අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Narcos [S01 : E01] Sinhala Subtitles | කොකේන් රජු ඩොන් පැබ්ලෝ! [සිංහල උපසිරැසි] [18+]

Rating: 8.6/10. From 58 votes.
Please wait...

පැබ්ලෝ එමිලියෝ එස්කොබාර් ගැවිරියා

උපත : 1949 දෙසැම්බර් 01

මරණය : 1993 දෙසැම්බර් 02 

මරණයට හේතු: හිසට වැදුන වෙඩි පහරක්.

උපත සහ මරණය සිදුවූ රට : කොලොම්බියාව 

කවුද මේ පැබ්ලෝ කියන්නේ? බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා කවුද මේ අමුතු පුද්ගලයා කියල. 80-90 දශකයේ වැඩිහිටි තරුණ පරපුර නම් දන්නවා මේ කවුද කියල. මෙහෙම කියන්නම්. ඇමෙරිකාවට පවා හිසරදයක් උන කෙනෙක් කිව්වොත්? එහෙමත් නැත්තන් ඇමෙරිකානු ඩොලර් බිලියන 55 ක වත්කමක් වර්මාන තක්සේරුවට තිබුන කෙනෙක් කිව්වොත්? ඇමෙරිකාවේ වර්ග අඩි 6500ක පමණ විශාල වෙරළබඩ නිවසක් සහ කොලොම්බියාව තුල විවධ ස්ථාන වල නිවාස, මන්දිර 800 කට අධික ප්‍රමාණයක හිමිකරුවෙක් කිව්වොත්? ලෝකය පුරා ඉන්න සත්ව විශේෂ 1000 කට අධික  වෙසන පුද්ගලික සත්ව උද්‍යානයක හිමිකරුවෙක් කිව්වොත්? සතියක ආදායම ඩොලර් මිලියන 420ක් හෙවත් වසරකට ඩොලර් බිලියන 22ක් හොයපු පුද්ගලයෙක් කිව්වොත්? ඔව් ඒ තමයි පැබ්ලෝ එස්කොබාර් හෙවත් කොකේන් රජු ලෙසින් කොලොම්බියාවට කළු පැල්ලමක් එකතු කල ග්‍රාමීය දුප්පත්  ගොවියෙකුගේ පුත්‍ර රත්නය. 

ගොවියෙකුගේ පුතෙක් කොහොමද මේ වගේ ධනස්කන්ධයකට හිමිකාරයෙක් උනේ මේ වගේ සුළු කාලයකදී? ඒකට උත්තරය තමයි කොකේන් නමැති මත්ද්‍රව්‍ය ඇමෙරිකාව ඇතුළු රටවල් බොහොමයකට හුරු කරන්න බෙදාහරින්න මූලික උන පුද්ගලයා වීම. පැබ්ලෝගේ පියා වෘත්තියෙන් ගොවියෙක්. හත් දෙනෙකුගෙන් යුත් පවුලක තුන් වැන්නා ලෙස 1949 දෙසැම්බර් 01 වෙනිදා උපත ලැබුවා. ඔහුගේ මව ප්‍රාථමික පාසල් ගුරුවරියක්. එත් ලෝකයේ කොකේන් සැපයුමෙන් 80%ක් සපයන්න ඇමෙරිකාවට දිනකට ටොන් 15 ක කොකේන් ජාවාරම් කරපු පැබ්ලෝ එස්කොබාර් අදටත් මෙතෙක් ලොව පහලවූ පොහොසත්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙසින් විරුදාවලිය ලත් පුද්ගලයා වෙනවා. ඒ වගේ පවුල් පසුබිමක ඉපදුන පැබ්ලෝ පැබ්ලෝ මුලින් තමන්ගේ වෘත්තීමය ආදායම් මාර්ගය කරගෙන තිබුනේ සොහොන් ගල් සුසාන භූමි වලින් සොරකම් කර ඒවා වෙනස් කරන නැවත විකිණීමයි.

පසුව විශ්ව විද්‍යාල සමයේදී හොර ඩිප්ලෝමා සහතික නිකුත් කර තිබෙනවා. එනමුත් ඔහුට තම උපාධිය අවසන් කරගන්න හැකිවෙලා නැහැ. පසුව  කොලොම්බියාවට ගෙනෙන හොරබඩු හෙවත් ඉලෙක්ට්‍රොනික උපකරණ, සිගරට්, මත්පැන් වැනි දේ  විකිණීම වගේ නීත්‍යනුකුල නොවන ව්‍යපාරයි. පසුකාලීනව හොර ලොතරැයි ටික විකිණීම, කාර් සොරකම් කිරීම වගේ නීතියෙන් තහනම් දේවල් වලට යොමු උනා. කොකේන් ජාවාරම් වලට එළඹෙන්න ප්‍රථමව ඔහු විසින් මෙඩලින් වල සිටි ව්‍යාපාරිකයෙක් පැහැරගෙන ඩොලර් ලක්ෂයක කප්පමක් ලබාගෙන  තිබෙනවා. පසුව මෙඩලින් වල හොරබඩු ජාවාරම් කරුවෙක් වූ  Alvaro Prieto සමඟ එක්වී ඔහුට සේවය කර තිබෙනවා. ඔහුගේ කුඩා කල සිහිනයක් වූ කොලොම්බියානු ඩොලර් මිලියනයේ සිහිනය ඔහුට වයස 22ක් වෙන විට සපුරාගන්නත් වයස 26ක් වෙනවිට කොලොම්බියානු ඩොලර් මිලියන 100ක බැංකු තැන්පතුවක හිමි කරුවෙක් වෙන්නත් සමත් වි තිබෙනවා. 

1970 සහ 75 අවධිය තුල ලොවපුරා ප්‍රචලිත මත්ද්‍රව්‍ය උනේ මරිජුවානා නමැති මත්ද්‍රව්‍යයි. ඇමෙරිකාව සහ අනෙකුත් රටවල අවධානය මේ මත්ද්‍රව්‍ය වෙතට ලැබී තිබුන අතරේදී  1975 මුල් බාගයේ පැබ්ලෝ සහ ඔහුගේ දීර්ග කාලින සගයා හෙවත් පැබ්ලෝ අධික ධන කුවේරයෙක් වෙන්න හේතු වූ Gustavo Gaviria සමග එක්වී කොකේන් ව්‍යාපාරයට එක වුනා.

මෙඩලින් කාටෙල් සාමාජිකයන් පැබ්ලෝ සහ ගුස්තාවෝ දෙපසින් 

පේරු රාජ්‍යයේ මූලික කරගෙන සැපයු කොකේන් මත්ද්‍රව්‍ය තලපය හෙවත් පේස්ට් එක මුලින් පේරු සිට මෙඩලින් වලට ප්‍රවාහනය කර මෙඩලින් වල පිහිටුවා තිබු පර්යේෂණාගාර තුලදී කොකේන් කුඩු බවට පත් කෙරුනා.  මුල් කාලීනව මේ මත්ද්‍රව්‍ය ගැන අවබෝධය හිඟකම නිසා පැබ්ලෝට කොකේන් ජාවාරම කිසිම හිරිහැරයකින් තොරව කරගන්න ලැබුනා. කොකේන් විවිධ  ජාවාරම් මාර්ග හරහා පැනමා හරහා ඇමෙරිකාවට ගුවන් මගින් පැබ්ලෝ කොකේන් බෙදාහැරීම සිදු කරනු ලැබුවා. එසේ කරද්දී 1976 වසරේදී ඔහු සමග ඔහුගේ සගයක් කොකේන් කිලෝ 18ක් සමගින් ඉක්වදෝරයේ සිට නැවත කොලොම්බියාවේ මෙඩලින් දක්වා පැමිණීමේදී අත් අඩංගුවට පත් උනා. මේ තමයි පැබ්ලෝ සහ කොකේන් ගැන අවදානය කොලොම්බියානු රජයට මුලින්ම ලැබීමට හේතු උන අවස්තාව. නමුත් අධික ධනයක් උපයාගෙන සිටි පැබ්ලෝ විනිශ්චයකරුවන් හට අල්ලස් ලබා දී නීතියේ රැහැනින් මිදී ගියා.

එතැන් පටන් 1980 දශකය වනවිට මසකට කොකේන් ටොන් 70-80 වගේ ප්‍රමාණයක් ඇමෙරිකාව වෙත බෙදාහරින්න සමත්වූ එස්කොබාර් ඒ වෙනුවට ඩොලර් බිලියන ගණන් අමෙරිකාවෙන් උදුරාගන්න සමත් උනා. මෙසේ 1975 පටන් ආරම්භ කල කොකේන් ජාවාරම 1990 දශකය මුල් භාගය දක්වා විහිදුනා. ඒ කාලය තුල ඔහු විසින් ඉපයූ මුදල අදටත් ගණනය කල නොහැකි තරම් ප්‍රමාණයක්. ඔහු මිය යන විට ඔහුගේ වත්කම වර්තමාන ඇමෙරිකානු ඩොලර් බිලියන 55 කට අධිකයි. ඒ වගේම ඔහු විසින් සිදුකල ඝාතන ප්‍රමාණය අතිවිශාලයි. ඔහුට අවනත නොවන කෙනා කවුරුන් උවත් ඒ කෙනා මරණයෙන් කෙලවර කරන්න පැබ්ලෝ පසුබට උනේ නැහැ. ඒ වගේම කෙනෙක් මරන්න ඔහු විසින් ඇටවූ බෝම්බ නිසා මියගිය සාමාන්‍ය වැසියන් ප්‍රමාණය අතිමහත්. ඔහුගේ ඝාතන අතර ජනාධිපති අපේක්ෂක Luis Carlos Galán සහ අධිකරණ ඇමති වරයෙකු වූ Rodrigo Lara දෙදෙනාත් ඇතුලත් උනා. පැබ්ලෝ මෙසේ විශාල වශයෙන් ඝාතන සිදු කරන්න මූලික හේතුව උනේ එකල ජනාධිපති සටනේදී අපේක්ෂක ලුයිස් කර්ලොස් විසින් තේමාව කරගත් ” සියළුම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇමෙරිකාවට පිටුවහල් කිරීමේ” නීතියට පක්ෂව තම ඡන්ද සටන කරගෙන යාමයි. කොලොම්බියාව තුල සිරගත වීම ඉතාමත් සැපපහසු ජිවිතයක් වූ එකල ඇමෙරිකාව තුල සිරගත වීම එතරම් සුවපහසු සපැදායි ජිවිතයක් නොවූ බව පැබ්ලෝ සහ ඔහුගේ කාටෙලය හොඳින් හඳුනාගත් කාරණයක් උනා. එබැවින් එම නීතිය ඉවත් කිරීමට ඔහු නොගත් උත්සහයක් නැති තරම්. ඒ සෑම උත්සාහයකදීම මියගිය පුද්ගල සංඛ්‍යාවේ එකතුව 5000 කට අධිකයි. 

ඔහු විසින් සිදු කල ප්‍රසිද්ධ ඝාතන ලැයිස්තුගත කලොත්,

  1. 1989 වසරේදී ලෝක පාපන්දු සුදුසුකම් තරඟයක් අතරතුර  ජනාධිපති අපේක්ෂක Luis Carlos Galán ඝාතනය.
  2. 1985 වසරේදී කොලොම්බියානු ශ්‍රේෂ්ඨාධිකරණය වැටලීමකට ලක් කල එහි සිටින විනිශ්චයකරුවන් භාගයක් පමණ මරා දැමීම.
  3. Avianca ගුවන් යානා බෝම්බය මගින් මගින් 107 දෙනෙක් මරා දැමීම. මෙහිදී අරමුණ වුයේ ලුයිස් කාර්ලොස්ට පසුව අපේක්ෂක වූ පසුකාලින ජනාධිපති වූ César Gaviria මරා දැමීමයි.
  4. 4000 පමණවූ රජයේ සේවකයන් මරා දැමීම. අධිකරණ විනිසුරුවන් 200ක් පොලිස් නිලධාරීන් 1000 සහ මාධ්‍ය වේදීන් මේ අතර වෙනවා.

ඒ වගේම පැබ්ලෝ එස්කොබාර් චරිතය ගැන කිව්වම පහත දැක්වෙන කරුණුත් විශේෂිත වෙනවා.

  • පැබ්ලෝ කොකේන් ගුවන්යානා ටයර් වල සඟවා ඇමෙරිකාවට ප්‍රවාහනය කරනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔහු ගුවන් නියමුවෙකුට ඩොලර් 500,000ක් එක ගමනක් සඳහා ගෙවා තිබුනා.
  • පැබ්ලෝ එස්කොබාර් වරක් කොලොම්බියානු කොංග්‍රස් සභාවට පත්වී තිබුනා. ඔහුගේ මූලික අභිප්‍රාය වුයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇමෙරිකාවට නෙරපීමේ නීතිය ඉවත් කරගැනීමයි.                           පැබ්ලෝ එස්කොබාර් කොංග්‍රස් සභාව තුල 
  • එස්කොබාර් විසින් ඇමෙරිකාවට යැවූ ලොකුම කොකේන් තොගයේ බර රාත්තල් 51,000ක්.
  • පැබ්ලෝ එස්කොබාර්ගේ ලොකුම බිය වුයේ ඇමෙරිකාවට නෙරපා දැමීමයි. මේ කාරණයට ඇති අධික බිය නිසා එම නීතිය රජයට අකුලා ගැනීමට බල කිරීම සඳහා ඔහු විසින් දහස් ගණන් මරා දැමුවා.
  • පැබ්ලෝ සතුව ඇති ධනස්කන්ධයට අමතරව ඔහු සතුව රථ වාහන, ගුවන් යානා, හෙලිකොප්ටර්, බෝට්ටු සහ සබ්මැරින පවා ඇතුලත් වෙනවා.                           පැබ්ලෝ සතුවූ සබ්මැරින් යාත්‍රාවක් 
  • පැබ්ලෝට මුහුණ දෙන්න සිදු වූ අමුතු ගැටළුවක් උනේ කොකේන් ව්‍යාපාරය දියුණු වෙනවත් සමඟ එයින් උපයන මුදල් නැවත ඇමෙරිකාවේ සිට කොලොම්බියාවට රැගෙන ඒමේ ගැටළුවයි. විශාල මුදල් ප්‍රමාණයක් නැවත කොලොම්බියාවට රැගෙන එන්න අපහසු වූ කල ඔහු කලේ Learjet  නමැති ගුවන් යානය මුදල් ප්‍රවාහනය සඳහාම මිලට ගැනීමයි.

මුදල් ප්‍රවාහනය සඳහාම මිලට ගත් ජෙට් යානය 

  • රටින් නෙරපීමේ නීතිය ඉවත් කිරීම වෙනුවෙන් පැබ්ලෝ රජයට අරුම පුදුම යෝජනාවක් ගෙන ආවා. ඒ තමයි ඔහු විසින් කොලොම්බියානු රජයේ ජාත්‍යන්තර ණය ප්‍රමාණය වූ ඩොලර් මිලියන 10 ක මුදල ගෙවා දැමීමේ යෝජනාව.
  • රජය සමඟ වසර කීපයක් දරුණු යුද්ධයක නිරතවූ එස්කොබර් අවසානයේ තම මිතුරා වූ ගුස්තාවෝගේ මරණය හමුවේ රජයට යටත් වෙන්න තීරණය කලා. එත් ඔහුගේ කොන්දේසි යටතේ. ඒ කොන්දේසිය උනේ කිලෝමීටර් කීපයක සීමාවකට පොලිසියට පැමිණිය නොහැකි  ඔහු විසින්ම නිර්මාණය කරගත් සුඛෝපභෝගී සිරගෙයක ඔහු වෙනම ජිවත් වීමයි. la catedralනමින් හැඳින්වූ මේ සුපිරි සිපිරිගෙය කැසිනෝ, රාත්‍රී සමාජ ශාලාවක්, ස්පා එකක් පිහිනුම් තටාක සහ පාපන්දු පිටියකින් සහ හෙලිකොප්ටර් නවත්වන ස්ථානයකින් සමන්විත උනා.                      La Catedral හි වර්තමාන ස්වභාවය 

 

  • මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනීමැරුම් හැරුනුකොට ඔහු තමන්ගේ නගරය වූ මෙඩලින් වැසියන් වෙනුවෙන් පාපන්දු ක්‍රීඩාංගන, නිවාස විශාල වශයෙන් තනාදී තිබෙනවා.  වරක් ඔහුව මෙඩලින් වැසියන් රොබින් හුඩ් නම් අනුවර්ථ නාමයකින් හඳුන්වනු ලැබුවා. එහෙත් ඔහු විසින් කල විශාල බෝම්බ පිපිරීම් සමඟින් ජනතාවගේ ඔහුට පක්ෂව තිබු අදහස් වෙනස් වුවා.
  • තවත් අපූරු කරුණක් වුයේ මුදල් මිටි බැඳීම වෙනුවෙන් පැබ්ලෝ එස්කොබාර් මසකට ඩොලර් 2500 ක මුදලක් රබර් පටි වෙනුවෙන් වැයකොට තිබෙනවා.
  • වරක් තම දියණිය උණුසුම් කිරීමට ඔහු විසින් ඩොලර් මිලියන 2ක් මුදල් නෝට්ටු ගිණි තබා ගිනිමැලයක් නිර්මාණය කර තිබෙනවා.
  • අධික කළු සල්ලි ප්‍රමාණයක් ගලා ඒමත් සමඟ ඒ මුදල් වලට කිරීමට කිසිවක් නැතිකොට ඒවා විවිධ ස්ථාන වල අපූරු විදිහට ගබඩා කරන්න පැබ්ලෝ උපදෙස් දෙනු ලැබුවා. සමහර මුදල් බිත්ති වශයෙන් ඔහුගේ නිවාස වලත්, මෙට්ට තුලත්, විශාල වශයෙන් ඔහු සතු වගාබිම් වල වළලා දමන්නත් උපදෙස් දී තිබුනා. ඒ වගේම ඔහුගේ ගිණුම්කරු ප්‍රකාශ කරන අන්දමට 10% සෑම මසකම ජලය හෝ මීයන් කා දැමීම නිසා ගිණුම් වලින් ඉවත් කර තිබෙනවා. එම අගය ඩොලර් බිලියන 2.1 වූ අතර පැබ්ලෝ හට එය එතරම් දෙයක් වුයේ නැත.
  • පැබ්ලෝ සැපයු කොකේන් ප්‍රමාණය කොතරම්ද කියතොත් එකල ඇමෙරිකානුවන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙක්ම භාවිත කලේ පැබ්ලෝ සැපයු කොකේන් කුඩුයි.
  • 1980 වනවිට ලෝක කොකේන් සැපයුමෙන් 80%ක් සපයනු ලැබුවේ පැබ්ලෝ එස්කොබාර් විසිනුයි.
  • 1987 දී ෆෝබ්ස් සඟරාවේ ලොව ලොකුම ධනවතුන්ගේ ලැයිස්තුවේ රැඳී සිටි ඔහු 1993 දී මරණයට පත් වනතෙක්ම ඔහු එහි රැඳී සිටියා. 1989 දී ඔහු එහි 7 වෙනි ස්ථානය දක්වා පැමිණියා.
  • 1980 මැද බාගයේදී ඔහුගේ සතියක ආදායම ඩොලර් මිලියන 420 ක් වූ අතර වසරක ආදායම බිලියන 22ක් වුවා.
  • ඔහුට වෙනම ඝාතකයන් පිරිසක් වූ අතර ඔවුන් සිකාරියෝ නමින් හඳුන්වනු ලැබුවා. මේ පිරිස පැබ්ලෝ පවසන ඔහුට එරෙහි පුදගලයන් ඝාතනය කල අතර එහි ප්‍රධානියා වුයේ පපායි නම්වූ ඝාතකයෙක්. මේ ඝාතකයන් සඳහා සෑම මිනි මැරුමක් වෙනුවෙන් මුදල් ලබා දී තිබෙනවා.

පැබ්ලෝ සහ පපායි La Catedral හිදී 

මේ වගේ අරුම පුදුම වගේම අමනුෂ්‍ය ක්‍රියාකාරකම් වලින් පිරිපුන් පුද්ගලයෙක් තමයි එස්කොබාර් කියන්නේ. ඔහුගේ බිරිඳ ඔහුට වඩා වසර 11 කින් පමණ බාල වූ අතර ඔහුට පුතෙක් සහ දියණියක් වුවා. පැබ්ලොගෙ මරණය සමඟ ඉතාමත් අසරණ වූ ඔවුන් කොලොම්බියා රජය අනුග්‍රහය යටතේ වෙනත් හැඳිනුම් පත් ලබාගත් අතර මුලින් අප්‍රිකානු රටක් වූ මොසැම්බිග් රාජ්‍ය බලා පිටත් වුවා. එහිදී ඔවුන් බලාපොරොත්තු වූ දේවල් නොලැබුන හෙයින් නැවත ආජන්ටිනාව වෙත පැමිණ තිබෙනවා. එහිදී පසුව ඔවුන්ගේ සත්‍යතාවය තහවුරු වූ පසු පැබ්ලෝගේ බිරිඳ සහ පුතා අත් අඩංගුවට පත්වූවා. දියණිය බාලවයස්කාරිණියක් නිසා ඇයට දඬුවම් ලැබුනේ නැහැ. පසු කාලීනව මේ තිදෙනාටම ආජන්ටිනාව තුල ජිවත් වීමට අවසර ලැබුන අතර අදටත් ඔවුන් එහි ජිවත් වෙනවා. පැබ්ලෝ සතු ධනස්කන්ධය මේ තිදෙනාට පැබ්ලෝ මියගිය පසු අත් හරින්න සිද්ධ වෙන්නේ පැබ්ලෝගේ එදිරිවාදී කණ්ඩායම වන කාලි කාර්ටෙලයේ බල කිරීම මතයි.

පැබ්ලෝ සිය පවුල සමඟින් 

පැබ්ලොගේ දියණිය, පුත්‍රයා සහ බිරිඳ වර්ථමානයේ 

මේ පවුල ගැන සහ පැබ්ලෝ සම්බන්ධ කතා ඕනෑතරම් ඔබට අන්තර්ජාලය තුලින් සොයාගන්න පුළුවන්. ඔහුගේ ප්‍රධාන ඝාතකයා වූ පපායි අත් අඩංගුවට පත්වූ අතර ඔහුව 2014 වසරේදී නිදහස් කරනු ලැබුවා. ඔහු විසින් කල ඝාතන සම්බන්ධ යුටියුබ් වීඩියෝවක් පහතින් දැක්වෙනවා. ඒ වගේම පසුගිය පෙබරවාරි 06 වැනිදා ඔහු වසර 57ක් වූ ජිවිත කාලයට සමු දුන්නා.

මීට අමතරව පැබ්ලෝ එස්කොබාර් යටත් කරගැනීම දක්වා විශාල මෙහෙයක් කල ඇමෙරිකානු නාකොටික් නිලධාරීන් දෙදෙනෙක් වූ ස්ටීව් මර්ෆි සහ හැවියර් පෙන්‍යා ගැනත් මතක් කල යුතු වෙනවා. එස්කොබාර් නිසා නිර්මාණය වූ චිත්‍රපට කීපයක් වෙනවා. 

ඒ වගේම මෙහි රංගනයෙන් Wagner Moura විසින් ඉතාමත් දක්ෂ රංගනයක් ඉදිරිපත් කරනවා පැබ්ලෝ එස්කොබාර් චරිතය වෙනුවෙන්. ඒ වගේම Pedro Pascal විසින් හැවියර් පෙන්‍යා චරිතයත් Boyd Holbrook විසින් ස්ටීව් මර්ෆිගේ චරිතයත් Paulina Gaitan විසින් පැබ්ලෝගේ බිරිඳ ටාටා එස්කොබාර්ගේ චරිතත් රඟ දක්වනවා.

මේ විස්තර සියල්ල කියන්න හේතුව අදින් ආරම්භ වන නාකොස් කතා මාලාවට ආරම්භයක් ගැනීම සඳහායි. අද පටන් නාකොස් කතා මාලාවේ දැනට නිකුත් වූ කොලොම්බියාව සම්බන්ධ කතා මාලා 3ටම උපසිරැසි අපවිසින් සූදානම් කර අවසානයි. එහෙනම් අවසානය දක්වා රැඳෙන්න නැවත දෙවන කතා මාලාවේ පළමු කොටසින් නැවත මම මුණ ගැහෙන්නම්. ජය!!!

 

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

30 thoughts on “Narcos [S01 : E01] Sinhala Subtitles | කොකේන් රජු ඩොන් පැබ්ලෝ! [සිංහල උපසිරැසි] [18+]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • ado patta mchan me details walata. godak thanks subs wlatai me wistara walatai <33

    Reply
  • සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • okkoma sub tika gannawa. okkomata comments nokaranawata sorry. thanks. pin.

    Reply
  • Thanxx bro……….

    Reply
  • වටිනා ලිපියක් ස්තූතියි. විකිපීඩියා දාමුද

    Reply
  • මචං පොඩි දෙයක්. මම 2017දී මේ site එකෙන් ම මේකේ පලවෙනි සීසන් එකටම (epi 10) සබ් ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. රුවන් සම්පත් වර්ණසිරි කියල කෙනෙක් දීල තියෙන්නේ. ඒක මම site එකේ search කලාට හොයාගන්න නෑ. මම ළඟ පරණ sub තාම තියෙනවා. ඇයි මේ ආපහු දාන්නේ?

    Reply
  • Bro meka digtama dena ekakda.

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Niyama vedak mch.ela ela…

    Reply
  • බොහොම ස්තූති අයියේ උඋපසිරසට…ස්තූති කරන්න වචන මදි. සබ් එක දෙයි කියලා සෑහෙන්න බලාපොරොත්තුවෙන් හිටපු සීරිස් එකක්. දැන් ඉතිං සුපිරියටම බලන්න පුලුවන්. සබ් එකට වගේම ලිපියටත් බෝම ස්තූති කියන්න ඕනි. ගොඩක් දේවල් දැනගත්තා…ජය වේවා බුදුසරණයි..!

    Reply
  • මචන් අර මග නවත්තපු outlander සීරීස් එකත් දිගටම දෙමුකො අපරාදයක් ඒක නතර කරල තියෙන්නේ

    Reply
  • Sub ekata ස්තූතියි බ්‍රෝ ❤

    Reply
  • Supiri……thanks bro

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • නම අහල තිබුනට අද තමයි හොදම විස්තර ටික දැන ගත්තේ
    උපසිරැසියට බොහෝම ස්තූතියි අයියේ !!!

    Reply
  • Illegal Series ekat denna bro

    Reply
  • ලිපිය පට්ට හසායියෙ.. පැය ගාණක කැපවීම තමයි ඉතිං. සබ් එක කරනවට වඩා වෙලාවක් මේ වගේ ලිපියකට විස්තර හොයන්න යනව.

    Reply
  • mata Loving Pablo movie eke link ekak houala denna puluwanda?

    Reply
  • කිවුව දවසේ ඉන්දන් හිටියේ . සබ් එකට තුති හසා අයියේ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • බැලිල්ලක් තමයි එහෙනම්. පේජ් එකේ පෝස්ට් එක දැකලා කලින්ම ඩවුන්ලෝඩ් කරල තිබුණා.
    සබට තුති අයියේ.

    Reply
  • මරු මරු. මේක දෙනකම්මයි බලාන හිටියේ.
    ජය හෝ!!

    Reply

Leave a Reply to hasintha piumal Cancel reply

Your email address will not be published. Required fields are marked *