You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 26 2020
Breaking News
Home / All / Monkey Kingdom (2015) | වඳුරු රජදහන. (150) [සිංහල උපසිරැසි සමඟ]

Monkey Kingdom (2015) | වඳුරු රජදහන. (150) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

අභිරහස් වලින් පිරුණු පෞරාණික ලෝකයක්. මායාවෙන් පිරුණු භූමියක්. මිනිසුන් කිහිප දෙනකුට පමණයි එය දැක ගැනීමට හැකි වී ඇත්තේ… මේ වන තුරු.

ඩිස්නි නේචර් විසින් ඔබට ආරාධනය කර සිටිනවා මායා සහ කුතුහලයෙන් සපිරුණු ඇගේ අලුත උපන් පුංචි පුතා කීප් ව මුණ ගැසෙන්නට. ඔවුන් ක්‍රීඩාශීලීයි. නිර්භීතයි. ඔවුන් ලොකයට මුහුණ දෙන්නේ එකට එකතුවයි. ඒත් දැන්… බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයක් විසින් ඔවුන්ව අනතුරුදායක තත්වයකට ඇද දමනවා. මායා ට සහ ඇගේ පවුලට නිවෙස ලෙසින් අළුත් තැනක් අවශ්‍යයි‍.

ඔන්න යාළුවනේ උපසිරැසි ගැන්වීමේ තවත් කඩඉමක් පහුකරන්නයි මේ සූදානම. ‍150 වෙනි උපසිරැසිය වෙනුවෙන් මෙදා පාර අළුත් විදිහක චිත්‍රපටියකට උපසිරැසි ගන්වන්න හිතුවා. මේ චිත්‍රපටිය ගැන කිව්වෙනම් විකියා. මුලදී ටිකක් කම්මැලිකමක් දැනුනත් මේ චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටිය බැලුවට පස්සේ හිතුණා මේක නොකර අතඇරියොත් ඒක මෝඩකමක් කියලා. මේ චිත්‍රපටියේ තියෙන වැදගත්ම දේ තමයි මෙයට පසුබිම් කරගෙන තියෙන්නේ ශ්‍රී ලංකාව වීම. IMDb වෙබ් අඩවියේ 7.3/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය 2015 ‍අප්‍රේල් 17 වන දින ඇමරිකාවේ තිරගත වීම ඇරඹුණා. තිරගතවීම ඇරඹුණ මුල් සතියේ ඩොලර් මිලියන 4.5ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තැබූ අතර එම මුදල් සියල්ලම අන්තර්ජාතික සංරක්ෂණ ආයතනයට පිරිනමා තිබෙනවා වඳුරන් සහ අනෙකුත් සත්ව විශේෂයන් වගේම ඔවුන්ගෙ වාසභූමි සුරැකීම සඳහා.

මෙච්චරකල් උපසිරැසි ගන්වපු චිත්‍රපටි සහ ටීවී කතා මාලාවන් ගැන විස්තර කරන්න යන්නෙ නෑ. හැබැයි පහුගිය උපසිරැසි ගැන්වීම් 149 සඳහා අදහස් දැක්වීමෙන් සහ බාගත කරගැනීම් වලින් මාව ධෛර්යයමත් කරපු හැමෝටම මේ වෙලාවේ ස්තූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම බයිස්කෝප් අඩවියේ උපසිරැසි කරුවන් බොහෝමයක් බොහෝ අවස්ථා වලදී මට සහය දුන්නා, මාව දිරිමත් කලා. ඒ අතරින් විකියා, හසන්ත, රොයිලි, සමීර චතුරංග, ආසිරි ප්‍රියන්ත, සමීර කරුණාරත්න, කේ යූ ජී උදාර, විමා ඉසුරු දිල්ෂාන් වගේ සහෝදරයෝ ප්‍රධාන තැනක් ගන්නවා.

150 Dinidu Wish

කතාව ගැනත් ටිකක් කියන්නම්. මේ කතාව ගෙතිලා තියෙන්නේ රිළා මවක් අලුත උපන් තම පැටවාව අරක්ෂා කිරීමට දරන උත්සාහයක් වටායි. ඇගේ නම මායා. ඇය තමන්ගෙ රංචුවේ පහත් මට්ටමේ සිටින්නියක්. ඇගේ රංචුවේ ඉහළින්ම සිටින්නේ රාජා නැමති රජතුමායි. මෙම රංචුවේ වැඩිම වරප්‍රසාදයන්ට හිමිකම් කියන්නේ රාජා සහ ඔහුගෙ පරිවාර ස්ත්‍රීන් පිරිසයි. එක් දිනක් හදිසියේම පිට රැලකින් මේ රැළට තවත් රිළවෙක් පැමිණෙනවා. ඔහු නමින් කුමාර්. මේ කුමාර් අපේ මායා සමග පෙමින් වෙලෙනවා. නමුත් රාජා එයට කැමති වෙන්නේ නෑ. මේ ප්‍රේමයේ ප්‍රතිඵලය තමයි පුංචි කීප්. රාජාගේ තර්ජන හමුවේ කුමාර්ට තම පෙම්වතිය හැර යන්න සිදු වෙනවා. සමාජයේ පහළම මට්ටමක ජීවත් වන මායාට තනිවම මේ පුංචි පුතා හදා වඩා ගැනීම අභියෝගයක්.

ඉතින් යාළුවනේ. මායා කොහොමද මේ අභියෝග තනියම ජයගන්නේ? රාජා විසින් පළවාහරින කුමාර්ට කුමක් සිදු වේවිද? රාජාට තම රජකම දිගටම ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් වේවිද? මිනිස් සමාජයෙන් මේ රිළා සමාජය වෙනස් වෙන්නෙ කොහොමද කියලා කතාව බලලම දැනගන්න. වඳුරන්ගේ රාජධානිය ගැන නිමවුණ මේ චිත්‍රපටිය නරඹන ඔබේ මුහුණට සිනහවක් නැගෙනවා නොඅනුමානයි.. ඒ වගේම තමන්ගෙ මව්බිම ගැනත් ලොකු ආඩම්බරයක් ඇති වේවි…හැමෝටම ජය වේවා!!!

Monkey Kingdom (2015) on IMDb

 

 

350 MB කොපිය මෙතනින් බාගන්න

7BE7D30409486BD2DEB2F64C9B95358512CC4D5F

1.17GB කොපිය මෙතනින් බාගන්න

236e317de7cb122d177f5de53c8ce22e0e8ed2fb
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

Your email address will not be published.

107 comments

  1. Hashan M. Priyadarshana

    Thanks bro

  2. Congratulations on your 150 th SUB, Thank u Dinidu brother & baiscope team for the sub, all the best to baiscope team…………….

  3. චිත්‍රපට සඳහා අදාල ටොරන්ට් ක්‍රියා නොකරයි පවතින ටොරන්ට් වලට ගැලපෙන විදියට නිවැරදි කර දක්වන මෙන් කාරුණිකව සිටිමි.

  4. Dilshan madusha

    Thanks for the sub… well done…!

  5. විතානගේ ප්‍රියන්ත

    ස්වර්ණමය චිත්‍රපට එකතුවක් දායක කිරීමට සුබ පැතුම්!

  6. සංඛ සඳනුවන් (සනා)

    සුභ පැතුම් සහෝ.දිගටම සබ් දෙන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,ජය!!!,තෙරුවන් සරණයි!!!

  7. 150ට උණුසුම් සුබ පැතුම්!

  8. game ape suba pethum machooooo…
    saholooa,,,,,, LOST,TRANSPORTER supiri series 2k… ewath damuda ikmanata?????

    meka pattama wedak machoola…. man issara dvd genath fillm beluwe. dawasak nikamata me site eken film 1k aragena beluwa. kochchara hithata wedunada kivwoth me dawas tikata bara ganak down kala. film wala qualitiya supiriy….. wede karagena yamu digatma.. jaya!!!!!!!!!!

  9. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ඒ වගේම 150 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්,
    200ත් ඉක්මනින්ම කරමු
    ජය 😀

  10. Thank U Dinidu.

  11. උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ…manjhi the mountain man මෙ හින්දි ෆිල්ම් එකේ සබ් දෙන්නකො බ්‍රෝ …. උ

  12. Kapila Janak Bandara

    Thank you very much Sampath. Wish for your achievement

  13. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.
    ජය වේවා. !

  14. kamal attanayake

    english hamotama ba. eka athakin ogollo kranne loku sewawak

  15. වාර්තා චිත්‍රපටි වලට උපසිරස් යෙදීම වැඩි කරන්න පුලුවන් නම් හොදයි. භාෂා ගැටලුව නිසා වාර්තා චිත්‍රපටි නොබලන අයට ඒක උදව්වක් වේවි. මේ උපසිරස වෙනුවෙන් ස්තූතියි!

  16. Criminal Minds, CSI TV Series wala Sinhala Subtitle Dannako. Hugak Watinawa. Lot of Thanks. Please……

  17. වරුණ කමලවංශ

    මෙන්න කතාව….. මම හරිම ආසාවෙන් හිටියේ මේක බලන්න… උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ……..

  18. හසන්ත

    හදවතින්ම සුබ පතනවා මචෝ 150 වෙනි උපසිරසට!!!

  19. lahiru ravinath

    aiye puluwannam “The unit” 1e sub dennako plz*********************

  20. Melan Sriwantha

    ela mchn.niyama documentryak

  21. සුපිරියි
    නියමයි දිනිදු අයියේ
    150 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයම වේවා !!!

  22. උප සිරුසියට ස්තූතියි සහෝ ……..!
    …..ඒ වගේම ඔබගේ 150 වන උප සිරුසියට අපගේ හද පිරි සුබපැතුම්…..

    ඒ වගේම බයිස්කෝප් හි අළුත් පෙනුමත් ලස්සනයි, බයිස්කෝප් ටීම් එකටම අපගේ උණුසුම් සුබපැතුම්…
    !!!!! ………..ජයවේවා………..!!!!!

  23. 150 ta suba pethm

  24. වරුණ නිරෝෂණ

    ආසාවෙන් බලන්න හිටිය බයස්කෝප් එකක්…. ස්තුතියි මචං………….

  25. machan sub eka download karanna baha poddak balahanko

  26. Muditha Methsara

    150ට හදවතින්ම සුභ පතනවා..!! වටිනා කාලය අනුන් වෙනුවෙන් යෙදවූවාට

  27. ane machan sub download karaganna bane patta slow ban

  28. magenuth suba pathum machan.film 1 nam supiri.thanks machan.

  29. උණුසුම් සුබ පැතුම් දිනිඳු සහෝ. මම නම් ඔයාව දකින්නෙ වැඩක් පටන් ගත්තහම කවදාවත් මඟ දාල යන්නෙ නැති කෙනෙක් විදියටයි. ගොඩක් අය එහෙම නෑ. ඉතින් තියෙන දහසක් වැඩ කටයුතු මැද්දෙ මේ කරන සේවෙට බොහොම පිං කියන ගමන් තවත් උපසිරැසියකින් හමුවෙමු කියලා ප්‍රාර්ථනා කරනවා. ජය෴෴ 😛 😛

  30. පට්ට බෝහම ස්තුතියි සහෝ………….150 උපසිරැසි ට උණුසුම් සුභපැතුම්…….!!

  31. සුභ පැතුම් 150 වෙනි උපසිරසියට ! බොහොම ස්තූතියි….!!!

  32. ela machn…. digatama sub ona hode

  33. sha niyamay mama link ekak hoyannama sehena mahansi wuna. thank you thank you thank you

  34. godaaaaaaaaaaaak thx… Lankawa mechchara lassanai kiyala dakke meka baluwata passe…………….

  35. Niyamai bro

  36. devaka lakshan

    අපේ රටේ තිරගත වුන චිත්‍රපටයක් නිසා ගොඩක් ආඩම්බරයි,
    දිනිදු සහෝදරයාගේ 150 වන උපසිරසට සුභපතනවා.
    තව තවත් උපසිරස් ලබා දෙන්න,…….
    ඔබට ජය,………………!!!.

  37. සා…. මේක එනකම්මයි උන්නේ…
    කොමෙන්ටුව පරක්කු වුනාට සමාවුන මැනවි…
    150 හදවතින්ම සුභ පතනවා.
    හැබැයි ඉතින් දිනිඳු අයියා වෙනුවෙන් මේ වැටිලා තියෙන කමෙන්ට් ප්‍රමාණය ගැන නම් මම සෑහීමකට පත් වෙන්නෙ නෑ :/
    ජය වේවා දිනිඳු අයියේ…!!!

  38. සුබ පැතුම් සමග උපසිරැසියට ස්තුති පුලුවන්නම් අකිරා කුරසාවගේ “ඉකිරු“ ෆිල්ම් එකට සබ් දෙන්න කවුරුහරි

  39. 150ta suba pathum…
    Sub walata bohoma sthuthi……..

  40. JAYA WEWA SAHO!

  41. thanks machan……………

  42. ප්‍රදීප්

    බොහොම ස්තූතියි සබ ඉක්මනටම දුන්නට..
    150 වෙනි සබට සුබ පැතුම්, වටිනා කාලය අනුන් වෙනුවෙන් යෙදවූවාට

  43. tanks api wenuwen sub denawata oyalage kalaya weya karala

  44. sabata bohoma sthuthi saho…!!! 150ta subapathum ikmanatama 200 th laga karaganna hakiwewai prarthana karanawa…e wagema mechchara kalayak upasirasi yodala labadunna film walata bohoma pin..:-)

  45. නියමයිනේ දිනිදු සහෝ.
    ඉස්සෙල්ලම 150 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ.
    150 ගහන්න තෝර ගත්තු ෆිලුම නම් සුපිරියි සහෝ.
    දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න තව තවත් ශක්තිය ලැබේවා.
    ඊලග කඩයිමටත් ඉක්මනින්ම යමු.
    ජයෙන් ජය.

  46. මගෙනුත් උනුසුම් සුබ පැතුම් සහෝ

  47. 150 උපසි‍රැසියට මගෙනුත් සුභ පැතුම් යාළුවා

  48. නියමයි අයියේ නියමයි 🙂 ඔයා ෆිල්ම් එකකින්ම 150 ගැහුවා නේද 😀 උණුසුම් සුබ පැතුම් !! ඉස්සරහටත් ඔයාගෙන් සබ් ඕනේ මේ ෆිල්ම් එක නං ඇත්තටම බලන්න ආසයි වගේ ලංකාවේ රූගත කරපු නිසා ඔන්න එහෙනම් සබ ගත්තා ජය වේවා !!

  49. S.K.Ruchiranga

    thz machooo sub ekata

  50. 150 වෙනි උපසිරැසියට හදවතින්ම සුබපතනව
    බොහෝම ස්තූතියි උපසිරැසියට

  51. සුපිරියි සුපිරියි
    නියමයි නියමයි දිනිදු අයියේ
    150 වැනි උපසිරැසියටත් ඇවිත් නොවෑ.
    150 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් අයියේ
    150 ට ගෙනල්ලා තියෙන්නේ වෙනස් ආරෙක ෆිලුමක් නේ
    අවස්ථාවක් හා ෆිලුම ලැබුනු විගස අනිවා බලන්න ඕනේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

  52. ජය වේවා සහෝ 150 ට
    ගොඩක් ස්තුතියි

  53. thanks dinidu

  54. thx sahoo

  55. 150 ta suba pathum……

    lesi deyak nemey karala thiyenne,

    lankawe ekakma dunna ekath hody

    godak ithuthiy malli sub 150 tama

  56. කැලුම් ගුණසේකර

    150ට උණුසුම් සුභපැතුම් සහෝ. ස්තුතියි 150ට මේ වගේ එකක් දුන්නට.

  57. 150ට සුභ පැතුම්.
    එල මචං.ඔන්න අපිත් ගත්තා.
    බොහොම පින්.
    දෙනකම් හිටියේ.
    ජය වේවා!!!!!!

    • ඒ වගේම තමන්ගෙ මව්බිම ගැනත් ලොකු ආඩම්බරයක් ඇති වේවි.
      ඔව් සහතිකවම.
      මාර ලස්සන ෆිල්ම් එකක්.
      කව්රු කව්රුත් බැලුව නම් තමයි හොද.

  58. Jaya Wewa !

  59. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..
    ඔයාගෙ එකසිය පනස්වෙනි උපසිරැසි ගැන්වීමට සුභපැතුම්..
    ඉදිරියටත් මේ වගේ හොඳ චිත්‍රපට වලට උපසිරැසි කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    ජයෙන් ජය..!

  60. ශාන් විමුක්ති [විමා]

    “150වැනි උපසිරසට සුභපැතුම් දිනිදු අයියෙ”
    අඩවියට සම්බන්ධ වෙච්ච මුල් කාලෙදිම වගේ හදුනාගන්න ලැබුණු කෙනෙක් තමා දිනිදු අයියා
    මතක හැටියට මුල්ම උපසිරස උනේ අර හොඳම යාළුවො දෙන්නා එකම කෙල්ලෙක්ට ට්‍රයි කරන සීන් එකක් තියන ෆිල්ම් එකක්මට නම නම් මතක නෑ.
    බයිස්කෝප් එකේ උපසිරසිකරුවන් කිහිප දෙනෙක්ගේ රසිකයෙක් වෙනව මම
    ඒ අයගෙන් කෙනෙක් තමා දිනිදු අයිය
    අර මං කියපු ෆිල්ම් එක බලපු දවසේ ඉඳන් එහෙමයි
    මොකද දිනිදු අයිය ඇතුළු ඒ කිහිප දෙනාගේ උපසිරසි හරිම රහයි, බලන්න හරිම ආසයි 😉
    (අනිත් අයගේ උපසිරසි අවුල් කියනව නෙමේ මේ )
    ඉතිං දෙතුන් වතාවකම උපසිරසිකරණය නවත්තන්න හදනකොට කොහෙන්හරි ෆිලුමක් හොයාගෙන, එහෙම නැත්තම් මම බාරගත්තු ෆිල්ම් එකක් හරි ඇඟේ ගහන්නේ එහෙම ලේසියෙන් නවත්තන්න දෙන්න බැරි නිසා.
    ආසිරිත් එහෙමයි මම දන්නා විදියට, සෑහෙන කරදර කාරයෙක් මිනිහත්
    ඉතින් වැඩේ නතර නොකර රොයිලි අයියා ආදර්ශයට ගනිමිනින් අඩවිය තිබෙන තුරා උපසිරසිකරණයේ යෙදෙන්න,
    අඩවියට අවශ්‍යම කෙනෙක් දිනිදු කියන්නෙ.
    ඒ වගේම නුවරඑළිය පැත්තේ ට්‍රිප් එකක් එහෙම යනකොට මම පට්ට වදයක් දෙන්නෙ දිනිදු අයියට තමා ඉතිං
    ඉන්න තැනක් සෙට් කරලා දියන්, ඇවිදින්න වහනයක් හොයා දියන් කියා කියා 😛
    අවසාන වශයෙන් මේ කරන සේවයට සහ කැපකිරීම් වලට දිනිදු අයියටත් අක්කටත් පුංචි දෝනිටත් බොහොම ස්තුතියි,
    කලින් කිවුව වගේ නොනැවතී උපසිරසිකරණයේ යෙදෙන්න.
    ජයෙන් ජය වෙන්ඩ!

  61. වරුණ රංගජිත් (වරූ)

    නියමයි දිනිඳු සහෝ
    150 වෙනි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා
    ටිකක් විශේෂ එකක් ගෙනල්ලා තියෙන්නේ
    සබ් 150 ක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි
    තමන්ගේ කාලය කොපමණ කැප කරන්න වෙනවද අනිත් අයගේ සතුට වෙනුවෙන්
    ඉතින් ඒකම ඇති නේ සතුටු වෙන්න
    ඉක්මනින්ම 200 කඩයිමටත් යන්න සුබ පතනවා
    පෞද්ගලික ජීවිතෙත් සියළු බාදක ජයගෙන ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    ඔයාට ජයෙන් ජයම වේිවා…!!!

  62. වරුණ රංගජිත් (වරූ)

    නියමයි දිනිඳු
    150 වෙනි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා
    ටිකක් විශේෂ එකක් ගෙනල්ලා තියෙන්නේ
    සබ් 150 ක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි
    තමන්ගේ කාලය කොපමණ කැප කරන්න වෙනවද අනිත් අයගේ සතුට වෙනුවෙන්
    ඉතින් ඒකම ඇති නේ සතුටු වෙන්න
    ඉක්මනින්ම 200 කඩයිමටත් යන්න සුබ පතනවා
    පෞද්ගලික ජීවිතෙත් සියළු බාදක ජයගෙන ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    ඔයාට ජයෙන් ජයම වේිවා…!!!

  63. Congrats Brother ! Keep it up

  64. අප්පේ දිනිදුවා..
    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පැතුම්..
    ඒ වගේම බොහොම ස්තුතියි උපසිරසියට..
    එනකන් බලාගෙනම හිටපු එකක්
    ගමුකො එහෙනම් හෙමිහිට
    ජයෙන් ජය
    200 ටත් ඉක්මනටම යමු..

  65. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  66. දේශාන්

    ෆිලුමටත් තැන්කු වේවා…

  67. patta patta digatama subs denna

  68. 150 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්….
    ලංකාවේ එකක් නිසා බලන්නම ඕන.
    ස්තූතියි සබට.

  69. Wow. Cngrzzzz 150ta 🙂

  70. Suppaaaaa katawak tx

  71. නියම ෆිල්ම් එකක් දීල තියෙන්නෙ. මේක දුන්න එක නම් වටිනව.
    ඒ වගේම 150 වන උපසිරැසියට සුබ පැතුම් සහෝ!!!
    ස්තූති!!!
    ජය!!!

  72. madusanka jayasooriya

    එලම දිනිදු සහො. 150 උපසිරසට සුභ පැතුම්. ජය වේවා

  73. නියමයි සහෝ…..150ට උණුසුම් සුභ පැතුම්‍!!!! ඉදිරියටත් සුපිරියටම සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජය වේවා෴

  74. නියමයි දිනිදු සහෝ…..150 කඩයිමට හදවතින්ම සුභ පතනවා……දිගටම උපසිරසිකරණයේ යෙදෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා……!!!!150 උපසිරැසිය මන්කි කින්ඩම් දුන්න එක හොදයි……!!!!
    ජයෙන් ජය…….!!!!!

  75. Congarulations Bro !!!!!! Keep It up !!!!!!!!!!!!!

  76. චතුර බුද්ධික

    මන් මේක සැවෝයි එකේ බැලුවා… පට්ට ෆිල්ම් එක.. ලොකු දෙයක් සබ දුන්න එක නම්.. හැමෝම අනිවා බලන්න.. හැමදාම බලන ෆිල්ම් වලට වඩා වෙනස් විදියක ෆිල්ම් එකක්.. ස්තුති සහෝ..

  77. DCD Weerawardhana

    Well-done Bro…. 🙂

  78. denakan balagena hitiye … thx machan

  79. කේ.යූ.ජී. උදාර

    නියමයි මචෝ ඔන්න මාත් මේ මොහොතේ හදවතින් ම සුබ පැතුම් එකතු කරනවා. 200 ත් ඉක්මනට ම ගහමු. ඉස්සරහටත් මේ වගේ හොඳ නිර්මාණ එක්ක අපිත් එක්ක එකතු වෙමු. සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු…………..

  80. 150 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම් දිනිදු සහෝ… 200 කඩයිමත් පුලුවන් තරම් ඉක්මනින් ලගාවෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…
    නවතින්න එපා දිගටම උපසිරැසි ලබා දෙමු……
    ජයෙන් ජය…!!!!
    █║▌│█│║▌║│█║▌║▌║█║▌│██║▌│█
    #ChamaraSampath(Castiel)
    ::::::::::::::::::::::::::::::::::::::

  81. ඉසුරු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට!
    ඒවගේම 150වෙනි උපසිරැසි කඩයිමටත් සුභ පතනවා!
    හම්මේ ඉතින් 150ක් කියන්නේ ලේසි පහසු දෙයක්ද,
    තව දෙයක් කියන්න ඕන,සහෝ කරන,කරපු කතාමාලාවන් මං කැමතිම කතාමාලාවන්!
    එහෙනම් නැවතත් සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා!
    ජයවේවා!

  82. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  83. “චූටී මල්ලි”

    congrts bro
    meiknm balannama oni
    lankawe directorsla gon part hada hada dagaladdi
    suddo lankawe awit lankawe un heenenwat hadanna nohitna widiye ewaa hadala
    goda yanawaa
    tnzxxx 200ni ekath denna labewaa!!!!!!

  84. ඉමල්ක

    ජය වේවා සහෝ 150 ට
    ගොඩක් ස්තුතියි

  85. මුලින්ම සුභ පතනවා, 150 කඩ ඉම පසුකරන්න ලැබීම ගැන.
    අනිත් එක සහොදරයා, මේක දෙනකම් තමයි බලාගෙන හිටියේ.
    බොහොම ස්තූතියි එහෙනම්. 🙂 🙂

  86. well done….DININDU saho…sub 150k lesi na….marama kapa kirimak wgema… hoda kattak kann athi…..issellama hadawathinma suba pathanawa…….ikmanatama sub 200 kada ima pasu krnn haki wewa……

    DININDU sahoge personal life 1th sarthakama wenna suba prarthana krnawa……..Thank u soooo much…wish u’r great future…..

  87. නිරෝෂ්

    බොහොමත්ම ස්තුතියි දිනිඳු.දෙනකම් බලන් හිටපු චිත්‍රපටියක්.ජය වේවා !

  88. Supun Madhusanka (Bunny)

    Thanks saho….. sirawatama adambarai. 150ta unusum suba pathum saho…..

  89. නලින්

    ස්තුතියි දිනිදු අයියා!

    150 වෙනි සබට මගෙනුත් සුබ පැතුම්
    ජය වේවා!

  90. dinidu sampath shota suba pathum……….
    150 k kiyanne lesi wadak nemene………….
    kapu katu wala thawath eka kattak. eth hithata sathutu athi me sub eka denna labunu eka gana…..
    jayen jayama wenna one shota.
    thawath shakthiya diriya labenna one me wage baiscopelk.com eka ekka ekathu wela hitiyata….
    suba pathanawa idiri gamanata. karana kiyana hama deyakma sarthaka wenna kiyala….
    onna man giyo…………………
    :B 🙂 😉

  91. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි දිනුදු මචෝ,
    හිතුවෙම නැති ෆිල්ම් එකකින් නේ මේකා 150 කරලා තියෙන්නේ..
    වෙනස්මආරේක 150 ක් මේකනම්..
    සුපිරි බඩ්ඩක්…
    සුභම සුභ පැතුම් 150 ස් වෙනි උපසිරසියට…
    200 ත් ඉතිං හෙට අනිද්දමගහයි…
    එහෙනම් ඔන්න කොපිය ගන්නවා..
    මේ 350 කොපිය හොදෙයි…
    ජය වේවා!!

  92. ela machan…api wnuwen sub dena umbala set ekatama jaya wewaa…!!!!

    machan 150k nemei thawa 1500kma karanna umbata shakthiya lebenna kiyala wish karanawa bro…

  93. patta pattaa

  94. වෙනස්ම විදියට 150 කඩඉම පසු කරපු අපේ දිනිඳු අයියට උණුසුම් සුබ පැතුම්. ඇත්තටම මේක බලන්න බොහොම ආසාවෙන් හිටියේ. අපේ රටේ සුන්දරත්වයනේ පසුබිම් වෙන්නේ. දැන් සිංහල උපසිරැසියත් එක්ක උපරිමෙන් රසවිඳින්න පුළුවන්. බොහොම ස්තූතියි දිනිඳු අයියේ උපසිරැසියට. තව තවත් උපසිරැසි ගෙන එන්න කාලය ලැබේවා..! ජයෙන් ජයම වේවා..! එලස්ස්ස්…

  95. Dilshan kalinga

    නියමයි මචන්….
    මුලින්ම සුබ පතනවා පහු කරපු අලුත් කඩයිම ගැන.
    මේ විදියට දිරියටත් උපසිරසි මාවතේ ඉදිරියටම යන්න සුබ පතනවා මචන්. 😉
    වෙලාවක් ලැබුනම අනිවා බලනවා…බලන්න හිතේ තියාගෙන උන්නු එකක්.
    සබට තුති.

  96. ගොඩක් කල් බලං හිටපු එකක්,ගොඩක් ස්තුතියි….

  97. හම්මේ සහෝ එහෙනම් 150ත් පැන්නුවා..
    ආයේ ඉතින් මොනවා කියන්නද සුපිරිම සුපිරි.
    ඒවගේම සහෝගේ උපසිරසිත් සුපිරි
    ඉතින් සුපිරි විදිහටම 200 කඩඉමත් පන්නන්න කියලා සුබ පතනවා..
    ෆිලුමටත් තැන්කු වේවා…. ඔබට ජය

  98. උණුසුම් සුභ පැතුම් සහෝ!!!

    ජය!

  99. අදිත ප්‍රවීන්

    නියමයි දිනිඳු සහෝ . බලාගෙන හිටියේ සබ් දෙනකම්.
    ඒ වගේම සුභ පැතුම් 150 වෙනි උපසිරසියට !
    ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !
    😀

  100. දිනිඳුගේ 150ට උණුසුම් සුබ පැතුම්!200ත්300යේ කඩ ඉමත් ඉක්මනටම පහු කරන්න ධෛර්ය ලැබේවා!!!
    මේක බලන්න ආසාවේන් හිටපු චිත්‍රපටියක්..

  101. 150 සුභ පැතුම් දිනිඳු සහෝ…
    ඒ වගේම ඩවුන්ලොඩ් කරගෙනම ආසාවෙන් බලන් උන්නු සබ් එකක්…
    බොහොම ස්තූතියි…
    ජය…

  102. Manoj Sudusinghe

    සුපිරි සලරුවක්. 150 උපසි‍රැසියට මගෙනුත් සුභ පැතුම් යාළුවා…

  103. ela ela mamth ganm ko 😀

  104. #ChalinduDeshan(කිනා)

    දීලා නේ..
    යකෝ කී දාසක් බලාගෙන හිටියද මේක දෙනකං.
    බොක්කෙන්ම සතුටුයි ඈ.
    දෙසීයත් ගහමු දිනිදුවා.
    ජයමවේවා!

    • පරක්කු වෙලා හරි 150ට සුබ පතනවා. අපේ රටේ සුන්දරත්වය ඩිස්නි ඇසින් බලන්නනම් තව ටික කාලයක් ඉවසන්න වෙනවා, Br එනකම්. ඉක්මනින්ම 200ත් ගහලා, දෙසීයා කෙනෙක් වෙන්න කියලා පාර්ථනා කරනවා.
      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
      ජය වේවා. ! 😀

error: Alert: Content is protected !!