අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Money Heist aka La casa de papel [S01 : E05] Sinhala Subtitles | ට්‍රෝජන් අශ්වයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 60 votes.
Please wait...

පසුගිය කොටසින්,

මා පසුගිය ලිපියෙන් කිව්ව ලෙසම, පසුගිය කොටස පරීක්ෂකතුමියත්, ප්‍රොෆෙසර්ත් ගැටෙන කතාවක් වුනා. මේ වනවිට ප්‍රොෆෙසර්ගේ සැලස්මෙන් ටිකක් අනාවරණය කරගැනීමට පරීක්ෂකතුමියගේ අත්දැකීම් වලට අවස්ථාව ලැබී තිබෙනවා. එනම් බැංකුව ඉදිරියේ සල්ලි මලු ගුවනේ පා කර කරන ලද රංගනයයි. ඊට අමතරව ප්‍රොෆෙසර් , ඇලිසන් පාකර් ගැන හොඳින් අධ්‍යනය කර සටනට අවතීර්ණ වී ඇති බවත් දැන ගන්න ලැබෙනවා. කොහොමද කතාව ගැන ඔයාලට දැනෙන්නේ ? පට්ටපතුරු කතාවක් නේද? 😉

දුරකථනයක් රහසේ තමන් ළඟ තබාගැනීම නිසාවෙන්, බර්ලින්ගෙන් ඩෙන්වර්ට අණ ලැබෙන්නේ මොනිකාව මරා දමන ලෙසටයි. නමුත් පහුගිය සතියේ ඩෙන්වර්ගේ අතීත කතාවන් සමඟ ගලපා බලද්දී , ඔහු හා ඔහුගේ මවගේ අතීත සිදුවීම් සලකා මොනිකාට වෙඩි තියන්නට ඩෙන්වර්ට ධෛර්යයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුව ඔහු ඇයව වෙනත් සුරක්ෂිතාගාරයක සඟවනවා. මේ පිලිබඳව කාටවත් දැන ගන්නට නොලැබෙන්නේ, මොනිකාගේ නොමඟ යැවීමේ සැලසුම නිසාවෙනි.

උමගේ වැඩ කටයුතු වල නිරත මොස්කව් එලියට පැමිනෙන්නේ මේ වෙඩි සද්දය නිසාවෙනි. ඉතින් ඔහු දැනගන්නවා තමන්ගේ පුතනුවන් කාන්තාවක් මරා දමා ඇති බව. මේ නිසාවෙන් ඔහු කම්පනයට පත්ව, හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් බිම ඇද වැටෙනවා. එතනින් පස්සේ තමයි හොඳම හරිය පටන්ගන්නේ.

අසිහියෙන් සිටි මොස්කව් අවදි වන්නේ සියලු බලාපොරොත්තු සුන්වයි. ඔහු මේ සියල්ල කරන්නේ තමන්ගේ පුතා වෙනුවෙන් බව අපි දැන් දන්නවා.නමුත් ඩෙන්වර් කල මිනී මැරීමෙන් මේ සියලුදේ පලක් නොවන නිසාවෙන් ඔහු යටත් වීමට තීරණය කරන්නේ කිසිවෙක් නොසිතූ ලෙසයි. නමුත් ඩෙන්වර් පැමින ඔහුව නතර කරගන්නේ අවසන් නිමේෂයේයි. එහිදී මොස්කව්ට ඩෙන්වර් පවසනවා මොනිකා මියගොස් නැති කාරණය.

නැවත වරක් කතාව උණුසුම් කරන්නට අපේ මිත්‍රයා, “අර්තුරෝ” සමත්කම් දක්වනවා. මොස්කව්ට හුලං ටිකක් වදින්න වුවමනාවට, ප්‍රාණ ඇපකරුවන් සියල්ලත් සමඟ වහලය උඩට යන මොස්කව් හා ඩෙන්වර්, පසුව එහි ඇතිවන කතා බහ නිසාවෙන්, අර්තුරෝ පිස්සු නටන්න ගන්නවා. නමුත් එහිසිදුවන්නේ කුමක්ද කියා කිසිවක් නොදන්නා පරීක්ෂකතුමිය ඇතුලු ආරක්ෂක අංශය, බොරු තුවක්කුවක් අතින් ගත් අර්තුරෝ ට වෙඩි තබන්නේ මංකොල්ලකරුවෙක් යැයි සිතාය.

සියල්ලෝ එක හා සමාන පෙනුමකින් යුත්තවූ විටදී කවුද අන්ද මන්ද නොවන්නේ? මංකොල්ලයේ සැලස්ම, ඉතා සියුම් තැන් පවා ස්පර්ෂ කර ඇති බව ඔබට වැටහෙනවා ඇත. ආරම්භයේ සටහන් කල පරිදිම මා ඔබට බොරු කරන්නේ නැහැ. මෙය මෙතෙක් මංකොල්ලයක් වෙනුවෙන් සකස්කල හොඳම කතාමාලාව වන්නේද ඒ නිසාවෙනි.

ඔබට මේ කතාව ගෙන එන්නට විනාඩියක කාලරාමුවක් සඳහා 10 වතාවකට වඩා මෙය නරඹන්නට ඇති. ඉතිරි විනාඩි ගනන 10න් වැඩි කරලා බැලුවොත් නරඹන්නට පමනක් ගත කල කාලය….??? තව උපසිරැසි පරිවර්තනයට එකතුවන කාලයත් එක්ක ගත්තොත් අම්මෝ… කා වෙනුවෙන්ද? අඩුපාඩුවක් වෙතොත් සමාවෙන්න.😉

අද කතාව පැත්තට හැරුනොත්, මේ වන විට වෙඩි වැදුන තුවාලකරුවන් දෙදෙනයි. එක් අයෙක් ආයතනයේ ප්‍රධාන කලමනාකරු, අර්තුරෝ රොමාන් අනිත් කෙනා ඔහුගේ සහායිකාව වන මොනිකා ගැස්ටම්බිඩ්. කතාව ගලාගෙන ගිය විදිහට අර්තුරෝ නම් ඉක්මනට මැරුම්කයි කියලා ඔයාලා හැමෝටම හිතෙන්න ඇති. මොනිකාගේ තත්වයත් නරක අතට හැරෙමින් පවතින්නේ.

අපි බලමු පරීක්ෂකතුමියගේ අණ යටතේ වෙඩි වැදුන අර්තුරෝ වෙනුවෙන් අද කුමක් වේවිද කියලා, එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙක් ඩැහැගැන්ටයි පොලීසිය කුරුමානම් අල්ලන්නේ. පොලීසිය එසේ සැලසුම් සකස්කරන අතරවාරයේ ප්‍රොෆෙසර්ට වෙනමම සැලසුමක් තිබෙන බවයි අද කතාවෙන් පේන්නේ. ඔබ ට්‍රෝජන් අශ්වයාට වඩාත් කැමතිවේවි. කරුනු කාරණා ගොඩක් විනාඩි 45ක් කාලයක් තුල සිදුවන්නට නියමිතයි. කතාව එන්න එන්න උණුසුම්. සැලසුම් පිට සැලසුම්. අදට කියෙව්වා ඇති වගේ. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය..!!! 😉✌

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

60 thoughts on “Money Heist aka La casa de papel [S01 : E05] Sinhala Subtitles | ට්‍රෝජන් අශ්වයා… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • bravo bravo thanx for the sub

    Reply
  • thank you for the sub

    Reply
  • Thanks Machoo….!!!! Jayaweva…!!!

    Reply
  • thanks …………………

    Reply
  • Thanxx bro………..

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • sub eka ne na

    Reply
  • කතාව සුපිරියටම යනවා ,සබ් එකට ස්තුති

    Reply
  • sirawatama patta kathawak

    oylage kapawimata sthuthi..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසියට බොහොමත්ම ස්තූතියි සහෝ

    Reply
  • patta sahooooooooooo supiriiii………..
    me datha kata medan maga balan inne anith tika denakan…

    Reply
  • patta mcn.thanxs.ikmanata anith tikath oni mcn.patta wdak bro

    Reply
  • MACHAN SUB EKA TIKAK IKMANATA DENNA PULUWANNAM WATINAWA BN ANYWAY TNX A

    Reply
  • Thanks sub ekata elaa

    Reply
  • bohoma stuthi sahooo degatam karagana yamu jaya ..

    Reply
  • Thenks bro, next eka denakam balan innawa

    Reply
  • එලම අනිත් ඒවාත් ඉක්මනින් ඕන…..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • අර බැනකු සේවිකාවකට කියලා සේප්පුවක්ද මොකක්ද අරගත්තනේ
    එකත් මේ අයගේ ප්ලෑනක් වෙනda ඇති

    Reply
  • Thanks machan…….jayawewa……!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක එනකම් හිටියේ…
    ඊලග කොටසත් ඉක්මනට දෙමු…

    Reply
  • thanks to sub this ep5

    Reply
  • උඹේ ගැම්ම තමයි ගැම්ම කොල්ලෝ…

    Reply
  • tnx machan puluwan ikanta sub eka deepan…

    Reply
  • Sub ekata thanx patta kathawak.

    Reply
  • patta kathaawak thank you sub ekata..

    Reply
  • තැන්ක්ස් මචං.. Sub එකත් පට්ට, ලිපියත් දීල තියෙනවා අැඩෙන්නම…!

    Reply
  • එලම රත්තරං ගැම්මට දෙනවා

    Reply
  • thanx bro!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • සබ් එකට තැන්කූ මචන්.

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • niyami… bro niyama series eka. api wenuwen wana mahansiyata Pattama Thanks…..

    Reply
  • pattama series ekak thnx sub eka ikmanatama dena ekata

    Reply
  • සබ් එකට තැන්කූ මචන්..පට්ට T
    v series එකක් මේක.ඉතුරු සබ් ටිකත් ඉක්මනට දියන් කොල්ලො..ජය වේවා..

    Reply

Leave a Reply to Dave Cancel reply

Your email address will not be published. Required fields are marked *