You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , January 29 2020
Breaking News
Home / All / National Treasure: Book of Secrets (2007) Sinhala Subtitles | පිටු අතර සැගවුන නිධානය සොයා..[සිංහල උපසිරැසි සමඟ]

National Treasure: Book of Secrets (2007) Sinhala Subtitles | පිටු අතර සැගවුන නිධානය සොයා..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 10 votes.
Please wait...

1865 දී ඇමෙරිකාවේ ජනපදයන් අතර ඇතිවූ යුද්ධය නිසා එවකට ඇමෙරිකාවේ ජනාධිපති එබ්‍රහම් ලින්කන් මහතාට කැරලිකාර කණ්ඩායමේ සාමාජිකයෙක් වෙඩි තබා ඝාතනය කරනු ලබනවා. මේම ඝාතකයා සහ ඔහුගේ සගයකු මෙම ඝාතනයට මොහොතකට පෙර “ප්ලේෆෙයා සයිෆර්” නමින් හදුන්වන ගැටළුවක් විසදීමට ගැටළු සහ ප්‍රහේලිකා විසදිමෙහි දක්ෂ තෝමස් ගේට්ස් නම් නම් පුද්ගලයකුට ලබාදෙනවා. ගැටලුව නිරාකරණය කරමින් ඉන්න ගේට්ස් හට මෙය ඉතා වටිනා රත්තරං නගරයක් හෙවත් “සිබෝලාව” නමින් හදුන්වන පැරණි රහසිගත නිධානයකට හෝඩුවාවක් බව පැහැදිලි වෙනවා. යම් හෙයකින් කැරලිකරුවන් අතට මෙම මහා නිධානය පත් වුවහොත් ඇමෙරිකාවේ අනාගතයම අවධානමේ බව වටහා ගන්නා ඔහු එම කොළ කිහිපය ඉරා ලගම තිබෙන ගිනි උදුණට විසිකරනවා. එහෙත් ඔහු එම ගැටලුව විසදන තුරු ඔහු ලග සිටි කැරලිකාර සහකයකයා තෝමස් ගෙට්ස්ව ඝාතනය කර උදුනේ තිබු ගින්නෙන් විනාශ නොවූ එක් පිටුවක්ද සමගින් පලා යනවා.

මේ National Treasure සිනමා නිර්මාණ මාලාවේ දෙවන කොටස පලමු කොටස ඔබට අප කලින් දුන් බැව් මතක ඇති. මෙය 2007 දී Jon Turteltaub විසින්ම නිෂ්පාදනය කරලා තිබෙනවා. කලින් නිර්මාණයේ සිටිය නළු නිලියන් කැළ, Nicolas Cage, Diane Kruger සහ Justin Bartha යන අයත් අලුත් මුහුණු කීපයකුත් දැකගන්න පුළුවන්.මේ වතාවේ බෙන්ට මුහුණ දෙන්න වෙන්නේ නිධානයක් ලබා ගන්නවට වඩා තමන්ගේ පරම්පරාවේ කිර්තිනාමය රැකගැනීම සදහා ජීවිතය පරදුවට තියන්න. ලින්කන් ජනාධිපති තුමාගේ ඝාතකයාගේ වර්තමාන මුනුබුරෙක් අපේ කථා නායකයා, බෙන්ව හොයාගෙන එන්නේ එදා ගේට්ස්ට විනාශ කරන්න බැරි වුනු පිටුවත් එක්ක. ඒ පිටුවේ සදහන් දේවල් වලට අනුව ලින්කොලින් ඝාතනයේ ප්‍රධාන මොළකරු වෙන්නේ තෝමස් ගේට්ස් ඒ කියන්නේ බෙන්ගේ පරම්පරාව රාජ්‍ය ද්‍රෝහීන්. එත් බෙන් සහ ඔහුගේ පියා දන්නවා ඔවුන් එහෙම නෙමේ කියලා. කොහොම වුනත් මේක ඔප්පු කරන්න නම් ඔවුන්ට රත්තරන් නගරය හොයාගන්නම වෙනවා. කලින් වතාවේ වගේම මේ වතාවෙත් හොඩුවාවල් එකින් එක ලිහමින් බෙන් සහ පිරිසට යන්න තියෙන්නේ එසේ මෙසේ ගමනක් නෙමේ. කොටින්ම ලෝකයේ බලවත්ම රටවල් දෙකකම අධි ආරක්ෂිත තැන් දෙකක් එහෙමත් නැත්නම් ලෝකේ බලවත්ම පුද්ගලයන් දෙදෙනෙක් පාවිච්චි කරන මේස දෙකක් ලගටමත් යන්න වෙනවා. ඒවගේමයි මේ නිධානය පස්සෙන්ම එන ලින්කන්ගේ ඝාතකයාගේ මුණුබුරා. අනික මාරාන්තික උගුල්. ඔක්කොටම වඩා මහා බලවතෙක්ව පැහැරගන්නත් සිද්ද වෙනවා.

තම පවුලේ කිර්තිනාමය රැකගන්න දිවි පරදුවට තියලා වැඩකරන බෙන්ට තම අදහස් ඉටු කරගන්න ලැබෙයිද? නැත්නම් අපරාධ කාරයෙක් විදිහට හිරේ යන්න වෙයිද ? මේවා දැනගන්න මේක බාගෙන බලන්න කියල කියන්න තමයි තියෙන්නේ.එක දෙයක්… එකින් එක හොඩුවාවල් විසදමින් ඉස්සරහට යන ගමන… ඊලග මොහොතේ මොනවා වෙයිද කියන කුතුහලය… අපිව මේ සිනමාපටය තුලින් අවසන් වෙනකම්ම මුදවන්නේ නැහැ. එක නිසා එක දිගටම කම්මැලි කමක් නැතිව. අසාවෙන් බලන්න පුළුවන්. අනික නිකලස් රගපානවානම් අන්ධයෙක් වුනත් ෆිල්ම් එක බලන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. 😀

හොදයි තව දෙයක් කියන්නම තියෙනවා. මේකේ 3 වෙනි එකත් ඉදිරියට එන බැව් තමයි කියන්නේ.ඒ කොහොම උනත් 3 වෙනි එකත් ආව ගමන් ඔබ වෙතට සමීප කරවන්නට අප පසුබට නොවෙන බව ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නොවැ..සිනමා නිර්මාණ නරබා ගුණ දොස් කියන ඔබ සැමටත් ගොඩක් තුති….. ජය…!!

 

මීට පෙර පළකල ලිපිය…

ඔයාල National Treasure 1 චිත්‍රපටය බැලුවෙ නැත්නම් ඒක බලල මේකත් බලන්න කියල තමයි මුලින්ම කියන්න තියෙන්නෙ,මොකද චිත්‍රපට දෙකම ඇත්තටම හොදයි..

මේ ෆිල්ම් එකේ කතාව ගෙතී තියෙන්නෙ ඒඛ්‍රහම් ලින්කන් ජනාධිපති වරයාව ඝාතනය කල ජෝන් බූත් නැමැති පුද්ගලයාගේ දින පොතේ නිධානයක් ගැන සඳහන් පිටු 18 ක් වටායි..එම කාලයේ ජීවත් වූ බෙන් (කතාවෙ ප්‍රධාන චරිතය ) ගේ මුත්තා බූත් හට මෙම දිනපොත  අයිති වීම වැලක් වීමට ඉරා ගින්නට දමා ඇති අතර එම නිසා මුත්තාව මරා දමා තිබෙනවා…… නමුත් හදිස්සියේම මතුවෙන පුද්ගලයෙක් ඉන් එක් පිටුවක් තමන් සතුව ඇති බව කියනවා. නමුත් එම පිටුවේ බෙන් ගේ මුත්තාගේ නම සදහන් වීමෙන් සැකයක් මතුවෙනවා ඔහුත් එම ඝාතනයට හවුල් ඇති කියා. නමුත් මෙපමන කලක් සැලකුනේ බෙන් ගේ මුත්තා වීරයකු ලෙසයි.

ඉතින් මේ ඇතිවූ අවමානයෙන් තම පවුලේ නම්බුව ආරක්ෂා කිරීම සඳහා නිධානයක් ඇති බව ඔප්පු කිරීම සඳහා බෙන් සැරසෙනවා. ඔහුට එය ඔප්පු කරන්න ලැබෙයිද? ඒ සඳහා ඔවුන් කරන දේවල් මොනවාද? බලන්න නම් ඉතින් බාන්නම වෙනවා. මුල් එක අල්ලලා ගියානම් නම් මේකත් අල්ලලා යන්නම ඕනා..ඇත්තටම හොද ඇඩ්වෙන්චර් චිත්‍රපටයක්..අනිවා බලන්න!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "රොයිලි ප්‍රනාන්දු" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Due to copyright issues, we do not provide any torrent links.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් කළුබෝවිල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

69 comments

  1. thanks for the sub

  2. Nishanpradeep95

    Tnx for sub

  3. mama gaththa sub weda karanne nane ai e????????????

  4. මේ ‍ෆිල්ම් එක මම ZEE STUDIO කියන channel එකේ english subtital එක්ක බලල තියනවා.මේක සිංහලට පරිවර්තනය වුණා කියන්නේ ශ්‍රී ලංකාවෙ මිනිස්සු බොහොම වේගයෙන් බුද්ධිමත් වෙන බවයි. මේව පරිවර්තනය කරන්න තවතවත් දැනුම ලැබේවා යැයි ප්‍රාර්තනා කරනවා
    ස්තූතියි!

  5. thankxx machan

  6. Sub titele download karanna behane ban.help me

  7. 2015.02.12 balanna kammeli neti film ekak. thanks.

  8. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  9. බොහොම ස්තුතියි. පලවෙනි එක බැලුවා දෙවනි එකත් දැන් බලන්න හදන්නෙ.

  10. කලින් මෙම සිංහල උපසිරැසිය download කිරිමට හැකියාවක් තිබුනේ නැත. එය සැකස දුන්නට ස්තුතිය.
    මෙයට
    sashindramax

  11. බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. කලින්ම බාගෙන තියෙන නිසා සබ් එක විතරක් ගන්නම්. 😛 😛

  12. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  13. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ.මේකට උපසිරසි දුන්නට

  14. ගයාන් තාරක

    ela machan.. onna mamath balana gaman…

  15. බොහොම ස්තූතියි සමන් සහෝ.. මේකෙ පලවෙනි එකනම් මම බැලුවා. ඒ වගේ මේකත් එල ඇති.. ජයවේවා!

  16. නිකලස් අංකල් ඉන්නවා නම් ඉතින් බලන්නේ නැතුව ඉන්න බෑ නේ….. 🙂

  17. රාම් රාජ්

    කේජ් අයියාගේ ෆිලම් ගැන ආය කතා කරන්න දෙයක් නෑ.මේක මමබැලුවා.සබ් වලට ස්තූතියි.

  18. සමීර බුද්ධික

    elazzzzzzzz

  19. godakthanks saman aiya me film eka hodata rasa winda oya dapu sub nisa…

  20. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට

  21. සමන් සහෝල; මේ කතා දෙකත් නොතිබුණු එක එක්තරා අඩුවක් වෙලා තිබුණේ…
    දැන්නම් ඒක සම්පූර්ණයි. කොච්චරවුණත් මටනම් විස්සෝප නොවී ඉන්නට බෑ. හේතුව මෙයිට වඩා දහසකුත් එකක් දේවල් තිබියදීත් අපේ රටේ මෙවන් කිසිවක් නොකෙරෙන එක. ඒක වෙනස් වෙන දවස හුගාක් දුර නොවේවා කියල පතාගෙන ඔයාටත් ජය පතනවා මේ වෙන මහන්සියට.

    ඔය කියපු තුන්වැන්න ගැන දැන් කලක් තිස්සේ ආරංචි ආවට(ඒක මේ අවුරුද්දේ නිකුත් වන්නට නියමිත බව සදහන් වෙලාත් තිබුණා මම දුටුවා) තවම ඒක ගැන නිවැරදි තොරතුරක් නෑ වගේ. මොකක්වුණත් කමක් නෑ ආවොත් ආපු ගමන් දෙන්ට ඕනැ හොදේ…

  22. නලින්

    ස්තුති වේවා දෙවනි එකත් දුන්නට

    ජයවේවා

  23. ෆිල්ම් එක තිබ්බ ගොඩ කාලෙක ඉදන්.. දැන් ඉතින් සබ් එකත් එක්කම තියෙන නිසා අනිවා බලනවා.බොහොම ස්තුතියි සහෝ..

  24. “චූටී මල්ලි”

    ela ela kollo digatama apita sub denna

  25. maka kalin dapu ekanewei neda.

    sub walata thankxxx

    thankxx

  26. mudiya / මුදියා

    නිකලස් කේජ් නම් ඉතිං ලොවෙත් නෑ තමයි.නියම වැඩක් සමන්.ජයවේවා.බොහෝ………………….ම ස්තූතියි…!

  27. Thank you KALUWA.. 1 veni Eka nam Patta.. Mekath ehema neda..
    Booma Sthuthi Sub Walata.. Jaya Weva

  28. rusuru | රුසිරු

    මැක්සා මචං

  29. පැතුම්

    ලොවෙත් නෑ පට්ට

  30. බොහොම තැන්ක්ස් යාලුවා.දිගටම කරමු වැඩේ

  31. හොට්ටා

    බොහොම පින් ජය

  32. 1st aka baluwa pattaaammamamamma patttaaaa

  33. supiri film meywa Thnaks bro

  34. මේක නම් පට්ටම ෆිල්ම් සෙට් එක..ලොවෙත් නෑ මචං ජයම වේවා 🙂

  35. Akila Warnapura

    Great…Thanks

  36. ela ela cngrtz bro

  37. pattama meyka enakam unne

  38. ana aiye plz ma film ekata sinhala subtitel dennako lokuma loku udawwak

  39. film eka nam maxxa

  40. Sinhala SUB for Om Shanthi Om & Rab Ne Bana Di Jodi?

  41. Best Film……..thanks

  42. ගාල්ලේ බඩා

    එල මචන් මම නම් හරිම අස ෆිල්ම් එකක් තමයි

  43. @ සුපුන් පෙරේරා

    මේකයි මචං මට මූ මේ උපසිරැසි වැඩේ කරන්න දෙන්නේ නෑ බං. කකුලෙන්ම අදිනවා.

    මම දැන් මූට හොරෙන් ඔය වැඩේ කරන්නේ. 😀

  44. එල
    තෑන්ක්ස්

  45. පොතේ ගුරා

    @උදාන! හික් හික්..ක‍රන්න දෙයක් නෑ බන්z..නියම ෆිල්ම් එකක්..වැඩ ඉව‍ර උන ගමන් බලන්න.. 🙂

    @සුපුන් පෙරේරා !ඒක කෙරෙනව..අනිවා..මම නැතත් අපේ රොයිලි ප්‍රනාන්දු සොහොයුරා ඒක තනියම හ‍රි ක‍රනව (මම එපා කිවත් පොර ක‍රනව)හික් හික්..ඉක්මනටම බෙදා දෙන්න ඉන්නෙ අපි..

    @Anush !ඔවු බන් ඒ ටික සිරාවටම ගති,ෆිල්ම් එකත් එළ තමයි..

  46. Meeka mama kalin baluwa
    maara lassana film ekak
    nidane thiyana thenata yana tika thamai lassanama hariya

  47. එල එල 1 වෙනි එකත් බාන්න දැම්ම. බොහොම ස්තූතියි රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට සහ පොතේගුරා සොහොයුරාට, බාලම බලමු

    අර සිංහල උපසිරැසි වැඩේට මොකද උනේ?

  48. ඔයි.. පොතේ ගුරෝ.. මම මගේ study leave එකේ ඉන්නෙ මෙහෙම එවා දාන්ඩ එපා අප්පා… බලන්ඩ හිතෙනවා

error: Alert: Content is protected !!