අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Machete (2010) | හිත හොඳ යකඩයා..(18+).[සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Machete (2010)කට්ටියටම ආයුබෝවන් කිව්ව ඕං. දැන් මාව මතකද දන්නෙත් නෑ අපේ කට්ටියට. අධ්‍යාපනේ එක්ක බරටම වැඩ කරන්ඩ වෙච්ච නිසා මට ටික කාලෙකට සිද්ධ වුණා මේ පැත්තෙන් කැපෙන්ඩ ඉස්සරවගේ බැරිවුනත් පුලුවන් පුලුවන් හැම වෙලේම බයිස්කෝප් සංහලෙන් මිතුරු කැලට මගේ දායකත්වය අයෙත් දෙන්ඩ මම ඔන්න තීරණේ කලා

ඇත්තටම දකින්ඩ සතුටුයි මම අන්තිමට එනකොට මේ අඩවිය හිටපු තැන ඉඳන් අද වෙනකොට අපි ලඟාකරගෙන තියෙන දේවල් දැක්කම රොයිලි අයියගෙන් පස්සෙ දිදුල සහෝ ඊට පස්සෙ හසන්ත හෙට අනිද්ද වෙනකොට තව බුරුතු පිටින් ශතක ගහන්ඩ ‍මේ අඩවිය දායක වෙලා තියන හැටි දැක්කමඉතින් ඒ අය ඔක්කොම වෙනුවෙන් මගේ හද පිරි සුභ පැතුම් එක්කරන්ඩ කැමතියි අනික් කාරනේ තමයි කීපදෙනෙක්ට සීමා වෙලා තිබ්බ සබ් ගැහිල්ල අද වෙන කොට හිතාගන්ඩත් බැරි තරමෙ දෙනෙක්ගෙ දායකත්වය ලබන්ඩ තරම් අපේ රසිකයෝ වාසනාවන්ත වෙලා තියෙනව, ඉතින් ඒ හැමෝටමත් මේ අඩවිය මෙතන්ට ගෙනාවට ස්තූති නොකරම බෑ.

කොහොමෙන් කොහොම හරි ඔන්න මාත් ආයෙත් වැඩ පටන්ගත්ත. ඔයාලට කලින්ම හම්බ වුනා අද ගෙනාපු කතාවෙ දෙවනි කොටස .ඉතින් මේකෙ මෑන්ස් ගැන අමුතුවෙන් කියන්ඩ ඕන නෑනෙ නේද . Danny Trejo තමයි ප්‍රධාන චරිතෙ . ඊට අමතරව Jessica Alba , Lindsay Lohan වගේ අයත් මේකෙ ඉන්නව . කතාව යන්නෙ මෙහෙමයි. මැචේටේ කියන්නෙ හිටපු රහස් නියෝජිතයෙක් . හැබැයි මැන්ස් පස්සෙ ඝාතකයෙක් . කතාව යන්නෙ ඇමරිකාවයි මෙක්සිකෝවයි අතර දේශ සීමා අරගලය පාදක කරගෙන . ඒ කියන්නෙ මෙහෙමයි

ඇමරිකාවයි මෙක්සිකෝවයි වෙන්වෙන්නෙ ඇමරිකාවෙ ටෙක්සාස් ජනපදයෙන් . ඉතින් මේ ටෙක්සාස් ජනපදය හරහා තියන මයිමෙන් අනවසර සංක්‍රමණිකයේ දාහස් ගානක් එක එක රැකියා වලට ඇමරිකාවට ඇතුල් වෙනව . අපේ අය බෝට්ටු වල කන්ටේනර් අස්සෙ ජීවිතේ ගැනවක් හිතන්නෙ නැතුන් ඉතාලි ඔස්ට්‍රේලියා වගේ රටවල් වලට යන එකේ ලෝකෙ ලොකුම බලවතා‍ අස්සට රිංගන්ඩ තියෙන්නෙ වැටක් පයින එක විතරනම් කවුද දෙයියනේ එහෙම නොකර ඉන්නෙ නේද ?. ඉතිං එහෙම අනවසරෙන් ඇමරිකාවට සංක්‍රමණිකයො ඇතුල් වෙන එකට සහය දක්වන්ඩ සංවිධානාත්මක ජාලයක් තියෙනව. එයාල එහෙම එන අයට රස්සා හොයල දීලා පදිංචි කරවල ගතමනාව හොයාගන්නව. මේක දුවවන්නෙ ලූස් කියල කාන්තාවක්. ඉතින් ටෙක්සාස් ප්‍රාන්ත රජය මේ අනවසර සංක්‍රමණ එන්ඩ එන්ඩම වැඩිවෙන නිසා ඒක නවත්තන්ඩ රහස් නියෝජිතවරියක් යොදවල මේ ගැන සෝදිසියක් දානව. මේ අතරෙදි ටෙක්සාස් ප්‍රාන්ත මැතිවරණය සඳහා තරඟ කරන එක් තරඟකාරයෙක් මේ අනවසර සංක්‍රමණ නවත්වන්ඩත් ආපු අය රටින් පිටුවහල් කරන්ඩත් නීති දැඩි කරන්ඩත් නීති දැඩි කරමින් සිය මැතිවරණයට ඉදිරිපත් වෙනව.

අපේ වීරයා වැඩේට සෙට් වෙන්නෙ මෙහෙම මේ මැතිවරණෙට ඉදිරිපත්වෙන අර අපේක්ෂකයාගෙ උපදේශකයගෙන් ලැබෙන කොන්ත්‍රාත්තුවක් නිසා. ඒක තමයි අර උපදේශකය කියනව මේ අපේක්ෂකයව මරන්න කියල ඉතින් කොහොමෙන් කොහොම හරි වැඩේ වැරදිල අපේ මෑන්ව ටීවි වල පත්තරවල අපරාධ කාරයෙක් හැටියට හංවඩු ගැහෙනව . ඊට පස්සෙ තමයි පුතේ කතාව තියෙන්නෙ ගග බලලම රසවිදින්ඩකේ එහෙනම් අලුත් චිත්‍රපටියකින් අයෙත් එනකම් හැමෝටම සුභ දවසක්!

කලින් පළවූ ලිපිය

මේ මාස මුල ලොව පුරා සිනමාහල් වල තිරගතවීම් ආරම්භ කර සුපිරි නලු නිලි සෙට් එකක් ඉන්න උනු උනු බයිස්කෝප් එකක් තමයි අද අරගෙන ආවෙ. සුපිරි නලු නිලි සෙට් එකක් කියන්නෙ, මේ චිත්‍රපටය තුල අපි කවුරුත් දන්න Jessica Alba , Fast & Furious, Avatar, Resident Evil යන චිත්‍රපට තුලින් අප හමුවට ආ Michelle Rodriguez සහ කවුරුත් දන්න සුරූපිනිය Lindsay Lohan ප්‍රදාන නිලියන් ලෙස රංගනයෙන් දායක වෙනවා. Lindsay Lohan නම් සුපුරුදු සුකුමල චරිතයෙන් බැහැර ටිකක් සටන්කාමී චරිතයක් මේ චිත්‍රපටයට එක්කර තියෙනවා. ඊට අමතරව මෙහි ප්‍රධාන චරිතය වන Machete ගේ චරිතයට පන පොවන්නේ සුපිරි නලු Danny Trejo විසිනුයි. ඊටත් අමතරව තවත් ඉතින් සුපිරි සෙට් එකක් නොයෙකුත් චරිත තුලින් මේ චිත්‍රපටියේ රංගනයෙන් එකතු වෙනවා.

මෙම චිත්‍රපටියේ කතාව වෙන්නෙ ඇමරිකානු සහ මෙක්සිකානු දේශසීමා තුලින් ඇමරිකාවට පැමිනෙන මෙක්සිකානුවන් හට ඇමරිකානු දේශසීමා අරක්ශක හමුදාව විසින් දෙන දරුනු වද හින්සන වලට එරෙහිව නැගී සිටින Machete කියන පුද්ගලයා වටායි. මොවුන් Machete ගෙ බිරිඳ සහ දියනිය සාහසික ලෙසින් මරා දමනවා. මෙම Machete ගේ මෙහෙයුමට ඇමරිකානු දේශසීමා ආරක්ශන පොලිස් නිලදාරියක් වන ( Sartana ) Jessica Alba ගේ සහ (Luz) Michelle Rodriguez සහය ලැබෙනවා. චිත්‍රපටිය ගැනනම් කියලා වැඩක් නෑ. ඒ නිසාම තමයි මේ චිත්‍රපටයට IMDB තුල 7.9 ක වගේ ඉහල අගයක් ලබා තියෙන්නෙත්. සටන් දර්ශන එහෙම ඉතා උසස් අයුරින් තියෙනවා. ඔන්න හැබැයි ලේ කුපිත වෙන දර්ශන බලන්න බැරි අය සහ පොඩි කට්ටියනම් මේක බලනවද නැද්ද කියලා දෙවරක් හිතා බලන්න. මේ චිත්‍රපටිය නිපඳවලා තියෙන්න ටිකක් පරන වීඩියෝ පට වල ස්වභාවයෙන්, ඒ නිසා මේ පිටපත බලලා හිතන්න එපා අපි ලබා දුන්න්න පිටපතේ අඩු පාඩුවක් කියලා. මේ පිටපත ඉතා උසස් මට්ටමේ තියෙනවා. කට්ටිය බලලා එහෙනම් කමෙන්ට් කරන්න. ටොරන්ට් එක අලුත් නිසා මුලින් ටිකක් විතර ස්ලෝ ගතියක් විතර පෙන්නයි. නමුත් කට්ටිය බාලා සීඩ් කරනකොට ඒක හරි යයි.

 

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය

Machete (2010) on IMDb

 

 

76512DC1BF5EA2E79C0DEEDDE634EEBBAC04E7B6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් යටිවැල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

72 thoughts on “Machete (2010) | හිත හොඳ යකඩයා..(18+).[සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූති සබ් එකට

    Reply
  • නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • චිත්‍රපට මාලාව සම්පුර්ණ කල එකනම් පට්ට සහෝ,ජයවේවා.

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • dekanam baluva……ekath blnna ONEE…..ayema sub eka ekka..thanks thanks sahoooo….

    Reply
  • ‍සබ්‍ ‍එ‍ක‍ට ‍තු‍ති ‍ස‍හෝ……

    Reply
  • එලකිරි ලක්ෂාන් කොලුවෝ බොහොම ස්තුතියි 😀

    Reply
  • ආයෙත් වැඩේට බැහැපු එකගැන සතුටුයි
    මේකත් බලලා නෑ නොවැ…
    දැන් 2ම තියෙනෙ
    එලස් පුළුවන්නම් The Last Exorcism (2010) එකට සබ් දෙන්නකො
    එකේ 2ට නම් සබ් තියෙ
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • මෙන්න බොලේ ලක්ෂානය ආයත් ඇවිත්.
    අන්න නියමයි කොල්ලො.
    ඉඩ තියෙන වෙලාවට මේ පැත්තෙ එන්නකො හොඳ සබ් එක්කම.
    දෙවෙනි කොටස බාගෙන තියෙන්නෙ.
    ඒක තාම බලන්නත් බැරි වුනා.
    සම්බන්ධයක් එහෙම තියෙනවද මේක එක්ක.
    අනිව බැලීමක් තමයි ඉතිං.
    නියමයි හොඳේ.
    ජයවේවා.බොහෝ……………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • නියමයි ලක්ෂාන් සහෝ..

    කාලෙකට පස්සේ නැවත ගේමට සෙට් විම ගැන බෝහොම සතුටුයි..

    තව තව අළුත් පහාරවල් ටිකක් ඉක්මනටම ගෙන්න ලැබේවා

    ජය වේවා!

    Reply
  • maru film akak issarama baluwe dan sub akkama balanna one thxxxxxxxxx

    Reply
  • තෑන්ක්ස් වේවා!!

    Reply
  • patta bro 1i 2i dan sub akka balanna one

    Reply
  • ela parana awatath subs dala wadey cmp karana aka agaya karanawa thwa hoda akak ikmnata subs dala geymu

    Reply
  • ආයේ සබ් දෙන්න ආව එක එලම තමා දිගටම හොද ඒවාට සබ් දෙමු

    ජය!!!

    Reply
  • maxxa machan digatama subs denna

    Reply
  • This copy isn’t good video quality is bit low quality

    Reply
  • මේක බැලුවා. ඒතරම් අවුලක් නෑ.

    Reply
  • පට්ට ෆිල්ම් එක. මම බාලා බැලුවා… නියමයි!!!

    Reply
  • රේටින්ස් බලන්න තියන හොදම සයිට් ඒක මොකක්ද IMDB ද නැත්තම් වෙන හොද සයිට් එකක් තියනවද ?

    Reply
  • KIYANA THARAM HODAIDAA AIYEEE… DANNAVANEE,,, API KOHEDAA KIYALAA… VANATHEE PORAVAL HARIII….

    Reply
  • alba mama kamati neliyak ela.

    Reply
  • මොනව උනත් මටනම් මීක උපරිමඉ මෙකෙ කිසිම අව්ලක් න ම් මට පීන්නෙ නා

    Reply
  • @ නිෂූ ; අනේ කිසිම හිත රිදවීමක් ඇති උනේ නෑ. අපි හැමදෙනෙක්ගෙම අදහස් වලට ගරු කරනවා.

    මේකනේ ඇත්තටම මේ චිත්‍රපටිය ගැන කතා කරනවනම් IMDB හි ඡන්ද 14,311 අරගෙන රේටින් වල 7.5/10 ක අගයක් අරගත්තු චිත්‍රපටියක්. ඒ වගෙම තිරගතවීම් ආරම්භකල මුල් සතියේ ආදායම් වාර්තා වලට පවා හිමිකම් කියූ චිත්‍රපටයක්.

    අපි චිත්‍රපට ලබාදෙන්නෙ හැම කෙනෙකුගේම රසාස්වාදය උදෙසායි. තව කෙනෙකුට හොඳ නැති එකක් , තවත් කෙනෙකුට හොඳ වෙන්න පුලුවන්. කොහොම උනත් අදහස් දැක්වීම පිලිබඳව සතුටු වෙනවා. ඉදිරියටත් අපිත් එක්ක ඉන්න.

    Reply
  • මේ ගැන කිවුවට මාත් එක්ක තරහ වෙන්න එපා

    මම මේක බාලා බැලුවා.
    ගූනාත්මක අතින් මේක අන්තිම බාල ෆිල්ම් එකක්
    මරාගන්න එක ඇරෙන්න සුපුරුදු ඒකාකාරී කතාවක් ඇරෙන්න මේක වෙන කිසිම ගතයුක්තක් නෑ

    මම ෆිල්ම් බාල බලන්න පුරැදු උනේ මේ බයිස්කෝප් සයිට් එක නිසා. හැම වෙලාවෙම වගේ මේකේ දාලා තිබුනේ හොද ෆිල්ම්.

    ඒක නිසා මේ සයිටි එකට හොද නමක් තිබුනා. ඒක ඉස්සරහටත් තියාගන්න මේ වගේ කසිකබල් ෆිල්ම් නොදා හිටියොත් වටිනවා කියලා මම හිතනවා.

    මට හිතූනු දේ කිවුවා, මාත් එක්ක තරහ වෙන්න එපා
    හිත රිදුනොත් සමා වෙන්න.

    Reply
  • නියමඉ
    මම
    බව

    Reply
  • ela ela,,,, 🙂

    Reply
  • ඔන්න මමත් සින්හලෙන් ලියනවා . බානව බානවා
    ස්තුති

    Reply
  • මෙහේ ෆිල්ම් හෝල් එකට එන්නත් කලින්ම, බඩු බයිස්කෝප් එකට එනවා…. 😀 එල එල…. 🙂

    Reply
  • එල එල…
    ඔන්න අපිත් බෑවා

    Reply
  • අප්පා .. රොකිය මරු කතාවක් ගෙනත් වගේ … හොඳා හොඳා.. බාලම බලමුකෝ… බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • thanks elama tama. macha apita adama denna Predators 2010…..

    Reply
  • maxxa ෆිල්ම් 1 වගේ.thnx 😎

    Reply
  • Mamath Meka Dekka Site Wala Torrnats Avilla Thiyanawa Namuth Mata Echara Click Une Ne.

    Namuth Den Me Reviwe Eka Dekkama Hithuna Bala Balanna One Kiyala.
    Henam Onna macho Banawaaaaaaaaaaaaaa!!!

    Reply
  • බාලා නම් ඉවරයි,ඔන්න මම බලන්නයි යන්නේ.ජය වේවා රොකියො

    Reply
  • එල, එල. ඔන්න තැන්කු කිව්වා.
    මේ, ඒක නෙවෙයි. මේ දවස් ටිකේ ඇයි හිංදි ටිකක් අඩු.අළුත් ෆිල්ම් එකක් දෙන්නකෝ. ඔන්න මල පැන්නොත් මං එකක් දානවා.
    අද අන්තිම මොහොතේ ආවේ. වැඩි වෙලා නෑ. කමෙන්ට් එකක් දාලා යනවා.
    ජයෙන් ජයම වේවා.!

    Reply
  • onna kollane math bawa.thanks saho ela thawath me wageewa danna ok thanks saho

    Reply
  • මීක ටොප්

    Reply
  • @ h ; හික් හික් ! ඔවු ඔවු මෙකෙත් හැබැයි ගල් මූසල චරිතයක් තමයි රංගපාන්නෙ. හැබැයි පට්ට වැඩකෑලි ටිකක් නම් තියනවා මිනිහා කඩු කිනිසි පිහි වලින් දාන.

    Reply
  • maxxa…………..thanks.

    Reply
  • නියමයි නියමයි.බලලාම ඉමුකෝ ඉතින්

    Reply
  • Danny Trejo ගේ ප්‍රධාන චරිතයක් තියෙන ෆිල්ම් එකක්. ගල් මූසල මූඩ් ඇක්ටින් එක්ක පොර මේ පාර මොනව කරයිද? අරන්ම බලමුකෝ… ස්තූතියි රොකියෝ…. නියමයි..

    Reply
  • මම නම් බාලා තියෙන්නෙ.. තාම බලන්න බැරිවුනා..!

    Reply
  • එල එල මමත් ගන්නව ..thankyou වෙව

    Reply
  • මමත් ගන්නවො………………………..

    Reply
  • පිස්සු හෙඩෙන සන්ඩ ……

    Reply
  • නියමයි

    Reply
  • Predators (2010) sinhala sub 1ka denne kavadada,,me sathiya athulatha dunnoth hodayi,,,hoda copy 1kuth release vela neda…..

    Reply
  • එල එල…. ඔන්න බාන්න දැම්මා… තැන්කු කිව්වා මචො…

    P.S – මචන් Formosa Betrayed එකේ සබ් හොයාගන්න නැද්ද??

    Reply
  • බාලම බලමු‍කෝ

    Reply
  • ela balama balamu.thanx

    Reply
  • එල එකක් වගේ .. thanas bro.. 😀

    Reply

Leave a Reply to බන්දුල විතානගේ Cancel reply

Your email address will not be published. Required fields are marked *