Monday , June 14 2021
Breaking News

Miya (2020) Sinhala Subtitles | මැරුන දරුවාගේ නැවත ආගමනය [සිංහල උපසිරසි]

Rating: 9.2/10. From 19 votes.
Please wait...

ඉප දෙන අළුත් දරුවෙක්ට
අම්මගෙ කිරිවල සුවද දැනෙන කොට
දැනෙන සතුට,
ඒ අම්මම තම දරුවව එවෙලෙම මරනව නම්
මහ පොලව උහුලයිද?.

2020 දෙසැම්බර් 25 වෙනි දින,ඒ කියන්නෙ නත්තල් දවස, තිර ගත උන සුපිරිම හොල්මන් ෆිල්ම් එකක් අරන් මම ඔන්න ආව ඔයාලව හම්බ වෙන්න. මුලින්ම සුභ දවසක් වේවා කියල බයිස්කෝප් යාළුවන්ට ප්‍රාර්තනා කරනවා, මේ මගේ 21 වෙනි උපසිරසි ගැන්වීම,මේ පාර වෙනස්ම කතාවක් කරන්න ඕනි කියල හිතුන නිසා කරන්න ගත්ත,ඇත්තටම මම හිතුවෙත් නැහැ මේ ෆිල්ම් එක හොද ඇතියි කියල,නිකමට වගේ ටේලර් එක බැලුව, ඒක බලද්දි මට මතක් උනේ 2016 වසරේ තිරගත උන තෙලිගු ෆිල්ම් එකක් උන mummy save me ෆිල්ම් එක.  ඒක බලද්දිත් ඇග හිරි වැටෙනවා, ඒ වගේ තමයි මම මේ පාර ඔයාලට අරන් ආව ෆිල්ම් එකත්, එක දිගට ඇස් අහකට නොගෙන පපුව ගැහි ගැහි බලන්න පුළුවන් මොකද වෙන්නෙ කියල,

ගොඩක් අයට මග හැරුන සහ උපසිරසි ලබා දෙන සයිට් වලට මග හැරුන සුපිරි ෆිල්ම් එකක් තමයි මේ පාර අරන් ආවේ. (miya 2020) සිංහල තේරුම කියන්න විදිහක් නැහැ, කියන්න පුළුවන් මේ විදිහට විතරයි, (තම දෙමව්පියන් එකට එකතු කිරීමට උත්සහ දරන ආත්මීය දරුවෙක්ගේ කතාව)
ආසාවෙන් බලන්න පුළුවන් ලස්සන කතාවක්,ඉතින් ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදිහට පන පොවන්නේ අපි හැමෝම දන්න සෝනියා අග්‍රවාල් එක්ක නම්මිතා.ෆිල්ම් එකට එච්චර ලොකු සැලකීමක් නම් ලැබිල නැහැ,ෆිල්ම් එක බලන අපිට නම් මේකට ලොකු අගයක් දෙන්න පුළුවන්,ෆිල්ම් එක බාර ගෙන නම් ගොඩක් දවස් වෙනවා,ඉක්මනට උපසිරසිය ඉවර කලාට ඔයාල දෙන්න කල් ගියා මොකද වැඩ රාජකාරි අදික නිසා,ඉතින් සමාවෙන්න ඕනි උන පරක්කුවට,

කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්,ඉපදෙන කොටම අම්ම තමන්ගෙ දරුවව මරනවා,එහෙම කරන්නෙ තමන්ගෙ සැමියගෙ දරුව නිසා,මියා කියන්නෙ සැමියගෙන් ඈත් වෙලා සැමියට වෛර කරන තනිවම ජීවත් වෙන කාන්තාවක්,ඔහොම ජීවත් වෙද්දි තමයි මෙයාලගෙ දුක දැකල මැරුන දරුව ආත්මයක් වෙලා බංගලාවෙ සැරි සරන්නේ,දරුවට ඕනි දෙමව්පියන් එකට ඉන්නව දකින්න,ඉතින් ඇයට පුළුවන් වෙයිද දෙමව්පියන් එකතු කරන්න,කතාව මැද අතීත කතාවත් තියෙනවා,කව්ද මේ මියා,මොන වගේ ජීවිතයක්ද ඇය ගෙවන්නේ,ඇයට මොකද වෙන්නේ,ඒ ගැන දැන ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා,

ගූගල් පරිශීලන කැමැත්ත 55%ක් සහ imdb අගය 4.9 ගත්ත මේ චිත්‍රපටිය නරබන්න කියන ගමන් තවත් ලස්සන ෆිල්ම් එකක් අරන් ඉක්මනට ඔයාලව හම්බ වෙන්න එන්නම්,එතෙක් හැමෝම පරිස්සමින් ඉන්න කියල තමයි කියන්න වෙන්නේ,

එහෙනම් හැමෝටම ජය වේවා!!!!!!!
බුදුසරනයි,දෙවිපිහිටයි.!!!!!!!!

උපසිරසි බාගත කරන ගමන් පහලින් ඔයාලගෙ අදහස් දාගෙන යන්නත් අමතක කරන්න එපා.😉😉😉😉👍👍👍👍

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි True WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සම්පත් විජේසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-06-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

හෙලෝ මිනි [S03] Complete Season Sinhala Subtitles | මිනීගේ වටිනාකම සොයා.. [සිංහල උපසිරසි] [18+]

තෙල් මිලත් ධාවන තරඟයේ ඩොලරයට ළඟාවේගන යන මේ සතියේ බයිස්කෝප් සයිට් එකට ආවේ සීරීස් එකක …

Leave a Reply to Bindusara Hasaranga Cancel reply

Your email address will not be published.

16 comments

  1. Thanks for sub!

  2. Shane de Silva

    I can only see some icons. What is the font?

  3. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  4. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  6. Bad film ekak

  7. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  8. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට පුලුවන් නම් Cuckoo (2014) ව⁣ගේ ෆිල්ම්වලටත් සබ් දෙන්න

  11. Kataka 2017 කියලා movie එකක් තිනවා.එකට පුලුවන් නම් සබ් ගෙන්න.imdb rate එකත් 7.6ක් තිනවා.කවුරුත් සබ් කරලා නෑ.හැබැයි මූවි එක සුපිරිලු.

  12. සුපිරිම හොල්මන් ෆිල්ම් එකක් කියලා කිව්වෙ කටින්ද බන්?
    මේක මේ ගෙදර නිකන් ඉන්න බැරුවට ෂූට් කරපු එකක් වගේනේ බන්. ගල පේන්න ඇඳුම් ඇන්ද ගෑනියෙක් කෑ ගගහා එහෙ දුවනවා මෙහෙ දුවනවා. පවුඩර් බෝතලෙන් පවුඩර් ටිකක් උලා ගත්තු හොල්මනක් ඇවිල්ලා අන්තිමට ලෙක්චර් එකක් දෙනවා ෆිල්ම් අහේනියක් ආවත් මේ වගේ ඒවා නම් බලන්න එපා මචන්ලා. මගේ පැය දෙකක් වේස්ට් උනා. මගේ යුතුකම මේක කියන එක.

    උපසිරැසියට නම් තුති මචෝ. ඒත් උඹේ ඒ කාලය වෙන සුපිරි ෆිල්ම් එකකට යොදවන්න තිබ්බා. මගේ පුද්ගලික හැඟීම. ජයවේවා.

  13. උපසිරැසියට ස්තූතියි සහෝ.

    අතිශයින්ම ත්‍රාසජනක චිත්‍රපට එකතුවක් තියනවා සහෝ. Hannibal Lecter Collection එක. මේකේ දෙවන චිත්‍රපටය වන The Silence of the Lambs – 1991 චිත්‍රපටයට බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි දීලා තියනවා. ඔබට හැකිනම් ඉතිරි ෆිල්ම් ටිකට සබ් දෙන්න පුලුවන්ද. ත්‍රාසය නම් කියලා වැඩක් නෑ.

    01 – Manhunter – 1986

    03 – Hannibal – 2001

    04 – Red Dragon – 2002

    05 – Hannibal Rising – 2007

  14. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

error: Alert: Content is protected !!