අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Mirza Juuliet (2017) Sinhala Subtitles | ආයේ හමුවෙමු ජූලියට්..!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

ආයුබෝවන් බයිස්කෝප්වාසින්හට. පොඩ්ඩක් පරණ චිත්‍රපටියක් අරගෙන එන්නයි මේ සූදානම. වැඩිය පරණ නැහැ 2017 වසරේ නිකුතු වුනු ලස්සන සිනමා සිත්තමක්. Rajesh Ram Singh අධ්‍යක්ෂණය කරපු ශාන්ති භූෂන්ගේ රචනයෙන් හැඩවුණු සංවේදී සිනමා සිත්තමක් වනා මිර්සා ජුලියට් 2017 වසරේ අප්‍රේල් 07 වැනිදා තමයි තිරගත වෙලා තියෙන්නේ. මෙය පන්ජාබ් නවකතාවක් වන Mirza Sahibanh හි නූතන යුගයේ නැවත කියවීමක්. Darshan Kumar, Pia Bajpai, Chandan Roy Sanyal, Priyanshu Chatterjee, යන නළු නිළියන්ගේ රංගන දායකත්වයෙන් හැඩවන මිර්සා ජුලියට් බොක්ස් ඔෆිස්හි කෝටි එකකට ආසන්න මුදලක් උපයාගන්නට සමත් වූවා.

ජාති භේදය ආගම් භේදය වගේ අවාසනාවන්ත දේවල් නිසා දිනෙන් දින සමාජයට ලෝකයට සිදුවන හානිය ගැන තක්සේරු කරලා කියන්න බෑ , ඒවායේ අදිනව ගත් කල විශාල වශයෙන් පෙනෙන්නට තිබෙන්නේ ජිවිත හානි පමණක්මය. එනම් ඝාතනය කිරිම් වැනි කුරිරු සහගත සිදුවීම් පමණක්මය ඉතින් කවදා මේවා අවසානයක් වෙයිද..? අද අප සියලු දෙනා ජීවත්වන මේ නවීන ලෝකය තුලත් ඈත අතීතයේ සිට පැමිණෙන පිළිල අතරින් මේ කාරණාව විශේෂ තැනක් ගන්නවා.

මිර්සා ජුලියට් කියන්නෙත් ජාති ආගම් භේදය යන පිළිකාවට ගොදුරුවුන අවසනාවන්ත පෙම්යුවලක්..! මිර්සා සහ ජුලියට් කියන්නේ කුඩා කාලයේ සිට එකට සෙල්ලම් කර හැදුණු වැඩුනු ⁣දෙන්නෙක් කාලයාගේ ඇවෑමෙන් සිදුවන මිර්සාගේ පියාගේ අභාවය නිසා මිර්සාට තමන් හැදුනු වැඩුනු ගම් පලාත අතහැරයාමට සිදුවෙනවා. කුඩා කල සිටම තම වැඩිමහල් සොයුරන්ගේ සුරතලිය ලෙස හැදෙන වැඩෙන තමන් ගේම කියා මවාගත් ලෝකයක ජීවත්වන ඇය දඩබ්බර සහ තාරුණ්‍යය නිසියාකාරව අවබෝධකර නොගත්ත තැනැත්තියක ලෙස හඳුන්වන්නට පුලුවන්..! එලෙසින් කාලය ගලාගෙන යන විටදී හදිසියේම මිර්සා නැවතත් ජූලී සිටින ගමටම පැමිණෙනවා. එතැන් පටන් ජූලී ගේ සහ මිර්සාගේ ජිවිත වල සිදුවන විපර්යාසන් මොනවද..? ජාති ආගම් භේදය නැමති පිළිකාවට මොවුන් ගොදුරු වන්නේ කෙසේද යන්න චිත්‍රපටය නරඹාම දැනගන්නට යැයි ඉල්ලා සිටීමට කැමතියි..!

එහෙනං අදට කැපෙනවා. ආදර්ශමත් කතාවක් සහ සංවේදී කතාවක් ලෙසින් හැඳින්විය හැකි මෙය ඔබට ගෙන එන්නට බරට උදව් කරපු තරිඳු රුක්ෂාන් අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මේක පැත්තකට ගිහින් තිබුණු චිත්‍රපටියක් නිසාවෙන්. එහෙනම් නිතරම වෙබ් අඩවියට පිවිසිලා අපේ උපසිරැසි අරගෙන යන ඔබ සැම ආදරයෙන් මතක් කරන්න කැමතියි. ඒ වගේම තව තවත් උපසිරැසි කරන්නට නිතරම දිරිමත් කරන කමෙන්ට්කරුවන්වත් ආදරෙන් මතක් කරන්න කැමතියි හැමෝටම ස්තුතියි. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියා ආරාධනා කර සිටින ගමන් මං අදට සමුගන්නවා. ජයෙන් ජය.!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DVD පිටපත් සඳහා ගැලපේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

10 thoughts on “Mirza Juuliet (2017) Sinhala Subtitles | ආයේ හමුවෙමු ජූලියට්..!! [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks for sub …(luv phir kabhi 2014/ aashiq banaya apne 2005) mewata sub denna please…….godak aya balan innawa sub denakan please……

    Reply
  • සබට තුති!!! ජයෙන් ජය!!!

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

    Reply

Leave a Reply to Anu Cancel reply

Your email address will not be published. Required fields are marked *