අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Mars [S02 : E01] Sinhala Subtitles | අපි තනියම නෙවෙයි.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 9 votes.
Please wait...

“Mars” නම් වූ කතා මාලාවේ දෙවන සමය, කොටස් 6කින් සමන්විත වූ මෙය 2018 වර්ෂයේ නොවැම්බර් 12 සිට දෙසැම්බර් 17 දක්වා නැෂනල් ජියෝග්‍රැපික් නාළිකාවේ විකාශය වුණා. මේක Docudrama/Adventure/Sci-Fi විදිහට තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. මෙය ප්‍රබන්ධ නොවන වාර්තාමය කොටසක් සහ ප්‍රබන්ධමය නාට්‍යයක් විදිහට දිගහැරෙනවා. මේකට පාදක කරගෙන තියෙන්නේ ස්ටෙපන් පෙට්‍රැනක් විසින් 2015 වසරේ රචිත “How We’ll Live on Mars” නැමැති පොත. IMDb දර්ශකයේ 7.5/10ක අගයන් ලබාගෙන ඇති ලංකාවේ ප්‍රේක්ෂකයින් අතර ඒ හැටි ජනප්‍රිය නොවුන මේ කතා මාලාව ගැන බලපු අය නම් දන්නවනේ. ඒක හින්දා ලොකු විස්තරයක් නම් කියන්න අදහසක් නැහැ. කොහොම උනත් මේකේ වාර්තාමය කොටස තුළ ඉතා වැදගත් තොරතුරු බොහොමයක් අඩංගු වෙනවා. මානව වර්ගයාගේ අතීත හා වර්තමාන ක්‍රියාවන් නිසා අපි වර්තමානයේ මුහුණ දී සිටින්නේ මොනවගේ තත්ත්වයන්ට ඒ වගේම අනාගතයේ දී අපිට මුහුණ දෙන්න වෙන්නේ මොනවටද කියන එකත් සමඟ අඟහරු ජනපදකරණය සිදුකළ යුත්තේ කුමන ආකාරයකට ද යන්න ගැන ඉතා හොඳින් පැහැදිලි කරනවා. 2035 වසර වන විට අඟහරු ජනපදකරණය ආරම්භ කිරීම ගැන වර්තමාන ලෝකයේ බොහෝ සෙයින් කතා බහට ලක්වෙන නිසා ඒ ගැන උනන්දුවක් තියෙන කෙනෙක්ට බලන්න හොඳ වැඩසටහනක්. ඒ උනත් මුලින් download කරලා පස්සේ කෑගහන්නේ නැතිව මුලින් Google සෙවුමක් කරලා වැඩි විස්තර බලාගන්න.

අතීත මතකයන්:

2033 වර්ෂයේ දී බෙන් සෝයර්ගේ නායකත්වයෙන් හැනා සන්ග්, මාර්තා කමේන්, ඇමෙලි ඩුරන්ඩ්, ජාවියර් ඩෙල්ගාඩො සහ රොබට් ෆුකෝල්ට් යන ගගනගාමීන් හයදෙනා “ඩෙඩ්ලස්“ අභ්‍යවකාශ යානාවෙන් අඟහරු බලා යනවා. මේ අඟහරු ගමන ගැන වැඩිබර කරට අරගෙන කටයුතු කරන්නේ එඩ් ග්‍රෑන්. ඒ වගේම හැනා සන්ග්ගේ නිවුන් සහෝදරිය ජූන් සන්ග්, එඩ් ග්‍රෑන් සමඟ එක්ව පෘතුවියේ සිට අඟහරු ගමනට අදාළ මෙහෙයුම් කටයුතු සිදුකරනවා. මාස 7ක අඟහරු ගමන, ගොඩබෑමේ දී සිදුවූ අනපේක්ෂිත සිදුවීම්, කණ්ඩායම් අණදෙන්නා වන බෙන් සෝයර් මරණය, අයිස් සොයාගැනීම, මේ සියල්ල සමඟ ඔලිම්පස් නගරය ගොඩනැඟීම සිදුවුණා.

2037, මානව වර්ගයා අඟහරු මතට ගිහින් වසර හතරක් ගෙවිලා. අඟහරු මෙහෙයුම් කණ්ඩායම, පෝල් රිචඩ්සන් සමඟින් මේ ඔලිම්පස් නගරය ස්වයං පෝෂිත නගරයක් කිරීමට උත්සාහ කරනවා. ඒ අතරේ නගරයේ යටිතල පහසුකම් වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය කරන බලශක්තිය ඉහළ නංවා ගැනීම සඳහා ලෙස්ලි රිචඩ්සන්ට බලශක්ති සැපයුම තාවකාලිකව අක්‍රීය කරන්න ඕන උනත් හැනා නම් කැමති උනේ නැහැ තමන් ආසන්නයටම පැමිණෙමින් තිබූ බිහිසුණු වැලි කුණාටු තත්ත්වය නිසා. ඒත් අත්දැකීම් පිරි හැනාට සවන්දෙන්න ලෙස්ලිට ඕන උනේ නැහැ. ලෙස්ලිගේ අදූරදර්ශි ක්‍රියාවන් නිසා ඔලිම්පස් නගරයේ බලශක්තිය ඉතා සීමාකාරි උනා. මේ නිසා අත්‍යාවශ්‍ය පද්ධති වලට අවශ්‍ය බලය හැර අනෙක් සියළු දේ සඳහා සැපයූ බලය ඉවත් කළා. රොබට් සහ ජාවියර් ගේ භයානක උත්සාහය නිසා ඔවුන්ට යන්තමින් දිවි රැක ගැනීමට බලශක්තිය ලබාගන්න හැකි උනා. මේ බලශක්ති අර්බුදය වැඩිපුරම බලපෑම් කළේ පෝල් රිචඩ්සන්ට. මාස දෙකකට වැඩි කාලයකට පසු වැලි කුණාටුව අවසන් වෙද්දි තමන් ආදරය කළ වගාවන් විනාශ වී යාම දැකීමෙන් පෝල්ට දරාගැනීමේ සීමාව ඉක්මවා ගිහින් තිබුණා. ඔහු තමන්ගේ මනෝ ලෝකයට දොරඟුළු විවර කරන්න ගිහින් ඔලිම්පස් නගරයේ ලැබ් එකයි හරිතාගාරයයි ඇතුළු මුළු බටහිර අංශයම විනාශ කළා.

මේ සියල්ල වෙන අතරේ පෘතුවියේ ඉන්න එඩ් තම ඉදිරි සැලසුම් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට IMSF ජාතීන් දැනුවත් කරමින් හිටියේ. කොහොමහරි අඟහරු මත සිදුවුණු විනාශයන් නිසා අඟහරු මෙහෙයුම නතර කර දැමීමට ආසන්න උනත් අවසානයේ මාර්තා විසින් අඟහරු මත බැක්ටීරියා සොයා ගැනීම හේතුවෙන් මෙහෙයුම දිගටම කරගෙන යාමට තීරණය වුණා.

සැබෑ ලෝකය:

අභ්‍යවකාශ ගවේෂණය සහ එහි තාක්ෂණය පිළිබඳ වර්තමානයේ සිටින විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් විසින් අඟහරු තරණයේ දී ගගනගාමීන් මුහුණ දෙන්නාවු දුෂ්කරතාවයන් පිළිබඳ කතා කරනවා. ඒ වගේම අභ්‍යවකාශ ගවේෂණයේ අතීත සාර්ථකවීම් සහ අසාර්ථකවීම්, පැරණි තාක්ෂණය මෙන්ම එකල ගගනගාමීන් මුහුණ දුන් වැඩි අවදානම් කාරණා ගැනත් සඳහන් කරනවා.

ඒ ඔස්සේ මිනිසා මුලින්ම පෘතුවියෙන් ඉවතට ගමන් කිරීමට යොදා ගත් ඒ වගේම දැනටත් භාවිතා කරන Launchpad 39A ගැනත්, වෙනත් ග්‍රහලොවක් මත රොකට්ටුවක් ගොඩබෑමේදී ඇති විය හැකි නොයෙක් ගැටළු ගැනත්, ඒ වගේම ඉලන් මස්ක් ප්‍රමුඛ ස්පේස්එක්ස් ආයතනයේ අරමුණ මානව වර්ගයා වෙනුවෙන් අඟහරු මත නව ජනාවාසයක් ඉදිකිරීම. අභ්‍යවකාශයේ වසරක් ගත කළ ඇමෙරිකානු ගගනගාමි ස්කොට් කෙලි ගැන,

ජීවය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය සාධකය වන ජලය ගැන. දැනට අඟහරු මත අයිස් තිබෙන බව සොයා ගෙන තියෙනවා. අඟහරු පෘෂ්ඨයේ ඉඳලා ගැඹුරින් තමයි මිදුණු ජලය තියෙන්නේ. ඉතින් කුරිරු ග්‍රහයෙක් වූ අඟහරු මත දී කොහොම ද ජලය ලබා ගන්නේ කියන එක ගැන සහ අඟහරුගේ ස්වභාවය ගැනත් ඒ වගේම ඊසා (යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය) හා රොස්කොස්මෝස් (රුසියානු ෆෙඩරල් අභ්‍යවකාශ ඒජන්සිය) අතර සහයෝගීතාවයෙන් කසකස්තානයේ බයිකොනූර් කොස්මොඩ්‍රෝම් හි දී සිදුකරන රතු ග්‍රහයා වෙත මෙතෙක් කරනු ලබන ලෝකයේ විශාලතම මෙහෙයුම, “එක්සොමාර්ස්” දියත් කිරීම ගැන,

ඇන්ටාක්ටික් ගවේෂණයත් අඟහරු ගවේෂණය තරම්ම අති දුෂ්කර කාර්යයක්. නමුත් සැබෑවක්. බ්‍රිතාන්‍ය ජාතික ෂැකල්ටන් මහත්මයා ඈත අතීයේ දී ඇන්ටාක්ටිකා තරණයට යනවා. ඒක ඉතා බිහිසුණු ගමනක්. ඒ කාලයේ පටන්ම අද දක්වාත් ඇන්ටාක්ටිකා තරණය දුෂ්කර ගමනක්. ඉතින් මේ දුෂ්කර ඇන්ටාක්ටික් ගවේෂණයෙන් ලබන අත්දැකීම් කොහොමද අඟහරු තරණයට යොදා ගන්නේ කියන එක ගැන,

අඟහරු මත ඇති වන වැලි කුණාටු ඉතා බිහිසුණුයි. වැලි කුණාටුවක් කිවුවට ඇත්තටම තියෙන්නේ ඉතා සියුම් දූවිලි අංශු. මේ කුණාටු අති විශාලයි, ග්‍රහලොවම වසා ගන්න හැකියි. වැලි කුණාටු මාස ගණනාවක් පුරා තියෙන්න පුළුවන්. ඉතින් ඕනෑම තත්ත්වයකට පුහුණුවක් ලැබූ පුද්ගලයෙකු පවා මෙවැන්නකට කෙසේ මුහුණ දෙයිද? ඔහු/ඇය මෙම ආතතිය පාලනය කර ගනී ද? හුදකලා සීමිත පරිසරයක දී බලාපොරොත්තු නොවු මෙවැනි සිදුවීම් වලට මුහුණ දෙන පුද්ගලයින්ගේ මානසිකත්වය ගැන,

වර්තමානය දක්වා අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසය…. දෙවන ලෝක යුද්ධයෙන් පසු පර්මනියේ විසූ රොකට් විද්‍යාඥ වෙන්හෙර් වොන් බ්රෝන් එක්සත් ජනපද හමුදාවන්ට භාරවීමෙන් පසු නාසා ආයතනය සමඟ සම්බන්ධ වුණ දා පටන් තමයි මේ රොකට් තාක්ෂණය දියුණුවෙන්නේ. ඔහු විශාල රොකට්ටුවක් හැදුවා. ඒ සඳට යාමේ අරමුණින් නෙමෙයි අඟහරු වෙත යාමේ අරමුණින්. එහෙනම් ඇයි අපට තාමත් අඟහරු වෙත යන්න බැරි උනේ. ඉතිහාසය ඒ ගැන මොනවද කියන්නේ. ඒ ඉතිහාසය ගැන සහ අඟහරු වෙත යාමේ එක් පියවරක් ලෙස ඉලන් මස්ක් ප්‍රමුඛ ස්පේස්එක්ස් ආයතනයේ සාර්ථකත්වයට පත් වූ රොකට් නැවත භාවිතා කිරීමේ අත්හදා බැලීමක් ඇතුළු මේ විවිධ කාරණා ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගෙන සැබෑ ලෝකයේ වාර්තාව සකස් කර තිබෙනවා.

අඟහරු දෙවන කතා මාලාව තුළින්

වර්තමානය:

දැන් වසර පහකට පසු 2042 අප්‍රේල් මාසයයි. ඔලිම්පස් නගරය තුළ විවිධ කාර්යයන් වෙනුවෙන් 200 ක පිරිසක් ඉන්නවා. අඟහරු කණ්ඩායම තමන්ගේ මූලික අභියෝගයන් ජයගෙන තියෙනවා. දැන් ඔවුන් උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. ඒක දැවැන්ත අභියෝගයක්. මේ සඳහා ඉහළ දක්ෂතා ඇති කණ්ඩායමක සහයෝගය ලැබෙනවා. නමුත් ඔවුන්ට යටි අරමුණකුත් තියෙනවා. ඉතින් කවුද මේ, මොනවද කරන්නේ කියලා ඔයාලටම බලන්න වෙනවා.

සැබෑ ලෝකය:

පෘතුවියේ ආක්ටික් තෙල් පිළිබඳ ධනේෂ්වරවාදී ව්‍යාපාරයන් ගැන නීල් ටයිසන්, ඉලන් මස්ක්, ස්ටැන්ලි රොබින්සන් ආදී බොහෝ විද්වතුන් පිරිසකගේ අදහස් දැක්වීම්, ආක්ටික් තෙල් කැණීම් පිළිබඳ මහජනයාගේ මතය ඇතුළුව වර්තමානයේ පෘතුවිය මත මොනවද වෙන්නේ කියන එක පිළිබඳ සැබෑ කතාව කියවෙනවා. ඒ අත්දැකීම් අඟහරු ජනපදකරණයේ දී කෙසේ බලපාවිද යන්න පිළිබඳ සාකච්ඡා කෙරෙනවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

7 thoughts on “Mars [S02 : E01] Sinhala Subtitles | අපි තනියම නෙවෙයි.. [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් හම්බෙයි කියලනම් හිතුවේ නෑ…
    සුපිරි වැඩක් මේකට සබ් කරන එක.
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….

    Reply
  • එනකන් බලන් ඉදපු එකක් තමා…. ඉක්මනට දෙමු… තැන්ක්ස්

    Reply
  • ikmnata demuuuuuuuu

    Reply
  • බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 හොඳ documentary seriesවලට සබ් දෙන්න බ්‍රෝ 🙂
    ජය වේවා.!

    Reply
    • මේකෙ අනිත් episodeවලටත් ඉක්මනට සබ් දෙමු 🙂

      Reply

Leave a Reply to Rasindu Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *