You dont have javascript enabled! Please download Google Chrome!
Monday , November 18 2019
Breaking News
Home / All / Majnu (2016) Sinhala Subtitles | නැවතත් ආදරයෙන් [සිංහල උපසිරැසි සමග]

Majnu (2016) Sinhala Subtitles | නැවතත් ආදරයෙන් [සිංහල උපසිරැසි සමග]

Rating: 8.4/10. From 33 votes.
Please wait...

හැමෝම වගේ ආසාවෙන් බලපු, බොහෝ දෙනෙක් උපසිරැසි සදහා ඉල්ලීම් කරපු ලස්සන චිත්‍රපටයකට තමයි අද සබ් අරගෙන ඇවිල්ල ඉන්නෙ. ඔව් පරණ එකක් පොඩ්ඩක් උඩට ගන්න හිතුව. ඉස්සෙල්ලම කියන්න ඕන මේක අපේ ශසිත් අයියගෙන් ඉල්ලගත්තු එකක්. ඒකට ඔහුට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන මේක මට දුන්නට. ඒ වගේම තමයි මේක අරගෙන නම් ටික කාලයක් වෙනව. වැඩ අධික වීම නිසා සබ් එක දෙන්න ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. ඔයාල දැනටමත් දන්නව මේකට තවම කිසිම උපසිරැසියක් නිකුත් වෙලා නැහැ කියලත් ඒ වගේම අපි මේ චිත්‍රපටය කොච්චර ආසාවෙන් බැලුවද කියලත්. ඒ නිසාම පොඩි කාලයක් අරගෙන නැවත නරඹන්න හිතාගෙන ඉන්න අයට සාධාරණයක් කරන්න ඕන කියල හිතුව. ගීත කිහිපයකටත් උපසිරැසි කරල ඇති. පලමු වතාවට පොඩි උත්සහයක් දරල ගොඩක් අය ආස කරපු Oorikey Ala ගීතය සිංහලට පරිවර්ථනය කරා. ඒකට කිසිම පරිවර්තනයක් හොයාගන්න බැරිවුනා. කොහොමවුනත් මට ගීතය අත්හරින්න හිතුනෙ නැහැ.

චිත්‍රපටය නිකුත්වෙන්නෙ 2016 සැප්තැම්බර් මාසෙ 23 වෙනිද, මේ වෙනකොට IMDb අගය 6.5ක් වශයෙන් තමයි සටහන් වෙලා තියෙන්නෙ. අධ්‍යක්ෂනය Virinchi Varma විසිනුත් ප්‍රධාන චරිත වලට Nani, Riya Suman, Anu Emmanuel යන තිදෙනා රංගනයෙනුත් දායක වෙලා තියනව. චිත්‍රපටය සඳහා පිරිවැය ඉන්දියානු රුපියල් කෝටි 16ක් වෙද්දි ඉන්දියානු රුපියල් කෝටි 27ක් පමණ මුදලක් උපයගන්නත් චිත්‍රපටයට හැකියාව ලැබිල තියනව. තවත් එක් විශේෂත්වයක් තමයි චිත්‍රපට අධ්‍යක්ෂක S.S. Rajamouli මහතා කොටස් කිහිපයකට තමන්ගෙ රංගනයෙන් දායක වෙලා තියනව.

කතාවෙන් පොඩ්ඩක් කියලම ලිපිය අවසන් කරන්නම්. චිත්‍රපටය ආරම්භ වෙන්නෙ බාහුබලි චිත්‍රපටයේ තිරගත කිරීමක් අතරතුර. ආදිත්‍යා(නානි) එම චිත්‍රපටයෙ සහය අධ්‍යක්ෂකවරයෙක්. ඔය අතර නානිට එයාගෙ යාලුව කාසිගෙන් කෝල් එකක් එනව මැරයො වගයක් එයාට ගහන්න එනව කියල. ඉතින් ආදිත්‍යා එතනට යනව, කොහොමින් හරි එතනදි තමයි ආදිත්‍යා සුමාව දකින්නෙ. ආදිත්‍යාට සුමා ගැන කැමැත්තක් ඇති වෙලා එයාගෙන් කැමැත්ත අහන්න තමයි උත්සහ කරන්නෙ. ඉතින් කතාවෙන් කතාවෙන් සුමා ආදිත්‍යාගෙ පරණ ආදර කතාව ගැන අහනව. දැඩි බලකිරීම මත ආදිත්‍යා තමන්ගෙ ආදර කතාව කියන්න පටන් ගන්නව. ඉතින් එතන ඉදල තමයි ආදිත්‍යා සහ කිරන් අතර ආදර කතාව පටන්ගන්නෙ. මජ්නු චිත්‍රපටයෙ මතක නැවත අලුත් කරගන්න හැමෝටම ආරධනා කරන ගමන්, මේක මගේ උපන්දිනේට මගෙන් ඔයාලට හිමිවෙන විශේෂ තෑග්ගක් හැටියට සලකන්න. එහෙනම් මම සමු ගන්නවා. වෙනද වගේම…

ජය ශ්‍රී!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

32 comments

  1. Film eke link ek diymkoo

  2. Bandarajbandara

    ස්තුතියි ජයවේවා

  3. bohoma sthuthi me sub eka apita genawata

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. Pereralakshitha

    Sub ekat thanks.puluvn nm film eka downlod karana link eka dannko.loku udaduvk.

    Thank you

  6. Meee……. Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa

  7. සබට බොහොම තුති කිව්වා…
    ගොඩක් කල් ඉඳන් ෆිලුම තියන් හිටියේ සබ එක්ක බලන්න.
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  8. bohoma sthuthi saho…

  9. කාල රාමු අවුල් බන් හරියට වැඩ නෑ බන් ..සබ් එක කාල රමු හදලා දෙන්නකො

  10. Prasadmdrnga01

    Puluwannan Hippi eke sub ek diynko bn

  11. damith_janaranjana

    Thanks bro

  12. Thanks for sub

  13. සබ් එක හරියට වැඩ කරන්නේ නැහැ

  14. Happy Birthday mcn..

  15. සබ් එකට තෑන්ක්ස් මචං…
    ඒ වගේම ‘සුභ උපන්දිනයක්’ මචං…

  16. Wish U Happy Birthday

  17. උපසිරසිය දෙනකන් ලග තියන් හිටපු එකක්.සුභම සුභ උපන් දිනයක් වේවා ස⁣ෙහා් .උපන් දිනතෑග්ගට බොහොම තුති.මොකද සබ දෙනකන් බලන් හිටපු එකක් නිසා..

  18. සුබ උපන්දිනයක් වෙවා බං. තැන්ක්ස් සබ් එකටත් ජයවෙවා

  19. Thank You Sub Ekata

  20. Thanx bro………….happy bithday

  21. Thanks and happy Birthday

  22. Thnxxxxxxxxxx

  23. Happy birthday to you……….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  24. isuru srinath sjs

    Thanks සහෝදරයා සබ් එකට.. බොහොම ස්තුතියි.. ❤️
    ඒ වගේම ” සුභම සුභ උපන්දිනයක් වේවා “..!

  25. WIsh U Happy Birthday
    &
    Thanks For Subtitle

  26. සුභම සුභ උපන්දිනයක් වේවා !

    බොහොම ස්තූතී උපසිරැසියට

    Good Luck Bro ❤

error: Alert: Content is protected !!