You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 14 2019
Breaking News
Home / All / MFKZ (2017) AKA Mutafukaz Sinhala Subtitles | සුපිරි අපතයෝ [සිංහල උපසිරැසි සමඟ] 18+

MFKZ (2017) AKA Mutafukaz Sinhala Subtitles | සුපිරි අපතයෝ [සිංහල උපසිරැසි සමඟ] 18+

Rating: 9.9/10. From 20 votes.
Please wait...

ඔන්න මේ පාර නම් ඔයාලට ගෙනාවේ හරිම අමුතු විදිහේ කතාවක් කිව්වොත් මම නිවැරදියි. මම මෙච්චර කල් කලේ Spanish Films නේ. ඉතින් ඔන්න මේ පාර වෙනසකටත් එක්ක Spanish හඬකවපු ප්‍රංශ කතාවක් ගෙන්න හිතුවා. මම අද මේ ගෙනාපු කතාව ලෝකයේ ගොඩක් භාෂාවට පරිවර්තනය වෙලා තියෙනවා. හැබැයි මම ඔයාලට යෝජනා කරන්නේ ඉංග්‍රීසි හඬකවපු චිත්‍රපටිය බලන්න කියලා. මොකද අනෙක් හැම රටකම පරිවර්තනයන් වලට වඩා ඉංග්‍රීසි පරිවර්තනය හොඳට කරලා තියෙන නිසා. වෙන රටවල පරිවර්තනයන් වලට ඉඟිවැකි, උපමා වගේ දේවල් වැඩිය පාවිච්චි කරලා නැහැ. ඒවා බලනකොට හිතන්නේ වචන ටිකක් අමුණගෙන කියෝගෙන කියෝගෙන යනවා වගේ. හැබැයි ඉංග්‍රීසි පරිවර්තනයේ අපි දන්න, නොදන්න ඉඟිවැකි, උපමා, රූපක ගොඩක් භාවිතා කරලා තියෙනවා. සමහර ඒවා මමවත් දන්නේ නෑ. ඒ හින්දා තමා ඔයාලට මේ ෆිල්ම් ඒක ගෙන්න සතියකටත් වඩා වැඩි කාලයක් මහන්සි වෙන්න සිද්ධ වුනේ. ඇත්තටම මම මතක් කරන්න ඕනේ මගේ යාලුවොත් මට මේ චිත්‍රපටියේ සබ හදන්න ගොඩක් උදව් කළා. මම නොදන්න ඉඟිවැකි, උපමා, රූපකවල තේරුම් හොයලා දුන්නේ එයාලා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මගේ යාලුවා “මේනුක (ගංජා පිප්පියා) ” ව. මොකද එයා තමයි ගොඩක්ම මට මේ වැඩේ කරගන්න උදව් කලේ. ඉතින් යාලුවනේ, සතියක් නෙවෙයි මාසයක් හරි මහන්සි වෙලා ඔයාලට එක ෆිල්ම් එකක හරි සබ දෙන්න තමයි අපේ බයිස්කෝප් ටීම් එකේ සහෝදර සහෝදරියෝ උත්සහ කරන්නේ. අපි හැමෝම ඒ කැපකිරීම කරන්නේ හරිම සතුටෙන්. ඒ කරපු කැපකිරීමේ ප්‍රමාණය මනින්න මිනුම් දණ්ඩක් නැති වුනත් ඒ ගැන ප්‍රතිපොෂණයක් ලබාගන්න ඔයාලගේ එක කමෙන්ට් එකකින් පුළුවන්. ඉතින් යාලුවනේ ඔයාලගේ අදහස් උදහස් ඔක්කොම පහලින් කමෙන්ට් කරන යනවා නම් ඒක අපිට දවසක ලොකු හයියක් වෙනවා වෙනවාමයි. හරි හරි. වැඩිපුරත් එක්ක කතා කලානේ/ අපි දැන් බලමු මේ ෆිල්ම් එක මොන වගේද කියලා…..

ඉතින් යාලුවනේ මම කලින්ම කිව්වා නේ මේ ෆිල්ම් එක තරමක් අමුතු ජාතියක එකක් කියලා. එකට ප්‍රධානම හේතුව තමයි අපේ කතාවේ, කතා නායකයා මනුස්සයෙක් නොවීම. එයා හරිම අමුතුම විදිහේ කෙනෙක්. කොහොම හරි එයා ජිවත් වෙන්නේ මනුස්සයෙක්ට ජිවත් වෙන්න බැරි තරම් දුෂිත ප්‍රදේශයක්වන ඩාක් මිට් සිටිවල. ඉතින් මේ නගරේ කවුරු හරි මරලා දානවා කියන්නේ හරිම සරල වැඩක්. තුවක්කුවක් අතට ගත්ත ඕන කෙනෙක්ට කිසි බයක සැකක් නැතුව ඕනෑම කෙනෙක්ව මරලා දාන්න පුළුවන්. මේ නගරේ ඉන්න කවුරුත් කාටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නෑ. ඉතින් අපේ කතා නායකයාගේ නම කියන්න අමතක වුනානේ. අපේ කතා නායකයාගේ නම “ඇන්ජෙලිනෝ”. ඇන්ජෙලිනෝට යාළුවො ආදරේට කියන්නේ ලිනෝ කියලා. මාත් කතාවට ආදරේ නිසා මාත් මෙතන ඉඳන් ලිනෝ කියන නම පාවිච්චි කරන්නම්. ලිනෝටයි එයාගේ යාලුවන්ටයි එකපාරටම පුදුම විදිහේ කරදරේකට මුහුණ දෙන්න වෙනවා. මේ දේ නිසා පාඩුවේ හිටපු ලිනෝටත් ත්‍රස්තවාදියෙක් ගානටම වැටෙන්න වෙනවා. එයාගේ යාලුවටත් ඒ ඉරණමමයි අයිති වෙන්නේ. මේ අතරේදී ලිනෝ දකිනවා මාර ලස්සන ගෑනු ළමයෙක්ව. ඒ කියන්නේ මේ ෆිල්ම් එකේ වීරවරිය. ඉතින් මේ ගෑනු ළමයා දැකපු ගමන් ලිනෝ එයාට කැමති වෙනවා. ඒත් ලිනොට මොනවත් කරගන්න වෙන්නේ නෑ මොකද මේ වෙලාවේ එයා ඉන්නේ කරදරේක නිසා. ඉතිං පස්සේ ලිනෝයි එයාගේ යාළුවොයි දැනගන්නවා මේ කරදර ඔක්කොම පැටලුවේ මේ ගෑනු ළමයා කියලා. ඉතින් කොහොමද ලිනෝ මේ ගැන දැනගත්තේ? ඒක ගැන දැනගන්නනම් අනිවාරෙන් ෆිල්ම් එක බලන්නම වෙනවා.

හරි හරි. දැන් අපි බලමු මේ ෆිල්ම් එක ලස්සන කරගන්න හඬකැවීමෙන් දායක වුන පිරිස කවුද කියලා. ඉතින් මම මේ පහලින් දාලා තියෙන්නේ ඉංග්‍රීසි චිත්‍රපටියට හඬ කැවීමෙන් දායක වුනු පිරිසගේ නම් ටික. හැබැයි මතක තියාගන්න මේක මුලින්ම හැදුවේ ප්‍රංශයේ කියන එක.

Kenn Michael as Angelino
Vince Staples as Vinz
Dino Andrade as Willy
Michael Chiklis as Agent Randy Crocodile
Giancarlo Esposito as Mr. K
Jorge Gutierrez as El Tigre
Dascha Polanco as Luna
RZA as Shakespeare (a.k.a. Popeye)
Danny Trejo as Bruce

ඉතින් මේ ෆිල්ම් එකේ IMDb Ratings ගැන කතා කලොත් IMDb Ratings 6.7 වගේ ඉහල අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ඉතින් මම නම් හිතන්නේ ඒ වගේ ලොකු අගයක IMDb Ratings ලැබුන නිසාම වෙන්න ඇති මේ ෆිල්ම් එක භාෂා කිහිපයකටම පරිවර්තනය වෙන්න ඇත්තේ. කොහොම වුනත් ඇනිමේ ෆිල්ම් වලට කැමති කෙනෙක් ඉන්නවා නම් මේක ගොඩක් ලස්සන ෆිල්ම් එකක් කියලා තේරෙයි. හැබැයි මේකේ ඉන්නේ ගැන්ස්ටර්ස්ලා නිසා පොඩි ළමයින්ට සුදුසු භාෂා වයවහාරයක් පාවිච්චි කලේ නෑ. හැබැයි පුළුවන් තරම් අසභ්‍ය වචන පල නොකරන්න වගබලා ගත්තා. ඉතින් මම හිතනවා ඔයාලා මේ ෆිල්ම් එකට කැමති වෙයි කියලා. ඉතින් යාලුවනේ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සබ් එක ගැන ඔයාලගේ අදහස් උදහස් කමෙන්ට් එකකින් දක්වනවානම් ඒක මට ලොකු ශක්තියක් වෙනවා වෙනවා වෙනවාමයි. ඒක නිසා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මොන භාෂාවෙන් ෆිල්ම් එක Download කලත්, ඒ හැම භාශාවකමටම හරියන්න සිංහල සබ් එක හදලා තියෙන්නේ. හැබැයි මම යෝජනා කරන්නේ ඉංග්‍රීසි හඬකවපු චිත්‍රපටිය බලනවා නම් හොඳයි කියලා. එහෙනම් මම දැනට සමුගන්නයි මේ හදන්නේ. නැවත අලුත් සබ් එකකින් හමුවෙන තුරු, ඔබට ජය වේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි ප්‍රංශ BR සහ ඉංග්‍රීසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ පවන් විකසිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-04-30
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

24 comments

  1. sandeeparanaweera

    thanks bro

  2. AsithaDilruwan

    ela saho thanks

  3. Udara Damith Dissanayaka

    ela
    maru

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. ok friend i am enjoy you sub

  6. bvohoma sthuthi sahooo

  7. Thanks jayawewa…..!

  8. මේ කැපවීමට ඔබට බොහොමත්ම ස්තූතියි!! ජය වේවා!

  9. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata….
    Jaya wewa.!

  10. Thilankadissanayake

    thanks

  11. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  12. thanks for the subtitle keep up the good work!!!!!!!!!!!!!!!!

  13. බොහොම ස්තූතියි සහෝ

  14. Maru film ekak wage .thanks bro.
    Thanks.

  15. සබ් එකට බොහොම ස්තූතියි සහෝ……!

error: Alert: Content is protected !!