Wednesday , September 23 2020
Breaking News

Line Walker (2016) AKA Shi Tu Xing Zhe with Sinhala Subtitles | රහස් විමර්ශනය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.1/10. From 19 votes.
Please wait...

ඔන්න කාලෙකට පස්සෙ සුපිරිම භාන්ඩයක් ගෙනාව. මේක මගේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් කරන සිව්වන උපසිරසි ගැන්වීම. පට්ටම සටන් ජවනිකා වගේම, කොමඩි බලන්න කැමති අයටත් එලම ෆිල්ම් එකක් වේවි මේක. අනික මේක කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම බලන් යන්න පුළුවන් Thriller(ත්‍රාසජනක) ගණයටත් අයිති වෙනව. මේකෙ 18+ දර්ශන නැතත් භාෂාව නම් 18+ වලට තමා ගැලපෙන්නෙ. මන් කතා රසයට බාධා වෙන නිසා වචනවල සැර බාල කරෙත් නෑ ඉතිං. 14+ වලින් එහා වත් බලනවනම් හොඳයි කෝකටත්.

කතාවට හැරුණොත්, CIB(Criminal Intelligence Bureau) එකේ රහස් පොලිස් නියෝජිතයන් වගයක් කුඩු බිස්නස් අල්ලන්න රහස් මෙහෙයුමක් කරගෙන යනව. මේ අස්සෙ මෙයාලගෙ  CIB ප්‍රධානියා මැරෙනව. හැබැයි මැරෙන්න කලින් රහස් මෙහෙයුමේ නියෝජිතයන්ගෙ අනන්‍යතා සහිත විස්තර පොලිස් පරිගණක ගබඩා වලින් මකනව මේ ප්‍රධානියා. මේ නිසා පොලීසියටවත් මේ රහස් නියෝජිතයන් කවුද කියල හරියට හොයා ගන්න බැරි වෙනව.

මේ රහස් නියෝජිතයිනුත් කුඩු ජාවාරමට සම්බන්ධ වෙලා ඉන්නෙ තොරතුරු රහසින් ගන්න ඕන නිසා. එයාලව පොලීසිය හරියට හොයා ගත්තොත් තමා කුඩු ජාවාරම් කාරයින්ව අල්ල ගන්න උදව් ගන්න පුලුවන් වෙන්නෙ. ඒත් පොලීසියට ඇත්ත රහස් නියෝජිතයො කවුද කියල තහවුරු කර ගන්න බැරුව එයාලව හොයන්න වෙනම මෙහෙයුමක් කරවා. මේ අස්සෙ බ්ලැක්ජැක් කියල එක රහස් නියෝජිතයෙක් පොලීසියට තමන් හඳුන්වා දෙනවා. ඒත් එයාටත් අනන්‍යතාව ඔප්පු කරන්න බැරුව එයා කියන දේවල් පොලීසිය එක පාරට විස්වාස කරන්නෙ නෑ.

බලන්නකෝ පොලීසිය රහස් නියෝජිතයින්ව හොයා ගනීවිද ? ඒ රහස් නියෝජිතයින් තාමත් පොලීසියටද වැඩ නැත්නම් සල්ලි නිසා එයාලත් කුඩු බිස්නස් එකටම බැහැල ද ? බ්ලැක්ජැක්ට මොකක් වේවිද ? කියල.

මේක මාර කුතුහලයක් ඇති වෙන ෆිල්ම් එකක්. අන්තිම වෙනකන්ම ෆිල්ම් එක බලන්න වෙනව සමහර කරුණු පැහැදිලි කර ගන්න නම්. ඇතිවෙන්න වෙඩි තබා ගැනීම්, ද්වන්ධ සටන්, විහිළු එහෙම ෆිල්ම් එක පුරාවටම දකින්න පුළුවන් වගේම අපිට හොඳ ආදර්ශ ටිකක් එහෙමත් ජීවිතේට එකතු කර ගන්න පුළුවන් මේක බලල.

එහෙනම් මන් යනව. හොඳ නරක එහෙම කියල අදහස් දක්වල යනවට මන් හුඟක් කැමතියි.

ඔබ සැමට ජය !

 

Line Walker (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Line Walker 2016 MANDARIN 720p BRRip 800 MB – iExTV
Line.Walker.2016.BRRip.480p.x264.AAC-VYTO

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කුලතුංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

43 comments

  1. Thanks for sub!

  2. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ ජයවේවා…!!!

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
    මේකෙ දෙවනි කොටසටත් සබ් එක දෙන්න 🙂

  4. Film eka koi..eka ganne කොහින්ද ?..

  5. hasanga fernando

    ayye oyath? 😀 ela aa

  6. උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Ela…..thnx….

  8. පට්ට ගොන් නේද? film එක

  9. චින්තක

    කොරියන් ෆිලුමක් උනාට පට්ට නේ බන් . මෙන්න බාගන්න දැම්මෝ . ජයවේවා ප්‍රබුද්ධ සහෝ …

  10. Patttaaaaaaaaaaaaaaaaaaaaaa

  11. elama saho thanks
    patta

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

  14. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. thnx bro…

  16. Thank you very much

  17. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  18. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  19. Thank bro sub ekata. Jayawewa..

error: Alert: Content is protected !!