s a humble request. Please upload subtitle for PHANTOM OF THE OPERA which released on 2004. and thnx for Les Miserables subtitle.. Lots of thanks for you my dear biscope.lk…

  7. Bohoma thanx sub ekata… PHANTOM OF THE OPERA kiyala 2004 aapu movie ekata sub upload karanawadha..? eke inna Main Actor 300 movie eke Main Act karapu GERARD BUTLER

  8. sujith lasantha

    sub walata thanks. ada tama film eka balanta yanne.

  9. අගය කරන්න වචන නැති තරම්. ඒ තරම් ලස්සනයි ෆිල්ම් එක. ඒ වගේම උපසිරැස විශිෂ්ටයි. සිංහල උපසිරස නොතිබුනා නම් මම මේක නොබලන්නත් තිබුණා. බොහොම ස්තුතියි දිනිඳු සම්පත් සහෝ සිංහල උපසිරැස වෙනුවෙන්.

  10. මට මනුතාපය කතා පොත කියවද්දිත් ඇඩෙනවා,මේක බැලුවොත් මොනවා වෙයිද?
    thanks

  11. ගොඩක් ස්තුතියි

  12. film eka harima lassanai. thank you for uploading sinhala subtitle for this film. oyata puluwan nam Les Miserables (1998) film 1ta subtitles upload karanda please.

  13. thanks you very much.wadagath film ekak .

  14. mama බ්ලූරේ (BRRip) enakamma hitiyaa meka balanna. thanx saho

  15. niyamai niyamai macho

  16. කතා දෙකක් නැහැ සහෝ සුපිරියට කරල තියනවා….
    ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් මහන්සි වුනාට…

  17. enakan balagena hitapu film ekak!Godak thanks.’ARGO’,’Lincoln’ films dekath denna puluwan nam godaak hondai.
    Jayawewa!!!

  18. thanks.math dan download karagaththa.

  19. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා

  20. රාම් රාජ්

    ස්තූතියි

  21. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  22. Thank u very much, I watched the mini movie which was subbed in Sinhala in 90’s. This is a heart touching story ….

  23. Niyamay. Thank u very much.

  24. wenas ma wu athdekimak laba dena Vishista nirmanayak. Honda gala yaamak athi sangeethamaya nirmanyak. bohoma isthuthiy.

  25. thankss saho

  26. හසන්ත වික්‍රමරත්න

    තෑන්ක් යු වේවා තමා කියන්න වෙන්නේ, බලන් හිටියේ මේකේ සබ් එක එනකන්. ආරංචියක් ආවා ඔයා කරනවා කියලා. 😀

  27. mudiya / මුදියා

    නියමයි දිනිඳු.සුපිරියි වැඩේ නම්.ඔෆිස් එකේ බාන්න දාල ආවෙ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!

  28. ජයවේවා! වටිනා කියන වඩක්.

  29. සුපිරිම සුපිරි වැඩක් මේක … ජය

  30. thankZ, but..,
    ඉක්මනට බ්ලූ රේ එකක් ආව ගමන් ඒකට මේක අප්ඩේට් කරනවාද….

  31. බොහොමත්ම ස්තූතියි දිනිඳු සහෝ. මේකට උපසිරැසි දාන්න ඕනා කියලා හිත හිත හිටියත් වෙලාව ඒකට හරස් වුණා. අනිවා පට්ටම චිත්‍රපටියක්. ඔන්න මමත් බානවා. 😛

  32. සචිත උදාර

    එළනේ…! බොහොම ස්තූතියි! 🙂

  33. පට්ට මචෝ.. මේ film එක දානකම් බලං හිටියේ.පුලුවන්ම් anna karenina 2012 සබ් දාපන්..thnx 🙂

  34. “චූටී මල්ලි”

    සුපිරි එකකට සබ් දුන්න සුපිරි කොල්ලෙක් ඔයා

  35. Great Job. Thanks!!!

  36. ලොවෙත් නෑ පට්ට

  37. සංජිව

    ගොඩක් ස්තුතියි, මමත් ඩවුන්ලොඩ් කරගත්තා දැන්ම බලන්න ඔනා….

  38. නියමයි.. ඔන්න අපිත් බානව හොදේ..

  39. එලම කිරි වැඩක් නේ…අපිත් බානවා..ජයම වේවා!

  40. elalalallalalalalallaa

  41. patta patta patta

  42. 🙂 thnxz 🙂

  43. පට්ටම ෆිල්ම් 1ක්… ජය වේවා…….!!!

  44. නලියා

    නියමයි දිනිදු සහෝ..
    සුපිරි නිර්මාණයකට සබ් දැම්මට.. තව තවත් මේවගේ සබ් දාන්න ලැබේවා..

    ජය වේවා…!

  45. සුපිරිම සුපිරි වැඩක් මේක … ජය

  46. jayama weywa!!!

  47. niyamai 😀

  48. දිෂාන්

    ජයවේවා දිනිදු හොද film එකක් අනිවාරෙයෙන්ම බලන්න ඕනි. බෝම පිං.
    මම මේ පොත පොත් සාප්පුවක තිබිලා ටිකක් බැලුවා මොකද වෙනස් නමක්නෙ.
    ඒත් ගත්තෙ නම් නෑ. දැන් ඉතින් කියවන්නෙ නැතිව බලන්නම පුළුවන්නෙ. ඔන්න ගත්ත මමත්.

  49. අනිවා බෑමක් මේක. බොහොම පින් මහන්සි වෙලා සබ් දැම්ම එකට

  50. thnxxxxxxxxxxxx

  51. wow….maru 🙂

  52. thanks macho

  53. මැක්සා මචං අනිවා මේක දෙනකම් උන්නේ 🙂

  54. ජයෙන් ජයම වේවා සුපිරි

  55. පට්ටම ෆිල්ම් එකක් නේ අදම බලන්න ඕනේ….ජය වේවා!

error: Alert: Content is protected !!