Wednesday , October 21 2020
Breaking News

Merantau Warrior (2009) | මෙහෙම සටන් දැකලා තියෙනවද?

Rating: 7.8/10. From 13 votes.
Please wait...

The Classic චිත්‍රපටියෙන් පස්සෙ අග්නිදිග ආසියානු චිත්‍රපට වලට වහ වැටුනු නිසාම මෙන්න තවත් සටන් වලින් පිරුණු චිත්‍රපටියක් අරගෙන ආවා. මෙහි දැක්වෙන සටන් ක්‍රමය ඉන්දුනීසියානු සටන් ක්‍රමයක් වන Silat සටන් ක්‍රමයයි. ඒක සුමාත්‍රා හා ජාවා දූපත් ආශ්‍රිතව බිහි වූවක්. ඒ පිළිබඳ වැඩි විස්තර මෙතනින් ගන්න පුළුවන්. මීට අවුරුදු පහළොවකට විතර කලින් ඉන්දුනීසියාව මෙවැනි සටන් චිත්‍රපට බටහිර වෙළඳ පලට එවීම නැවැත්වූවාට පසු ආ පළමු ආත්මාරක්ෂක සටන් චිත්‍රපටය විදියට මේක හැඳින්විය හැකියි.

මෙහි කතාව ගැන පොඩ්ඩක් කියනවනම් යූඩා මෙම සටන් ක්‍රමය හැදෑරු තරුණයෙක්. ඔවුන්ගේ චාරිත්‍ර අනුව නිසි කාලය එලඹුනාම තම ගම හා මව්පියන් හැරදා දුර පලාතකට වී තම ජීවිතය ගත කළ යුතු වෙනවා. මෙසේ ඔහුත් ජකාර්තා නගරය කරා ගොස් සටන් උපදේශකයෙක් ලෙස ගත කිරීමට සිතා ගමින් පිටත් වෙනවා. එහෙත් නගරයේ ඔහු යා නැවතීමට සිතා සිටි නිවසේ දුරකථනය ක්‍රියාත්මක නොවීම නිසා එය සොයා ගැනීමට නොහැකි වීමෙන් ඔහුට පාරේ තම ජිවිතය ගත කිරීමට සිදු වෙනවා. මේ අතර දිනයක ඔහුගේ පසුම්බිය සොරා ගන්නා ළමයෙක් පසුපස එලවන විට අහම්බයෙන් මෙන් ඔහුට සුරූපි තරුණියක් දක්නට ලැබෙනවා. ඔහු ප්‍රදේශයේ කාම වෙළඳ පලට තරුණියන් සපයන බ්‍රෝකර්වරයෙක්.

මෙතනින් එහාට කතාව මම කියන්නේ නැහැ. බාලම බලන්න. බලන්නකෝ ඔය සටන් ක්‍රමයට ඔයගොල්ලෝ කැමතිද කියලා. මගෙ ජංජාලේ අවුල් දවස් වල බා ගත්තු එකක් නිසා මට හරියටම මතක නෑ මේක කවුරුහරි බාගන්න මගෙ යාළුවට යවපු එකක් ද කියලා. එහෙම යවපු එකක් නම් යවපු කෙනාට මම ස්තූති වන්ත වෙනවා. සමාවත් ඉල්ලනවා නම දාන්න බැරිවුණු එකට.

ටොරන්ට් එකේ එන subs.rar කියන එක ඇතුළේ තියෙන ඔක්කොම rar ෆයිල් විවෘත කලහම ලැබෙන xvid-merantau.idx හා xvid-merantau.sub කියන ෆයිල් දෙකම චිත්‍රපටය අඩංගු ෆෝල්ඩර් එකේම සුරැකි කර ගත්තනම් කඩ්ඩෙන් සබ් වැඩ කරනවා.

ලිපිය – රොයිලි ප්‍රනාන්දු

Check Also

Unhinged (2020) Sinhala Subtitles | කල කල දෙ පල පල දේ [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ඉතින් මම බයිස්කෝප් අඩවියට අලුතෙන් එකතුවුනේ ඉතින් මට මේකට එන්න දුන්න සැම කෙනාටම …

Leave a Reply

Your email address will not be published.

46 comments

  1. meka sub aka nane

  2. Sub eka pennan nethoo

  3. කෝ බන් සබ් එක

  4. Charith pasidu

    Meke srt sub eka nedda

  5. මේක බාන්න බෑනෙ සහෝ… ප්ලීස් හෙල්ප්…

  6. casper prathap

    IP man wagemanam .elakiri.aniwa baami

  7. මරා ගන්න එවා බලන්න මාත් මාර ආසයි .. අනිවා මෙකත් බාන එක බානවවමයි

  8. onna math banawa thanks

  9. balamu ehenam download karagenama…Sthuthiyi sahodarawaru dennatama…:D

  10. රසිකයෙක්

    රොයිලි ප්‍රනාන්දු සොහොයුරා දාල තිබ්බ විස්තරයට බාගත කරගත්ත එත් හිතුව තරන්නම් හොඳ නෑ වගේ .මම මෙහෙම කමෙන්ට් දානවට තරහ වෙන්න එපා මට දැනෙන දෑ තමයි මම කියන්නේ.හිතට අල්ලපු ෆිල්ම් එකක් තිබුනොත් අනිවා හොඳ කමෙන්ට් එකක් දානවා.මම හටහටම එන්නේ කියලත් හිතන්න එපා සහෝ, හිතනවා උඹ මව තේරුම් ගනීවි කියල.බිස්කොප් එකට ජය පතමි.

  11. Iyyo charter. Meka English neweine.

  12. එල කිරි වගේ ඇති…………….

  13. my name is khan ,Sherlock Holmes 2 sub danawada royli ayye.

    • @ sama,
      My name is khan, එක කෙනෙක් බාර ගත්තා. ෂර්ලොක් හෝම්ස් එක සයිට් එකේ ගියානේ සහෝ. මම ඒකේ දෙවෙනි එකට අනිවා දෙන්නම් 🙂

  14. elama paharak vage….

  15. tony jaa wage nam ne. namuth hondha action movie ekak.

  16. පින් අයිති වෙනවා… 😀

  17. nelanthaherath

    ඔන්න රොයිලිගේ වැඩක්. මරු දැන්ම බානවා. මේක අලූත් අත්දැැකීමක්. එහෙම සටන් ක්‍රමයක් ගැන අහලවත් තිබුණේ නැහැ. තෑන්ක්ස්

    • @nelanthaherath,
      ස්තූතියි සහෝ කමෙන්ට් එකට. මමවත් අහලා තිබුනේ නැහැ ඔය වගේ සටන් ක්‍රමයක්. බලන්නකෝ බලන්නකෝ 🙂

  18. Ela Thanxxxxx

  19. Sorry වෙන්න ඔනෙ.. ඊයෙත් comment එකක් දාන්න බැරිවුනා.. මෙක නම් අනිවා බානවා.. එළකිරි තමා..!!

    • kathu,
      ස්තූතියි සහෝ 😛 කවුරු නැතත් ඔබ තුමා නිතරම කමෙන්ට් දාන කෙනන් බව මම දන්නවනේ. 🙂

  20. රොයිලි අය්යා තේන්කු වෙවා…………

  21. thanx machan

  22. පීටර්

    මරු අපිටත් සටන් ටිකක් පුහුනු වෙන්ඩ පුලුවන්.රොයිල්ට තෑන්ක්ස්.
    ෙම්ක තමයි මගෙ බ්ලොගර් ඒක.

    • @ පීටර්,
      මගෙ අම්මෝ බයත් හිතෙනවා. පුහුණු වෙලා ඇතිවෙන අතුරුඵල වලට අපි එහෙම නෑ ඔන්න 😛

  23. thnx.mama ma vaga fillm valatathamai kamthi.

  24. සමන් කලුබෝවිල

    එල…එල..මමත් බානවා…… තැන්ක්x….

    • @සමන් කලුබෝවිල,
      ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂

      @susantha,
      ඔන්න එහෙනම් ඔබ තුමා වෙනුවෙන්මයි මේක 😛

  25. ela ela math baanawa

  26. ela…….. 🙂

    • @chamila,
      ස්තූතියි සහෝ කමෙන්ට් එකට 🙂

      @ sameera,
      එල එල සහෝ බලලත් කියල යන්න කොහොමද කියලා 😛

  27. එල පාර රොයිලි අය්යා…. දැන්ම බානවා…… කාම වෙලදපොලට තරුනියො සපයන්නෙ යූඩො ද? අපරාදෙ

  28. මේ ටොරෙන්ට් එකේ අවුලක් නැද්ද….??? ‍පොඩ්ඩක් අවුල් වගේ….

  29. මමද අද පළවෙනියා….???
    පට්ට පට්ට ෆිල්ම් එක….අනිවා බාමී…..තැන්කූගගග

error: Alert: Content is protected !!