අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Love Games (2016) with Sinhala Subtitles | තුරුම්පුව මගෙ අතේ [සිංහල උපසිරැසි සමග]

Rating: 7.6/10. From 8 votes.
Please wait...

Love Games (2016)

කතාව ගැන….
“ජීවිතේ කියන්නේ සුර විමනක්.” උතුරන්න සල්ලි තියෙන, හිතෙන හිතෙන දේ ගන්න, කරන්න, ආතල් එකේ ඉන්න මං වගේ කොල්ලෙක් එහෙම කියන්න ඕන. ඒත් මට එහෙම කියන්න හිතෙන්නේ නැහැ. මට මොකක්දෝ මොකක්දෝ දෙයක අඩුවක් හැමතිස්සෙම දැනුනා. කරන කියන කිසිම දෙයක විනෝදයක් සතුටක් මට දැනුනේ නැහැ. බිව්වත්, කුඩු ගැහුවත්, දුමක් ඇද්දත්, අත කපාගෙන ලේ ගලාගෙන යන හැටි බලන් හිටියත්.. අනේ මන්දා ඒ සාංකාව මගේ හිතෙන ගියේම නෑ. මොකක්දෝ අඩුවක්.. ලොකුම ලොකු අඩුවක්. 
මම සමීර් සක්සේනා. ප්‍රධානපෙලේ සමාගම් දෙකක අයිතිකාරයෙක්ගේ පුතෙක්. තාත්තා විතරයි. අම්මා කාත් එක්කදෝ පැනලා ගිහින්. එදා ඉඳන් මං අම්මට සහ ආදරය කියන දෙකට වෛර කරනවා. මට ආදරේ කරන්න කෙල්ලෙක් නැහැ, ඕනත් නැහැ. හැබැයි කොල්ලෙක් කරන්න ඕන හැමදෙයක්ම මං කරලා තියෙනවා. ඒ දේවල් ගොඩක්ම කරලා තියෙන්නේ රමෝනා එක්ක. රමෝනාව නිර්වචනය කරන්න හරිම අමාරුයි. අපොයි නෑ, එයා මගේ කෙල්ල කියලා මං කීයටවත් කියන්නේ නැහැ. හැබැයි යාලුවෙක් කියලත් කියන්න බැහැ. හරිම අනතුරුදායක චරිතයක්. මටම එයා ගැන හිතාගන්න බැහැ. තමන්ගේ මිනිහා ගෙදර උඩතට්ටුවේ ඉඳන් පහලට වැටිලා මැරුණම, මාත් එක්ක ඒක කිව්වේ මාරම සන්තෝසෙන්. මට හිතගත්තහැකි මොනාද වෙන්න ඇත්තේ කියලා. මොක උනත් රමෝනා කියන්නේ මට නැතුවම බැරි කෙනෙක්.
මගේ ජීවිතේ මේ තියෙන සාංකාව ගැන කියද්දී රමෝනා මට අමුතුම අදහසක් දුන්නා. එයත් එක්ක “ආදර සෙල්ලම්”  කරන්න එන්න කියලා. ඒ සෙල්ලමේ නීති ගැන ඇහුවම මාව සීතල වෙලා ගියා. ඒත් ඒකෙත් ආතල් එකක් තියෙනවා. ආලීෂා සහ ගෞරව්. අපේ සෙල්ලමේ ගොදුරැ දෙක. ගෞරව් රමෝනගේ ගොදුර. ආලිෂා මගේ ගොදුර. ලස්සනයි.. අහිංසකයි…. හම්බවෙච්ච පළවෙනිම මොහොතේ එයා බැලුවේ මං අතේ තිබුණු තුවාල කැළැල් දිහා. වේදනාවෙන් පීඩා විඳින එක මොකක්ද කියලා හරියටම එයා මට පෙන්නුවා. ජීවිතේ වටිනාකම මට පෙන්නලා දුන්නා. මගේ ජීවිතේ තිබ්බ ඒ අඩුව මගෙන් ඈත් වෙලා යනවා මට දැනුනා. මගේ අරමුණ මොකක්ද කියලා එයා දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියා නම් මගේ මුණවත් බලන එකක් නැහැ. දැන් නම් මට ලෝබයි… මං එයාට ඇත්තටම ආදරේ කරනවා. ඒත් එයා මගේ යටි අරමුණ දැනගත්තොත්… ඊටත් එහා රමෝනා මේක ගැන දැනගත්තොත්…….?
පරිවර්තක වැකිය….. 😛
ෆිල්ම් එකේ  IMDb අගය 4.5යි. බලන්න කලින් නම් මේ අගය සාධාරණයි කියලා මට හිතුනේ භාට් පවුල හදපු හැම ෆිල්ම් එකක්ම පාහේ අඩු Ratings වාර්තා කරපු හින්දා. ඒත්  බැලුවට පස්සේ නම් හිතුනා අඩුම 5ක්වත් හම්බ උනා නම් කියලා. ෆිල්ම් එක ඇත්තටම හොඳයි. පොඩි ගතියක් තියෙනවා. Citylights (2014) බලපු අයට පට්‍රිලේඛාව මතක ඇතිනේ. බලන්නකෝ එයා මේකේ ඉන්නවද කියලා 😛 පට්ට ලස්සන සිංදුවකුත් තියෙනවා. අහන්න බලන්න කියන ගමන් සමුගන්නවා. ඉදිරි කාලයේදී මාව දකින්න නැති වෙයි. යථාකාලයේදී එන්නම්.
ජය වේ!!

Love Games (2016) on IMDb

 

 

 මෙම ලබා දී ඇති උපසිරසි Love Games (2016) – 1CD – DVD-Rip – Hindi – x264 – MP3 –  ESub – Mafiaking – M2Tv ExClusive පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

32 thoughts on “Love Games (2016) with Sinhala Subtitles | තුරුම්පුව මගෙ අතේ [සිංහල උපසිරැසි සමග]

  • ෆයිල් එක හිස් නෙ මුකුත් නෑනෙ.කෝ සබ් එක

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thank You..!
    onna banawa.. ela ela

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • me dan godak film wala torrent link 1t na sub 1 dounlord wenne nane saho meket ba

    Reply
  • Torrent link eka penne naha..eka ganne kohomada?

    Reply
  • නියමයි මචන්..
    බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ඇයි දැන් Torrent Link එක උඩින්ම දෙන්නැත්තේ?

    Reply
  • හැමදාම යනවයි කිව්වට ගියේ නෑ තව ඉන්නවා 🙂

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • link 1 panne na ne

    Reply
  • බොහොම ස්තූතියි!!!

    Reply
  • elaaaaaaaaaaaaaaaaaaa mcnnnnnn

    Reply
  • බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ඇයි මේකෙන් පස්සෙ ඔයත් ආදර සෙල්ලම් කරන්න යනවද? ජය෴෴ 😛 😛

    Reply
    • දන්නෙ නැද්ද අයියේ අපිත් ඉතින් ගොඩ යන්න එපැයි 😉

      Reply
      • ලංකාවේ මොන අදර සෙල්ලන්ද හලෝ!!! පල පල පච හලන් නැතුව…..

        Reply

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • kalin widiyata sub 1i film 1i gana thibbanam hodai

    Reply
  • meken ganna 2F7F8B33ABC62D6DEB7F982A727F9D1AD364FBE3

    Reply
    • Torrant link eka penne naha..eka ganne kohomada??

      Reply
  • torrent link eka pennane nane saho

    Reply
  • POST EKE MULL TIKANAM NIYAMETA WADUNA..BOKKATM…THNX FOR THE SUB BRO!!!

    Reply

Leave a Reply to කලු සජිත් Cancel reply

Your email address will not be published. Required fields are marked *