අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Love 911 (2012) | ආදර 911 [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.7/10. From 7 votes.
Please wait...

Love 911 (2012)

මුලින්ම මට මේ අවස්ථාව ලබාදුන්නු විකියා සහෝට ස්තූතිවන්ත වෙන ගමන් ඉඳහිට බයිස්කෝප් එක පැත්තෙ ගොඩ උණත් කමෙන්ට් එකක් දාල කාටවත් ස්තූති නොකළ එකට බයිස්කෝප් එකෙන් සබ් දෙන හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. අපි ලේසියෙන් දාගෙන බැලුවට හදන්න තියෙන අමාරුව කරන්න ගියාම තමා තේරෙන්නෙ.

මං මගේ ප්‍රථම නිර්මාණය හැටියට තෝරගත්තෙ 2012 වසරෙදි තිරගත වූ “love 911” කියන කොරියන් චිත්‍රපටය. IMDB එකේ 6.7 අරන් තියෙන මේ සිනමා නිර්මාණය dong yi (අභීත දියණි නමින් ජාතික රූපවහිනියේද විකාශය විය) ටෙලිනාට්‍යයේ හා cold eyes (2013), Masquerade(2012) කියන චිත්‍රපටවලත් දක්ෂ රංගනයක නිරත වූ Han Hyo-joo ගේත් Go Soo කියන නළුවාගේත් රංගනයෙන් හැඩ වෙලා තියෙනවා. පළවෙනි නිර්මාණය හින්දා අඩු පාඩුනම් ගොඩක් ඇති ඒවා ඔබට මේ චිත්‍රපටය රසවිඳින්න බාධාවක් වෙන එකක් නෑ කියලා හිතනවා.

ගිනි නිවන භටයෙක් තමන්ගේ වෘත්තීය වෙනුවෙන් මොන තරම් කැපකිරීම් කරනවද? ඒ වගේම කෙනෙක්ට තමන්ගෙ ආදරය වෙනුවෙන් මොනතරම් දේවල් කරන්න පුළුවන්ද? කියන දේ තමා මේ චිත්‍රපටයට තේමා කරගෙන තියෙන්නෙ. කතාව ගැන කියනවනම්, කන්-ඉල් කියන්නෙ බිරිඳ මියගිය ගිනි නිවන භටයෙක්. මි-සූ කියන්නෙ කන්-ඉල් පස්සෙන් යන වැඩ තහනම් උණු ඩොක්ටර් කෙනෙක්. ඇයි මි-සූ ගෙ වැඩ තහනම් උණේ? ඇයි මි-සූ කන්-ඉල්ගෙ පස්සෙන් යන්නෙ? කොහොමද කන්-ඉල්ගෙ බිරිඳ මියගියෙ? මේ හැමදේම දැනගන්න සිනහව, ආදරය, කඳුළ පිරුණු මේ චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා. මං කතාව ගැන කියපු විදිහ හරි නැද්ද මංදා

තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ දීල තියෙන කොපියෙ ඉංග්‍රීසි සබ් එක embeded කරලා තියෙන්නෙ ඒ නිසා සබ් එක ෆිල්ම් එක ප්ලේ වෙනකොට ප්ලයෙර් එකෙන් ඕපන් කරන්න හරි ඩ්‍රෑග් කරලා ප්ලේයෙර් එකට දාන්න වෙයි. නැවතත් විකිය සහෝට වගේම බයිස්කෝප් එකට සබ් දෙන හැමෝටම මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා. ආයෙත් ඉක්මනින්ම සබ් එකක් කරන්න බලපොරොත්තුවෙන් සමුගන්නවා. ජයෙන් ජය!

Love 911 (2012) on IMDb

 

 

1.29GB කොපිය මෙතනින් බාගන්න

A6953F87E489D03B6B08C37F19550EEF3C5678C1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

49 thoughts on “Love 911 (2012) | ආදර 911 [සිංහල උපසිරසි සමඟ]

  • Thanx a lot saho…Best of luck..

    Reply
  • මගේ පලමු සබ් එක ගැන අදහස් දක්වපු හැමෝටමත් බයිස්කෝප් අඩවියට මාව සාදරයෙන් පිලිගත් සැමෝටමත් බොහොම ස්තූතියි…!

    Reply
    • ඔන්න මං කතාව බලලාම ආව. සුපිරිම කතාවක් හරිම ලස්සනයි
      ඇස් දෙකට් කඳුලු එන
      ජීවිතේට හිතන්න යමක් ඉතුරු කරන නියම චිත්‍රපටියක්
      පළමු උපසිරැසිය විදියට මේක තෝරගත්ත නියමයි
      sub එකත් හොඳයි

      Reply
  • puluwan tharam Korean Love stories Dennako

    Reply
  • පළමු උපසිරැසියට තුති තවත් උපසිරැසි ගෙනෙන්නට ගැබේවා….

    Reply
  • macho oyata Puluwannam YI SAN kiyana korien drama ekata Sinhala sub dananna.

    Reply
  • හොද නිර්මාණයක් ස්තුතියි

    Reply
  • ඔන්න ගත්තා මචෝ සබ සබට තුති ..ජය..!!!

    Reply
  • පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න. ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • දිගටම සබ් දෙමු.
    ජයවේවා !
    අපි ඔයාලා එක්ක ඉන්නවා .
    සුභ පතනවා !
    😀

    Reply
  • සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

    Reply
  • බොහොම ස්තූතියි.

    Reply
  • Thawath Aluth Sagayek…
    Suba Pathum Sahoo 1st Sub Ekata…
    Digatama Ikmanin Sub Dei Kiyala Balaporoththu Wenawa…..
    Jaya Wewa !!! 🙂 😛

    Reply
  • niyamay machoo…ohoma yamu…

    Reply
  • නියමයි සහෝ……
    දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා ඔබට ………

    Reply
  • ගොඩක්ම ස්තුතියි යාලුවා සබට. පුළුවන් විදිහට දිගටම සබ් කරමු.
    ජය………………………………………………….

    Reply
  • Thankss sahoooo…………

    Reply
  • ස්තුතියි සදුන් සහෝ!

    ප්‍රථම නිර්මාණය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්

    ජය වේවා!

    Reply
  • නියමයි සහෝ. පට්ට film එකක්. අනිවාර්යෙන්ම බාගන්නවා. දිගටම සබ් දාන්න හදවතින්ම සුභ පතනවා. ජය වේවා..!!

    Reply
  • thanks machan digatama set wemu neda..jaya wewa

    Reply
  • ස්තුතියි මචෝ.
    දිගටම වැඩේ කරගෙන යන්න.

    Reply
  • නියමයි සහො එලකිරි.
    පලමු උපසිරෑසියට සුබ පතුම්.
    ඉදිරියට තවත් කොරියානු නිශ්පදන වලට උපසිරෑසි ලබා දිමට සුබ පතුම්.

    Reply
  • නියමයි මචන්, පට්ට පට පට,

    Reply
  • sadun, eththatama thanx 1 weni sub ekama hoda movie 1kata dunna 1 gena, thanx machan,

    Reply
  • අලුත් කෙනෙක්. සාදරයෙන් පිලිගන්නවා අඩවියට
    සබට තුති ඔන්න ගන්නවා . ඔබට ජය ……දිගටම සබ් ලබාදෙන්න අවැසි ශක්තිය ධෛර්‍ය
    ලැබෙන්න කියලා පතනවා.

    Reply
  • Ela ela. Nopasubasna
    Weeriyen digatama wade
    Karagena yamu………..

    Reply
  • Thanks For The Sub & Good Luck Sandun Saho….

    Reply
  • එලකිරි සහො සුපිරි පාරක් ගෙනල්ල තියෙන්නේ 😛
    බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • 1st sub1ka kiwwa neda saho….ehenm issellama mmth suba pathanawa…. Dewanuwata oyage sub 1ta godak isthuthi….. Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai…. Thanks SADUN saho….ohoma yn…jaya wewa…..

    Reply
  • පළමු වැඩේට සුබ පැතුම් සහෝ…………
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.
    බොහොම ස්තූතියි.

    Reply
  • හොදා හොදා
    අමාරුව තෙරිච්ච නිසා
    ඉස්සරහට කමෙන්ට් එකක් එහෙම දායි මයෙ හිතෙ
    ඔයත් හෙහ් 😀
    සබට තුති
    ඔබට ජය………………

    Reply

Leave a Reply to දම්මික Cancel reply

Your email address will not be published. Required fields are marked *