Wednesday , September 23 2020
Breaking News

My Girlfriend Is a Gumiho [EP 01] | මගේ පෙම්වතියට ඕනේ මාව කන්න [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 8 votes.
Please wait...

My Girlfriend Is a Gumiho (2010)

ගොඩක් අය කොරියන් කතා බලන්න ආසයිනේ! ඔන්න මමත් ඔයාලට ලස්සන කොරියානු කතාවක් ගෙනාවා. මේ කතාව ටිකක් කොමඩි පැත්තට බර එකක්. මම නම් මේක බලලා ගොඩක්කල්. සමහරවිට ඔයාලත් මේක බලලා ඇති. ඉතින් මේ කතාව බලපු අයටයි නොබලපු අයටයි හැමෝටම සිංහල සබ් එක්ක බලන්න මං දෙනවා.

අපේ කතා නායකයාගේ නම තමයි චා දේ වුන්ග්. ඔහු මනුෂ්‍යයෙක් වුනාට ඔහුගේ පෙම්වතිය නම් මනුෂ්‍යයෙක් නෙමෙයි. හරියටම කිව්වොත් ඇය වලිග 9ක් තියෙන නරියෙක්. පුදුමයි නේද. මේ නරියා බීෆ් කන්න හරිම කෑදරයි. කන්න අරන් දුන්නෙ නැත්තම් දේ වුන්ග්ව හරි කන්න බලාගෙන තමයි ඉන්නෙ. කොහොමද මේ වගේ කෙනෙක් ඔහුගේ පෙම්වතිය වුනේ?

දේ වුන්ග්ගේ පෙම්වතියගේ නම ගුම්හිඕ. ගුම්හිඕ කියන්නෙ කොරියානු ජනප්‍රවාදයක එන චරිතයක්. ඇය අවුරුදු 500කට කලින් ජීවත් වුනේ. නරියෙක් වුනත් ඇයට ඕන වුනේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන්න. මේ නිසා ඇය මිනිස් ස්වරූපයෙන් මනුස්ස ලෝකයට ආවා. ඇයට තිබුනේ සාමාන්‍ය තරුණියකට හිමිනොවන ආකාරයේ දුටුවන් මෝහනය කරන ඉතාම ලස්සන පෙනුමක්. මේ නිසා ගැටළු මතුවුණා.  ඉතින් ඇයව පාලනය කරන දේවතාවිය යලිත් කිසිදු දවසක මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්නට නොහැකිවන ලෙසට ගුම්හිඕ ව චිත්‍රයක හිරකරලා තිබ්බා. මේ විදියට ඇය අවුරුදු 500ක්ම හිරවෙලා හිටියා.

ඉතින් කොහොමද මේ දෙන්නා මුණ ගැහෙන්නෙ? ඒක දැනගන්න ඉතින් කතාව බලන්නකෝ. මේ කතාව වෙනස්ම විදියේ ලස්සන කතාවක්. මේක උපසිරැසි ගැන්වුවෙත් මම හරිම විනෝදෙන්. ඇති තරම් හිනාවෙන්න පුළුවන් කතාවක්. සමහර වෙලාවට සංවේදී බවකුත් තියෙනවා. ඒ වගේම ආදරය ගැන වෙනස් මානයකින් බලන සුවිශේෂී ආදර කතාවක් විදියටත් මෙය හඳුන්වන්න පුලුවන්. කොහොම වුනත් මේ කතාව නම් කියන්න දෙයක් නෑ ඇත්තටම ලස්සනයි. කොරියන් කතා ඉතින් කොහොමත් ලස්සනයිනෙ නේද. කොරියන් නළු නිළියෝ ගොඩක් ලස්සනයි ඒ වගේම දක්ෂයි. එයාලගේ තියෙන ආකර්ශනීය බව අඩුවක් නැතුවම මේ කතාවෙත් තියෙනවා.

මේ ටෙලි ඩ්‍රාමා එක කොටස් 16කින් යුක්තයි. මේකේ 1st episode එක විකාශය වෙලා තියෙන්නේ 2010දී.

1. මේක 8/10-IMDb අගයක් අරගෙන තියෙන ගොඩක් ජනප්‍රිය කතාවක්. Ratings ගැන කියනවා නම් 1st episode එකේදී 12.7 ක් තිබුන අගය last episode එකේදී 21.3 ක අගයක් අරගෙන තියෙනවා. ඉතින් ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නේ මේ කතාව කොච්චර ලස්සනද කියලා.

2. ඒ වගේම ලැබුණු සම්මාන ගැන කියනවා නම්,

☑ 2010දි පැවැත්වුන SBS Drama Awards සම්මාන උළෙලදී මේ drama එකේ එන “Losing My Mind” නමැති ගීතය – Best OST Song කියන සම්මානයත්, Bonsang – Top 10 Artist සම්මානයත් හිමි කරගෙන තියෙනවා.

☑ 2010දිම SBS Drama Awards සම්මාන උළෙලදී Excellence Award, Actor in a Drama Special සහ Excellence Award, Actress in a Drama Special සම්මානත් New Star Award, Top 10 Stars සම්මාන 2කත්, මෙහි ප්‍රධාන චරිත යුගල Best Couple Award සම්මානයත් ඇතුලු සම්මාන 5ක් දිනාගෙන තියෙනවා.

☑ 2011 වසරේදී Seoul International Drama Awards සම්මාන උළෙලදී Outstanding Korean Drama සම්මානයට මේ කතාව නිර්දේශ වෙලා තියෙනවා.

☑ 2012 වසරේදී USTv Students’ Choice Awards සම්මාන උළෙලදී Best Foreign Soap Opera කියන සම්මානයත් දිනාගෙන තියෙනවා.

ඒ වගේම චීනය, ජපානය, ඉන්දුනීසියාව, මැලේසියාව කියන රටවල්වලත් විකාශය වෙලා තියෙනවා. UKවල DVD වශයෙන් නිකුත් වෙලා තියෙනවා කියලත් සඳහන් වෙලා තියෙනවා.ඉතින් මොකද හිතෙන්නෙ ☺..? මේක මගේ පළවෙනි උපසිරසි ගැන්වීම. ඒ වුනත් ඔයාලගේ රසයට බාධාවක් නොවෙන්න මගේ උපරිමයෙන්ම මං ඒක කරන්න උත්සාහ කළා. ඉතින් මේ වගේ උපසිරසියක් කරන්න ලැබුණු එක ගැන මට ගොඩක් සතුටුයි. බයිස්කෝප් අඩවියටත් මගේ ස්තුතිය පුද කරන්නම ඕනෙ. ඉස්සරහට මේ කතාව ගොඩක් ලස්සනයි. මේක මගෙ පළමු උපසිරැසිය නිසා අඩුපාඩු එහෙමත් තියෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා.

ඉතින් ආපහු එහෙනම් 02 වෙනි කොටසත් එක්ක මුණගැහෙමු……😊

My Girlfriend Is a Gumiho (2010)  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

160 MB (2.72 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

BEC08486B7F4BEC9E4A271957CF33851DA5E85AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                        All Episodes                             Next Episode>>               

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

59 comments

  1. me kathawa dwnld karaganna aluth link ekak nadda

  2. සංකල්ප

    ane plz scholar who walks at the night sinala sub dennako

  3. නියමයි අක්කිෙයා්……… දිගටම සබ් ෙදන්න….

  4. thanx godaaaaaaaaaariyakma. digatama sub okkoma denna.we r waiting……….

  5. Amazing story. Thank you so much……..

  6. niyamai subapatanawa oyata

  7. thank u so much ……

  8. මම බලලා තියෙන ලස්සනම කොරියන් TV series එකක්.ටිකක් විතර පිස්සු කතාවක් උනාට හරිම ලස්සන ආදර කතාවක්.
    සිංහල සබට ස්තුතියි!!

  9. බොහොම ස්තූතියි සචිනි සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  10. ඔබව සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට ..
    මම කොරියන් කතානම් වැඩිය බලන්නේ නැහැ නමුත් ඒවා බලන අය
    වෙනුවෙන් ඔබට ස්තුති කරනවා .. ඒවගේම මේ ආරම්භ කරපු ගමන
    නොනවත්වා යෑමට අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    ඔබට ජය …

  11. කොරියන් කතා නම් මට බැලෙන්නේම නැති තරම්.
    බලාගෙන ගියාම ගොඩක් ගෑණු ළමයි බලන්නේම කොරියන් කතා වගේ. (අනේ මන්දා) 😉
    ඒ වුනාට ඉතිං උපසිරැසියට ස්තුතියි කියන ගමන්ම
    පලමු උපසිරැසියට සුබ පැතුම් එකතු කරනවා.
    දිගින් දිගටම උපසිරැසි දෙන්න කාලය, හැකියාව ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ආයු -බෝ -වේවා !!!

  12. “චූටී මල්ලි”

    elz digatama sub demu

  13. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. 😉
    ජය වේවා. ! 😀

  14. නවින් නිසල්

    මේ වගේ කතාවක සබ් දෙන එක ගොඩාක් පින් සිද්ද වෙන වැඩක්… එපිසෝඩ් 16 ම ඩව්න්ලෝඩ් කරගත්තා . ඉක්මනින් සබ් දෙන්න හොදේ.. අපි බලාගෙන ඉන්නවා 🙂 (y)

  15. sub 1ta tnx!!! digatama sub demu!!! all d best akke!!! 🙂 🙂

  16. එල එල අක්කේ .මේක කවදා දෙයිද කියලා හිත හිත හිටියේ .එහෙනම් ජයම වේවා .ඊලග කොටසත් ඉක්මනටම දෙමු හොදේ .
    ——————- 🙂

  17. ela…meka ikmanta digena digena yamu hode.. 😀 😀

  18. first sub eka lesin supiri kathawak genawata godaaak thanks. jaya wewa.

  19. බයිස්කොප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා❕▫▫▫
    සබි එකට තෑන්ක්ස් සහෝදරී❕▫▫▫
    ඉක්මනටම ඉතුරැ කොටස් ටකත් ඕනේ❕▫▫▫

  20. Thanks sub akata ekmanata anith episode denna awgema suba pathum obata thawath idiriyatama yama sadaha

  21. thnkoooo….pin pin..hehhee 😀

  22. Thank you. Okkoma denna maga nathara karanne nathuwa onna.

  23. thanks macho……denakan idiye.ithuruwath ikamanata demu hode…..

  24. thanks macho……denakan idiye.ithuruwath ikamanata demu hode>>>>>>>>>>>

  25. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  26. thank uuu 🙂 mn balala thiye kdrama walin lassanama kthawak meka, ayeth sinhala sub 1k balanna oni

  27. Ammo thawath korean drama 1k…..aye monada balanawama thama…..its a beautifull drama… ahhh thawath aluth SIS kenek…G’ luck for the 1st attempt SIS.Great work & Lot of thanks SHACHINI Sis.Baiscope 1kath ekka digu gamanak yamu.keep it up….jaya wewa……….

  28. km player eke sub eka dammata wada karanne natho

    • patta ekak balanna yanakotama mokak hari.uththarayak nadda ikmanata hadanna ko

    • මෙම උපසිරැසි නිසි ආකාරව ක්‍රියාත්කමක නොවේනම් හෝ එය ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය කරන උපදෙස් ලබාගැනීමට මෙම වෙබ් අඩවියේ FAQ පිටුවට පිවිසෙන්න.

      වැඩි දුර තොරතුරු හා උදව් සඳහා එහි කමෙන්ටයක් දැමීමෙන් හෝ පහත ආකාර වලින් අප සම්බන්ධ කර ගන්න.

      විද්‍යුත් ලිපිනය – [email protected]

  29. ගොඩාක් කාලෙකින් කොරියන් එකක් බලපු නැති එකේ මේක නං බලන්න හිතෙනවා. ගොඩක්ම ස්තුතියි subs ලබාදුන්නාට.දිගටම කරගෙන යන්න.ජයෙන් ජය!!!!!!

  30. Wow nice kathawak meka
    Thanks sub ekata…
    ithiri tikath ikmanata denna puluwan wei kiyala prarathana karanwa

  31. චාමික දිල්හාර (දිලා)

    ෴ “ සාදරයෙන් පිළිගන්නවා අපේ ටීම් එකට!”෴
    … දිගටම උපසිරස කරන්න පුළුවන් වේවායැයි පතනවා…
    …ඊළඟ උපසිරසියෙන් හමුවෙමු…
    …ඔබට ජයෙන් ජය…
    එල…එල

  32. thankuuuuuuuuuuuuuuuuuuuuuu. korian ekak nathuwa hitiye… thanx sister

  33. කැලුම් ගුණසේකර

    ස්තුතියි සචිනි උපසිරැසියට. සාදරයෙන් පිලිගන්නවා අඩවියට.

  34. ස්තූතියි මේක මාලග තියෙනව සිංහල සබ් එක්ක බලන්න ඕනෙ ආපහු
    පලවෙනි සබ් එකට සුබ පැතුම්

  35. නියමයි නියමයි සහෝදරිය!!!
    තවත් අලුත් කෙනෙක්. එලස්
    මං නං කොරියන් බලන්නෙ නෑ. එහෙම කිව්වාට එකක් විතර බලලා තියෙනවා
    ලිපියේ හැටියට මේක බලන්න හිතෙනවා
    බලමූ , යාලුවෙක්ගෙන් ලැබුනොත් අනිවා බලනවා.
    පලමු උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පතමි !
    ලිපියටත් ගොඩාක් ස්තූතියි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා ¡¡!!!!
    ජයෙන් ජයම වේවා !!!

    • ගොඩාක් ස්තූතියි….. හැමෝටම….
      thnkuw soo much for your lovely wishes…..

  36. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

    නියම කතාවක් මේක .

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..

    මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

    මං අහලා තියෙනවා මේ ගොඩක් ලස්සන කතාවක් කියලා.
    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

  37. Me kathawanam niyamai

    • ගොඩාක් ස්තූතියි….. හැමෝටම….
      thnkuw soo much for your lovely wishes…..

  38. නලින්

    ස්තූතියි උපසිරැසියට සචිනි.
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට.

    ජය වේවා

    • ගොඩාක් ස්තූතියි….. හැමෝටම….
      thnkuw soo much for your lovely wishes…..

  39. බොහෝම ස්තූතියි උපසිරසට සචිනි. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. දිගටම අඩවියත් එක්ක රැඳිලා ඉන්න. ජයම වේවා..!

    • ගොඩාක් ස්තූතියි….. හැමෝටම….
      thnkuw soo much for your lovely wishes…..

error: Alert: Content is protected !!