Wednesday , May 12 2021
Breaking News

Next Enti? (2018) Sinhala Subtitles | ඊළඟට මොකක් වේවිද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 40 votes.
Please wait...

මේක ආදර කතාවක්..
මතකද Fanaa සහ Hum Tum හින්දි චිත්‍රපටි දෙක..
ඒ දැවැන්ත චිත්‍රපටි දෙක අධ්‍යක්ෂණය කරපු..
කුනාල් කෝලි තෙලුගු සිනමාවට ඇවිදින්..
තෙලුගු සිනමාවේ කොහිනූර් දියමන්තිය..
තමන්නා ඇවිත් ඔන්න ආයෙත් ටොලිවුඩ් වෙත..

2018 වසරේ දෙසැම්බර් 7 වැනිදා නිකුත් වුනු, ආදර කථාවන් කැටගරියට අයිති තවත් ලස්සනම ලස්සන සලරුවක් අරගෙන බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නයි මේ සූදානම. කස්ටිය තමන්නගේ ෆිල්ම් එකක් බැලුවේ නෑ නේද කාලෙකින්. ඔන්න එනවා කාලයක් කාගේත් ක්‍රෂ් එක වෙලා හිටිය තමන්නා ඔයාලගේ තිරය මතට. තමන්නාට නම් පහුගිය කාලය එච්චර හොඳ කලදසාවක් ගෙවුනේ නෑ, බාහුබලි චිත්‍රපටය ඇරෙන්න අනෙක්වට එතරම් සාර්ථකත්වයක් දක්වන්න බැරි උනා. Sketch චිත්‍රපටයේත් තමන්නාට ප්‍රේක්ෂක සිත් වසඟ කරගත හැකි රංගනයක නිරත වෙන්න හැකි වුනේ නෑ. බාහුබලි චිත්‍රපටයේ පවා ඇය රංගනයේ නිරත වූයේ අවන්තිකා එහෙමත් නැත්නම් රණශුරිණියකගේ චරිතයක් නිසා තමන්නාගේ සුපුරුදු රොමැන්ටික් රංගනය ප්‍රේක්ෂකයින්හට දැකගැනීමට නොහැකි වූවා. (තමන්නාව දන්නේ නැත්නම් Rachcha, Badrinath, Endukante… Premanta!, Rebel, Aagadu, Oopiri සහ බාහුබලි චිත්‍රපටි දෙක බැලුවනම් මේ සූකිරි කැටේ බලාගන්න පුළුවන්.. ඔය චිත්‍රපටි දෙක තුනක් විතරයි. තව සෑහෙන්න ලිස්ට් එකක් තියෙනවා. දන්නෝ දනිති. 😉)

කුනාල් කෝලි තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ. කුනාල් කෝලි කියන්නේ බොලිවුඩයේ දැවැන්ත නිර්මාණයන් දෙකක් වන Fanaa සහ Hum Tum චිත්‍රපටි යුගලය අධ්‍යක්ෂණය කරපු වැඩකාරයා. ඉතින් මේ මහත්තයා තෙලුගු සිනමාවට පිවිසෙන්න පලවෙනි වතාවට. විශේෂත්වය කියන්නේ මේ චිත්‍රපටියේ සියලුම රූගත කිරීම් පැය විසිහතරක් එහෙමත් නැත්නම් දවසක් ඇතුලත කරා කියල තමයි ආරංචිය තියෙන්නේ.When Harry Met Sally.. කියන ඇමරිකානු චිත්‍රපටිය පාදක කරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. තමන්නාට අමතරව එයා එක්ක ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සුදීප් කිෂාන් විසින්.

මේක හරිම සරල කතාවක්. නමුත් මේකෙන් කියවෙන දේවල් හරිම සංකීර්ණයි. තේරුම් ගන්න ටිකක් අමාරුයි. බෝරින් ගතියක් එහෙමත් දැනේවි සමහරෙක්ට. නමුත් නවීන පරම්පරාවේ අය නැරඹිය යුතු හොඳ චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. IMDB අගය 6.3/10 ක්ම තියෙනවා. නමුත් විචාරක ප්‍රසාදය (Critic reviews) නම් මහ ලොකුවට නෑ. එහෙම වෙන්න ඇත්තේ මේක ෆනා හම්තුම් තරම් දැවැන්ත අයුරින් නිර්මාණය නොකළ ලද්දක් නිසා වෙන්න ඇති කියලයි මගේ නම් අදහස. නමුත් සමස්තයක් වශයෙන් ආදරය කරන අයට, ආදරය කරන්න ඉන්න අයට, සහ ආදරය අහිමි වෙලා තවත් ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට බලන්න වටින හොඳ චිත්‍රපටියක් විදිහට හඳුන්වන්න පුළුවන්.

කතාව යන්නේ චරිත තුනක් මත. සංජු, ටැමී, ක්‍රිෂ්, මෙයාලා වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ. ටැමී කියන්නේ සැබෑ ආදරයක් හොයන නවීන පන්නයේ සුරූපී තරුණියක්. සංජු කියන්නේ සෙල්ලක්කාර සාමාන්‍ය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න තරුණයෙක්. ඒ වගේම ක්‍රිෂ් කියන්නේ ආදරේ සම්බන්ධව අමිහිරි අතීතයක් තියෙන දැවැන්ත ව්‍යාපාරිකයෙක්. ඉතින් මේ තුන්දෙනා වටා ගෙතුණු මේ කතාව හැමෝටම නරඹන්න කියල ආරාධනා කර සිටින ගමන් අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි චිත්‍රපටිය සෙට් වෙන එකක් නෑ කියල සැකයක් තියේ නම් කෝකටත් කියල ට්‍රේලර් එක එහෙම බලලා තව ටිකක් චිත්‍රපටිය ගැන හොයලා චිත්‍රපටිය අරගන්න කියල ඉල්ලා හිටිනවා. මොකද මං දන්නවා හැමෝටම මේක සෙට් වෙන එකක් නෑ. ස්වල්ප පිරිසකට මේ චිත්‍රපටිය අල්ලන්නේ නෑ කියල මං දන්නවා. ඒ හින්දයි අවංකවම කියන්නේ ට්‍රේලර් එක එහෙම බලලා, චිත්‍රපටිය ගන්නවද නැද්ද කියල තීරණය කරන්න කියල. නැත්නම් අන්තිමේ මටයි බනින්නේ ටෝක්ස් දීලා ඇඟේ ගැහුවා කියලා. අවසාන වශයෙන් කියන්න ඕන මේ චිත්‍රපටිය සඳහා හොඳ කොපියක් එක්කල සබ් එකක් පහුගිය දවසක නිකුත් උනත් ඒ නිකුත් වුනු සබ් එක සෑහෙන්න අඩුපාඩු වලින් යුක්ත එකක් වූවා. චිත්‍රපටියේ ඇති දෙබස් වචන දෙකෙන් තුනෙන් ඉංග්‍රීසි වාක්‍ය විදිහට හදල තමයි ඒ සබ් එකේ සටහන් කරලා තිබුනේ. ඉතින් බොහොම අමාරුවෙන් තමයි චිත්‍රපටියේ කියන දෙබසුත් අහගෙන සෑහෙන්න අමාරුවෙන් ගලපලා වැඩේ ගොඩ දාගත්තේ. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටියේ කතා කරන දේවල් ගොඩක් සංකීර්ණ දෙබස් වලින් යුක්තයි. නිකුත් වී තිබු ඉංග්‍රීසි උපසිරැසිය ප්‍රමාණවත් නොවුවත් සියලුම දෙබස් සඳහා උපරිම සාධාරණය ඉටු කරන්නට සෑම විටම උත්සහ ගත්තා. ගීතයක හෝ දෙකක උපසිරැසි නම් පරිවර්තනය කිරීමට හැකි මට්ටමක තිබුනේ නෑ. එසේ අතිශයින්ම අපහසු අවස්ථාවකදී හැර අනික් සියලුම ගීත උපසිරැසි ගන්වා ඇති. ඉතින් සමස්තයක් වශයෙන් උපසිරසියේ යම් යම් අඩුපාඩු පැවතියහොත් ඒ පිළිබඳ සමාවෙන්න කියල ඉල්ලනවා..

එහෙනම් කැපෙන්න වෙලාව හරි. යන්න කලින් කියන්නෝන මං මේ අවුරුද්දේ බයිස්කෝප් එකට අරන් එන පලවෙනි උපසිරැසිය නිසා ලැබුවා වු 2019 වසර සාර්ථක නව වසරක් වෙන්න කියල බයිස්කෝප් වාසි ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කර සිටිනවා. දශකයක් පුරාවට බයිස්කෝප් අඩවිය එක්ක රැඳිලා ඉන්න ඔබ සියලු දෙනා වෙනුවෙන් මේ වසරේදීත් සිනමාවට සහ ටෙලි කතා අවකාශයට නිකුත් වෙන්නට නියමිත නිර්මාණ සියල්ලම හැකි ඉක්මනින් ඔබ වෙත ලඟා කර දෙන්න අපේ කණ්ඩායම නොයිවසිල්ලෙන් බලාගෙන සිටිනවා. ඒ හැමදේම සාර්ථකව කරගන්න බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලය ඇතුළු උපසිරැසි කණ්ඩායමේ සැමටත් හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් මං එහෙනම් හෙමිහිට විසි වෙනවා.. ඔබ සැමට ජයෙන් ජය…!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  HDRip පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Kurosaki-kun no iinari ni nante naranai (2016) AKA The Black Devil and the White Prince Sinhala Subtitles | මම කුරොසකි-කුන් කියන දේවල් කරන්නේ නෑ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. …

Leave a Reply

Your email address will not be published.

51 comments

  1. Anusha rathnayake

    thanks brooo suppa

  2. Thanks Bro

  3. thank you!

  4. Ela ela

  5. Thanks …………..good luck …………………..

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  7. Thanks for sub.good luck bro

  8. ramenabeysingha

    Thanx bro

  9. ඔන්න සහෝ උපසිරැය නම් ගත්තා…Thanks……

  10. bohoma sthuthi me sub ekata

  11. Lasantharathnasirirox

    ගැම්ම තාරක.. ..මහන්සියට බොහෝම ස්තුතියි….!!

  12. thanks bro

  13. සබට තුති කිව්වා..
    කවුරු හරි ගේනකල් ඉඳලා බලන්නෝන.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  14. Subata Thanks bro…
    Jaya wewa…!!!

  15. bohoma sthuthi sub ekata jayawewa

  16. Thanks….Digatama karagena yanna……

  17. Thanks

  18. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට

  19. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. බොහොම ස්තූතියි සබ් එකට තාරක නුවන් සොයුර..

  21. Lady tiger (2019) එකටත් සබ් දෙන්නකෝ

  22. lassana film1k wagee. Thankz for the sub. Ela

  23. MudithaDissanayaka

    thanks “tharawa””
    sub ekata

  24. උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා..

  25. superb thank u bro

  26. Anuradha Rathnasiri

    Thanks

  27. බොහොම ස්තුතියි සබ් එකට සහෝ,

  28. sooriyapatabadige

    Thanks for sub …. ( Athidi 2007) mahesh babuge film eka dennako please…..!!!!!!!!!!!!????????????????##########

  29. Thankz bro

  30. damith_janaranjana

    Thanks bro

  31. Thank You

  32. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    what is your next..? When do it..?

  33. ස්තුති සහො…

  34. patta ahhh,,,bamak thama,,,subata thanks saho…keep it up…

  35. thanks sahoo

  36. Eranda Malith 2.0

    Thanks mcn

  37. Elama.. sub ekata godak sthuthi… digatama me wage sub denna brooo… jaya wewa !!!

  38. tharukagayashan5

    sub ekata thanks saho.jayen jaya

  39. Sub ekata thanx

  40. සුපිරි තැන්ක්ස් සබට

  41. සබට ස්තුතියි වැඩි කලක් නොගෙන දුන්නා
    Veera Bhoga Vasantha Rayalu (2018)
    60 Vayadu Maaniram (2018)
    Nela Ticket (2018)
    මේ වටත් ඉක්මනින් දෙමු ….

  42. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  43. PavinduAvishka

    Sub Ekata Thanks..baiscopedownloads eke links upload wela nanee..

error: Alert: Content is protected !!