You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / 18+ / Mulholland Drive (2001) AKA Mulholland Dr. with Sinhala Subtitles | එය සිහිනයක්ද… සැබෑවක්ද [සිංහල උපසිරසි සමඟ] (18+)

Mulholland Drive (2001) AKA Mulholland Dr. with Sinhala Subtitles | එය සිහිනයක්ද… සැබෑවක්ද [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 9.7/10. From 27 votes.
Please wait...

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. මේක මගේ 22 වෙනි සබ් එක. වෙනස්ම විදියේ කතාවක් අන්තර්ගත අමුතුම විදියේ චිත්‍රපටයක් තමා මේ වතාවේ රැගෙන ආවේ. අගක් මුලක් තේරැම් ගන්න බැරි අමුතුම විදියේ චිත්‍රපට රසවිඳින්න කැමති හැමෝටම මේක ගොඩක් හොඳ චිත්‍රපටයක් වේවි.

Crime / Drama/ Mystery / Thriller යන කාණ්ඩ වලට අයත් මෙම චිත්‍රපටය තිරගත වී තිබෙන්නෙ 2001 වර්ෂයේදි. David Lynch විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට Naomi Watts, Justin Theroux, Laura Harring යන නළු නිළියන් රංගනයෙන් දායක වී තිබෙනවා. 8.0 ක් වැනි ඉහලම IMDB අගයක් හිමිකරගෙන ඇති මෙම චිත්‍රපටයට විවිධාකර සම්මාන 47ක් හිමිවී තිබෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටයේ කතාවේ හරය සහ අවසානය හුඟදෙනෙකුට ප්‍රශ්නාර්ත ලකුණක් ඉතිරි කෙරෑවක්. විවිධ චිත්‍රපටි විචාරකයින් සහ රසිකයින් මෙම කතාවේ හරය පිළිබඳ විවිධාකාර අර්ථකතන දී තිබෙනවා. ඉතිං චිත්‍රපටය නරඹා හොඳ නරක තීරණය කිරීම ඔබටම බාරයි.

ඇත්තටම මෙහි කතාව විස්තර කරන එකනම් ටිකක් අපහසු දෙයක්. මොකද මේ කතාව කොහෙන් පටන් ගන්නවද, කොහෙන් කෙලවර වෙනවද, මොනවා සිද්ධ වෙනවද කියන ඇත්තටම හිතාගන්න අමාරැයි. මුළු චිත්‍රපටයම තනිකරම හීනයක් වගේ. චිත්‍රපටිය බලලා අවසන් වෙනකොට කරකවලා අතඇරියා වගේ තියෙයි. ඉතිං මෙහි කතාව විස්තර කරන්න යන එක කරන්න අමාරැ දෙයක් වගේම එය චිත්‍රපටියේ කතුහලයටත් විශාල හානියක්. එනිසා චිත්‍රපටිය නරඹා හොඳ නරක තීරණය කිරීම ඔබටම භාරයි. එමෙන්ම මෙම චිත්‍රපටිය තුළ පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශන තිබෙන බව කරැණාවෙන් සලකන්න. චිත්‍රපටිය තේරැම් ගැනීමට අපහසු උනොත් Quora වෙබ් අඩවියේ මේ පිළිබඳ පල වී ඇති Answers කිහිපයක් කියවලා බලන්න. එය මෙහි කතාව තේරැම් ගැනීමට රැකුලක් වේවි. එහෙනම් කුතුහලයෙන් පිරැණු මෙම නිර්මාණය නැරඹීමට ඔබට කෙරෙන ආරාධනයත් සමග තවත් සබ් එකක් ඉක්මනින් රැගෙන එන බලාපොරොත්තුවෙන් මං දැනට සමුගන්නවා.

ඔබ සැමට ජයෙන් ජය පතමි !

Mulholland Drive (2001) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Mulholland.Dr.2001.BluRay.720p.x264.YIFY.Si

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

48 comments

  1. ස්තූතියි සහෝ

  2. Thilankadissanayake

    ස්තූතියි සහෝ !!!

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  4. බ්‍රෝ සබ් එක සුපිරියටම තිබ්බ…ෆිලුමත් සුප්ප…ජය වේවා සහෝ!!!!!!

  5. ස්තුතියි උප සිරසියට

  6. Tikak parana unata supirima film ekak. Awasanaya wenakam kammali kamak nathuwa balanna puluwan. Balala iwara wela sathiyak withara yanakam kalpana karanna puluwan aththatama meke mokakda une kiyala. Maga ara nogatha yuthuma film ekak.. Sub ekata bohoma sthuthiy..

  7. බොහොම ස්තූතියි

  8. Math ada thama baluwe mokadda une kiyala thama hitha ganna.thanks sub ekata

  9. sub ekata thanks saho.. jaya wewa!!

  10. thanks සහෝ සබ් එකට.

  11. බොහොම ස්තූතියි.ඔබට ජය

  12. සාරංග J. ලියනගම

    Thanks mchan

  13. Udara Damith B/K

    ….බොහොම ස්තූතියි…..
    එක සැරයක් නම් බැලුවා ඇයි බලන්ඩ වෙඉ වගේ

  14. Magnolia (1999) sub denna puluwannam ,,,……

  15. නිදහස්

    තව David Lynch ගේ සිනමාපටවලට සහ 2pac ගෙ ජීවිත කතාව ගෙන සැදු All Eyez on Me චිත්‍රපටයට සහ The Notorious B.I.G. ගේ ජීවිත කතාව ගෙන සැදු Notorious චිත්‍රපටයට sub දෙන්න. බොහෝ ස්තුතියි ඔබට මේ කරනා සේවයට.

  16. නිදහස්

    ලොව හොදම film අතර තියන film එකක් මෙන්ම සිනමාකරනය හදාරන්නන්ට උදාහරනයට ගන්න film එකක්. මනෝවිශ්ලේශනය පැත්තට බරයි.

  17. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  18. නියමයි සහෝ.බොහොම ස්තූතියි

  19. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  20. Mind fuck එහෙම නැත්නම් Mind blowing ලිස්ට් එකේ උඩින්ම තියෙන ෆිල්ම් එකක් සහෝ.
    මේක බලන්න කොච්චර පෙරුම් පිරුවද?
    මගේ ආසම නිලියක් උන Naomi Watts ත් ඉන්නවා නේ…
    බොහොම පින් අපි වගේ පරණ ෆිල්ම් පට්ට පතුරු ගහන අයට බලන්න මේවාට සබ් දෙන එකට
    ඔය හිතට ඔය අත් දෙකට උපසිරැසි කලාවට සේවයක් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා..!!

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

  21. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  23. C. R. ජයලත්

    මට එෆ් බී රික්වෙස්ට් එකක් දාන්නකෝ

  24. C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!

  25. නිරෝෂ්

    ස්තුතියි James DC සහෝ.ජයවේවා!

  26. උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. Thanks bro..sub 1k labenakanmai hitiye..

  28. දමිත්

    ස්තුතියි උපසිරැසියට “James DC” සහෝ.
    ජයෙන් ජය

  29. තිලින චාමර

    මේකට කවුරු හරි සබ දෙනකන් බලන් ඉදියේ,බොහොම ස්තූතී

  30. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහොම ස්තූතියි

  31. තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

  32. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  33. Niyama film 1k wage. Thanx bro

error: Alert: Content is protected !!