Tuesday , September 29 2020
Breaking News

Mohabbatein (2000) | සොඳුරු වූ ආදර හැඟුමන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 10 votes.
Please wait...

Mohabbatein (2000)කළු ගල් වැනි රළු හදවත් ආදරයෙන් සියුමැළි කල හැකිද? වියලී ඉරිතලා ගිය හදවත් ආදරයෙන් තෙත් කල හැකිද?
වෛරයෙන් දැවෙන හදවත් ආදරයෙන් සුවපත් කල හැකිද? ඔව්.. ආදරය කියන්නෙ මේ
සියල්ල කල හැකි පුදුමාකාර දෙයක්

2000 වසරේ තිරගත වුන මේ සොඳුරු සිනමා සිත්තමෙහි දෙබස්, තිර රචනය සහඅධ්‍යක්ෂනය Adithya chopra විසින් සිදු කර තිබෙනවා. මෙහි නිෂ්පාදනය, වියෝ වූ ශ්‍රේෂ්ඨ සිනමා කරුවෙක් වූ Yash chopra විසින් සිදු කර තිබෙනවා. මෙහි සහය අධ්‍යක්ෂක වරයෙක් ලෙස Nikhil advani කටයුතු කර තිබෙනවා, සංවේදී සිනමා සිත්තමක් වූ Kal Ho Naa Ho අධ්‍යක්ෂනය කලේ ඔහු විසින්. පැහැදිලි වම හින්දි සිනමාවේ දක්ෂ නිර්මාණ කරුවන් පිරිසක් මේ වටා රොක් වී සිටිනවා. මෙහි IMDB අගය 6.8 ක් පෙන්නුම් කරනවා.

‘ගුරුකුල්’ කියන්නෙ ඉන්දියාවෙ ප්‍රධානම පෙලේ පිරිමි උසස් පාසලක්. බොහොම ගෞරවනීය, විනයානුකූල, දැඩි නීති රීති යටතේ පැවැත්වෙන පාසළක්. නීති කොතරම් දැඩිද කියනවා නම්, එක් නීතියක් හෝ පැහැර හරින සිසුන්ව නෙරපා හරින අතර, රටේ කිසිම අධ්‍යාපන ආයතනයකින් ඔවුන්ව පිළිගන්නෑ. මෙහි විදුහල්පති තුමා ද ඉතාමත් දැඩි පුද්ගලයෙක්, ඔහු නමින් ‘ නාරායන් ශංකර් ‘. මේ කතාව ඇදී යන්නේ නව පාසල් වාරයේ පාසළට ඇතුල් වන සිසුන් තිදෙනෙක් වටා. ‘වික්‍රම්'(විකී),’කරණ්’ සහ ‘සමීර්’. ගුරුකුලය තුල ආදරය කිරීම තහනම් වන මුත් ඔවුන් තිදෙනාටම ආදරයක් ඇති වෙනවා. විකී ආදරේ කරන්නේ අල්ලපු බාලිකා පාසලේ තරුණියකට. සමීර් ආදරේ කරන්නේ පුංචි කාලෙ මිතුරියක්වෙලා හිටපු තරුණියකට. කරණ් ආදරය කරන්නේ, විවාහ වී ඇති මුත් සැමියා මියගිය තරුණියකටයි. ආදරය කිරීම නිසා වරද කරු වී ගුරුකුලෙන් මීට ඉහතදී නෙරපා දැමූ ශිෂ්‍යයෙක් ගැන ඔවුන්ට දැනගන්න ලැබී ඔවුන් ආදරය කිරීමට පසුබට වෙනවා. නමුත් සියල්ල වෙනස් වෙන්නේ ඔවුන්ගේ නව සංගීත ගුරුවරයා නිසයි. ඔහු නමින් ‘ රාජ් ආර්යන් ‘. රාජ් ආර්යන් සියළු සිසුන්ගේ සිත් දිනාගන්නවා, සියළුම සිසුන් ඔහුට ආදරය කරනවා.නමුත් විදුහල්පති තුමාට ඔහුව සිත් ගන්නේ නෑ. ඔහු ශිෂ්‍යයින්ට සංගිතය වගේම ආදරයත් උගන්වනවා. ගුරුකුලය උඩුයටිකුරු කිරීමට ඔහු සමත් වෙනවා. මේ හේතුව නිසාම ඔහුට විදුහල් පති තුමා එක්කත් ගැටෙන්න වෙනවා. වෙනස්වීම් වලට අකමැති මේ පුද්ගලයා සමග රාජ් ආර්යන් ගනුදෙනු කරන හැටි හරිම සිත් ගන්නා සුළුයි. තමන්ගේ ආදර වන්තිය යලි කවදාවත් දකින්න නොලැබෙයි නම්, ඇගේ කටහඬ යලි අහන්න නොහැකියි නම්.. කෙනෙක්ට මේක කොහොම දැනෙයිද? ඒ වගේ දරුණු වේදනාවක් විඳින පුද්ගලයෙක් තමයි රාජ් ආර්යන් කියන්නෙ. ජීවිත කාලෙම එකම කෙනෙක්ට ආදරය කරන මිනිසුන් ලෝකයේ අඩුයි, ඇගේ මරණින් පසුවත් ඇයටම ආදරේ කරමින් ජීවත් වන ඔහුගෙ වේදනාබර කතා පුවතද මෙහි දිග හැරෙනවා. නමුත් තමන්ට නොලැබුණ ආදරය අනිත් අය විඳිනවා බලන්නයි ඔහු උත්සාහ කරන්නේ. ඔහු ආදරය දකින ඕනෑම තැනක තම ආදර වන්තිය ‘ මේඝා ‘ දකිනවා. මේ නිසා, මෙහි බොහොම දැඩි පුද්ගලයෙක් වුණ විදුහල්පති හා ‘රාජ් ආර්යන්’ අතර සටන තවත් උග්‍ර වෙනවා. ආදරයේ අරුත නොදත් ‘නාරායන් ශංකර්’ ව වෙනස් කිරීමට ‘ආර්යන්’ උත්සාහ ගන්නවා…

මේ තමා සාරාංශය. කතාව නම් තව දිගයි… මේ සිනමා කෘතියේ ලස්සන ගීත පහක් ද ඇතුලත්. මෙහි ‘වික්‍රම්’ ලෙස Uday chopra රඟ දක්වනවා, ‘කරණ්’ ලෙස Jimmy Shergill රඟ දක්වන අතර ‘සමීර්’ ලෙස Jugal Hansraj රංගනය ඉදිරිපත් කරනවා. ‘නාරායන් ශංකර්’ ගේ චරිතය ජීව මාන කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී Amithaab bhachchan විසින්. ඔහුගේ රංගනය ඉතාමත් ප්‍රශංසනීයයි, ඔහු තම චරිතයට ලබා දිය හැකි ඉහලම සාධාරණය ලබා දෙනවා. ‘මේඝා’ ලෙස රංගන දායකත්වය සපයන්නේ සුරූපී නිළි Aishwarya rayi විසින්.’රාජ් ආර්යන්’ චරිතයට පණ දෙන්නේ අද වන විට බොළිවුඩයේ විශාලතම පෙරළිය සිදුකල, අසමසම රංගන ශිල්පියා Shahrukh Khan විසින්, ඔහුගේ රංගන හැකියාව ගැන විශේෂයෙන් කියන්න ඕනෙ නෑනෙ.

අවසානයේ අප සියළු දෙනා වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන ‘ විකියා ‘ සහ ‘ වාසල ‘ සොයුරු දෙපල වෙනුවෙන් ස්තුතිය පළකරමින් මම නවතිනවා.

Mohabbatein (2000) on IMDb

 

 

42c8ffc509826c76bcd6e177e324a0badc55441c
1F11438796ED2D3F0191B585E8FCFE92D196BC1B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමික සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

49 comments

  1. arawindasunimal

    thanks

  2. Eranda Malith 2.0

    ස්තූතියි මචෝ

  3. nuwanlankapriya

    Sub ekata tanks

  4. සබට තුති මේක නියම ෆිල්ම් එකක් ආයෙත් බලන්න ඕන

  5. යාශ් චොප්රා ශාරුක් ඛාන් එකතුවෙන් හැදුනු තවත් සුපිරි සිනමා සිත්තමක්.ආයෙ මේ එකතුව සිද්ද වෙන්නැති එක නම් බොලිවුඩයේම අවාසනාවක්….
    තෑන්ක්ස් සහෝ සබ් එකට…තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා…!!!

  6. THANKS LOT SAHO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. well done brother,
    ALL THE BEST!

  8. chanaka bandara

    oya bohoma lassanata piliwelata wade krla thiyenawa….maru…puluwannam aluth tamil movie 1k awith thiyenawa ‘arambam’ kyla..eka denawada…?.loku deyak..

  9. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  10. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  11. Pramod Chandima

    මේක සුපිරි. ෂාරුක්ගේ Josh(2000) ෆිල්ම් එකටත් සබ් ඕ‍නේ

  12. පට්ට… බොහොම ස්තුතියි සහෝ..

  13. මේ ෆිල්ම් එක මම සෑහෙන කාලෙකට උඩදී බලපු එකක්. ඒත් තවමත් මතකයේ රැඳිලා තියෙනවා මොකද මේකේ කතාව බොහොම ලස්සන නිසා. ඉතින් ඒ කතාව බයිස්කෝප් වෙත අරගෙන ආපු නාමික සඳරුවන් සහොට ගොඩක් ස්තුතියි. ඒ වගේම සිංහල උපසිරැස වෙනුවෙනුත්.

  14. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……..

  15. බොහොම ස්තූතියි නාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. niyamai..
    Thanks a lot!!!!!!!!!!!!!

  17. mudiya / මුදියා

    කොච්චර ලස්සන ෆිල්ම් එකක්ද.මේකෙ සින්දු ටික මගේ මැෂින් එකේ තාමත් තියෙනව.ඒව කොචච්ර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ටීවී එකේ මේ ෆිල්ම් එකේ භාගයක්ද කොහෙද බැලුව මතකයි.ඒ නිසා අරන් බලන්න ඕනි.මේ වගේ සුපිරි ෆිල්ම් එකක් දුන්න එක නම් මරු වැඩක් නාමිකයො.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!

  18. ela kiri kollekne balanda asaven hitiya film 1k thanx mchn

  19. old is gold…

  20. අනේ අපොයි මට මේ වගේ ෆිල්ම් එකක් මග ඇරුනා කියලා හිතාගන්නවත් බෑ,අනිවා බලන්න ඕනේ,හිතට දැනෙන කතාවක් වගේ,thanks සහෝ

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට,ජයවේවා.

  22. දිල්ෂාන් කාලිංග

    එක වතාවක් බාගෙට බැලුව මේක ටී වී එකේ යද්දී.
    දැන් ඉතින් සම්පූරණයෙන් බලන්න පුලවන් දෙවැනි වතාවට.
    නියමයි සහෝ.
    ස්තුතියි.

  23. godak lassana film 1k machan thanks

  24. නියම පරණ හිංදි කතාවක්. සයිස් එක තමයි ටිකක් වැඩි.
    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!

  25. Ela ela patta pata pata sahodaraya 😀

    mama meka denakan balagena hitapu film akak (Y)

    me wage anith film walatath digatama sub denna puluwannam loku deyak 🙂

    Thankzzzzzzzzzzz 🙂

    Jayawewaaaaaaaaaaaaaaaaaaaaa 😀

  26. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀

  27. Chathura Madusanka

    patta me wage ewa tama denna ona

  28. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට මචං…
    එල බඩ්ඩක් ගෙනත් තියෙන්නේ..
    මෙව්වා මසුරන් වටිනා ෆිල්ම්…
    ජය…

  29. thanks kolla,balapu nathi film ekak danma banava bohoma sthuthiyi.

  30. Thanks saho ela …
    Kabhi Khushi Kabhie Gham. me film ekatath sab denna ko saho… jaya wewa…

  31. marune thankxxx

  32. නලින්

    නියමයි සදරුවන් සහෝ. මේ මුවි එක මට මඟහැරුන මුවි එකක් ශාරුක්ගේ,

    ස්තුතියි ලිපිය කියෙව්වම චිත්‍රපටිය ගැන හොද අයිඩියා එකක් හිතට වැදුනා! ලස්සනට ලිපිය ලියලා තියෙනවා..

    “තමන්ගේ ආදර වන්තිය යලි කවදාවත් දකින්න නොලැබෙයි නම්, ඇගේ කටහඬ යලි අහන්න නොහැකියි නම්.. කෙනෙක්ට මේක කොහොම දැනෙයිද?”

  33. gindara machan balala na ban meyka

  34. bohoma thxz

  35. තුති “නාමික සඳරුවන්” සොහොයුරාට

  36. meyka supirima thama

  37. ela machan

  38. wow,,,maru 😀

  39. ජයවේවා!!

  40. maxxa film akak meyka txz

  41. බොහොම පින් එහෙනම් දිගටම සබ් දෙන්න හොද ඒවාට ජය!

  42. බොහොම තුති

  43. niyamai 😀

  44. niyamai saho mamath aniwa dwn karanawa

  45. elakiri film akak ne balannama one thxz

error: Alert: Content is protected !!