Friday , October 23 2020
Breaking News

Me Before You (2016) with Sinhala Subtitle | සැබෑ ආදරය කිසිදා අවසන් නොවේ. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 35 votes.
Please wait...

ආදර කතා නම් ඕනේ තරම් අහලා දැකලා ඇති. සැබෑ ජිවිතයෙද ඒක වෙනසක් නෑ. මට විශ්වාසයි. ගොඩක් අය අත්විදලා/විදවලා ඇති. ගොඩක් ආදර කතා පටන් ගන්නවට වඩා ඉක්මණට ඉවර වෙනවා. විශ්වාසය නැතිවීම වගේ නොයෙක් සැලකිය යුතු කාරණාත් එක්ක. මෙහෙම කියනවට තරහා වෙන්න එපා, අද කාලේ නම් ගොඩක් ආදර කතා කියන්නේ හරිම විහිළුවක්. ඒ මොකද දැන් මේක සමහරුන්ට විහිළුවක් වෙලා. කට්ටියගේ භාෂාවෙන් කියනවනම් ආතල් එකට කාලේ කන්න කරන වැඩක්. තමන්ගේ සහකාරිය/සහකරුවා තෝරගන්න වැඩේ හරියට කලේ නැත්තම් තමන්ටමයි විදවන්න වෙන්නේ. එදිනෙදා ජීවිතයේදීම අපිට කී දෙනෙක් හමුවෙනවද, එහෙමත් කෙනෙක් අපේ ජීවිතයට එනවා, ඇවිත් ලැගුම් අරගෙන ජීවිතාන්තය දක්වාම එකට ඉන්නවා. නැත්තම් මගදී දාලා යනවා. එහෙමත් අයගෙන් අබ්බගාත කොල්ලෙක්ව/ කෙල්ලෙක්ව බාර ගන්න ගොඩක් අය අකමැති වෙන්න හැකිළෙන්නේ නෑ. මොකද ඒක කරදරයක් හැටියටයි දකින්නේ. ඒත් ඇත්තටම ආදරය කරනවනම් මේ වගේ ප්‍රශ්ණ කියන්නේ බොහොම පොඩි දේවල්. මොකද ආදරය කියන්නේ මිට වඩා වැඩි යමක්.

එහෙම ආබාධිත කෙනෙක් තමයි විල්[විලියම්] ට්‍රේයිනර් කියන්නේ. මෙයාටත් පෙම්වතියක් ඉන්නවා. නමුත් වැස්ස දවසක පාර මාරු වෙන්න ගිහින් අනතුරකට ලක් වෙලා විල්ට ඇවිදගන්න බැරිව යනවා. මේකෙන් එයාගේ සුෂුම්නාව තුවාල වෙනවා. ඒකෙන් අතේ ඇගිලි සීමිත ගානක් තමයි හොලවන්නත් පුළුවන්. විල් කියන්නේ යම්තාක් දුරකට සල්ලි තියෙන කෙනෙක්. ඒත් ඉතින් එහෙමයි කියලා එයාගේ පෙමව්තිය එයා ලග නතර වෙන්නේ නෑ. ඔහොමම මතක තියාගන්න මං මේ පෙම්වතිය ගැන පස්සේ කියන්නම්. ලුවීසා කියන්නේ සාමාන්‍ය ෂොප් එකක වැඩ කරන කෙල්ලක්. ඒත් දවසක ඒ ෂොප් එකේ අයිතිකාරයා එයාව රස්සාවෙන් අස් කරනවා. සල්ලි කියන දේ හොදාකාරවම අවශ්‍යතාව තියෙන ලුවීසා කොහොමහරි රස්සාවක් හොයාගන්නවා. ඒ තමයි මේ විල්ව බලාගන්න වැඩේ. විල් ඉන්නේ ගෙදර සේවකයක් නම් ඉන්නවා නේතන් කියලා ඒත් ඒක ප්‍රමාණවත් නෑ. ඒ නිසා ලුවීසාව විල්ව බලාගන්න වැඩේ ලැබෙනවා. විල් නම් ලුවීසාට පොඩ්ඩක්වත් කැමති නෑ. ඔහොම කාලය යත්ම මේ දෙන්නා ගොඩක් සුහද වෙනවා. දවසක් විල්ගේ ගෙදරට එනවා එයාගේ පරණ පෙම්වතිය. ඇය නමින් ඇලීෂියා, නිකන් නෙවෙයි විල්ගේ හොදම යාළුවා රූපට් කියන හාදයෙක් එක්ක විල්ව බලලා යන්න.මේ දෙන්නාගේ පැමිණීම නම් විල්ට හොද දෙයක් වෙන්නේ නෑ. මාස හයකට වතාවක් විල්ව වෛද්‍ය පරික්ෂාවට ලක් කරන්න රෝහලට යන්නත් තියෙනවා.

එක්තරා දවසක විල්ගේ ගෙදරට ආපු ලියුමක තිබුණු දෙයක් නිසා විල්ගේ අම්මයි තාත්තයි අතරේ ඇතිවන රණ්ඩුව ලුවීසාට ඇහෙනවා. ලුවීසා මේ ගැන දැනගත්තට තමයි විල්ට තවත් ගොඩක් සුහද වෙන්න වගේම එයාව සතුටින් තියන්න උත්සහ කරන්නේ. ඒත් ලුවීසාට පෙම්වතෙක් ඉන්නවා. පැට්රික් කියලා. එයා වෘතිමය වශයෙන් කරන්නේ ක්‍රීඩා ආශ්‍රිත දේවල්. පැට්රික් නම් කැමති වෙන්නේ නෑ මේ ලුවීසයි විල් අතරේ ඇතිවන සුහදතාවයට. ඒ අතරේ විල්ගේ පරණ කෙල්ල ඇවිත් එයාගේ වෙඩින් කාඩ් එක දීලා යනවා. ඒ වෙන කවුරුවත් එක්ක නෙවෙයි මිත්‍රවරුණේ විල්ගේ හොදම යාළුවා වෙච්චි රූපට් එක්ක. මෙතනින් පස්සේ නම් වෙන දේ මං කියන්න යන්නේ නෑ. එහෙම උනොත් කතාවේ රසය නැති වෙනවා. ලස්සන සිදුවීම් පෙළක් අවසානය වෙනකන්ම බලාගන්න පුළුවන්. ලස්සන සින්දු ටිකකුත් තියෙනවා.

IMDb දර්ශකයේ 7.8 ක අගයක් මේ වෙද්දී මේ සලරුවට ලැබිලා තියෙනවා. ධාවන කාලය පැයකුත් විනාඩි පනහකුත් වෙනවා. ඒවගේම මේක Drama, Romance කියන කැටගරියට තමයි අයත් වෙන්නේ. නිකුත් වුණේ 2016 ජූනි 3 වෙනිදා. අධ්‍යක්ෂණය නම් Thea Sharrock. තිර රචනය  Jojo Moyes. මේ චිත්‍රපටියේ ලොකු විශේෂයක් තියෙනවා. ඔයාලා දන්නවද Me Before You කියන්නේ Jojo Moyes කියන ඒ සුපිරි කතුවරිය විසින් 2015 ජනවාරි 5 වෙනිදා එක්සත් රාජධානියේ එළිදක්වන ලද සුපිරි ආදර නව කාතාවක්. Me Before You පොත එළිදැක්වීමත් පසුව 2015 වසර පුරා නිකුත් වූ පොත් අතරින් වැඩිම අලවියකට ලක්වුණු පොත බවට පත්වෙනවා. මෙතනින් පස්සේ තමයි Thea හා Jojo එකතුවෙලා මේක සුපිරි සලරුවක් බවට පත්කරලා අද අපි අතට මේ පත් කරලා තියෙන්නේ. Box office තුල ඇමරිකානු ඩොලර් මිලියන 33.9ක මුදලක් උපයා තියෙනවා. චිත්‍රපටිය සදහා අයවැය ඇමරිකානු ඩොලර් 20,000,000 වියදම් වෙලා තියෙනවා. නමුත් චිත්‍රපටිය එළිදැක්වූ පළමු සතිය තුල ඇමරිකාව තුල පමණක්,ඇමරිකානු ඩොලර් 18,723,269 (3 ජූනි 2016 දිනට) උපයා තියෙනවා. නමුත් මේ වනවිට ඇමරිකානු ඩොලර් 39,670,975 (14 ජූනි 2016 දිනට) උපයාගැනීමට හැකියාව ලැබිලා තියෙනවා.

විශේෂයෙන්ම මේකේ ඉන්න චරිත ගැන කතා කරනවානම් ප්‍රධාන චරිත දෙක වන ලුවීසා ක්ලාක්ට රංගනයෙන් දායක වන්නේ Emilia Clarke එහෙමත් නැත්තම් ගොඩක් අය එයාව Game Of Thrones වල අපේ මකර රැජිණ, ඩනේරිස් අක්කියා  විල් ට්‍රේයිනර්ට රංගනයෙන් දායක වන්නේ Sam Claflin හෙවත් The Hunger Games: Catching Fire වල හිටිය ෆීනික්. පැට්ට්‍රික් විදිහට රංගනයෙන් දායක වන්නේ Matthew Lewis හෙවත් අපි පොඩි කාලේ බලපු Harry Potter චිත්‍රපට මාලාවේ නෙවිල්. ලුයිසාගේ සහෝදරිය වන කැත්රිනා ක්ලාක් විදිහට රංගනයෙන් දායක වන්නේ Jenna Coleman හෙවත් Captain America: The First Avenger වල හිටිය කොනී. ඊළගට විල්ගේ තාත්තා ස්ටීවන් ට්‍රේනර් හැටියට රංගනයෙන් දායක වන්නේ Charles Dance හෙවත් Game Of Thrones කතාමාලාවේ අගුටුමිට්ටා විසින් මරා දමා අප අතරින් වෙන් වූ ටයිවින් ලැනිස්ටර්.

අඩුම තරමේ ලිපිය කියෙව්වමවත් තේරෙනවා ඇතිනෙ මේක සුපිරි ලව් ස්ටෝරියක් කියලා. රංගනයෙන් දායක උනෙත් එසේ මෙසේ කට්ටියකුත් නෙවෙයිනේ. සමහරවිට මං වගේ ගොඩක් දෙනා මේක බලන් ඉන්න ඇති. ඒ අය සදහාම ඔන්න ඒකත් දුන්නා. මේක කරනවට වඩා මං අපේ කට්ටියගෙන් මේක බේරගන්න ලොකු සටනක් දෙන්න වුණා. මොකද ඒ තරමටම කට්ටිය මේක අරගන්නමයි උත්සහ කලේ.ඒත් දුන්නේ නෑ. මං මේක ගිය අවුරුද්දෙම කියලා ඉල්ලුවහම මේ සලරුව මට දීපු රොයිලි අයියාටත්, පස්සේ මේක මට අදාළ කරපු හසන්ත අයියටත්, තාමත් කොහොමහරි උපසිරැසි දැනුවත් කරන සමීර චතුරංග අයියටත් ගොඩක් තුති. මේක අරගන්න කෙල හලපු අයට විනාඩියයි තප්පර දෙකක නිශ්ශබ්දතාවයකුත් පවත්වන්න කැමතියි. මේ සලරුවේ පොතත් මං ළග තියෙනවා කැමති කට්ටිය කියන්න මං PDF එකත් ඕනේ නම් දෙන්නම්. කතාව බලන එක මං ඔයාලට බාර කරලා යන්නම්. මතක ඇතිව අදහසකුත් දාලා යනවනම් වටිනවා ඉතින්.

එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. තවත් මේ වගේ සුපිරි සලරුවකින් හමුවෙමු.

හැමෝටම, ජයෙන් ජය.!!

Blu-Ray පිටපතට යාවත්කාලීන කර ඇත.

Me Before You (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Me.Before.You.2016.720p.BRRip.950MB.MkvCage

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් …

Leave a Reply

Your email address will not be published.

88 comments

  1. සබ් එකනම් නියමයි සහෝදරයා…හිතට දැනෙන්න වචන ටික දාල තිබ්බා.සබට තෑන්ක්ස්…ජය!!!

  2. Imesha sewwandi

    Wow…..nice….pdf eka denna puluwnd

  3. Thank you..

  4. ඉසුරු ඉෂාර

    හරිම ලස්සනයි.

  5. thank you very much for sub. keep it more.

  6. Thanks machn

  7. Thanks bro..

  8. Thank you

  9. Sub ekata thankz saho. Patta lassana storyak.

  10. ස්තූතී

  11. Thilankadissanayake

    thanks

  12. Godak thanks bro….

  13. ලහිරු උදය

    Thanks bro

  14. Thnkzz…

  15. Thank you

  16. ashan lankanath

    Thanks …………….good luck ………………………..

  17. Sasanka Madhumal

    Sinhalata pariwarthanaya karapu pdf ekak na eda??

  18. Thanks shao sub ekata

  19. tanxxx broo

  20. ඇඬුනා කියහන්කො

  21. Thank youvery much bro! Me wage katha enakan thamai mama balan inne.Bohoma sthuthiy mchn sub ekata!

  22. thanks chama broh……

    tawath wadi wadiyen sub karanna hakiyawa labewaaaaa….

  23. Nipuna Ariyathilaka

    pdf එක එවන්න පුළුවන්නම් මටත්….

    [email protected]

    thanks you

  24. sonduru,lassana, endena film ekak. balana kisikenek narakai kiyala kiyana ekak nehe. Chamara, oya 150 kata subs deela, eth mama thawama balala thiyenne ewagen 4 k witharai. eth ikmaninma 500 ta withara yanna wasana obata lebewa!

  25. සබට තුති සහෝ…

  26. Patta ty bro thx for sub and brrip up date.obata saha site eakata jaya

  27. patta film eka saho…
    sub ekata tnx

  28. තෑන්ක් සහෝ සබ් එකට.
    මේක බලන්න හුගක් කල් ඉදල බලං හිටියෙ.
    අද තමයි බලන්න වෙලාවක් හම්බුනේ…
    pdf එක එවන්න පුළුවන්නම් මටත්….
    [email protected]

  29. මධුකප්‍රිය පෙරේරා

    ඔන්න උබ හොදයි කිව්ව නිසා අපිත් බලනවා චාමරයෝ..
    කිව්වා වගේ හොද නොවුනොත්නේ බලාගන්නේ.
    උපසිරසියට බොහොම ස්තුතියි

  30. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    අදයි මේ චිත්‍රපටිය මම බැලුවේ. කියන්න වචන නෑ. හරිම ලස්සන සංවේදී චිත්‍රපටයක්.
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  31. නියමයි.උපසිරැසිය br update කලාට ස්තුතියි.සහෝ Guardians of the Galaxy එකේ ඉතිරි episodes
    ටිකටත් උපසිරැසි කරන්න.ජය වේවා!

  32. සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

    BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  33. අනේ මචංලා මේවයේ බ්ලූරේ ආව ගමන් සබ් එක බ්ලූරේ එකට වෙනස් කරපංකෝ.පෙරේදා මේකේ බ්ලූරේ ආවේ.තාම සබ් HCHD එකට.ෂීට්

  34. ඇඩුන බං…………

  35. thanx sub ekata

    link eka comment line eke wath damma nama godak prayojan wath machan
    jaya wewa…

  36. Manjula Kumara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..!
    ජය වේවා!!!

  37. Mata pdf eka denna puluwanda bos. Thanx sub walata.

  38. Link eka nathuwa nam wadak na…

  39. chiran chathura

    ස්තුතියි සහො..

  40. උපසිරැසියට ස්තුතියි.සහෝ Guardians of the Galaxy ඉතිරි episodes වලට උපසිරැසි දෙන්න.ජය..

  41. අමිල මනනදේව

    Tnx bro patta film eka…

  42. thanks mchn sub ekta eth hash ek comment ekk widiyata hari denwanam satutui site eke hoyanana amarui

  43. Sub ekata thanx aaaaaaaaaaa

  44. Thanks sub ekata…

  45. Nilanthi Senadheera

    Thanks for everything. Good luck!

  46. tnx saho… Br eka awata passema balanawa, matath PDF eka denna ([email protected])

  47. thanx…………

  48. Thanks !!!!!!!!!!!!!

  49. pdf eka denawada yalu ehenam mata

  50. elama thanks

  51. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

  52. niayamai…supri filumak.balannama ona 1k.thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  53. මං නං හිතන්නෙ නෑ ලිපිය කියවපු කිසිම කෙනෙක් මේ ෆිලුම නොබල ඉඳියි කියල,
    ගොඩක් ස්තූතියි වගේම පින් සහෝ උපසිරස ලබා දුන්නට. මේකනං නොබල බැහැ,
    දිගටම මේ වගේ සොඳුරු නිර්මාණ වලට sub කරන්ඩ ශක්තිය දෛරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව,
    තෙරුවන් සරණයි!

  54. සිංහබාහු

    ස්තුතියි සහෝ sub එකට. පුලුවන් නම් pdf එක මේ mail එකට දානවාද?. [email protected]

  55. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  56. url ekata hash eka copy karala torrent ek aragena ba ganna vidiya kiyanna kauru hari help karanna plz

  57. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  58. අපි නං ඉතිං විඳල වත්, විඳවල වත් නෑ.
    කමක් නෑ ඉතිං මේක බලලවත් අත්දැකීමක් ලැබෙයිනේ.

  59. නිරෝෂ්

    ස්තුතියි චාමර සහෝ.ජයවේවා !

  60. හම්මේ ඔන්න සබ්එක දිල්ලා තැන්කූ හොදේ…..

  61. නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

    හම්මේ මම සාමාන්‍යයෙන් ලව් ස්ටෝරි බලන්නේ නැහැ.
    හැබැයි මේකනම් ඔන්න බලනවා.
    හැබැයි බ්ලුරේ එනකන් ඉන්නවා..
    උබ එහෙනම් විමාගෙන් ෆිලුම ඉස්සුවා නෙහ්.
    හොද වැඩේ ඕකාට.
    උපසිරසියට ස්තුතියි. ඔබට ජය ..

  62. thank you for the sub.keep up the good work.

  63. Thanks
    Onna Ada udenma Download karanawa

  64. Thanks mchn…!

  65. අහ් මේක කලේ ඔබ තුමාද? බොහොම සන්තෝෂයි. බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  66. meka denakan bro hitiye tnx for the sub..

  67. ප්‍රණීත් චින්තක

    ලව් එකක් නැති අපට මෙව්වයින් තමා කොල්ලෝ ගොඩ යන්න තියෙන්නේ.
    උපසිරැසියට බොහෝම ස්තුතියි මචෝ.
    තවත් උපසිරැසියකින් කාරිය හමුවෙමු ඈ…

  68. සමන් ප්‍රසාද්

    අඩෝ චාමරයා…
    මං මේ කමෙන්ට් එක දාන්නෙත් ගෙදර ඉඳන් නෙවෙයි.
    මට ගෙදර ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඕන නම්.
    ඒත් ලිපිය කියෙව්වම ඔහේ නිකන් පේජ් එක ක්ලෝස් කරලා යන්න බැරි වුණා.
    මේ ෆිලුමට මං ඇහැ ගහගෙන හිටියේ ට්‍රේලර් එක බලපු දවසේ ඉඳන්.
    ලව සුපිරියක් කියලා දන්නා නිසා හිතුවේ අපේ රෝමියෝ සබ දෙනවා ඇති කියලා.
    උගෙන් අහපුවාම තමා උඹ කරනවා කියලා දැනගත්තේ…
    මාත් මේකට සබ දාන්න ආසාවෙන් තමා උඹෙන් ඇණ ඇණ මේක කරනවාමද, ෂුවර්ද කියා කියා ඇහුවේ.
    කොහෙද ඉතින්. තෝ ඉතින් කරනවා කිවුවා නොවැ නොවැරදීවම… -_-
    මේ ලව නම් මෙහෙම බලලා බෑ.
    Br එනකම්ම ඉන්නවා.
    Br අප්ඩේට් එක උඹ පරක්කු කළොත් අම්මපා උඹව මං මරනවා…
    එහෙනම් සබට තුති…
    ජය වේවා…!!!
    ප:ලි: මොනා වුණත් ලව් කියන එක නම් මට තාමත් විහිළුවක් තමා… 😀

  69. niyanai sahoo..supiri bandayak ne genalla tiyenne..jaya wewa..

  70. supiri kathwak wage brooooo
    balana gaman inne
    thanx for sub

  71. thankuuuuuuuuuuuuuuuuuuuuuuu

  72. සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  73. ඔන්න බලාගෙන ඉඳිය පිලුම දාලා. ඒත් බූරේ එනකම් අමාරුවෙන් හිත හදන් ඉන්නවා බන්ස්. අර විනාඩියයි තප්පර දෙකේ මෙව්ව එක මටත් අදාළයිද මන්දා. කෝමහරි ගොඩක් ඉස්ටූටියි. ඒ වගේම අර පීඩීඑෆ් එකත් මට දාහන්. මේකේ නවල් එකේ පාට් 2 එකකුත් ආවලු නේහ්. ඩේස් විතවුට් යූ ද මොකක්දෝ නමක් වගේ තිබ්බේ. ඒකත් තියෙනවා නම් ඩීපන්. ඔලුව මැද්දටම බලලා කෙලපන් චාමර

  74. Ada Mama Eka…..Subata Thuthi Chamra Saho…..Digatama sub denna…Jaya wewa!!!!

error: Alert: Content is protected !!