Tuesday , June 15 2021
Breaking News

Nikita [S03 : E08] |අත නැතිව මෙහෙයුම් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 3 votes.
Please wait...

Nikita SE3 -1

පසුගිය කතාවේ නම් ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා මතක ඇති. බර්ක්ඕෆ් කොහොමහරි සොන්යාගේ කිල් චිප් එක අක්‍රීය කලා. ඒ වගේම තමයි ඇලෙක්ස් කොහොමහරි ඔත්තුකාරයාව හොයාගෙන එයාව මරලා දැම්මා. ඒ වගේම නිකීටා ඇතුලු අනිත් හැම කෙනෙක් ගැනම ඔත්තු බලන්න කියලා අමන්දා දාපු වොච්මන් ‍පස්සේ ගිහිල්ලා එයාවත් අල්ල ගත්තා. ඒ වගේම තමයි ඒ මාර්ගයෙන් අමන්දා පස්සේ ගිහිල්ලා එයාව අල්ල ගන්න මයිකල් නිකීටා දෙන්න ලොකු උත්සාහයක් දැරුවත් ඒක ව්‍යර්ථ වුනා. ඒත් නිකීටාට පුළුවන් වුනා ඈන්ව මරන්න. ඒත් මයිකල්ව බේරගන්න ඕනේ නිසා, නිකීටාට පෙරලුනු කාර් එකට යටවුනු මයිකල්ගේ අත කපලා වෙන් කරන්න වුනා.

ඔහොම තමයි පසුගිය කතාව ඉවරයක් වුනේ. අද ඉඳන් ඉතිං මයිකල්ට අතක් නැතුව තමයි ඉන්න වෙන්නේ. මේ විදියට තියෙද්දී මෙයාලට තවත් ඩිවිශන් රෝග් නියෝජිතයෙක් පස්සේ යන්න පොටක් පෑදෙනවා. මෙක්සිකෝවේ සිනලෝවා කියලා මත්ද්‍රව්‍ය කාටෙල් එකක ප්‍රධානියෙකුගේ කෝල් එකක් අහගෙන ඉඳලා, කතා කරපු ෆෝන් එකේ කටහඬ සමග ගැලපීමක් සිදු කරලා බලනවා. ඒ අනුව එයාලට ගැලපීමක් ලැබෙනවා ලියාම් කියලා රෝග් ක්ලීනර් කෙනෙක් ගැන. මේක නිසා මයිකල්, නිකීටා සහ ඔවන් තුන්දෙනා එකතු වෙලා මෙයාව අල්ලගන්න යනවා.

අපි බලමු මයිකල් තමුන්ගේ අත නැතුව කොහොමද මේ මෙහෙයුම කරගෙන යන්නේ කියලා. ඒ වගේම ඩිවිශන් වලට මෙහෙයුම සාර්ථක කරගන්න අවස්ථාව ලැබේවි ද? කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

ආයු – බෝ – වේවා !!!

 Nikita (2010–2013)  on IMDb

 

 

268 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න

8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Check Also

Kunthi (2021) AKA Rakshasi (2017) Sinhala Subtitles | භූත ගැහැනු දරුවා [සිංහල උපසිරසි]

සුභ දවසක් යාළුවො හැමෝටම, එහෙනම් තවත් චිත්‍රපටියක උපසිරසියකින් ඔයාලව හම්බ වෙන්න ආව. ඒ ආවෙ 2017 …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. thanks bro!!!

  2. Thanks Bro !!!!

  3. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

  5. බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  7. බොහෝම ස්තුතියි මචන්……..ඊළඟ එපියත් ඉක්මනට ගේමු.

  8. එනකන් බලන් හිටියේ මචන් ස්තුතියි…….

  9. niayamai…denakm unne.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. thnx saho sub ekate 😀

  11. බොහොම ස්තුතියි උපසිරසියට…..තවත් උපසිරසියක් සමග හමුවෙමු…..

error: Alert: Content is protected !!