Saturday , July 24 2021
Breaking News

Nenjil Thunivirundhal (2017) with Sinhala Subtitles | වෛද්‍ය අසුනේ අරගලය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 18 votes.
Please wait...

ඔන්න පුළුවන් තරම් ඉක්මනට මගේ ඊලග උපසිරසත් අරගෙන ආවා..ඔයාලට මතක ඇතිනෙ කලින් පාර ශෝට් ෆිල්ම් 3ක් ඔය ගොල්ලන්ට අරගෙන ආවා..ඒකට කමෙන්ට් දාලා සහයෝගය දුන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි..මේ පාර තමයි පලවෙනි වතාවට දමිල සිනමාපටයකට උපසිරසක් අරන් ආවේ..මට පුලුවන් උපරිමයෙන් ඔයාලට හොදින් රස විදින්න පුළුවන් වෙන්න මම මේ උපසිරස සකස් කරා..මොනවහරි අඩුපාඩුවක් තිබ්බොත් ඒකට සමාවෙලා ඒ ගැන මාව දැනුවත් කරන්න.. අපි දැන් මේ සිනමාපටය නරඹන්න කලින් මේ සිනමාපටය ගැන විස්තර ටිකක් දැන ගෙන ඉමු..

2017 නොවැම්බර් 10 දින තිරගතවීම් ආරම්භ උන මේ සිනමාපටය දමිල සහ තෙලිගු යන භාෂා දෙකෙන්ම සමන්විතයි. imdb 5.4ක් සමගින් මෙහි ප්‍රධාන චරිත වලට,Sundeep Kishan,Vikranth Santhosh,Mehreen Pirzada වැනි ජනපිය නලු නිලියන් ‍රංගනයෙන් දායක වී ඇත.

තමන්ගේ හොදම යාලුවා තමන්ට හොරෙන් තමන්ගේම නංගි එක්ක පටන් ගන්නා ආදර හුටපටයක් තමන්ගේ අම්මා දැන ගෙන නංගිව අරන් ඉක්මනට ගෙදර එන්න කියන මොහොතක ඔවුන් දෙදෙනා ගෙදර එන අතරමග ඔවුන් දෙදෙනාම මරන්න මැර පිරිසක් එනවා.හදිස්සියේම මරන්න එන මැර පිරිස නෑ නෑ මේ ඉන්නෙ වෙන කෙනෙක් කියලා ඒ වැඩේ නතර කරලා එතනින් යනවා..ඊට පසුව ඔහු දැනගන්නවා මරන්න ඇවිල්ලා තියෙන්නේ ඔහුගෙ යාලුවව කියලා..ඉතින් මොහු හොයන්න පටන් ගන්නවා මොකටද ඒ මැරයො මොකටද තමන්ගේ යාලුවව මරන්න ඇවිල්ලා තියෙන්නේ ?කවුරු කිව්ව හන්දද ඇවිත් තියෙන්නේ කියලා..ඉතින් ඔහුට මේ දේවල් හොයාගන්න ලැබෙයිද..ඔහු මේ දේවල් කොහොම හොයාගනීද?ඒ අතරතුර මැරයො ආය තමන්ගේ යාලුවව මරන්න එයිද??මේ දේවල් කිව්වොත් ඉතින් කතාවෙ අගයක් නෑනේ..ඒ හන්දා කතාව බලලම ඒ දේවල් දැනගන්න කියලා ඉල්ලා සිටිනවා.

ඇත්තටම මම ලිපි නම ලියන්න දන්නේ නෑ  ඒ හන්දා ලිපිය ගැන නම වැඩියෙ හිතන්න එපා..එහෙනම් තවත් උපසිරසකින් හම්බවෙනකම් ගිහින් එන්නම්.. හැමෝටම ජය වේවා…

 

Monster Island (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉමේෂ් ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Kudi Yedamaithe (2021-) [S01 : E03] Sinhala Subtitles | අතුරුදහන් වූ පෙම්වතා [සිංහල උපසිරසි]

Lucia (2013), U Turn (2016) වගේ ජනකාන්ත ජනප්‍රිය නිර්මාණ බිහි කරපු පවන් කුමාර් අධ්‍යක්ෂකතුමාගේ මීළඟ …

Leave a Reply

Your email address will not be published.

15 comments

  1. Dhananjaya.Gajanayaka

    උපසිරැසියට ගොඩක් ස්තූතියි ජය වේවා!

  2. thanz saho

  3. උපසිරැසියට බොහොම ස්තූතියි…
    ජය වේවා

  4. Thank bro jayawewa

  5. kalana_bandara

    nice

  6. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. උපසිරැසියට බොහොම ස්තූතියි…
    ජය වේවා

  9. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉමේෂ් සහෝ.
    ජයෙන් ජය.

  10. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  11. උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Thank You Saho……
    Oyala me karana Kapawimata Bohoma Pin…

    Karana Kiyana Siyaluma Hoda Dewal Sarthaka Weva…..
    TheruwanSaranay

error: Alert: Content is protected !!