Monday , September 21 2020
Breaking News

My Girlfriend Is a Gumiho [EP 04] |අපි ජීවත් වෙන ලෝක සමාන නෑ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 2 votes.
Please wait...

My Girlfriend Is a Gumiho (2010)

පසුගිය කොටස ගැන කියනවා නම්, දේ වුන්ග්ට ටෙස්ට් එකට ඉන්න බැරි වුනානේ. ඇත්තටම ඒක සිද්ධ වුනේ හේ ඉන් අක්කා හින්දා. අක්කට ඇඳුමක් ගන්න ගියපු නිසා ඔහුට හරි වෙලාවට ටෙස්ට් එකට යන්න බැරි වෙනවනේ.  ඒත් ඉතින් අන්තිමේදී ඒක යන්නෙත් මී හෝ ගේ පිටින්. ඒ නිසා දේ වුන්ග් තීරණය කලානේ මී හෝ ව නැවේ අතරමං කරලා එන්න ඕන කියලා. මී හෝ ත් දැනගත්තානේ දේ වුන්ග් තමන්ව දාලා පැනලා යනවා කියලා, ඉතින් මී හෝ ට ඒ ගැන දුක හිතිලා අඬනකොට වහින්න පටන් ගත්තනේ. ඒ වෙලාවේ දේ වුන්ග්ට මතක් වුනා මී හෝ අඬන නිසා තමයි වහින්නෙ කියලා, නේද. ඔන්න ඉතින් පලවෙනි වතාවට දේ වුන්ග්ට මී හෝ ගැන දුකක් ඇති වෙන්න පටන් ගත්තා.

ඉතින් 4 වෙනි කොටසේදී මොකද වෙන්නෙ කියලා බලමු.

දේ වුන්ග්ට මතක් වෙනවා මී හෝ ට පොරොන්දුවක් වුනා නේද කියලා, ඉතින් දේ වුන්ග් ආපහු මී හෝ ව බේරගන්න යනවා. මේ අතරේදී මී හෝ ට මාර වැඩක් තමයි වෙලා තියෙන්නෙ, එයාගේ ජීවයත් නැති නිසා ඇය වෙනස්වීමට ලක්වෙලා. ඉතින් ඒ නිසා මී හෝ ව බේරගන්න යන දේ වුන්ග්ට මොනා වෙයිද, සීයා දැන් මී හෝ ගැන පැහැදිලා ඉන්න නිසා ඔහු මින් සෝක් නැන්දට කියනවා දේ වුන්ග්ව ගිහින් බලලා එන්න කියලා. ‘ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ’ කියනවා වගේ නැන්දටත් ඉතින් මරු චාන්ස් එක ඇක්ෂන් පාසලට යන්න හම්බවෙන එක. මේ අතරේදී අධ්‍යක්ෂතුමා එයාගේ රියල් ඇක්ෂන්ව හොයන්න හිතාගෙන රෑ වෙලා ඇවිදින්න යනවා. එතකොට ඔහුට හරිම අකරතැබ්බයකට තමා මුහුණ පාන්න වෙන්නෙ. ඒ වෙලාවේදී අධ්‍යක්ෂතුමාගේ පිහිටට එන්නෙ දේ වුන්ග්. මේ නිසා ඔහුට තව අවස්ථාවක් දෙන්න ඕනේ කියලා අධ්‍යක්ෂතුමා තීරණය කරනවා.

ඒ වගේම දැන් මී හෝ ගැන දේ වුන්ග් ටික ටික සැලකිලිමත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඇත්ත මනුස්සයෙක් වගේ දත් මැදලා, මුණ හෝදලා පිරිසිදුව ඉන්නෙ කොහොමද කියලා දේ වුන්ග්, මී හෝ ට කියලා දෙනවා. ඒත් ඉතින් මී හෝ කියන්නෙ නරියෙක් නිසා දේ වුන්ග්ට
ඒ වැඩේ ටිකක් අමාරුත් වෙනවා. මේ අතරේදී පක් දොන්ග් ජු, මී හෝ ව හොයාගෙන එනවා. ඔහුට අවශ්‍යතාවය තියෙන්නෙ මී හෝ ව නැවත පන්සලට යවන්න වුනත් මී හෝ ඒක ගැන දන්නෙ නෑනෙ. ඉතින් ඔන්න එහෙනම් තවත් කියන්න ඕනේ නෑ, 4 වෙනි කොටස බලලම ඉන්නකෝ.

නැවත 5 වෙනි කොටසත් එක්ක මුණගැහෙමු…. 😊

My Girlfriend Is a Gumiho (2010)  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

160 MB (2.72 GB-Complete) කොපිය මෙතනින් බාගන්න

BEC08486B7F4BEC9E4A271957CF33851DA5E85AE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                         Next Episode>>               

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

13 comments

  1. බොහොම ස්තූතියි සචිනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. Thank for sub..I downloaded all EPs .pls continue…..

  3. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. thank you bro gud work……………!

  5. niayamai…epi tika nm bagena iwarai…sub denakm thamai balan unne.thanks SACHINI Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Thanks

  7. ස්තුති සචිනි!!! පහත් දෙමු!!!
    ජය!!!

  8. නියමායි ,ස්තුති හොදේ 😀

  9. ඔය වගේම සබ් එක දෙන්න ඉස්සරහටත්..
    ගොඩාක් ස්තූතියි සබ් එකට…

  10. බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..

  11. thank uuuu

error: Alert: Content is protected !!