අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Lucifer [S06 : E10] Sinhala Subtitles | අවසානය දක්වාම [සිංහල උපසිරැසි]

Rating: 9.4/10. From 48 votes.
Please wait...

පෙර කොටසින්..

නවවෙනි කොටස තමයි තීරණාත්මක කොටස කිව්වොත් නිවැරදියි. ලූසිෆර් අගෝස්තු 04’වැනිදා අතුරුදහන් වෙනවා කියලා දැන දැනම තීරණය කරනවා ඒ දවස හැකිතාක් මගහරින්න. ඉතිං එයා එලා වෙනුවෙන් STEM නමින් සංවිධානයක් විවෘත කලා එලා වගේම තරුණ ගෑණු ළමයින්ව දිරිමත් කරන්න. ඇමෙනඩිල් ස්වර්ගයෙ අලුත් දෙවියන් විදිහට යනවා කියලා දැන දැනම ලූසිෆර් එයාට LUX එකේ හිමිකාරිත්වය බාර දුන්නා. මේ සේරම කරලා ක්ලෝයි වගේම රෝරි එක්ක අමතක නොවන විදිහට කාලේ ගත කරන්න තීරණය කරනවා. මේ අතරේ ලී මෙක් පැනලා යද්දී ඩැනියෙල්ට පුළුවන් වෙනවා එයාගෙ ආත්මේ ලී මෙක්ගෙ ඇග ඇතුලට යවලා පාලනය ගන්න. ඒ මුහුණුවරින් ලූසිෆර් ලගට යන ඩැනියෙල්ට ලූසිෆර්-රෝරි දෙන්නගෙ අලුත්ම තත්වෙත් දැනගන්න ලැබෙනවා. ලූසිෆර් කිසිම වගක් නැතුව විස්තර කිව්වට එයාටත් මතක් වෙන්නෙ නෑ ලී මෙක්ගෙ ඇග ඩැනියෙල් අල්ලගෙන හිටියත් ඇතුලෙ යට හිතේ ලී මෙක් සේරම අහං හිටියෙ කියලා.

හොද දෙයක් කියලා සිද්ද වුනෙ ලී මෙක්ගෙ ඇග ඇතුලට රිංගලා හිටිය ඩැනියෙල්ට ට්‍රික්සි ඒ කාලේ වෙද්දී හිටිය විද්‍යා කදවුරට ගිහිං, වැරදි අවබෝධයෙන් හිටිය සමහර කරුණු කාරණා වෙනස් කරගෙන, වරදකාරී බවින් මිදිලා අදුරෙන් ආලෝකයට, එහෙම නැත්තම් ස්වර්ගයට යන්න අවස්ථාව ඩැනියෙල්ට අවසානෙදි ලැබෙන එක.

අද කොටසින්.. නෑ මේක ඒකට සුදුසු වෙලාව නෙවෙයි. මොකද මේක තමයි 2016 දී පටන් ගත්ත කතාවක අවසානය සිද්දවෙන දවස. FOX ආයතනය ඔවුන්ගේ කොටස් 57 මුල් සීසන් තුන විදිහට විකාශය කරලා 2018 වසරේදී නවත්තන්න තීරණය කරනවා. කතාව ආරම්භයෙදී උපසිරැසි රවිඳු තේනබදු වගේම මේ කතාවේ වැඩිම කොටස් ප්‍රමාණයකට උපසිරැසි ගැන්වීම කරන්නෙ යසිරු හසරංග සහෝදරයා. මීට අමතරව මධුකප්‍රිය පෙරේරා, ප්‍රණිත් රණසිංහ, ප්‍රනීත් මධූ, දිල්ෂාන් සචින්ත, මයුර සුරාජ්, රවිඳු රුක්ෂාන්, නවෝදනී තිළිණි, පසිදු මධුමාල්, ප්‍රබුද්ධ කේසර විතානගේ, මලිත් වීරමුණි, කවිශල් රසින්ත මේ අයගෙ එකතුවෙන් තමයි සීසන් තුනක් දක්වාම උපසිරැසි නිර්මාණය වෙලා ඔයාලා අතට පත්වෙන්නෙ.

FOX වලින් කැන්සල් කරලා Netflix වලින් මේ කතාව ලබාගෙනෙ ඔවුන් යටතේ වෙනමම අලුත් සීසන් තුනක් දක්වා මේ කතාව අරගෙන යන්න තීරණය කලාම තමයි කලින් වතාවට වඩා වැඩේ අමාරු වෙන්නෙ කොටස් සියල්ලක්ම එක දවසෙ නිකුත් වීමත් වගේම පැයකට ආසන්න චිත්‍රපටයකට උපසිරැසි ගන්වනවා වගේ ලයින් ප්‍රමාණයක් උපසිරැසියක ඇතුලත් වෙද්දී. අමාරුවෙන් හරි Netflix යටතේ නිකුත් කල සීසන් තුනම පසිදු, සොනාලි තාරිකා, C. R. ජයලත්, නවින් නිසල් ධනුෂ්ක, චමල් ලක්ප්‍රිය, මලිත් මධුශාන්, කවිශල්, හිරාන් එරන්ද ගනේපල්ල, චානක ඉඳුනිල්, යුරාන් ධනුක, මධුකප්‍රිය යන සහෝදර උපසිරැසිකරුවන් යටතේ නිර්මාණය වෙලා ඔයාලට ලැබිලා ඇති. නම් සදහන් කල හැමෝම මේ වෙද්දී උපසිරසිකරණයෙ නැහැ. සමහරු උසස් අධ්‍යාපන කටයුතු වලට මුල්තැන දීලා වැඩ කරද්දී තවත් අය රැකියාව නිසා කාර්යබහුල වෙලා. ඒත් ඉතිං මේ අවුරුදු කිහිපය පුරාවට උපසිරැසි ලබා දුන්නු හැමෝටම ස්තුතියක් ලැබෙන්න ඕන මේ කොටස් 93ක කතාවට ලොකු රුකුලක් වුනාට.

ඒවගේම මේ කාලය පුරාවට බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය ගැන විශ්වාසය තියලා උපසිරැසි ලබාගත්ත, අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.

 

මේ ටිකේ උපසිරැසි දෙන්න පරක්කු වුනාම වැටෙන කමෙන්ට් අතරේ ‘කරන්න බැරිනම් වෙන කෙනෙකුට දියං’, ‘සබ් කරන අය දෙතුන් සීයක් ඉන්නවනම් ඒ අයගෙන් දහ දෙනෙකුට මේකෙ කොටස් දහය බෙදන්න තිබ්බනෙ’ වගෙ කතා මතුවෙනවා දැක්කා. ඔය කියනවා වගෙ දෙතුන් සීයෙන් දහ දෙනෙක් සබ් කරන්න ඉන්නවනම්, ලූසිෆර් සීරිස් එක පටන් ගන්න මුල් වෙච්ච අයවත් නැතුව මේ අරං ආව සීසන් වල උපසිරැසි අරං එන්න හේතුවක් තිබ්බද කියලා උපසිරැසිකරුවන්ගෙ ලිස්ට් එකේ කීයක් ඉන්නවද කියලා ගනින වෙලාවේ පොඩ්ඩක් හිතලා බලන්න.

අනික් අය ගැන කියන්න නම් දන්නෙ නෑ ඒත් මේ සයිට් එක ඇතුලෙ කිහිප දෙනෙක් එකතු වෙලා උපසිරැසි ගන්වන කතාවලදී ජීවීතේට ඒ අදාල කතාවේ කොටසක් හො බලලා නැත්තම් ගොඩක් වෙලාවට ඒ වගෙ හවුල් වෙනවා අඩුයි. මොකද ඒ අයට අවබෝධයක් නැතුව එහෙම දේකට සම්බන්ධ වෙනවා කියන්නෙ උපසිරැසියෙ කොහේ හො තැනක වරදින්න තියෙන ඉඩකඩ වැඩියි. එතකොට සේරම වැඩ පැත්තක දාලා තව කවුරුහරි කෙනෙක් ඕවා චෙක් කරන්නත් ඕන. ඔය වගෙ ප්‍රශ්ණ අඩු කරගන්නයි, කරන වැඩේ හොදම විදිහට දෙන්න ඕන නිසයි වෙන දේ ගැන අවබෝධයක් තියෙන අයම එකතු වෙන්නෙ. එහෙම නැත්තම් දෙමළ, හින්දි, මලයාලම් ඔය හැම භාෂාවෙන්ම සබ් කරන අයව එයාලගෙ අකමැත්තෙන් වුනත් අපිට බල කරලා එකතු කරගන්න තිබ්බා.

පැහැදිලිවම අපි ඔය කොයි කවුරුත් අපහසුතාවයට පත් නොවෙන්න වැඩ කරන්න උත්සහ කලාට, සමහරුන්ට තමන්ගෙ අවශ්‍යතාවය හැරුනම අනික් කිසි කෙනෙක් ගැන පුංචිම තැකීමක් නෑ. ඒකනේ සමහරු ‘සෙක්ස් එඩියුකේෂන් දවසින් සබ් දීලා ඉවර කරපු කෙනාටම ලූසිෆර් එකත් බාර දෙන්න තිබ්බනෙ’ වගෙ ආතක් පාතක් නැති කතා කියලා තිබ්බේ. අඩුම තරමේ ඒකෙ සබ් කරන්න හය දෙනෙක් හිටියා කියලාවත් මෙලෝ සිහියක්, අවබෝධයක් තිබිලා නෑ.

මං කරන ඒවයෙ කමෙන්ට් නොකලත්, හොයලා බැලුවේ නැතත් කමක් නෑ ඒත් මේකෙ වැඩක් කරන්න එකතු වෙලා ඉන්න අය ගැනවත් පොඩ්ඩක් හිතාලා වැඩ කරන්න තමන්ගෙ අවශ්‍යතාවය ගැනම හිතලා ආත්මාර්ථකාමී, පටු විදිහේ අදහස් පල කරලා ඉන්න අයටත් එපා කරවන්නෙ නැතුව.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

77 thoughts on “Lucifer [S06 : E10] Sinhala Subtitles | අවසානය දක්වාම [සිංහල උපසිරැසි]

  • Thnx bro.Great job.Good luck.

    Reply
  • Thank you very much for subtitle

    Reply
  • ගොඩක් ස්තුති උපසිරැසි වලට

    Reply
  • Thanks me season 6 sub aran awata mekata mahansi una siyalu denatama bohoma ස්තුති ❤️

    Reply
  • thanks ……………….

    Reply
  • ලබාදුන් උපසිරැසි සියල්ලටම පින් සහා ස්තුතියි. එක එක බූරුවන්ගේ කියුම් අහන්න එපා. මල් අතරේ ගලුත් එනවා…. දිගටම කරමු. ජය

    Reply
  • ඇත්තටම අපිට ඕනම භාෂාවක ෆිල්ම් එකක් අපේ රහට බලන්න පුළුවන් විදිහට අපිට සිංහල සබ් හදල දුන්න දෙන්න ඉන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි.විශේෂයෙන්ම මේ ලුසිෆර් සීරිස් එක රහට බලන්න පුලුවන් වුනේ ඔයාල මහන්සි වෙලා හදල තිබුන ඒ පට්ට සබ්ටයිටල්ස් නිසා.ඒකට ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි…..

    Reply
  • Thnk u soo much all of u guys…❤️

    Reply
  • one of my best tv series….me katawen n hugak dewal igena gatta …I want to thank you subtitle makers in this old/now which one made lucifer’s subtitles..thank you all guys.good job

    Reply
  • Thanks……..good luck….

    Reply
  • Thanks for subtitles ❤️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thnx for sub all bros

    Reply
  • Thanks machan sub ekata…..

    Reply
  • ලුසිෆර් කතා මාලාවේ උපසිරැසියට දායක වූ සැමට මාගේ හෘදයාංගම ස්තූතිය !!

    ස්තූතියි බයිස්කෝප් .
    ජය ස්‍රී .

    Reply
  • ස්තුතියි

    Reply
  • the blacklist season 7 eketh sub dandooooo

    Reply
  • sub ekak karanna kochchara amaruda kiyala danne nethi kattiya thama .lankawe ohoma eun innawa kohomath.

    Reply
  • ලුසී්‍ෆර් පලවෙනි සීසන් ඒකේ ඉදං අන්තිම සීසන් ඒක වෙනකම්ම හොදම විදියට උපසිරැසි ලබාදුන්නට බයිස්කෝප්හී ඔබට බොහෝම ස්තූතියි…. ♥☻☻
    ජයෙන් ජයම වේවා බයිස්කෝප් අඩවියට ……

    පුලුවන් නම් Chilling Adventures of Sabrina Season 04 සබ් ටිකත් දාන්න..☻

    Reply
  • ගොඩක් ස්තුතියි බයිස්කෝප් ඇඩ්මින්වරැන්ට හා උපසිරසකරුවන් සියලුම දෙනාට lucifer season 1 සිට season 6 දක්වාම මේ ලස්සන කතාංගයට සිංහල උපසිරස සැපයුවාට ❤️❤️❤️❤️

    Reply
  • Thank you I watched all episodes because of this site. So don’t stop your valuable work because of some stupid fellows, Continue your good work, We will support you!!!

    Reply
  • Thanks sago sub walata

    Reply
  • Thanks for the subtitles

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • thank you so much Good Bye Lucifer….

    Reply
  • සහෝ ලංකාවේ සිංහල සබ් දෙන සයිට් ඕනෙතරම් තිබ්බත් ආඩම්බරෙන් කියන්න පුලුවන් ලුසිෆර් සීසන් හයම බැලුවෙ බයිස්කෝල් එකෙන්. මොකද අපි දන්නව මොනම හේතුවකට හරි සබ් දෙන්න පරක්කු උනත් අපිට දෙන්නෙ ආයේ හොදම විදියට කියල. මන් හිතන්න මේ සයිට් එකෙන් සබ් ගන්න ඕනෙ කෙනෙක් ඒක දන්නව ඇති.

    ඉතින් සහෝ අවසාන වශයෙන් කියන්න ඕනෙ සීසන් 01 එකේ ඉදලා අදවෙනකන් සබ් දෙන්න මහන්සිඋනු කියලුම සහෝදර සහෝදරියන්ට මගේ හර්දයාංගම ස්තූතිය පුද කරනව.. ජයෙන් ජය සහෝ.. බොහොම ස්තූතියි.

    Reply
    • නියමයි කොල්ලෝ

      Reply
  • මුල ඉදලම උපසිරැසි දුන්නට බොම ස්තූතියි
    ජය වෙවා!!!❤

    Reply
  • සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
  • thank you mekata sub dunnata mama balapu lassanama kathawa thankyou baiscope

    Reply
  • You tv series elata sub eka dennako brother!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි චාමර සහෝ
    පළමු කතා සමයේ පටන් උපසිරැසි දීපු සියළුම උපසිරැසිකරුවන්ටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
    මුල පටන්ම බයිස්කෝප් අඩවිය එක්ක හිටපු රසිකයන්ටත් බොහෝම ස්තූතියි.

    එහෙනම් ඔබට සුබ ගමන් ලුසිෆර් !

    Reply
  • බොහෝම ස්තූතියි සීසන් 6ක් පුරාවට කිසිම අඩුපාඩුවක් නැතුව සබ් එක කලාට හැමෝටම..
    ජයාවේවා…❤️✌️❤️

    Reply
  • Sub ekata thanks Bro!! Seasons 6 ma karapu hemotama Thanxxx

    Reply
  • තෑන්ක්ස් මේ කතාවට සබ් දීපු හැමෝටම

    Reply
  • thanks sub tikata api digatama oyalath ekka innawa..digatama karan yanna …good luck

    Reply
  • ගොඩක් ස්තූතියි!
    ලුසිෆර් 1 වෙනි සීසන් එකේ ඉදන් අන්තිම එකට වෙනකම් සබ් දුන්නට..
    ගොඩක් ආදරේ කරපු සීරිස් එකක් මේ වවිදියට ඉවර වෙනවා!
    ආයේ පාරක් ස්තූතියි සබ් දීපු හැමෝටම

    Reply
  • mn dnne na me sub 1ka gnna balan inna un mokata me trm mahnsi wela sub 1ka karla niknma apita genat dena me adarniya minissunta baninne kiyla.ehma banina unta banine natiwa sub 1ka karla ewpallko..yko me minissu salli walta wada karnwa nwine…1000k tamnge wada rajakari tyna atre api wenuwn karana me sewayta agayanna barida..parakku una kiyla uda paninne..magula.
    mn film balnna tv series balnna ptn gtte me site 1ka mta yaluwek dila awata passe.eda idan me wenkn mn gtta hama sub 1katma sub karla dipu hma kenma mta nm porak.mokada e aya e dwl kare kagenwat kisima deyak balaporottuwen nwi.itin mn e hamotma mge hadapatulenma me welwe stutiya puda karnwa.
    e wagema LUCIFER aran awa yasiru hasaranga, ravindu tenabadu saha madukapriya perera kiyna sahodaryo 3dena wagema ada me kotasa wenkam sub karapu hama sahodryektma sahodariyaktama bohomatma stuti api wenuwen me karna sewayata..
    oyla hamotma Jayen Jayama wewa..!!!
    Niduk nirogi wewa..!!
    Budu saranai…!!!

    Reply
  • Thank you so so much කතාව අතාරින්නෙ නැතුව දිගටම කලාට. ගොඩක් බයෙන් හිටියෙ අනිත් කතා වගේ මේ කතාවෙ අවසානය බලන්න බැරි වෙයි කියලා. ඔයාලට පින්. ඒ වගේම ඉල්ලන්න ඕනි අලුත් series කරනවට වඩා ඉවර කරල නැති series වලට sub දෙන්න කියල. ගොඩක් ඒවගෙ තියෙන්නෙ එක සීසන් එකක් විතරයි තව. Blindspot, sabrina වගේ හොද සීරිස් පවා ඉවර කරල නෑ.. ගොඩක් ආදරෙන් ඉල්ලනවා ඒ වගේ series ටික ඉවර කරල දෙන්න කියල.. ජය වේවා

    Reply
  • පළවෙනි සීසන් එකේ ඉදන් අන්තිම සීසන් එක වෙනකම් සබ් දුන්නට ගොඩක් පින් හැමෝට ❤️

    Reply
  • Thank for all sub tika dunnata good luck all writer ♥️♥️♥️

    Reply
  • Thanks everyone for all subtitiles.

    Reply
  • godaak sththi..
    jaya weva…

    Reply
  • කොච්චර පරක්කු වුනත් ඉවසල ඉන්නෙ බයිස්කෝප්lk එකේ සබ එනකම්. ඒ quality එකට කැමති නිසයි. මම හිතන්නෙ මේකෙ ඉන්න අනිත් අයත් එහෙමයි. සමහරුන්ට ඉවසීම නෑ. සමහරු ඉවසල බලන් ඉන්නවා. හැමෝටම කියන්න තියෙන්නෙ සයිට් එක ගැන විශ්වාසයෙන් ඉවසල ඉන්න කියල. පුලුවන් ඉක්මනට එයාල වැඩේ කරයි. හැමෝටම ස්තූතියි. ජය වේවා.

    Reply
  • Lucifer කතාමාලාවට ආරම්භය ලබාදුන් රවිඳු හා යසිරු සහෝලත් , මේ දක්වා සියලු කොටස් සදහා උපසිරැසියකරනයෙන් සහය වූ සියලු සහෝදරවරුන්ටත්, අඩවියේ ඇඩ්මින් මඩුල්ලට හදවතින්ම ස්තූති වන්ත වෙනවා කොටස් 93 ක් පුරාවට උපසිරැසි අප වෙනුවෙන් ලබා දීම වෙනුවෙන්…

    Reply
  • ස්තූතියි කට්ටියටම කුණු කතා අහගෙන, හිත් රිද්දගෙන හරි සීරිස් එකම දීලා ඉවර කලාට. වැඩේ අත අරින්න එපා.

    Reply
  • Season 6 පුරාවටම උපසිරසි ලබා දෙමින් අපහට කතාමාලාවේ රසාස්වාදය ගෙනදීමට උපකාර කල සියලු දෙනාටම බොහොම ස්තූතියි…..

    Reply
  • මගේ අදහසත් ඒක තමයි. කෑලි 10 බෙදාගත්තා නම් හරි. එකවර දාපු සීසන් එකක් නිසා. එත් ඉතිං බෙදන්න කට්ටිය නැත්තං මොනවා කරන්නද එක එක ගානේ හරි ගෙන්න. එහෙම නැත්තං ඔයාම ඔක්කම කරලා එකවර දාන්න. මොකද ඉතිං මේවා සල්ලි අරගෙන කරන එව්වා නෙවෙයිනේ. මම නම් අද තමයි බලන්න යන්නේ. මට බැ එක එක බලලා අනික එනකල් බලාගෙන ඉන්න. ඒ නිසා ඔක්කම දුන්නාම තමයි බලන්නෙ මම සාමන්‍යයෙන්. ඉතිං කොයි විදිහට ඔයාලා දුන්නත් අපට මොකුත් කියන්න බැ. මොකද නිකංනේ දෙන්නේ. එනිවේ තෑන්ක්ස් ඔක්කලමටම මෙ මහන්සියට.

    Reply
  • Thankyou for all 6 seasons

    Reply
  • පට්ට බං…. සීසන් 6ම සබ් download කලේ ඔයාලගෙන්…

    Reply
  • Eye of the dragon princess film eka dnnko

    Reply
  • Thnks brother..ලුසිෆර් ගැන තියෙන තව ෆිල්ම්ස් ට්ව් සීරීස් නැද්ද??

    Reply
  • ❤️❤️❤️❤️ Thanks බං

    Reply
  • බොහොම ස්තුතියි මෙතුවක් කතා සමයන් සියල්ලම අප වෙතට ගෙනාවට, අනවශ්‍ය අයගේ කතා වල හිත රිදවා ගැනීම් කරන්න එපා, එයාලව නිකන්ම අහක් කරලා දාන්න. ඔයාලා මේ කරන දේ දිගටම කරගෙන යන්න. ඒ වගේම ස්තුතියි ලස්සන කතා මාලාවක් අපිට මේ අවුරුදු ගානපුරාවටම ගෙනත් ඇවිත් මෙසේ අවසන් කිරීම ගැන. නැවත වතාවක් ස්තුතියි ඔයාලා හැමෝටම.

    Reply
    • Thnks brother..ලුසිෆර් ගැන තියෙන තව ෆිල්ම්ස් ට්ව් සීරීස් නැද්ද??

      Reply
  • ඒ කතා සමයත් එසේ නිමාවිය හැමෝටම ස්තුතියි

    Reply
  • ස්තූතියි සෙට් එකටම. ජයවේවා

    Reply
  • thanks, al lot, all of you

    Reply
  • පළවෙනි සීසන් එකේ මුල් එපිය නිකුත් වෙලා දැනට අවුරුදු 5ක ආසන්න කාලයක් වෙනවා. කියන්න සතුටුයි එදා වගේම අදටත් ඉන්න ලුසිෆර් ෆෑන් බේස් එක ගැන. චාමර අයියා උඩ කියල තියෙනවා වගේ මේ කොටස් 93ට අදාළ උපසිරැසියන් කරන්න දායක වුණු හැමෝටම ස්තූතියි වගේම උපසිරැසි වෙබ්පලේ පළකිරීමේදි යම් කිසි අපහසුතාවයකට පත් වුණා නම් සමාවෙන්න. එහෙනම් සෙල්ලක්කාර යක්ෂයා, ලුසිෆර්ගේ කතාව මෙසේ නිමා විය. ❤️

    Reply
  • Thnx bn ublge sub nattam mn Tv Series Film balannet na.
    Parakku wela hri sub eka kolitiyata dena eka tama watinne.

    Reply
    • තෑන්ක්ස් බන් සබ් එකට මුලූ ටීවී සීරීස් එකම ආතල් එකේ බැලුවේ උබලා හින්දා තමා…….

      Reply
  • Thnx Sahoo. Threesome 2021 series eketh Sub Denna puluwnd

    Reply
  • Thankyou so much for the subtitles

    Reply
  • Thanks සහෝ සබ් එකට

    Reply

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *