අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Now You See Me 2 (2016) with Sinhala Subtitles | හඳුනාගත්තොත් ඔබ මා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.5/10. From 133 votes.
Please wait...

Now You See Me 2 (2016)

හම්මෝ… සබ් එක කරලා හොඳටම හති. දවස් ගානක් පරක්කුයි. කරපු ලොකුම සබ් එක. ලයින් 2000+. මං සබ් එක ගෙනාවට මේක මං කරන්න හිටපු ෆිල්ම් එකක් නෙවේ. මේකෙ නිළ අයිතිය විමාට. ඒ යකා පස්සේ කිවුවා දෙන්නා එක්ක එකතු වෙලා සබ් එක ඉවරයක් කරලා දාමු කියලා. කරන්න ගත්තම තමා තේරුණේ මේක විමාටම තමා කරන්න පුළුවන් කියලා. ලයින් ටයිප් කරනවා කරනවා ඒත් ඉවරයක් නෑ 😀  මං සබ කරගෙන යද්දි මේ යකා අර එයාගෙ විශේෂ කෙනා එක්ක මැච් බලන්න ගිහින් තිබුණා. මූ ගියා විතරයි මැච් එකත් පරාද වුණා. කට්ටිය දකින්න ඇතිනෙ. ඉතින් අපි වගේ තනිකඩ කොල්ලො ඉන්න නිසා හෙල්ප් එකට, මූ සබ් එකට පොලු තිබ්බට ඇඩ්ඩින් අයියලාගෙන් බැනුම් අහන එකෙන් මං ඌව බේරගත්තා. :3 කොහොම වුණත් විමාම කතා කරලා කිවුවා මං එහෙනම් උඹට ලිපිය ලියල දෙන්නම් කියලා. එහෙනම් මං වැඩිය කියවන්නෙ නෑ. ඔන්න එහෙනම් විමා ලියපු ලිපියත් කියවගෙන සබත් බාගෙන යන්නකො.

යම් දෙයක් දැකීම යනු විස්වාසයක්, එය රඳා පවතින්නේ ඔබ ඒ දකින දේ දෙස බලන කෝණය අනුව. නමුත් ඔබ දකින දෙය අසත්‍ය බවට පත්වී ඔබ නොදුටු පැතිකඩ පරම සත්‍ය විය හැකියි. ඔබ මේ වනවිටත් දන්නව කුමන ආකාරයේ මායාවකට ඇද දැමීමටද අර අඳින්නේ කියා… පළමුවර ඔබ රැවටුන බව සැබැයි, නමුත් දෙවන වරටත්…? ඔව් නිසැකවම ඔබ මුලාවට පත්වෙයි, ඔබ දකින දේ විවිධාකාරයෙන් විශ්ලේෂණය කර සිදුවූ දෙය, සිදුවන දෙය, සිදුවිමට නියමිත දෙය නිගමනය කරගනීවි. නමුත් ඔබ මෙවරත් පෙර වරදම සිදුකරයි, සුපුරුදු පරිදිම අසරුවන් සිව්දෙනා විසින් අපුර්ව ආකාරයකට පෙර මෙන්ම අවධානය වෙනතකට යොමු කරවමින් මුලික කරුණ මගහරවමින් මෝහයට ඇද දමාවි, ප්‍රවේසම් වන්න මිත්‍රයා, ලංවෙලා බලන්න ලඟටම ලංවෙලා බලන්න ඔබ දකින දෙය විස්වාස නොකර සිටින්න ඔබට පෙනේවි සතුරා මිතුරා වන අයුරුත් මියගියවුන් නැවත ඉපදෙන අයුරුත්, නමුත් කිසිවක් විස්වාස නොකරන්න, අවසාන ඇසිල්ල වනතෙක්ම ඇසිපිය නොහෙලා බලා හිදින්න වසර තුනකට පසුව ඔබ හමුවේ වේදිකාවට ගොඩවන අසරුවන් සිව්දෙනා දෙස. මිත්‍රයා වගකීමකින් කිවහැකියි, ඔබ කුමන ආකාරයෙන් සිතුවත් අවසනදී ඔබ මුලාවෙන් මුලවටම පත්ව ඇති බව, ඔබට ඔහුව කිසි ලෙසකිනිදු හඳුනාගත නොහේ, සැබවින්ම ඔවුන් ලොව විශිෂ්ඨතම මැජික් ශිල්පින් සිව්දෙනා…. ඇසිපිය නොහෙලා බලා ඉඳින්න…. මෙ තිත්තයාගේ වාරයයි!

ඔබට හොඳින්ම මතක ඇති 2013 වසරේදී අසරුවන් සිව්දෙනාට ලොවක් වසඟවූ අයුරු, කවුදෝ මවා පෑ මායවක්වූ Now You See Me 2013 වෙතිනි, අසරුවන් සිව්දෙනාගේ එක්කාසුවිම පලිගැනීම සහ ධනවත් වැරදි කාරයෙකු හෙළිදරව් කිරීම, විශේෂම දේ.. ඔබව මුලාවට පත්කරලීම.. සිදුකරමින් දිගහැරුණු අපුර්ව සිනමා සිත්තම, එය තිරගතවන කාලයේදීම එහි දෙවැන්න නිකුත් වන බව නිෂ්පාදකයින් විසින් නිවේදනය කළා. එතැන් පටන් වසර තුනක් තිස්සේ දෑස්‌ අයා බලා උන්නේ කවදා දෙවැන්න නිකුත් වේදැයි කියා. ඔන්න මෙ වෙනකොට එ වරම අපිට ලැබිල තියනවා සුපුරුදු පරිදිම IMDB 6.8 ක අගයක් ලබාගනිමින් ලොවපුරා ආදායම ඩොලර් මිලියන 312 ක් වාර්තා කරගනිමින්. තෙවැන්නකද බලාපොරොත්තුවක්ද දල්වා තියා තබමින් නව අසරුවෙකු සමගින් මෙවර අප හමුවට එන මෙම සිනමා සිත්තමේ මෙවර විශේෂිතම සිදුවීම් රැසක් අඩංගු වෙනවා. සුපුරුදු පරිදිම විශේෂ ඇස්බැන්දුම් මගින් සිදුවන ක්‍රියාදාමයන් රැසක් අඩංගු වන අතර ගියවර Henley Reeves ට පණ පෙවූ Isla Fisherවෙනුවට මෙවර Lizzy Caplan නව අසරුවෙක් ලෙසින් ඔබ අප හමුවට පැමිණෙනවා. එමෙන්ම සුප්‍රසිද්ධ හැරී පොටර් නළු Daniel Radcliffe මෙවර නව මුහුණුවරකින් අප හමුවට පැමිණෙනවා. ඒ හැර අනෙකුත් චරිත සියල්ලම වගේ ගියවර අප හමුවට පැමිණි චරිත වන අතර, Woody Harrelson ද්විත්ව චරිත නිරුපනයකද නිරත වනවා. එසේනම් හඳුනා ගන්න ඔබ මා…

 

Now You See Me 2 (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Now.You.See.Me.2.2016.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

134 thoughts on “Now You See Me 2 (2016) with Sinhala Subtitles | හඳුනාගත්තොත් ඔබ මා… [සිංහල උපසිරසි සමඟ]

  • Sub ekata godak stuti ayye godakma thanks

    Reply
  • ලිපිය කියවලාම ඔලුව කැරකෙනවා Anyway Thanks For The sub

    Reply
  • උපසිරැසියට ස්තූතියි

    අයියේ. 🤪

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • meke thiyena sinhala sub eka weda karanne ne. katada puluwan ( Now you see mee 2 ) film eke sub eka danna. ikmanatama dapanko plz……………

    Reply
  • thank you subtitle

    Reply
  • ❤️❤️

    Reply
  • Kohomad bn meka download karanne.link ekak nane.
    link eka copy karannath ba.

    Reply
  • Kohomad bn meka download karanne.link ekak nane magula.link eka copy karannath ba.baiscopelk download gihin serch kalata gannath ba.epa wenawane

    Reply
  • ෆට්ට වැඩක් එලම

    Reply
  • thank bro! nice work!

    Reply
    • තෑන්ක්ස් බ්‍රෝ

      Reply
  • Thanks mcn jayawewa

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • thank you very much

    Reply
  • ස්තූතියි මචං

    Reply
  • Thanks brother all the best…!

    Reply
  • Thnx Machn…… #baiscope.lk ai machan suite eka godak slow wela thiyenne…..?

    Reply
  • bohoma sthuthie saho obalage kalaya shramaya weya karagena apage sathuta vinodaya pinisa mema films tv serieses walata sinhala upasirasi laba dima pilibandawa!obalata jaya!

    Reply
  • sub dunnata thx bro, ela film ekak

    Reply
  • තැන්ක්ස් මචෝ….

    Reply
  • අපි වෙනුවෙන් කට්ට කලා උබලා මේ කරන වැඩේට පින් බන්

    Reply
  • බොහොමත්ම ස්තූතියි සහෝ..!!!

    ඇඩ්මින්වරු ඇතුළු සබ් දෙන හැමෝටම පුංචි අදහසක් දෙන්නම්..
    හැකි නම් සබ් එක දෙන ෆෝල්ඩර් එක ඇතුලටම ටොරන්ට් ෆයිල් එක හෝ අදාළ ලින්ක් එක දානවා නම් ෆිල්ම් බාන සහෝලට ඒක ගොඩක් පහසු වේවි..

    මොකද ටොරන්ට් සයිට් වැඩ නැති කලෙ සබ් මැච් නොවෙන කොපියක් සෙට් උනොත් ඒක අපරාදයක් වෙන නිසා..

    ජයෙන් ජය…!!!

    Reply
    • ඔව් … ඒ වගේ දෙයක් කරන්න පුලුවන්නම් හොදයි කියලා මටත් හිතෙනවා. මොකද මම බයිස්කෝප් එකෙන් දුන්න කබාලි 2016 ෆිල්ම් එක අරගෙන එතනම තිබ්බ සබ් එක අරගෙන බැලුවා. සබ්ටයිටල් තත්පර 26ක් කලින් ප්ලේ වෙනවා. සමහර විට මම ෆිල්ම් එක ගත්තු ටොරන්ට් එකේ අව්ලක් ඇති. කොම්පියුටරේ පොඩ්ඩක් අතපත ගාලා තියෙන නිසා වීඩියෝ ට්‍රිම් සොෆ්ට්වෙයාර් එකකින් ෆිල්ම එකේ මුල් තත්පර 26 ට්‍රිම් කරලා වැඩේ ගොඩදාගත්ත. එත් එහෙම දෙයක් කරගන්න දැනුම නැති අපේ යාළුවො වෙනුවෙන් තිලාන් කිව්වා වගේ දෙයක් කරන්න පුලුවන්නම් හොදයි. හොර වැඩක්, නීතිවිරෝදී දෙයක් කියලා හිතන්න එපා. එහෙම බැරිනම් යටින් කොමෙන්ට් එකකින් හරි සබ් එක කරන සහෝදරයාම ලින්ක් එක දෙනවනම් ලිකු දෙයක්. අපි දැන් කරන්නේ ඔයාලා දෙන පිටපතේ නම ගුගල් සර්ච් කරලා ටොරන්ට් හොයන එක. පුළුවන් කමක් තියෙනවානම් මේ කියන දේ ගැනත් පොඩි අවධානයක් යොමු කරන්න.
      ස්තුතියි
      බයිස්කෝප් එකට ජය…

      Reply
  • ස්තූතියි මචෝ.. ගොඩාක් ස්තුතියි…

    Reply
  • Thank fir baiscopelk

    Reply
  • download karaganna link ekak dennakooo

    Reply
  • සමන් ලියලා තියෙන ටික කියෙව්වම කමෙන්ට් එකක් නොදා බැරි උනා.. ඒ තරම් දුක හිතුනා මිනියෝ :v :v :v තැන්කූ ඇ

    Reply
  • Thanks saho sub ekta

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි… ජය..!!

    Reply
  • නියමයි සහෝ එලම කිරි, සුපිරි thanks

    Reply
  • නියමයි සහෝ. එලම කිරි, සුපිරි…thnks

    Reply
  • Movie eka banna link ekak diyallako plz…

    Reply
  • බොහොම ස්තුතියි සමන් අයියා උපසිරසියට !

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks mchn sub ekata.neighbors 2 eka avilla ekatath sub den a please

    Reply
  • Thankz bro sub akata

    Tamilselvanum Thaniyar Anjalum (2016) me movie akatath sub aka dendako

    Reply
  • සබ් එකට ස්තූතියි!!!

    Reply
  • නියමයි මචන්…
    මේක නම් ඉතින් අනිවා බෑමක්නේ..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

    Reply
  • Ammo thank you wewa athi yantham hambuna…. jaya wewa…

    Reply
  • hame bohoma sthuthi sahooo denakam balgena hitapo ekka thanks..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • එල කිරී
    පලවෙනි එක වගේම
    මේකත් සුපිරි ඇති නේද………………………………….

    තනිකඩයි කියලා දුක් වෙනඩ එපා අපිත් තාමත් තනිකඩයෝ තමා ..
    තනිකඩ නැත් තම් මේ විදියට ෆිල්ම් , ටි වී සීරියස් එහෙම බලන්ඩ පුලුවන් යැ

    Reply
  • ty bokka….gdk pin….

    Reply
  • Thanks sub ekata. Thibba hadissiyata english sub ekkama balauwa. Patta magic trick thiyena film series ekak. smahara magic karapu widihath kiyanawa

    Reply
  • Link ekek nadda download karaganna

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • බෛස්කෝප් එකේ අපේ සහෝල මේකරන සේවයට ස්තූතියි කියන්වට වඩා දෙයක් කරන්න තිබ්බනම් හොදයි කියල හිතෙනවා.ඒතරමට මේ කරන මෙහෙවර ගොඩාක් පිං අත්වෙන සේවයක්.”සමන් ප්‍රසාද් සහෝටත් මේක මෙච්චර ඉක්මන්ට කැපවීමෙන් කරල දුන්න්ට හදවතින්ම ස්තූති වන්ත වෙනවා……..”ගෝතම් එකෙන් හම්බවෙමු”………..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි!
    නියම කතාවක්
    ජය…!!!

    Reply
  • hammo…….sub eka denakan balan hitiye

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    බුදු සරණයි.. !

    Reply
  • හම්මෝ ෆිල්ම් එක downlod කරල sub එනකං බලන හිටියේ, thanks මචෝ…….

    Reply
  • නියමයි වැඩේ. ස්තූතියි!

    Reply
  • Thanks sahoo… sub denkn hitiye…elzzz

    Reply
  • ඔයල වගෙ උපසිරැසි කරුවන් ඉන්න එක ලොකු සතුටක් සහෝ මෙක එදාම අසාවට බැලුව අයෙ ඉතින් බලන්න ඔනෙ .. ලස්සන ෆිල්ම් ටිකක් අපු සෙනික ඔබ උපසිරැසි ගන්වල දිල තියෙ . බොහොම තුති කරන සෙවෙට. ඔබට ජය බ්‍රො

    Reply
  • Sub ekata thanx aaaaaaaaaa

    Reply
  • kiyala wadak ne aye……..
    pattama patta sub eka genaawata godaaaaak thankz……
    niyamayi……..!
    ☺☺☺☺

    Reply
  • enakan hitiye sub eka…thanks macho.

    Reply
  • supiri film ekak machooo… thanx sub walata…..

    Reply
  • උපසිරැසියට තුති පූස්..!

    Bastille.Day.2016.720p.BRRip.x264.AAC-ETRG
    The.Man.Who.Knew.Infinity.2016.720p.BRRip.x264.AAC-ETRG

    ඔය වගේ මෙන්න මේ දෙකටත් සබ් දෙන්න. කරුණාකරලා..!

    Reply
  • උපසිරසට තුති සමන් අයියා
    ජය වේවා

    Reply
  • හම්මේ බලන්න හැදුව විතරයි FB නොතිෆිකතිඔන් එක අවා

    Reply
  • downlode karaganne puluwan link 1k awanne plz

    Reply
  • 2013 මේකේ පලවෙනි එක බලලා ඉවරවෙලා දෙවනි කතාවක් නිකුත් කරනවා කියලා දැනගත්තු මොහොතේ ඉඳන් මේ කතාවේ දෙවනි එක මොන වගේ වේවිද කියලා හිතෙන් කල්පනා කර කර හිටියේ. පලවෙනි එක වගේම සුපිරියටම තියෙනවා. ඉංග්‍රීසියෙන්ම කතාව ගොඩ දැම්මා ඉතිං. කොහොම වුනත් මම කිව්වත් වගේ තනියම වැඩේ කරලා තියෙන්නේ ඔය. සබට බොහෝම ස්තුතියි ඉතිං.

    Reply
  • dawas gaanak thisse baagena balan innwa sub daanakm

    Reply
  • බොහොම ඉස්තුති සහො sub එකට. ඉස්සරහට එන්න තියන පට්ට films දෙකක් වන Popstar: Never Stop Never Stopping සහ genius කියන films වලටත් sub දෙන්න.

    Reply
  • ආයේ සුපිරිම ෆිල්ම් එකක් තමයි ඉතින්….පලවෙනි එක දහපාරකට වඩා බැලුවා…
    සුපිරිම නලුවො සෙට් එකක්නේ ඉන්නේ
    මේකත් බැලිල්ලක් තමා ඉතින්…
    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…..
    Sub එක දානකම් බලාගෙන හිටියෙ..

    Reply
  • Enakam blan htpu film ekk.thx saho…

    Reply
    • ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

      Reply
      • meka blueray (BRrip) ekatath hodin wada. Thanks sahoo.

        Reply
      • Sinhala upasiraesiyta adalama widiyo pataya Direct baganiimata “directmvs”kiyla google eke sherch krla ihathnmin thibena bogspot ekta gihilla nm sherch krla bgnna

        Reply

Leave a Reply to Avishka-mali Cancel reply

Your email address will not be published. Required fields are marked *