Saturday , September 25 2021
Breaking News

Mare of Easttown (2021) [S01 : E07] Sinhala Subtitles | අපේ කාර්‍යය ආදරය කිරීම පමණයි! [සිංහල උපසිරැසි]

Rating: 10.0/10. From 7 votes.
Please wait...

පෙර කොටසින්

කලින් කොටසෙදි මතක ඇති සම්පූර්ණයෙන් හිතාගෙන හිටපු දේවල් කණපිට ගැහුනා. එරින්ගේ මිනීමැරුමට වගකිව යුතු පුද්ගලයා කවුද කියලා පොඩි පොඩි ඉඟි අපිට දීලා කතාව ඉවර වෙන්නේ ඒ ජෝන්ගේ මල්ලි බිලී තමා මිනීමරුවා කියලා අපිට පෙන්නලා. මතක ඇති බිලීගේ ඇඟ පුරා ලේ තියෙද්දි රෑ යාමේ ගෙදර ආවම එයාගේ තාත්තා ඒ ගැන දකිනවා, ඒ වගේම බිලී කියනවා ජෝන්ට මම පාපොච්ඡාරණය කරන්න ලෑස්තියි කියලා. ඉතින් ඔක්කම සාක්ෂි විරුද්ධව මේ වෙනකොට තියෙන්නේ බිලීගේ එහෙම නැත්තම් ජෝන්ගේ මල්ලිගේ එරින්ගේ මාමාගෙ පැත්තට. ඒත් ඒ ගැන මේයර් ලෝරිගෙන් දැනගන්නකොටත් ජෝන් සහ බිලී මාළු අල්ලන්න කැබින් එකකට ගිහින් ඉන්නේ. ඉතින් මේ ගැන මේයර් එයාගේ ප්‍රධානියට දැනුම් දුන්නත් ඒ සමඟම එරින්ගේ යාළුවා ප්‍රධානියා හම්බවෙලා පොටෝ එකක් පෙන්නනවා. ඒත් සමඟම මේයර්ට කෝල් එකක් ගන්න ප්‍රධානියා උත්සහ කරනවා. ඉතින් හයවෙනි කතාංගයේ අවසානය එහෙමයි සිද්ධ වුනේ.

අද කොටසින්

ඉතින් කොහොමහරි එහෙනම් මේ විශිෂ්ඨ කතා මාලාවේ අවසාන කතාංගයට තමා අපි ඇවිත් ඉන්නේ, අපි මේ තාක් දුරට හිතාගෙන හිටිය දේවල් නැවත නැවත දෙපාරක් තුන්පාරක් මේ කතාංගයෙන් ප්ලොට් ට්විස්ට් කරලා නරඹන්නන්ව පුදුම කරවනවා.

ඉතින් එහෙනම් HBO නාලිකාව හරහා නිකුත් වුන IMDb දර්ශකයේ 8.5ක අති දැවැන්ත අගයක් වගේම IMDb දර්ශකයේ හොඳම කතා මාලා 250 අතරින් #201 වෙනි ස්ථානයද තමා සතු කරගන්නට සමත් වෙමින් Kate Winslet, Guy Pearce වැනි ලෙජන්ඩරි ගණයේ නළුවන් නිලියන් සම්බන්ධ කරගෙන නිම වූ මේ වසරේ නිකුත් වූ මේ සුවිශේෂි සහ විශිෂ්ඨ මිනි සීරිස් එකෙහි අවසානය නරඹන්න කියලා ආරාධනා කරනවා.
__ __

අද කතාවේ නම : Sacrament
අධ්‍යක්ෂණය : Craig Zobel
ලිව්වේ : Brad Ingelsby
විකාශය වුනේ : 2021 මැයි 30

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E08] Sinhala Subtitles | අවසානය සහ අරුනෝදය… [සිංහල උපසිරැසි]

මේ අරන් ආවෙ කතා මාලාවෙ අවසන් කොටස. පහුගිය කොටසෙ කට්ටියම එකතු වෙලා ආච්චිව බේර ගත්තනෙ. …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. Chandima Prasad

    මේකනම් සුපිරිම කතාවක්..මුල ඉඳලා කතාවේ අවසානය දක්වාම කුතුහලේ කියන එක උපරිමේටම තිබ්බා..ඇක්ටින් නම් කියලා වැඩක් නෑ..සිද්ධි එකින් එක ගැලපීමත් සුපිරියි..හිතුවේවත් නැති විදියට අවසාන කරා කතාව..නියමයි..නොබලපු කෙනෙක් ඉන්නවා නම් හිත හිත ඉන්න එපා බලන්න..
    මේ සුපිරි කතාව අපිට බලන්න පුළුවන් උනේ බයිස්කෝප් ටීම් එක හිංදා..ඉතිං ගොඩක් ස්තීතියි එපිසෝඩ් 7ටම සබ් කරපු කවිශල් ඇතුළු සෙට් එකටම..ජයවේවා…..

  2. Please අපිට RIVERDALE Tv Show එකේ Subtitle එක දෙනවද?��˜�

  3. ඉන්දියන් කතාමාලාවක් දෙද්දි ඒවට අපහාස කර කර
    කමෙන්ට් කරන අයටත් අපහාස කර කර උපසිරසි දෙන අයවත් අපහසුතාවයට පත්කරනෝ,
    මේ වගේ ඉංග්‍රිසී සුපිරි කතාමාලා දෙද්දි අඩුතරමේ තෑන්ක්ස් කියලවත් කියන්නේ නෑ…..???

    උපසිරසි දීපු ඔක්කොටම ගොඩක් ස්තුතියි!
    දිගටම කතාමාලා දෙමු

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. සිංහල උපසිරැසියට ස්තූතියි

  6. පට්ටම සීරීස් එකක්
    තව මෙවැනි ත්‍රිලර් සීරීස් දෙන්න
    උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි

  7. උපසිරැසියට ස්තූතියි!

  8. Sub akta thanks

error: Alert: Content is protected !!