Friday , September 18 2020
Breaking News

Money Heist aka La casa de papel [S01 : E03] Sinhala Subtitles | හොරා පොලිස්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 47 votes.
Please wait...

අද හැමදේකටම කලින් ප්‍රශ්නයක් අහන්න හිතුනා. ඔයාලා පොලීසියේ පැත්තද ගන්නේ? නැත්නම් මංකොල්ලකරුවන්ගේ පැත්තද ගන්නේ?

දෙලොවක් අතර අතරමං වන ප්‍රශ්නයක් ඇහුවා කියලා මට බනින්න එපා, තාම සැලසුම හරියට දන්නේවත් නැතිව කොහොම මේවට උත්තර දෙන්නද? නේද? 😉

පසුගිය කොටසින්,

වෙඩි වැදුනා කියලා බිම වැටුන රියෝ, මෙන්න අපි හැමෝවම මවිත කරමින් යහතින් ඉන්නවා දකිනකොටම කතාව ගැන කුතුහලය කෙසේද යන්න ඔබට වැටහෙන්නට ඇති. 99.9 කින් මුහුන අසලින් ගිය උන්ඩයකට රියෝට සිහිය නැතිවෙලා තියෙන්නේ බැලින්නම්. කොහොමද ඒකෙත් හැටි.
ඒ වගේම රියෝ හා ටෝකියෝගේ හුට පටය කරළියට එනවා, නමුත් එය වසා දමන්නට දෙදෙනාට හැකියාව ලැබුනත්, බර්ලින්ගෙන් බේරෙන්නට රියෝට හැකියාවක් ලැබෙන්නේ නෑ.

පසුගිය කොටසින් තමයි පොලීසිය නිළ වශයෙන් මංකොල්ලයට මැදිහත් වන්නේ. මෙහිදී පොලිසිය පමණක් නොව බුද්ධි අංශයද මැදිහත්වනවා. ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයද මැදිහත් වන්නේ ඇලිසන් පාකර් නිසාවෙනි.

ඇය බ්‍රිතාන්‍ය තානපතිගේ එකම දරුවායි. බ්‍රිතාන්‍ය උසස් පාසලේ අධ්‍යාපන චාරිකාව රෝයල් මින්ට් වෙත පැමිනි අතරතුරයි. ඇයව මේ කලබැගෑනියට එක්කාසු වන්නේ. මේ වන විට නිළවශයෙන් ප්‍රාණ ඇපකරුවන් 63ක් සිටිනවා. එයින් බ්‍රිතාන්‍ය උසස් පාසලෙන් 17කුත්, ආරක්ෂක අංශයෙන් 11කුත්, රෝයල් මින්ට් ආයතනයේ සේවකයින් 35කුත් අයිතිවනවා.

මේවන විට සියල්ලන්ටම සමාන ඇදුම් ලබා දී ඇත. කිසිවෙකුට කිසිවෙක් වෙන් කර හඳුනාගත නොහැක. කවුරුන් කොල්ලකරුවන්ද කවුරුන් ප්‍රාණ ඇපකරුවන්ද වග. මංකොල්ලයේ සැලසුම එතරම් සූක්ෂම බව ඔබට පසක් වනවා නොඅනුමානයි.
අනෙක් පසින් පොලීසිය වැඩ ආරම්භ කරන්නේ, මෙවැනි කටයුතු පිළිබඳව හසල පළපුරුද්දක් ඇති පරික්ෂකවරියක් සමඟයි. ඇය නමින් රැකල් මුරලියෝ. ඔහුගේ නියෝජ්‍ය පොලිස් පරීක්ෂක වන්නේ ඒන්ජල් රූබියෝයි. සහයට බුද්ධි අංශ හා ආරක්ෂක අංශ සිටිනවා.

පරීක්ෂකතුමියත් සමඟ ප්‍රොෆෙසර් සන්නිවේදන කටයුතු අරඹන්නේ මේ අතර වාරයේයි. සෑම පියවරක් පාසාම ප්‍රොෆෙසර්ගේ තීක්ෂණ බුද්ධිය මනාවට පැහැදිලි කරනවා, ඔබටද එය පැහැදිලි ඇති.

සියල්ල පෙර සැලසුම් කල මංකොල්ලයක පොලීසියව අල්ලේ නටවන්න මංකොල්ලකරුවන් සමත් වන්නේ කිසිඳු සටනකින් තොරව සහජ බුද්ධිය යොදාගෙනයි.පළමු වටය මංකොල්ලකරුවන් ජය ගන්නේ නිතරඟයෙනි…

එපමණක් නොව පොලීසියට වඩා පියවර ගනනාවක් ඉදිරියෙන් සිටින්නට දැනට මංකොල්ලකරුවන් සමත්ව ඇත. පසුගිය කොටස අවසාන වන විට ඔවුන් රෝයල් මින්ට් එකට ඇතුලුවූ රාජකාරිය ආරම්භ කරන්නට, ඔවුන්ට හැකියාව ලැබෙන්නේ පොලීසියේ අසංවිධානාත්මක බව නිසාවෙනි. ඔවුන් දිනකට ආසන්න වශයෙන් යූරෝ මිලියන 200ක් අච්චුගසන්නට සූදානම්. පෙර සඳහන් කල පරිදි ,බැංකුවේ ඇති කිසිදු මුදලක් මොවුන් කොල්ල කන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය මුදල් ඔවුන් සකසා ගනී. එය කිසිවෙකුටවත් ලුහුඹැඳිය නොහැකි මට්ටමේ ඒවාය. 💰💰💰

ඉතිං මෙවැනි මංකොල්ලයන් මින් පෙර දැක තිබේද?
මංකොල්ලයේ ප්‍රධාන පරීක්ෂකවරයා, කොල්ලයේ මහ මොළකරුත් සමඟ එකම අවන්හලේ එකම මේසයේ අසුන් ගත්තත් හදුනාගැනීමට නොහැකිනම්. එවැනි සෙල්ලමක් කරන්න පුලුවන් කිනම් විදිහේ සැලසුමකටද කියා ඔබට සිතින් මවාගන්න කියා ඉල්ලන්න කැමතියි. රැඳී සිටින්න දිගටම, ඉස්සරහට තවත් රසවත් දේවල් ගොඩක් තියෙනවා. තවම ආරම්භය පමණයි.

අද කොටස කුතුහලයෙන් පිරීයන කොටසක් නිසාවෙන් කිසිවක් කියනවාද? නැද්ද ?
ම්ම්ම්….. ඔයාලම අරගෙන රස විඳින්නකෝ. කිව්වාම කුතුහලය නෑනේ. 😉 ඒත්….. චුටි දෙයක් කියන්නම්, අවුරුදු ගණනක සැලසුමක් වුනත් මිලි තත්පරයක අත්වැරැදීමකින් වරදින්න පුලුවන්. ගිහින් එන්නම්. හැමෝටම ජය…!!! 😉✌

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Check Also

Abhay (2019-) [S02 : E02] Sinhala Subtitles | සොඳුරිය භයානකයි [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු නවයක් පුරාවට කෛලාශ් පොද්දර්ගෙ මිනීමැරුම් ශෛලියට සමාන අයුරින් ඝාතනය කල මල සිරුරු නවයක් හමු …

Leave a Reply

Your email address will not be published.

53 comments

  1. uthsahaya agaya kranawa ,

  2. Thank you

  3. thanks ……………..

  4. thanks bro

  5. chinthaka.max4

    thankx machan

  6. Thanks Malli..

  7. brother season 4 eke sub tika dannkoooo

  8. thanks ………..

  9. thank sub walat

  10. Thanks for subtitle …

  11. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  12. KUSAL LIYANAGE

    සුපිරි කතාව,ජය වේවා

  13. Thanks bro

  14. Thanks !!!!!!!!!!!!!

  15. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. උපසිරසියට බොහොමත්ම ස්තූතියි සහෝ

  17. thanks machan sub ekata

  18. npmuweerasinghe

    thanks

  19. chanaka_naveen

    බොහොම ස්තූතියි සබ් එකට
    හදිස්සි වැඩිහින්ද සීසන් එකම බැලුව english වලින් හඩකවපු season 2 download කරගන්න link එකක් දෙන්න පුලුවන්ද

  20. chalaka noshel

    thanks machn <3

  21. උපසිරැසියට ස්තුතියි!

  22. balapu supirima series ekak

  23. supiri sahoo ikmanatama sub denawa…thnx sahooooo

  24. Thanks..ithuru tikath ikmnta denna bro…

  25. Thank You

  26. Thnxxxxxxxxxxx

  27. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  28. patta bn huga kalakin set une patta bn

  29. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  30. තැන්ක්ස් බොක්ක ගැම්මට ඉවඉවර කරමු

  31. Thanks bro sub ekata

  32. npmuweerasinghe

    NIYAMA WADAk

  33. krishanmadusanka

    supriya yako mehema gemak dakkami ela ela

  34. මචෝ සබ් එකත් එක්කම ඩව්න්ලෝඩ් ලින්ක් එකත් b/d වෙබ් සයිට් එකේ දාන්නකෝ

  35. මේක සුප්පා බන්.. ඉන්න බෑ ඉවසන්.baiscope Download එකට ඩවුන්ලෝඩ් ලින්ක් එක දාපන් ඉකමනට

  36. lakshanerantha

    Machan B/D eke thama download link eka dala nhne

  37. සබ් එකට තැන්ක්ස්…

  38. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  39. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  40. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක දෙනකම් බලන් හිටියේ…
    සුපිරි කතාවක් මේක…
    හොරුන් තමා සුපිරි…
    ඊලග කොටසත් ඉක්මනට දෙමු…

  41. Thanx saho

  42. Thenks bro fatta api හොරුන්ගෙ පැත්තේ

  43. ammoo athi yantham aththamai saho ada awe naththam notherena bashawen hari balala danawa kiyala hitiye serama thankz ikmanata dunnoth watinawa

  44. Gayan Darshana

    මචන් කතාවනම් පට්ට පට පට….ටෑන්ක්ස් සබ් එකට.ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…ජය වේවා…

error: Alert: Content is protected !!