Wednesday , October 20 2021
Breaking News

Nikita [S02 : E20] |අයියෝ සල්ලි , අයියෝ බර්ක්ඕෆ් [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Nikita SE2-1

පසුගිය කතාවේදී බ්‍රෑන්ට් නිකීටා පස්සේ පලිගන්න ආවා. ඒ වගේම නිකීටාව අල්ල ගන්න, බ්‍රෑන්ට් විසින් සෙනෙටර් පියර්ස්වත් ඝාතනය කලා. ඒ වගේම තමයි මයිකල් නිකීටාව බේරගන්නත් ගියා. හැබැයි එයාලට බැරිවුනා පර්සි අතට ප්ලුටෝනියම් ගියපු එක නතර කරන්න. හැබැයි තාම කවුරුවත් දන්නේ නෑ, පර්සි ප්ලුටෝනියම් වලින් මොනවද කරන්න යන්නේ කියලා. හැමෝම හිතාගෙන ඉන්නේ පර්සි ඒවා පාවිච්චි කරලා බෝම්බයක් හදන්න හදනවා කියලා විතරයි.

අද කතාවේදී සිද්ධ වෙන්නේ නිකීටා ඇතුලු කණ්ඩායම එකට එකතු වෙලා පර්සිව බංකොලොත් කරන්න සිදු කරන මෙහෙයුමක්. ඔයාලට මතක ඇති කලින් කතාංගයකදී පර්සි අමන්දාගේ යටතේ හිර කූඩුව ඇතුලට වෙලා හිටපු අවස්ථාවකදී, ඇලෙක්ස්ගේ මාර්ගයෙන් බැංකු මුදල් හුවමාරුවක් සිදු කරලා ආරක්ශකයින්ට පණිවුඩයක් යැව්වා කියලා. මේ මුදල් හුවමාරුව සිදු කරන්න පර්සිට එයාගේ බැංකු ගිණුම් වල අංක වගේම රහස් අංකත් දෙන්න සිද්ධ වුනා. මේක නිසා ඇලෙක්ස්ට පුළුවන් එයාට ඕනේ වෙලාවක පර්සිගේ සල්ලි අරන් මාරු වෙන්න. පර්සි එයාගේ මුදල් තැන්පතු කරලා තියෙන්නේ ඩැමස්කස් කියන මුදල් තැන්පතු සිදු කරන කෙනෙක් හරහා. මේ නිසා පර්සිට එයාගේ ගිණුම් වල තියෙන මුදල් ආපහු ලබා ගන්න අවශ්‍ය වෙනවා. මේක නිසා නිකීටා අනිත් අයත් එක්ක එකතු වෙලා පර්සිගේ සල්ලි කොල්ල කන්න තමයි සූදානම් වෙන්නේ. නිකීටා මේකට සැලැස්මක් ගහනවා. හැබැයි මේ සැලැස්මට බර්ක්ඕෆ්ගේ උදව් ඕනේ වෙනවා.

කතාවේ ඉතුරු කොටස ඔයාලට බලන්න ඉතුරු කරලා මම මෙතනින් නවතිනවා. මේ සමය අවසන් කරන්න තවත් කතා 3යි තියෙන්නේ. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

 

ආයු – බෝ – වේවා !!!

 Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Check Also

The Forgotten Battle (2020) AKA De slag om de Schelde Sinhala Subtitle | අමතක වී ගිය සටන… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු යුධමය චිත්‍රපටයක් සමඟයි. මේක නිකුත් …

Leave a Reply

Your email address will not be published.

20 comments

  1. thanks…

  2. Thanks Bro !!!

  3. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  6. වරුණ රංගජිත් (වරූ)

    මේකේ සීසන් 03 ක්ද කොහේද මම බෑවා.
    දැන් ඉතින් සබ් දමමින් යනවනේ.
    අධි වේගෙන්ම
    දැන් ඒක එකතු කරගන්න විතරයි තියෙන්නේ මට.
    ස්තූතියි සහෝ
    සිංහල උපසිරැසියට
    මහන්සි නොබලා මේ කරන කැපවීමට
    ඉතින් ජයෙන් ජය
    සියළු දේ සාර්ථක වේවා…!!!

  7. Elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  8. niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. සබ් එක්ක බලන්න ඕන හින්දා දවසට එක බැගින් බේත් බොනව වගේ බලනවා​…!
    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා
    තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා (උපුටා ගෑනීමකි )
    …පට්ට …………………………….

  10. නියමයි එල එල ස්තූතියි…………………

  11. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

  12. thnx saho 😀

  13. Thank you machan, digatama karagena yan. Comment ekak noda yanna hithen na uba wena mahansiyata. Ela ekak aaaaaa

  14. තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා …..බොහොම ස්තුතී උපසිරසියට….

  15. හමදාම අපි වෙනුවෙන් වෙන මේ මහන්සියට බොහොම ස්තුත්යි…සිරාවටම කියන්නේ…..

  16. ගමේ කොල්ලෙක්

    elazz machan 🙂 season serama iwarayak karapan macho 😛 😀

  17. thax machan…!
    සබ් එක්ක බලන්න ඕන හින්දා දවසට එක බැගින් බේත් බොනව වගේ බලනවා​…!

  18. බොහොම ස්තුතියි සහො
    season 3 එකටත් ඉක්මනටම sub දෙමු

error: Alert: Content is protected !!